ඉස්සර ට්‍රිප් ගියාම

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    ඉස්සර අපි පොඩිකාලෙ මාම ළග හයි ඒස් වෑන් දෙකක් තිබුන. ඉතිං අපේ නෑදෑයො සෙට් එකත් අරං අවුරුද්දට සැරයක් ඔයවගේ වට වන්දනාවක් යනව. මම මේ කියන්නෙ 1998-2005 වගේ කාලෙ. ඒ දවස්වල gps මොනවත් නැතිනිසා අනුරාධපුරේ පැත්තෙ රෑ උනාම සැහෙන්න පාරවල් වරද්ද ගන්නව. ඒ මදිවට රෑට සමහර පාරවල් වහල හමුදා බැරියර් දාල. ඉතිං පට්ට දුරක් ආපහු හරවන් ගිහින් වෙන පාරවල් හොයන් යන්නෙ.
    අර උඹ කිව්ව වගේ දාන ශාලා වගේ ඒවයි හරියට ඇඟ සෝදගන්නවත් නෑ ඉතිං.
    ළඟදි ඔහොම ට්‍රිප් ගියේ ගමේ සමිතියෙන් යන ඒවයි. ඒත් දැන් ඉස්සර තරම් කට්ටක් නෑ. යන්නෙත් හයිවේ දාල. නවතින තැන්වලත් පහසුකම් තියනව ඉස්සරට වඩා.
    2019 ඔපිස් එකේ සෙට් එකත් එක්ක ගියා ට්‍රින්කො. ලේලන්ඩ් දෙකක් ගියේ. මමයි බස් දෙක සෙට් කලේ. ඉතිං යනකං අපේ එවුන් මට නෝන්ඩි දානව බස් වල ඇද කිය කිය. බස් දෙකේම සුපිරි සවුන්ඩ් සිස්ටම් ලයිට් එහෙම තිබුන. ඉතිං බස් දෙක අරං ඔපිස් එකට මම ආවෙ රෑ 12ත ගමන පිටත් වෙන්න. අම්මෝ බලනකොට ඔපිස් එකේ පිරිමි සෙට් එක ට්‍රිප් ඒක යන්න කලින්ම සෙට් වෙලා. බස් එකට නැග්ගෙ වෙරි මරගාතෙ. හයිවේ දාල ගාල්ල හරියට යනකොට වයසක පියන් අයිය කෙනෙක් කෑ ගහනවා චූ බරයි නවත්තන්න කියල. බියර් බීල. ඉතිං හයිවේ එකේ නවත්තන්නත් බෑනෙ. බස් එක ස්ලෝ කරාම පොර බැහැල චූ කර කර බස් එක පස්සෙන් දුවන් එනව කුණුහර්ප කිය කිය :P
    අපි ගිහිං නැවතුනේ සමෘද්ධි සර්කිට් එකක. ඒකෙ හොඳට ඉඩ තිබුන. බාත්රූම් 10ක් විතර ගෑනු පිරිමි වෙන් කරල තිබුන.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මේවා සිරා සිද්දි සාන්ත... ඔක්කොටම හපන් බීලා වැඩිවෙච්ච අන්කල් කාරයොන්ව ආම්බාන් කරන එක. මොකෝ කොච්චර වැඩි උනත් තව තව බොන්න හොයනවා මිසක් නැවතිල්ලක් නෑ. අර කිව්වත් වගේ මට මතකයි 2006 2007 වගේ ත්‍රිකුණාමලේ ගිහිල්ලා කිලෝමීටර් 30ක් ගියා කියාන්කෝ බෝතල් හොයාගෙන. ඒ ගිහිල්ලා හම්බුනෙත් මොකද්දෝ ලෝකල් එකක් කියනවා මට මතකයි අන්කල්ලා. හැබැයි ඉතින් පැයයි ගැහුවේ. ඔක්කොමලා ඩවුන්. නිදහසේ හිටියා. හැබැයි ඉතින් ගෑනු කට්ටිය පුදුම දුකක් වින්දේ උන්ව නැගිට්ටවන්න. කෑම ගැන කියනවා නම් අපේ යන හැම පාරකම එක වේලකට එක එක්කෙනා ගානේ තමයි පෙරමුණ ගන්නේ. එතකොට හැම වේලක්ම වගේ ටිකක් රස වෙනස්. නැත්තන් ඉතින් හැම වේලකටම අර කිව්වා වගේ කරෝල බැදුමුයි පරිප්පුයි නිකන් හැමදාම දකින කුකුලගේ කරමලේ වගේ...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පට්ට කතා තීනවා ලියන්න. ඉස්කෝලෙන් ට්‍රිප් ගිය ඒවා තරම් ආතල් නෑ ලොවෙත්. ඒකට ඉතිං ට්‍රිප් මේනියා තීන ගුරුමණ්ඩලයකුත් ඉන්න ඕන වාසනාවට අපිට එහෙම ප්‍රින්සිපල් කෙනෙකුත් හිටියා.

    ඔය සමහරක් උන් යුද්දේ කාලේ අපි බයේ ඇඳන් යට හිටියා කිව්වට ඇත්තටම සැබෑ ලෝකේ අපි ඒ කාලේ හොඳට ට්‍රිප් ගියා.

    ගමෙහ් උන් සෙට් වෙලා යන ඒවා aka වන්දනා නඩ. ඒවා නම් චොර බං. මම එක පාරක් එහෙම එකක් ගියා එතකොට 5 වසරේ. ඊට පස්සේ නෑ.

    ඉස්කෝලෙන් යන ට්‍රිප් පට්ට. වයිකින් බස් එක සෙට් එකක් දාල මුල්ම කාලේ නන්ස්ටොප් තමයි පස්සේ පස්සේ බස් අජිත් බ්ලා බ්ලා
    අපි පොඩි උන් නිසා ලොකු උන් පස්සේ සිට් වල. කෙසේවෙතත් ඒ කාලේ පට්ට සෙට් එකක් ඉදියා හොරෙන් කාල අපිටත් අරං දෙන උන්.
    ඒ ට්‍රිප් දවස් 1,2,3 යනව. දවස් 1 යන්නේ ළඟ ගාල්ල පැත්තේ, නුවර. දවස් 2ක පොලොන්නරුව , නුවර. දවස් 3 රව්න්ඩ් ට්‍රිප් බ්ලා බ්ලා
    ඔහොම ගියාම නවතින්නේ එක්කෝ ඉස්කොලේකමයි, නැතිනම් පන්සලක හෝ විශ්‍රාමශාලාවක (කලාතුරකින්)
    නැවතුන තැන්වලින් අමතක නොවෙන ප්ලේස් කිහිපයක්ම තිබේ.

    මට නම් නවතින තැන හරියට නැති උනාම අව්ල් . (නිදාගන්න තැන , ටොයිලට්) සමහර උන්ට ගානක් නෑ
    දවස් 2කත වැඩි නම් උයන්න එහෙම හෙල්පරයෙක් අරං යනව. උට ගුරුවරු , ගැල්ළමයි උදව් කරනවා උයන්න.
    යන දවසේ උදේ දවල් කෑම ගෙවල් වලින් ඇන්නයනවා. රෑට බත් තමයි ගොඩක් වෙලාවට බත් පරිප්පු අල බෝංචි ගෝවා සලාද බ්ලා බ්ලා කෑම එක ඉතිං ගොඩක් වෙලාවට අව්ලක් නෑ උදේට පාන් පරිප්පු එක්ක.
    එපාමකරපු දේ ටොයිලට් යන්න ගියාම උදේට පෝලිම. ඒ නිසා රෑ වෙලා යනවා. හිතල පලාතක නැවතුනාම නියම ආතල්
    නිදාගන්න පැදුරු වගේ ඒවනේ ඒවගේ නින්ද යන්නේ නෑ මෙට්ටේ නිදාගෙන ඒ මදිවට හෝල් එකක

    ට්‍රිප් යද්දී ළමයිට කන්න පොල් කේක් එහෙම අරං යනවා පෙට්ටි කිහිපයක්.
     
    • Love
    Reactions: Sabren

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    ඉස්සර වාහන තිබ්බේ බොහොම ටික දෙනාටයි. වැන් එකෙක් තිබ්බෙත් එහෙමත් ගෙදරක. නවතින තැන් පහසුකම් තිබ්බේ බොහොම අඩුවෙන්. විශ්‍රාම ශාලාවක් හොයා ගන්නෙත් අමාරුවෙන්. කන්න හරියට තැනක් නැහැ . කෑවත් වියදම වැඩියි. රසත් ගෙදර හදනවා වගේ නැහැ.

    අද වෙනස්. ගොඩක් තැන්වල පහසුකම් තියෙනවා.
     
    • Like
    Reactions: pasansnoop

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    නවතින්නෙ පන්සල්වල, නැත්තන් විශ්‍රාම ශාලාවල. දවල් අරවා මේවා බලාගෙන රෑට නවතින තැනට යද්දි 8 පහුවෙනවා ගොඩක් දුරට. ඉතින් ලගපාතසයිවර් කඩයක් ඒම තියනවනම් ඒකෙන් ආප්පයක් මොනාහරි කනවා සෙට් එක උයනකන්, සමහර තැන්වල ඒම කඩත් නෑ. කෙහොමත් උයලා ඉවරවෙද්දි 10වත් වෙනවා, පොඩි උන් නිදි ඒවෙලාවට. උයපුවා කන්න යද්දි ගොඩක් වෙලාවට බත හාල්. මාලු රහත් නෑ. බඩ යන්තමට පිරෙන්න පොඩ්ඩක් කාලා විසිකරලා දානවා. බිම ඉටි රෙද්දක් පැදුරක් දාගෙන නිදාගන්න ගියාට වටේ එක එකාගෙ සද්ද හන්දා හරියට නිදාගන්නත් නෑ.
    එකපාරක් කතරගම ට්‍රිප් එකක් ගිහින් (2004දි) 40 කට විතර නවතින්න පොඩි ගෙදරක් දවසකට අරන් තියෙන්නෙ ඒක බාත්රූම් එකයි, හරියට මූන හෝදන්න දතකට මැදගන්නත් නෑ. සෙනග වැඩි නිසා. එකෙක් එලියට එද්දි තව එකෙක් රින්ගන්න බලන් ඉන්නෙ. කුස්සියෙ උයද්දි ගේ දුම් පිරෙනවා. පැදුරු පිලේ දාගෙන අහිකුන්ටකයො වගේ හිටියෙ අන්තිමේදි.
    යන්නෙත් දවස් තුනේ ඒවා, අප්පිරියා වෙනවා පලවෙනි දවසෙම.
    මහ උන්ටනං ඕවා ගානක් නෑ. දවල්ට නාන්න කියලා වතුර වලක් ලග නවත්තලා පැය ගානක් බොනවා. උන්ගෙ ආතල් එක ඒක. සමහර වෙලාවට බලන්න තියන ඒවත් මගහැරලා අරක්කු හොයන්න යනවා 10-15km. මන් ඉස්සර ගියපු හැම ට්‍රිප් එකක්ම ඔයවගේ.
    ලංකාවෙ බහුතරය දැනටත් යන ට්‍රිප් ඔයවගේ තමයි.
    ඇත්ත. ඒ ට්‍රිප් ගියාට වඩා හොඳයි ගෙදරට වෙලා හිටියා නං. අමර කට්ටක් කෑවේ. ඒ කාලේ 90 ගණන් වල 2000 මුල වගේ අපි පොඩි නිසා ගානක් නෑ.
    ලංකාවේ එවුන් ඉල්ලං පරිප්පු කන්නේ.
    ටිකක් වියදම් කරලා කාමරයක් අරගෙන නතර වෙන්නේ නැතුව නිකං කට්ට කනවා පොඩි ගානක් ඉතුරු කර ගන්න.
    ඒක ඉතුරු කරගෙන කරපු ලබ්බකුත් නෑ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801

    ඒ ඒ කාලෙට ඒ ඒ ආතල් බං.. ඒ කාලේ ට්‍රිප් යන්නේ එහෙමනේ බං පවුල් පිටින් ගම් පිටින් ළමයි කරගහගෙන දර , hatti මුට්ටි බැදගෙන.. කසියා බූලි වල පුරෝගෙන නාකි ලොක්කො ටික වෙනම.. පොඩ් උන් සෙට් ඒක වෙනම.. ඔප දුපා ගෑනු ටික වෙනම. 🤣🤣🤣 ඒ ආතල් ආයේ එන්නේ නෑ
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඒ ඒ කාලෙට ඒ ඒ ආතල් බං.. ඒ කාලේ ට්‍රිප් යන්නේ එහෙමනේ බං පවුල් පිටින් ගම් පිටින් ළමයි කරගහගෙන දර , hatti මුට්ටි බැදගෙන.. කසියා බූලි වල පුරෝගෙන නාකි ලොක්කො ටික වෙනම.. පොඩ් උන් සෙට් ඒක වෙනම.. ඔප දුපා ගෑනු ටික වෙනම. 🤣🤣🤣 ඒ ආතල් ආයේ එන්නේ නෑ
    ඒක ඇත්ත.. ඒ කාලේ ආයේ කවදාවත් එන්නේ නෑ..
    අපි ඒ කාලේ ට්‍රිප් ගියේ අපේ අප්පච්චිගේ නෑදෑයෝ එක්ක. මහා පර හැත්තක් උන්.
    ඒ නිසා මගේ සුන්දර මතක අඩුයි. නෑදෑයෝ හොඳ උන් උනා නං සැහෙන්න හොඳ මතක තියෙන්න තිබ්බා..😔
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඒක ඇත්ත.. ඒ කාලේ ආයේ කවදාවත් එන්නේ නෑ..
    අපි ඒ කාලේ ට්‍රිප් ගියේ අපේ අප්පච්චිගේ නෑදෑයෝ එක්ක. මහා පර හැත්තක් උන්.
    ඒ නිසා මගේ සුන්දර මතක අඩුයි. නෑදෑයෝ හොඳ උන් උනා නං සැහෙන්න හොඳ මතක තියෙන්න තිබ්බා..😔
    නෑයෝ කොහෙද බං හොඳ උන් ඉන්නේ..කෙළවෙනකන් බලන් ඉන්න උන් මිසක්..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    1990 විතර ගියා ලොරි වල අනුරාධපුරේ.....මෙට්ට දාලා ඒකේ වාඩි වෙලා....පට්ට බන්

    පොඩි අයට විතරයි ලොරියේ ඇතුලේ නිදාගන්න හම්බුනේ. රුවන්වැලි සෑය ලඟ රැයක් හිටියාමයි ඒ ( never again). තරු එහෙම ලස්සනට පේනවා. ඔය තරු රටා එහෙම එතනට ෆෝකස් වගේ දැනුයි හිතෙන්නෙ.

    ආයේ තාත්තගේ staff එකක් එක්ක පොලොන්නරු ගියා.

    ආයේ අමතක නොවන (නොගිය trip ) එක තමයි 2004 සුනාමි එක. එදාට මමත් බස් එකක Katharagama and beach side යන්න හිටියේ . මට සෙමක් හැදිලා අසනීපෙන් හිටියේ, මට යන්න බෑ කියපු නිසා අම්මගේ staff එකේ අය කිව්වා කල් දාමු කියලා. වෙළාවට

    සුනාමි ආධාර අරන් ත්‍රිකුනාමලේ ගියා

    කැම්පස් කාළේ ගිහින් පට්ට ෆන් ගත්තා.
    ජොබක් නැතිකාලේ ජේතවනාරාමෙට ගල් අදින්න ගියා..
    පස්සේ staff එකක් එක්ක Europe tour ගියා, ඒකේ organiser වුණ මම පට්ට plan ගහලා, අඩුවෙනුත් duties වැඩියෙනුත් traveling දුන්නා.
    Last 2018 විතර ගමේ සෙට් එකක් එක්ක ගියා Kandy/ Matale

    මට නම් චොර වුන ඒවා වැඩිය නෑ. ඔක්කෝම ඇඬුවත් මම ජොලියෙන් ඉන්න හේතුවක් හොයාගන්න එකෙක් මම.

    (Digital කැමරා වක් තිබ්බා 2004 ඉඳන් )
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    මේක කතරගම ගුරු ගෙදර විශ්‍රාම ශාලාවේ වුනු වැඩක්. දහයක පහලවක විතර නෑදෑ පිරිවරක් එක්ක ගියේ

    අපි කතරගම දේවාලේ වැද පුදාගෙන විශ්‍රාම ශාලාවට අවා. රැට වැන් එකේ රියදුරු අහල පහල ත්‍රි-වීල් සෙට් එකක් එක්ක බොන්න සෙට් වෙලා. ඕක ඉතින් සාමාන්‍ය දෙයක්නේ.
    උදේ අපි 4 ට නැගිටලා උයල පිහල උදේ අටට විතර ලෑස්ති උනා කතරගම කන්දට යන්න. මාම නැගිටලා වාහනේ පැත්තට ගිය. එතන හෙන වලියක්. මාමට හොදටම තදවෙලා කෑගහනව. අපිත් ගිය මොකද බලන්න. මුකුත් තෙරුන් නැ.

    මාම = මුගේ ගු ටික මටමනේ පැගුනේ. නොදකින් විතරක්. කෝ වාහනේ යතුර? හයියෝ
    රියදුරු = පොඩ්ඩක් කලබල වෙන්නතිව ඉන්නකෝ. වාහනේම ඇති කොහේ හරි වැටිලා

    පස්සේ තමයි දැනගත්තේ රියදුරු රෑ හොදට බීල වහනෙම නිදාගෙන, වාහනේ ලගම මලපහ කරගෙන (මට දැන් හිතෙනවා බල්ලෙක් වෙන්නත් පුළුවන්). යතුරත් හොයාගන්න් නැහැ.

    එක යුද්දයයි.
    පස්සේ 10 විතර ත්‍රි-වීල් එකක් ඇවිල්ල කවුද කෙනෙක් මෙන්න යතුර කියල යතුර දුන්න. මේ මනුස්සයට බිල සිහියක් නැති නිසා, එයත් එක්ක බීපු එක්කෙනෙක් රෑ යතුර අරගෙන ගිහින්.
    වාහනේ ස්ටාර්ට් වෙන්නෙත් නැහැ. ලයිට් දාල නිදා ගෙන තියෙන්නේ. ත්‍රි-වීල් උදව් කලා බැටරිය චාර්ජ කරන්න. දවල් 12 විතර දෙවි පිහිටෙන් කතරගම කන්දට අවා. ඔහොමයි අපි ට්‍රිප් ගියේ.

    ඒ දවස්වල කතරගම කෑලව මැද්දෙන් කන්ද නගිනවා කියන්නේ මම අසා දෙයක්. වටේම කෑලෑව. අද ගැහැණු වගේ නෙවි ආච්චිලා සියලත් ගේමක් නැතිව නගිනවා. අද තත්වය ගොඩක් වෙනස් නේද?

    EDCS Gurugedara Education Employees Co-operative society rest

    meke google map wala search karama 80,90 ganamwala thibba widiyamayi
    no renovations!
    ------ Post added on Oct 8, 2021 at 10:07 PM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    මේක කතරගම ගුරු ගෙදර විශ්‍රාම ශාලාවේ වුනු වැඩක්. දහයක පහලවක විතර නෑදෑ පිරිවරක් එක්ක ගියේ

    අපි කතරගම දේවාලේ වැද පුදාගෙන විශ්‍රාම ශාලාවට අවා. රැට වැන් එකේ රියදුරු අහල පහල ත්‍රි-වීල් සෙට් එකක් එක්ක බොන්න සෙට් වෙලා. ඕක ඉතින් සාමාන්‍ය දෙයක්නේ.
    උදේ අපි 4 ට නැගිටලා උයල පිහල උදේ අටට විතර ලෑස්ති උනා කතරගම කන්දට යන්න. මාම නැගිටලා වාහනේ පැත්තට ගිය. එතන හෙන වලියක්. මාමට හොදටම තදවෙලා කෑගහනව. අපිත් ගිය මොකද බලන්න. මුකුත් තෙරුන් නැ.

    මාම = මුගේ ගු ටික මටමනේ පැගුනේ. නොදකින් විතරක්. කෝ වාහනේ යතුර? හයියෝ
    රියදුරු = පොඩ්ඩක් කලබල වෙන්නතිව ඉන්නකෝ. වාහනේම ඇති කොහේ හරි වැටිලා

    පස්සේ තමයි දැනගත්තේ රියදුරු රෑ හොදට බීල වහනෙම නිදාගෙන, වාහනේ ලගම මලපහ කරගෙන (මට දැන් හිතෙනවා බල්ලෙක් වෙන්නත් පුළුවන්). යතුරත් හොයාගන්න් නැහැ.

    එක යුද්දයයි.
    පස්සේ 10 විතර ත්‍රි-වීල් එකක් ඇවිල්ල කවුද කෙනෙක් මෙන්න යතුර කියල යතුර දුන්න. මේ මනුස්සයට බිල සිහියක් නැති නිසා, එයත් එක්ක බීපු එක්කෙනෙක් රෑ යතුර අරගෙන ගිහින්.
    වාහනේ ස්ටාර්ට් වෙන්නෙත් නැහැ. ලයිට් දාල නිදා ගෙන තියෙන්නේ. ත්‍රි-වීල් උදව් කලා බැටරිය චාර්ජ කරන්න. දවල් 12 විතර දෙවි පිහිටෙන් කතරගම කන්දට අවා. ඔහොමයි අපි ට්‍රිප් ගියේ.

    ඒ දවස්වල කතරගම කෑලව මැද්දෙන් කන්ද නගිනවා කියන්නේ මම අසා දෙයක්. වටේම කෑලෑව. අද ගැහැණු වගේ නෙවි ආච්චිලා සියලත් ගේමක් නැතිව නගිනවා. අද තත්වය ගොඩක් වෙනස් නේද?
    වැඩිහිටි කන්දේ දැන් කවුරුත් පයින් යන්නේ නැ
    ජීප් තියෙනවා බන්
    එකේ නැග්ග ෆන් එකේ උඩට ගිය
    ඉස්සර නම් පයින් යන්නේ වදුරෝ එහෙම ඉන්නවා උන්ගෙන් බේරිලා එහෙම
    ඒ කලේ නම් ආයේ එන්නේ නැ
     
    • Like
    Reactions: Metalingus

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    වැඩිහිටි කන්දේ දැන් කවුරුත් පයින් යන්නේ නැ
    ජීප් තියෙනවා බන්
    එකේ නැග්ග ෆන් එකේ උඩට ගිය
    ඉස්සර නම් පයින් යන්නේ වදුරෝ එහෙම ඉන්නවා උන්ගෙන් බේරිලා එහෙම
    ඒ කලේ නම් ආයේ එන්නේ නැ
    ඔව් පලතුරු වට්ටිය එක්ක වදුරන්ගෙන් බේරෙනවා කියන්නේ අමාරු වැඩක්.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඔව් පලතුරු වට්ටිය එක්ක වදුරන්ගෙන් බේරෙනවා කියන්නේ අමාරු වැඩක්.
    පලතුරු වට්ටිය නෙමේ යකෝ...
    මිහින්තලේ වදින්න පලයන් නෙළුම් මල් අරන්.. රිලව් ටික එන්නේ පෝලිමේ නෙළුම් මලේ මැද කෑල්ල කන්න.
    මල් ආසනේ නෙළුම් මල් ටික තියලා වදීන්න හදනකොට රිලවා එතන.
    අපි ඉතින් ඌට වදින්න ඕනේ..😆😆😆
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    පලතුරු වට්ටිය නෙමේ යකෝ...
    මිහින්තලේ වදින්න පලයන් නෙළුම් මල් අරන්.. රිලව් ටික එන්නේ පෝලිමේ නෙළුම් මලේ මැද කෑල්ල කන්න.
    මල් ආසනේ නෙළුම් මල් ටික තියලා වදීන්න හදනකොට රිලවා එතන.
    අපි ඉතින් ඌට වදින්න ඕනේ..😆😆😆
    උන් පොඩි අය විශේෂයෙන් ටාගට් කරනවා. පොඩි එවුන් එක එක ඒවා කකා නේ ඉන්නේ