ඉස්කෝලෙට රචනාවක්

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මෙහෙමයි මචන් ෆොසිල ඉන්ධන දහනය කරන කොට හරිතාගාර වායුවක් වන කාබන්ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් වාතයට මුදාහරිනවා. හරිතාගාර වායූන් අපගේ වායුගෝලයේ තාපය රඳවා තබා ගන්නා අතර එමඟින් ගෝලීය උණුසුම ඉහළ යනවා. දැනටමත් සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1 කින් වැඩි වෙලා තියෙන්නේ. සෙල්සියස් අංශක 1.5 ට වඩා උනුසුම් වීම තවදුරටත් මුහුදු මට්ටම ඉහළ යාම, ආන්තික කාලගුණය, ජෛව විවිධත්වය නැතිවීම සහ විශේෂ වඳ වී යාම මෙන්ම ආහාර හිඟය, ලොව පුරා මිලියන සංඛ්‍යාත මිනිසුන්ගේ සෞඛ්‍ය හා දරිද්‍රතාවය නරක අතට හැරීමේ අවදානමක් ඇති වෙනව. ඒ වගේම මෙ ඉන්දන බාවිතය ඉක්මනින් මරණයට හේතු වන දූෂක වායුන් පරිසරයට එකතු කරනව, හෘදයාබාධ, ශ්වසන ආබාධ, ආඝාතය, ඇදුම උග්‍රවීම වැනි දේ සදහා මේක කෙලින්ම බලපානවා. එකෙන් ඔටිසම් වර්ණාවලි ආබාධ සහ ඇල්සයිමර් වගේ රෝග වලට පවා ගොදුරු වෙන්න පුළුවන්.

    ඉතින් මචන් මෙච්චර පිළිලයක් වෙච්ච මේ ඉන්දන අපි නතර කරන්න ඕනේ නැද්ද ?? එක හින්ද රට ගැනයි අනාගත පරපුර ගැනයි හිතල ඉන්ධන භාවිතය නවත්තමු බන්.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඕකවත් තමන්ගේ දරුවන්ට කියලා දෙන්න දන්නේ නැති යාලුවොද බන් ඉන්නේ?? :lol: :lol:

    1645504309353.png
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    රචනාව කෙසේ වෙතත් දේශපාලනය පැත්තක දාල කතා කරනවානම් කතා කළ යුතුම මාතෘකාවක්. කතා කළ යුතු දෙයකදි දේශපාලන කුහකත්වය සහ පක්ෂ දේශපාලනය අයින් කරලා කතා කරන්න ඕනේ. එත් ඉතින් ලංකාවේ මොන්ටිසෝරි යන පොඩි එකාගේ ඉඳන් පක්ෂ දේශපාලනය නිසා කවදාවත් හොඳ දෙයක් කතා කරන්නත් බෑ හොඳ දෙයක් කරන්නත් බෑ.

    දැන් ඔය රට පැත්තකට දාලා එක එක පක්ෂ වලට කඩේ යන උන් හිතන් ඉන්නේ ගෝටාව ෆේල් කරලා උන්ගේ පක්ෂයේ ආණ්ඩුවක් ආපු දවසට ඔව්වා ටික කරන්න පුලුවන් කියලා. හැබැයි එතකොටත් විපක්ෂයක් ඉන්නවා කියන එක අමතක කරන්න එපා.දැන් වගේම ඒ විපක්ෂයටත් කඩේ යන පක්ෂ වහල්ලු ටිකක් ඉන්නවා කියන එක අමතක කරන්න එපා.මෙහෙම ගියොත් කවදාවත් රට වෙනුවෙන් හොඳ දෙයක් කරන්න වෙන්නේ නෑ.කඹ ඇද ඇද ඉන්න වෙනවා තව අවුරුදු 1000 ගියත්.

    හොඳම දේ පක්ෂ දේශපාලනය ජන්ද දවස් වලට විතරක් සීමා කරලා ඉන්න ආණ්ඩුව කරන වැඩ ගැන පාට කණ්නාඩි ගලවලා බලන එක තමයි.
     
    • Like
    Reactions: nicjosh83