මෙහෙමයි මචන් ෆොසිල ඉන්ධන දහනය කරන කොට හරිතාගාර වායුවක් වන කාබන්ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් වාතයට මුදාහරිනවා. හරිතාගාර වායූන් අපගේ වායුගෝලයේ තාපය රඳවා තබා ගන්නා අතර එමඟින් ගෝලීය උණුසුම ඉහළ යනවා. දැනටමත් සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1 කින් වැඩි වෙලා තියෙන්නේ. සෙල්සියස් අංශක 1.5 ට වඩා උනුසුම් වීම තවදුරටත් මුහුදු මට්ටම ඉහළ යාම, ආන්තික කාලගුණය, ජෛව විවිධත්වය නැතිවීම සහ විශේෂ වඳ වී යාම මෙන්ම ආහාර හිඟය, ලොව පුරා මිලියන සංඛ්‍යාත මිනිසුන්ගේ සෞඛ්‍ය හා දරිද්‍රතාවය නරක අතට හැරීමේ අවදානමක් ඇති වෙනව. ඒ වගේම මෙ ඉන්දන බාවිතය ඉක්මනින් මරණයට හේතු වන දූෂක වායුන් පරිසරයට එකතු කරනව, හෘදයාබාධ, ශ්වසන ආබාධ, ආඝාතය, ඇදුම උග්රවීම වැනි දේ සදහා මේක කෙලින්ම බලපානවා. එකෙන් ඔටිසම් වර්ණාවලි ආබාධ සහ ඇල්සයිමර් වගේ රෝග වලට පවා ගොදුරු වෙන්න පුළුවන්.
ඉතින් මචන් මෙච්චර පිළිලයක් වෙච්ච මේ ඉන්දන අපි නතර කරන්න ඕනේ නැද්ද ?? එක හින්ද රට ගැනයි අනාගත පරපුර ගැනයි හිතල ඉන්ධන භාවිතය නවත්තමු බන්.