@ 9-72. මුඃමීන් පුරුෂයින්ට ද මුඃමීන් ස්ත්රීන්ට ද ගලා බස්නා දිය ඇලි එහි යටි්න් පිහිටි ජන්නාහ්වන් (ස්වර්ගයන්) දීමට අල්ලාහ් පොරොන්දු වී ඇත. ඔවුහු එහි සදාකල් වාසය කරති. තවද” (ඔවුනට) අද්න් යන ජන්නාහ්වන්හි පිරිසිදු වාසස්ථානයන් ද (අල්ලාහ් පොරොන්දු වී ඇත.) එසේම සියල්ලටම වඩා ඔවුන් අල්ලාහ්ගේ ප්රසාදය භුක්ති විඳිනු ඇත. විශිෂ්ඨතම ජයග්රහණය එය වේ.
13-23. සදා සැපතින් යුත් ජන්නාහ්වන්(ස්වර්ගයන්)ට ඔවුන් හා ඔවුන්ගේ පියවරුන්ගෙන්ද ර්ණ ඔවුන්ගේ අඹුවන්ගෙන්ද, ඔවුන්ගෙන් පැවතෙන්නන්ගෙන්ද දැහැමියෝ ඇතුළු වෙති. තවද මලක්වරු(සුරදූතයෝ) සෑම දොරටුවකින්ම ඔවුන්වෙත ඇතුළු වෙති.
13-24. නුඹලා (ලෞකික) ජීවිතයේදී ඉවසිලිවන්තව සිටි දැයින් නුඹලාට සාමය වේවා! (නුඹලාගේ) අවසාන (යහඵලදායි මේ) නිවහන කෙතරම් වාසනාවන්ත(දැයි මලක්වරු කියති.)