mona higana trip da mewa. bus eke thaniyama palayan ohoma yanawata wada hodai

ඇත්ත. ඒ ට්‍රිප් ගියාට වඩා හොඳයි ගෙදරට වෙලා හිටියා නං. අමර කට්ටක් කෑවේ. ඒ කාලේ 90 ගණන් වල 2000 මුල වගේ අපි පොඩි නිසා ගානක් නෑ.නවතින්නෙ පන්සල්වල, නැත්තන් විශ්‍රාම ශාලාවල. දවල් අරවා මේවා බලාගෙන රෑට නවතින තැනට යද්දි 8 පහුවෙනවා ගොඩක් දුරට. ඉතින් ලගපාතසයිවර් කඩයක් ඒම තියනවනම් ඒකෙන් ආප්පයක් මොනාහරි කනවා සෙට් එක උයනකන්, සමහර තැන්වල ඒම කඩත් නෑ. කෙහොමත් උයලා ඉවරවෙද්දි 10වත් වෙනවා, පොඩි උන් නිදි ඒවෙලාවට. උයපුවා කන්න යද්දි ගොඩක් වෙලාවට බත හාල්. මාලු රහත් නෑ. බඩ යන්තමට පිරෙන්න පොඩ්ඩක් කාලා විසිකරලා දානවා. බිම ඉටි රෙද්දක් පැදුරක් දාගෙන නිදාගන්න ගියාට වටේ එක එකාගෙ සද්ද හන්දා හරියට නිදාගන්නත් නෑ.
එකපාරක් කතරගම ට්‍රිප් එකක් ගිහින් (2004දි) 40 කට විතර නවතින්න පොඩි ගෙදරක් දවසකට අරන් තියෙන්නෙ ඒක බාත්රූම් එකයි, හරියට මූන හෝදන්න දතකට මැදගන්නත් නෑ. සෙනග වැඩි නිසා. එකෙක් එලියට එද්දි තව එකෙක් රින්ගන්න බලන් ඉන්නෙ. කුස්සියෙ උයද්දි ගේ දුම් පිරෙනවා. පැදුරු පිලේ දාගෙන අහිකුන්ටකයො වගේ හිටියෙ අන්තිමේදි.
යන්නෙත් දවස් තුනේ ඒවා, අප්පිරියා වෙනවා පලවෙනි දවසෙම.
මහ උන්ටනං ඕවා ගානක් නෑ. දවල්ට නාන්න කියලා වතුර වලක් ලග නවත්තලා පැය ගානක් බොනවා. උන්ගෙ ආතල් එක ඒක. සමහර වෙලාවට බලන්න තියන ඒවත් මගහැරලා අරක්කු හොයන්න යනවා 10-15km. මන් ඉස්සර ගියපු හැම ට්‍රිප් එකක්ම ඔයවගේ.
ලංකාවෙ බහුතරය දැනටත් යන ට්‍රිප් ඔයවගේ තමයි.
ඒ ඒ කාලෙට ඒ ඒ ආතල් බං.. ඒ කාලේ ට්‍රිප් යන්නේ එහෙමනේ බං පවුල් පිටින් ගම් පිටින් ළමයි කරගහගෙන දර , hatti මුට්ටි බැදගෙන.. කසියා බූලි වල පුරෝගෙන නාකි ලොක්කො ටික වෙනම.. පොඩ් උන් සෙට් ඒක වෙනම.. ඔප දුපා ගෑනු ටික වෙනම.ඇත්ත. ඒ ට්‍රිප් ගියාට වඩා හොඳයි ගෙදරට වෙලා හිටියා නං. අමර කට්ටක් කෑවේ. ඒ කාලේ 90 ගණන් වල 2000 මුල වගේ අපි පොඩි නිසා ගානක් නෑ.
ලංකාවේ එවුන් ඉල්ලං පරිප්පු කන්නේ.
ටිකක් වියදම් කරලා කාමරයක් අරගෙන නතර වෙන්නේ නැතුව නිකං කට්ට කනවා පොඩි ගානක් ඉතුරු කර ගන්න.
ඒක ඉතුරු කරගෙන කරපු ලබ්බකුත් නෑ.
ඒක ඇත්ත.. ඒ කාලේ ආයේ කවදාවත් එන්නේ නෑ..ඒ ඒ කාලෙට ඒ ඒ ආතල් බං.. ඒ කාලේ ට්‍රිප් යන්නේ එහෙමනේ බං පවුල් පිටින් ගම් පිටින් ළමයි කරගහගෙන දර , hatti මුට්ටි බැදගෙන.. කසියා බූලි වල පුරෝගෙන නාකි ලොක්කො ටික වෙනම.. පොඩ් උන් සෙට් ඒක වෙනම.. ඔප දුපා ගෑනු ටික වෙනම.ඒ ආතල් ආයේ එන්නේ නෑ
නෑයෝ කොහෙද බං හොඳ උන් ඉන්නේ..කෙළවෙනකන් බලන් ඉන්න උන් මිසක්..ඒක ඇත්ත.. ඒ කාලේ ආයේ කවදාවත් එන්නේ නෑ..
අපි ඒ කාලේ ට්‍රිප් ගියේ අපේ අප්පච්චිගේ නෑදෑයෝ එක්ක. මහා පර හැත්තක් උන්.
ඒ නිසා මගේ සුන්දර මතක අඩුයි. නෑදෑයෝ හොඳ උන් උනා නං සැහෙන්න හොඳ මතක තියෙන්න තිබ්බා..![]()
වැඩිහිටි කන්දේ දැන් කවුරුත් පයින් යන්නේ නැමේක කතරගම ගුරු ගෙදර විශ්‍රාම ශාලාවේ වුනු වැඩක්. දහයක පහලවක විතර නෑදෑ පිරිවරක් එක්ක ගියේ
අපි කතරගම දේවාලේ වැද පුදාගෙන විශ්‍රාම ශාලාවට අවා. රැට වැන් එකේ රියදුරු අහල පහල ත්‍රි-වීල් සෙට් එකක් එක්ක බොන්න සෙට් වෙලා. ඕක ඉතින් සාමාන්‍ය දෙයක්නේ.
උදේ අපි 4 ට නැගිටලා උයල පිහල උදේ අටට විතර ලෑස්ති උනා කතරගම කන්දට යන්න. මාම නැගිටලා වාහනේ පැත්තට ගිය. එතන හෙන වලියක්. මාමට හොදටම තදවෙලා කෑගහනව. අපිත් ගිය මොකද බලන්න. මුකුත් තෙරුන් නැ.
මාම = මුගේ ගු ටික මටමනේ පැගුනේ. නොදකින් විතරක්. කෝ වාහනේ යතුර? හයියෝ
රියදුරු = පොඩ්ඩක් කලබල වෙන්නතිව ඉන්නකෝ. වාහනේම ඇති කොහේ හරි වැටිලා
පස්සේ තමයි දැනගත්තේ රියදුරු රෑ හොදට බීල වහනෙම නිදාගෙන, වාහනේ ලගම මලපහ කරගෙන (මට දැන් හිතෙනවා බල්ලෙක් වෙන්නත් පුළුවන්). යතුරත් හොයාගන්න් නැහැ.
එක යුද්දයයි.
පස්සේ 10 විතර ත්‍රි-වීල් එකක් ඇවිල්ල කවුද කෙනෙක් මෙන්න යතුර කියල යතුර දුන්න. මේ මනුස්සයට බිල සිහියක් නැති නිසා, එයත් එක්ක බීපු එක්කෙනෙක් රෑ යතුර අරගෙන ගිහින්.
වාහනේ ස්ටාර්ට් වෙන්නෙත් නැහැ. ලයිට් දාල නිදා ගෙන තියෙන්නේ. ත්‍රි-වීල් උදව් කලා බැටරිය චාර්ජ කරන්න. දවල් 12 විතර දෙවි පිහිටෙන් කතරගම කන්දට අවා. ඔහොමයි අපි ට්‍රිප් ගියේ.
ඒ දවස්වල කතරගම කෑලව මැද්දෙන් කන්ද නගිනවා කියන්නේ මම අසා දෙයක්. වටේම කෑලෑව. අද ගැහැණු වගේ නෙවි ආච්චිලා සියලත් ගේමක් නැතිව නගිනවා. අද තත්වය ගොඩක් වෙනස් නේද?
ඔව් පලතුරු වට්ටිය එක්ක වදුරන්ගෙන් බේරෙනවා කියන්නේ අමාරු වැඩක්.වැඩිහිටි කන්දේ දැන් කවුරුත් පයින් යන්නේ නැ
ජීප් තියෙනවා බන්
එකේ නැග්ග ෆන් එකේ උඩට ගිය
ඉස්සර නම් පයින් යන්නේ වදුරෝ එහෙම ඉන්නවා උන්ගෙන් බේරිලා එහෙම
ඒ කලේ නම් ආයේ එන්නේ නැ
පලතුරු වට්ටිය නෙමේ යකෝ...ඔව් පලතුරු වට්ටිය එක්ක වදුරන්ගෙන් බේරෙනවා කියන්නේ අමාරු වැඩක්.
උන් පොඩි අය විශේෂයෙන් ටාගට් කරනවා. පොඩි එවුන් එක එක ඒවා කකා නේ ඉන්නේපලතුරු වට්ටිය නෙමේ යකෝ...
මිහින්තලේ වදින්න පලයන් නෙළුම් මල් අරන්.. රිලව් ටික එන්නේ පෝලිමේ නෙළුම් මලේ මැද කෑල්ල කන්න.
මල් ආසනේ නෙළුම් මල් ටික තියලා වදීන්න හදනකොට රිලවා එතන.
අපි ඉතින් ඌට වදින්න ඕනේ..![]()