THis Life is A test Bro podi kaalayai jeewethe 60 70 meranawa eeta wediya jeewath wenne tika denai e etulata kavda hoda dewal karanne eeka balannai apiwa mewwe Meke eka dewi ALLAH )kenekwa wishwaasa karala nabi tumnawa pilipedala hoda dewal karana kattiyata sada kal sawargaya ehema kare nettam niraya
Eeka ALLAH ge denume witarai tiyanne Nirayata kiyana Nama Jahannam
දෙවියන්වහන්සේ අල් කුර්ආනයෙහි මෙසේ පවසා ඇත.
දේව විශ්වාසය නොකර තවද දේව විශ්වාසය නොකරන්නන් ලෙස මියගිය අයද සකල මහපොළොවම රනින් වසා ගැලවීමක් සඳහා වන්දියක් වශයෙන් එය ඉදිරිපත් කොට සිටියද නියතවශයෙන්ම ඔවුනට පරලොවදී නින්දිත දඩුවම් ඇත. තවද ඔවුනට පිහිට වීමට කිසිවකුද නැත. (අල් කුර්ආනය 3:91)
එබැවින්, ස්වර්ගය ලබා ගැනීම සඳහා නිරයෙහි ගින්නෙන් ආරක්ෂා වීම සඳහාත් ඇති එකම අවස්ථාව මෙලොව ජීවිතයයි. කුමක් නිසාද කිවහොත්, යමෙකු දේව විශ්වාසයෙන් තොරව මිය ගියහොත් ඔහුට දේව විශ්වාසකරන්නෙකු වීම සඳහා නැවත මෙලොවට පැමිණීමට තවත් කිසිඳු අවස්ථාවක් නොලැබෙන බැවිනි. විනිශ්චය දිනයේදී දේවවිශ්වාස නොකරන්නන්ට කුමක් සිදු වනු ඇද්දැයි අල් කුරානයෙහි දෙවියන්වහනසේ විසින් පවසා ඇත්තේ මෙසේය:
ඔවුන්ව නිරය ඉදිරිපිට නතර කරන කල්හි නුඹ ඔවුන්ව දුටු විට, අපව නැවත වරක් (පොළවට) යවන්නේ නම් අපි අපගේ පරිමාධිපතිගේ අණපනත් (හා සංඥාවන් ) බොරු යැයි නොකියන්නෙමු. තවද අප දේව විශ්වාසය ඇත්තන් වන්නෙමුයි කියති. (අල් කුර්ආනය 6:27)
නමුත්, කිසිවෙකුටත් මෙම දෙවන අවස්ථාව නොලැබෙනු ඇත.
වක්තෘ මුහම්මද් තුමාණන් පැවසූ ආකාරයට විනිශ්චය දිනයේදී ගින්නට (නිරයට) නියම කරන ලද පුද්ගලයින් අතුරින් මෙලොව ජීවිතයෙහිදී ඉතාමත්ම ප්රීතියෙන් විසූ පුද්ගලයාව නිරයෙහි එක් වරක් ගිල්වනු ලැබෙි. ඉන් පසු ඔහුගෙන් “ආදම්ගේ පුතණුවනි, ඔබ කවදාකවත් හොඳ දෙයක් දැක තිබෙිද? ඔබ කවදා හො දිනෙක ආශිර්වාදයක් අත් විඳ තිබෙිද?” යැයි අසනු ලැබෙි. එවිට ඔහු “නැහැ දෙවියන්වහන්සේගේ නාමයෙන්ම අහෝ දෙවියනි! යැයි පවසනු ඇත.1
















