ඉස්ලාම්_අත්හැරියා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඉස්ලාම්_අත්හැරියා

සෞදි කාන්තාවන්ට සලකන්නේ වහල්ලුන්ට වගේ - කැනඩාවේ රැකවරණ ලබන තරුණිය



_105208628_p06y5gjy.jpg


සෞදි කාන්තාවන්ට "වහලුන්ට" මෙන් සලකන බව සිය පවුලෙන් පළා විත් කැනඩාවේ රැකවරණ ලබන සෞදි තරුණිය පවසයි. 18 හැවිරිදි රහෆ් මොහොමඩ් තායිලන්තයට පැමිණ හෝටල් කාමරයක රැඳී සිටිමින් ට්විටර් පණිවුඩයක් මාර්ගයෙන් උපකාර ඉල්ලා සිටියේ, තමන් එරටින් පිටුවහල් කරනු ලැබීම වළකාලනු පිණිසය. පසුව එම ට්විටර් පණිවුඩය ජාත්‍යන්තර පුවතක් බවට පත් විය.


සිය පවුල වෙත යළි හරවා ලැබුවහොත් තමන් මරා දමනු ඇතැයි බිය වූ බව රහෆ් මොහොමඩ් කියා සිටී. තමන්ට වඩාත් ස්වාධීන ජීවිතයක් ගත කළ හැකි බැවින් "අවදානමක් ගැනීම සුදුසු" යැයි හැඟුණු බව ටොරොන්ටෝ ස්ටාර් සහ සීබීසී පුවත් සේවා වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළාය.

"මට නැති වෙන්න දෙයක් තිබුණේ නැහැ,"

"අපිට සලකන්නේ භාණ්ඩයකට වගේ. හරියට වහලුන්ට වගේ. මගේ කතාව සහ සෞදි කාන්තාවන්ට මොකක් ද වෙන්නේ කියලා මිනිස්සුන්ට කියන්න මට ඕන වුණා"

සෞදි අරාබියේ පුරුෂ භාරකාරත්ව ක්‍රමවේදය අනුව රටෙන් බැහැර යාම, ආණ්ඩුවේ ශිෂ්‍යත්වයක් ලබා විදෙස් රටක අධ්‍යාපනය ලැබීම, විවාහ වීම මෙන් ම බන්ධනාගාරයකින් නිදහස ලැබීම සඳහා ද කාන්තාවන් ඥාති පුරුෂයෙකුගෙන් අවසර ලබා ගත යුතුය.

"ඉස්ලාම් දහම අත්හැරියා"


_105188179_6431ec29-13c7-469c-aea2-10d0204fbf9d.jpg



රහෆ් මොහොමඩ් සහ කැනඩාවේ විදේශ අමාත්‍යවරිය ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ්

අල් කුනන් යන සිය වාසගම අත්හළ රහෆ් මොහොමඩ් පවුලේ සාමාජිකයන් තමන් ශාරීරිකව සහ මානසිකව අපයෝජනයට ලක් කළ බවට චෝදනා කරයි. "මුලදී මම කොණ්ඩෙ කොටට කැපු අවස්ථාවේ ඔවුන් මාස හයක් මාව කාමරේ හිර කළා. මොක ද ඉස්ලාම් දහමට අනුව පිරිමියෙක් වගේ ඇඳීම තහනම්" ටොරොන්ටෝ අගනුවර පිහිටි සංක්‍රමණික කාර්යාලයක පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇය කියා සිටියාය. "නමුත් මම වඩාත් ම ප්‍රචණ්ඩත්වයට ලක් වුණේ මගේ මව සහ සහෝදරයා අතින්. ඔවුන් මට පහර දුන්නා. ශාරීරිකව වද දුන්නා,"
තායිලන්තයේ රැඳී සිටින අවස්ථාවේ බීබීසී වෙත අදහස් දක්වමින් රහෆ් මොහොමඩ් කියා සිටියේ, තමන් ඉස්ලාම් දහම අත්හළ බවය. එය සෞදි අරාබිය තුළ මරණ දණ්ඩනය ලබා දිය හැකි අපරාධයක් ලෙස සැලකේ.

සිය පවුල සමග කුවේට්හි සංචාරයක නිරත වූ ඇය බැංකොක් වෙත පළා ආවේ, පසුගිය ජනවාරි 05 වන දා ය. ඔස්ට්‍රේලියාව වෙත යාමේ අරමුණින් පැමිණි තමන් සතුව එරට වීසා බලපත්‍රයක් තිබූ බව ඇය සඳහන් කළාය. නමුත් තමන් ගුවන් යානයෙන් පිටතට පැමිණි අවස්ථාවේ සෞදි තානාපති නිලධාරියෙකු පැමිණ සිය ගමන් බලපත්‍රය ඔහු භාරයට ගත් බව රහෆ් මොහොමඩ් පැවසුවාය.
තායිලන්තයේ කොටු වූ ඇය විසින් උපකාර ඉල්ලා ට්විටර් පණිවුඩ ගණනාවක් නිකුත් කරනු ලැබුවේ ඉන් අනතුරුවය.


"අද මට ආඩම්බරයි"


_105084407_rahaf.jpg



තායිලන්තයේ කොටු වී සිටි රහෆ් මොහොමඩ්

"ඒ කාලය ඇතුළත මම කල්පනා කළේ කුමන ආකාරයේ සමුගැනීමේ පණිවුඩ මම ලියනව ද කියලා. මොක ද මාව ඔවුන් අතට පත් වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් මාව පැහැර ගැනීමට ප්‍රථම මගේ ජීවිතය අවසන් කර ගන්න මම සූදානම් වුණා," ඇය සීබීසී පුවත් සේවයට පැවසුවාය.

රහෆ් මොහොමඩ් මුහුණ පා සිටි තත්ත්වය මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන හියුමන් රයිට්ස් වොච් සහ මාධ්‍යවේදීන් ගණනාවකගේ අවධානයට ලක් විය. තායිලන්ත බලධාරීන් පසුව ඇයට එහි රැඳී සිටීමට අවසර ලබා දුන් අතර ඇයට රැකවරණය ලබා දීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ අවධානය යොමු විය.

අඟහරුවාදා (ජනවාරි 15) ටොරොන්ටෝ නුවරදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් රහෆ් මොහොමඩ් තමන් හඳුන්වා දුන්නේ, "වාසනාවන්ත අයගෙන් එක් අයෙක්," යනුවෙනි. සංචාරය කිරීම, අධ්‍යාපනය සම්බන්ධයෙන් තීරණ ගැනීම, අනාගත වෘත්තිය හෝ කෙදිනක, කවුරුන් සමග ද තමා විවාහ විය යුත්තේ" යන කරුණු සම්බන්ධයෙන් ස්වාධීන තීරණ ගැනීමට අවශ්‍ය බව ඇය එහිදී කියා සිටියාය.





"බොහෝ සුලු කාරණාවලට පවා මාව මරන බවට මගේ පවුලේ අය තර්ජනය කරනවා"
සමාජ මාධ්‍ය ජාලවල ශක්තිය පෙන් වූ තවත් අපූරු කතාවක්....

සෞදි අරාබියේ පුරුෂ භාරකාරත්ව ක්‍රමය ඉවත් කරන ලෙස ඉල්ලා හඬ නැගූ කාන්තා අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිනියන් කීප දෙනෙකු නිදහස් කරන ලෙස කැනඩාවේ විදේශ අමාත්‍යවරිය සහ ඇයගේ අමාත්‍යංශය පසුගිය අගෝස්තු මස කළ ඉල්ලීම සෞදි අරාබියේ කෝපයට ලක් විය.
සිය රටේ අභ්‍යන්තර කටයුතුවලට "මැදිහත් වීම" සම්බන්ධයෙන් සෞදියේ සිටි කැනේඩියානු තානාපතිවරයා රටින් නෙරපීමට කටයුතු කළ සෞදි අරාබිය කැනඩාව හා සම්බන්ධ සියලු ම නව ගිවිසුම් අත්හිටුවීමට කටයුතු කළේය.

රහෆ් මොහොමඩ් කැනඩාවට පැමිණි පසු සෞදි රජය ඒ සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළ කර නොමැත. නමුත් සෞදි රජයේ මුල්‍ය ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක මානව අයිතිවාසිකම් සඳහා වන ජාතික සමාජයේ ප්‍රධානියා සඳුදා අදහස් දක්වමින් පවසා තිබුණේ "සිය පවුල්වල වටිනාකම්වලට එරෙහිව කැරලි ගසන වරදකාරී සෞදි කාන්තාවන්ට ඇතැම් රටවල් උල්පන්දම් දීම සම්බන්ධයෙන් තමන් පුදුමයට පත්වන" බවය. මේ අතර, සිය අලුත් නිවහන පිළිබඳ අදහස් දක්වමින් රහෆ් මොහොමඩ් කියා සිටියේ "මානව හිමිකම්වලට ගරු කරන රටක් වන කැනඩාව තුළ මට දැඩි ආරක්ෂාවක් දැනෙනවා," යනුවෙනි.


"මගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි සැම දෙනාගෙන් ම ලැබෙන ආදරය හමුවේ යළි උපන්නා වගේ මට දැනෙනවා," අලුත් අත්දැකීම් විඳ ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන ඇය "මම මීට පෙර කර නැති දේවල් උත්සහ කර බලාවි. ඉගෙන ගන්න නොහැකි වූ දේවල් ඉගෙන ගනීවි. මම ජීවිතය සොයා යනවා.... රැකියාවක් කරාවි, මම සාමාන්‍ය ජීවිතයක් ගත කරාවි," යනුවෙනි.

අගමැති ජස්ටින් ටෲඩෝ

කැනඩාව වෙත පැමිණි රහෆ් මොහොමඩ් එරට කාලගුණයට ඔරොත්තු දෙන ආකාරයේ ඇඳුම් පැළඳුම් ගෙන ඇති අතර අලුතින් ස්මාර්ට් ජංගම දුරකතනයක් ද මිලට ගත් බව එරට සංක්‍රමණික ඒජන්සිය පවසයි.



කැනඩාවේ රැකවරණ පතා පැමිණෙන සරණාගතයන්ට වසරක් ගත වන තෙක් එරට ආණ්ඩුව මූල්‍ය පහසුකම් ලබා දේ. එමෙන් ම නිවසක් සොයා ගැනීම, පළාත් වැඩසටහන් සඳහා ලියාපදිංචි වීම සහ ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම සඳහා ද උපකාර වේ. සමාජ ජාල ඔස්සේ තර්ජන එල්ල වන බැවින් රහෆ් මොහොමඩ් සඳහා පෞද්ගලික ආරක්ෂකයෙකු යොදවා ඇති බව කැනඩාවේ සංක්‍රමණික බලධාරීහු පවසති. එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොමිසමේ "නිශ්චිත ඉල්ලීමක්" මත රහෆ් මොහොමඩ් වෙත රැකවරණය ලබා දුන් බව අගමැති ජස්ටින් ටෲඩෝ පවසයි.


"අප දන්නවා මෙය සුවිශේෂී සිදුවීමක්. නමුත් කැනඩාව සෑම මොහොතක ම දුෂ්කරතා සඳහා මුහුණ දෙන මිනිස්සු වෙනුවෙන් ඉන්නවා,"


BBC Sinhala
 
Last edited:

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    කැනඩාවට ජය..හැබැයි පුතෝ ත්‍රස්තවාදීනට නම් උල්පන්දම් දෙන්න එපා කොටින්ට වගේ...:angry:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    සමාජ ජාල ඔස්සේ තර්ජන එල්ල වන බැවින් රහෆ් මොහොමඩ් සඳහා පෞද්ගලික ආරක්ෂකයෙකු යොදවා ඇති බව... :lol::lol:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    අල්ලාහ් අපේ ඒකිව අපි හොයනවා... හොයල මරනවා.... කැනඩාවේ ඉන්න හම්බයෝ ගේම දෙයි වගේ... කෙල්ලෝ සෙට් එකම පැනල එයිද දන්නේ නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    ඉස්ලාමිය නීතියට අනුව ක්ලිටරස් එක කපල දාන්න ඕනේ. කැනඩාවේ ඉන්න මුස්ලිම් අයට බාරයි. සුබානුතුඅල්ලා වෙනුවෙන් මේක කරයි කියල බලාපොරොත්තු වෙනවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    Don't laugh too much. :no: You will have to cry in one day. Study Islam. You will understand everything.



    2:2 This is the Book about which there is no doubt, a guidance for those conscious of Allah -
    Quran

    Oken thamai damala ariye parliament eke speaker ta :rolleyes:
     

    Similar threads