ඉස්සර ට්‍රිප් ගියාම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නවතින්නෙ පන්සල්වල, නැත්තන් විශ්‍රාම ශාලාවල. දවල් අරවා මේවා බලාගෙන රෑට නවතින තැනට යද්දි 8 පහුවෙනවා ගොඩක් දුරට. ඉතින් ලගපාතසයිවර් කඩයක් ඒම තියනවනම් ඒකෙන් ආප්පයක් මොනාහරි කනවා සෙට් එක උයනකන්, සමහර තැන්වල ඒම කඩත් නෑ. කෙහොමත් උයලා ඉවරවෙද්දි 10වත් වෙනවා, පොඩි උන් නිදි ඒවෙලාවට. උයපුවා කන්න යද්දි ගොඩක් වෙලාවට බත හාල්. මාලු රහත් නෑ. බඩ යන්තමට පිරෙන්න පොඩ්ඩක් කාලා විසිකරලා දානවා. බිම ඉටි රෙද්දක් පැදුරක් දාගෙන නිදාගන්න ගියාට වටේ එක එකාගෙ සද්ද හන්දා හරියට නිදාගන්නත් නෑ.
    එකපාරක් කතරගම ට්‍රිප් එකක් ගිහින් (2004දි) 40 කට විතර නවතින්න පොඩි ගෙදරක් දවසකට අරන් තියෙන්නෙ ඒක බාත්රූම් එකයි, හරියට මූන හෝදන්න දතකට මැදගන්නත් නෑ. සෙනග වැඩි නිසා. එකෙක් එලියට එද්දි තව එකෙක් රින්ගන්න බලන් ඉන්නෙ. කුස්සියෙ උයද්දි ගේ දුම් පිරෙනවා. පැදුරු පිලේ දාගෙන අහිකුන්ටකයො වගේ හිටියෙ අන්තිමේදි.
    යන්නෙත් දවස් තුනේ ඒවා, අප්පිරියා වෙනවා පලවෙනි දවසෙම.
    මහ උන්ටනං ඕවා ගානක් නෑ. දවල්ට නාන්න කියලා වතුර වලක් ලග නවත්තලා පැය ගානක් බොනවා. උන්ගෙ ආතල් එක ඒක. සමහර වෙලාවට බලන්න තියන ඒවත් මගහැරලා අරක්කු හොයන්න යනවා 10-15km. මන් ඉස්සර ගියපු හැම ට්‍රිප් එකක්ම ඔයවගේ.
    ලංකාවෙ බහුතරය දැනටත් යන ට්‍රිප් ඔයවගේ තමයි.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අඩේ මේ ලගදි අපේ ගෙදරත් ඕවා කතා උනා කියපන්කෝ, ඉස්සර ඔය රූම් එහෙම නෑනේ. ඉන්නේ පන්සල් වල විශ්‍රාම ශාලා වල වගේ.. කොට්ට මෙට්ට පැදුරු, ඉටිකොල ඔක්කොම උස්සන් යන්නෙ , ඒ මදිවට බස් එකේ උඩ සාස්පාන් මුට්ටි අනම් මනම් ඔක්කොම පටවනවා.
    ඉකෝලේ හොස්ටල් එකේ ට්‍රිප් යද්දි උනත් එහමයි ඒදවස් වල .

    අපෙ ගෙවල් වල අය ගියාම නම් හවස 05-06 වගේ වෙද්දි ලෑන්ඩ් කරනවා. පොඩි අපි පිස්සු කෙලිද්දි ගෑනු කට්ටික ලූනු සුද්ද කර කර වැඩ පටන් ගන්නවා, පිරිමි ලිප්බැදලා දර හොයලා බාගෙට උයලා (බත් උයන්නෙ පිරිමි ගොඩක් වෙලාවට) බොන්න සෙට් වෙනවා..

    කෑම නම් එහම නම් උබ කිව්වා වගේ තමා. බත් බාගෙට පරිප්පුව නම් කොහොමත් එකයි නේ... තව මොනා මොනා හරි ...

    එක සැරයක් කතරගමද කොහෙද ගිහිල්ල එක ශාලාවේ නඩ තුනක්ද කොහෙද හිටියා මගේ ජිව්තේ එපාම කරපු එක තමා ඒක. මූන හෝදගන්න එක ටැප් එකේ පොර කනවා. ටොයිලැටුත් වැඩිය තිබ්බෙ නැද්ද මන්දා...
    බොන්න හොයන සීන් එක ඇත්ත, දැන් වගේ බාර් තිබ්බෙත් නෑනේ ඉස්ස‍ර...

    දැන් නම් මන් කොහේ හරි යන්නෙම බලන්න නම් නෙවේ. රිලැක්ස් එකේ ඉන්න, ඒත් අපේ අම්මලාට යන්න ඕනෙ අ‍රහෙ යන් කියනවා. ෛතින් ඒ අයව එක්කන් යනවා.
    බොන එක කොහොමත් ලොකු ෆන් එකක් නැ මට...
     
    ඉස්සර කීවට බන් 2011 ඔහොම එකක් අන්තිමට ගියෙ. ඊට කලිනුත් රූම් තිබුනා. සල්ලිත් නෑ පුරුද්දකුත් නෑ ඒම ඉදලා. ගමේ උන්නම් දැන් යන ට්‍රිපුත් ඔහොමයි.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඉස්සර කීවට බන් 2011 ඔහොම එකක් අන්තිමට ගියෙ. ඊට කලිනුත් රූම් තිබුනා. සල්ලිත් නෑ පුරුද්දකුත් නෑ ඒම ඉදලා. ගමේ උන්නම් දැන් යන ට්‍රිපුත් ඔහොමයි.
    මාත් කියන්නෙ ඔය කාලේ තමා, ඔයිටත් වැඩිය පරන කාලේ. අන්තිමේට ඔහොම එකක් ගියේ මට මතක විදියට යාපනේ, යුද්දේ ඉවරවෙලා 2009-2010 වගේ.
    ඊට පස්සෙ ඔක්කොම සැපත් බලාගෙන ගියේ. පොඩ්ඩ්ක් වියදම් උනාට හැමෝටම ලේසියි

    ඔව් අපේ ගමෙත් ඉන්නවා ඔහොම යන උන්, විශේශයෙන් අපේ අම්මලාගේ වයසේ වගේ නඩ. සිරීපාදෙ / අනුරාධපුර වගේ. මන් නම් යන්නෙ නෑ. අම්මලා උනත් යන්න අහන්නෙ නෑ, මොකද ඕන නම් මන් එයාලව එක්කන් යනවා. අපේ ගෙවල් වලට ඕවා කියන්නෙත් කතා කරන්නෙත් නෑ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔහොම යන්නෙ බන් තමන්ට කියල වාහන්යක් නැති,
    පවුල් 2, 3/ සමිති වලින් යන වන්දනා ගමන්

    ෆැමිලි ට්‍රිප් ඒකාලෙ ගියෙ අඩුවෙන්, ඒ ගියෙත් වාහන තියන , සල්ලි තිබුන මිනිස්සු
    දැන් වගේ ලොකෙ අමාරුවෙන් වාහන ගත්ත මිනිස්සු නෙවෙයි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ට්‍රිප් කිව්වහම මතක් උනේ . ඔන්න අහගනිල්ලකො ....

    අපි 11 වසරෙදි දවස් දෙකේ ට්‍රිපක් ගියා . අපේ ඉස්කෝලෙ මික්ස් ඉස්කෝලයක් ඕන් . උයන්න බඩු එහෙම අරගෙන අනුරාදපුරේ,සීගිරි තමා ගියේ . ඒ කාලෙ කෙල්ලොත් එක්ක මහ රෑ වෙනකන් ඉන්නව කියන්නෙ හිතල බලපන්කො ඉතින් මල්ලි නැගිටලමයි . අපි නැවතුනේ පුරේ බැස්ටියන් ශාලාවෙ . ඒකට යනකොටත් මන් හිතන්නෙ රෑ 9ට විතර ඇති . දැන් සර්ල මිස්ල කෙල්ලො කොල්ලො ඔක්කොම උයන්න සෙට් වෙනව . ඔය අතරෙදි කෙල්ලො කෝල්ලො එහෙන් මෙහෙන් අල්ලන ඒව පොඩි පොඩි කිස් සීන් එහෙමත් යනව . මොකද බැස්ටියන් එකේ 10ටද කොහෙද ලයිට් ඕෆ් කරනව .

    ඔය අතරෙ සෙට් වෙලා හිටපු කපල් එහෙම කැලේ පනින ඒවත් උනා . ඇයි ඉතින් කවද කාපු මාලුද පුතේ 11 වසරෙනෙ . එක කපල් එකක් මට කතා කරා උන් දෙන්නගෙ ෆොටෝ ටිකක් ගන්න කියල හොල් එක පිටිපස්සට .මාත් ඉතින් අහක යන එකක් ටියුන් කර කර ඉදල අමාරුවෙන් නැගිටල ආව . ඔන්න ඉතින් බදාගෙන මිරිකගෙන ෆොටෝ ටිකක් ගත්ත කියමුකො . දැන් පහුවදා යනව සතුටු සිතින් . ඔන්න හොදම හරිය ඔය කාලෙ ඩිජිටල් කැමරා ආපුම කාලෙ. ට්‍රිප් එකේ අරන්ගිය වැඩි හරියක් ෆිල්ම් රෝල් තියන කැමරා . අර මන් ෆොටෝ ගත්ත එක සෝනි ඩිජිටල් කැමරාවක් . කොල්ලො සෙට් එකක් ඒකෙ ෆොටෝ බල බල ඉන්නව ඉතින් . ඉස්සර ඉතින් ෆොටෝ ගත්ත ඒව බලන්න රීල් එක සුද්ද කරන්නම ඕනනෙ . දැන් අර ඩිජිටල් කේස් එක හෙනම අමුතුයි ගත්ත ෆොටෝත් ආපහු බලන්න පුලුවන් හෙනම ඉන්ටරස්ටින් සීන් එක ඔක්කොටම.

    ඔහොම බලනකොට සීගියෙ ෆොටෝ වල තියනව අපේ හිටපු සැරම සර් ගනන් සර් ගෙ ෆොටෝ වගයක් . පොරට අපි කිව්වෙ ගවර කියල . හෙන සයිස් පොඩි හයියක් නෙමෙයි තියෙන්නෙ . ගැහුවහම කෙලින්ම හිස් මුදුනට දාඩිය දාන්නෙ . අර ෆොටෝ වල සීගිරිය මුදුනෙදි හුලගට ශර්ට් පිම්බිල සර්ට මාස 9ක විතර බඩක් ඇවිත් . ඕකට සෙට් එකම හිනා වෙවී කැමරව වටේ යවනව දැන් . කොහොම හරි සර්ගෙ නම කියනව ඇහිල සරුත් ඇවිල්ල කැමරාවට එබුන කියමුකො . අපේ එකෙක් කියපි සර් මේක ඩිජිටල් එකක් මෙන්න මේ බට්න් එක එබුවහම ගත්ත ෆොටෝ ඔක්කොම බැලුවහැකි කියල . අනේ එතුමා බැලුව පුතේ ඔක්කොම මාට්ටු සිගරට් ගහපුව අරුන් දෙන්න බදාගෙන ඉදපුව . :cry: :cry: :cry: කැමරාවෙ අයිතිකාරය ඉස්කෝලෙන් අස් කරා , කෙල්ල වෙන ඉස්කෝලෙකට දාගත්ත ෆොටෝ ගත්ත මගෙ ගෙදරින් ගෙන්නුව පින්වතුනි :(:(:(:(:(:(. ඔන්න ඔහොමයි ට්‍රිප් ගියෙ අපි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මාත් කියන්නෙ ඔය කාලේ තමා, ඔයිටත් වැඩිය පරන කාලේ. අන්තිමේට ඔහොම එකක් ගියේ මට මතක විදියට යාපනේ, යුද්දේ ඉවරවෙලා 2009-2010 වගේ.
    ඊට පස්සෙ ඔක්කොම සැපත් බලාගෙන ගියේ. පොඩ්ඩ්ක් වියදම් උනාට හැමෝටම ලේසියි

    ඔව් අපේ ගමෙත් ඉන්නවා ඔහොම යන උන්, විශේශයෙන් අපේ අම්මලාගේ වයසේ වගේ නඩ. සිරීපාදෙ / අනුරාධපුර වගේ. මන් නම් යන්නෙ නෑ. අම්මලා උනත් යන්න අහන්නෙ නෑ, මොකද ඕන නම් මන් එයාලව එක්කන් යනවා. අපේ ගෙවල් වලට ඕවා කියන්නෙත් කතා කරන්නෙත් නෑ.
    ගම්වල උන් සංවිධානය කරලා ලාබෙකුත් තීයාගන්නනෙ හදන්නෙ. ඉතින් ගූ හතයි. මාත් ගියෙ ටාපනෙ තමයි 2011 , ආයෙ ගියෙත් නෑ.
    ඔහොම යන්නෙ බන් තමන්ට කියල වාහන්යක් නැති,
    පවුල් 2, 3/ සමිති වලින් යන වන්දනා ගමන්

    ෆැමිලි ට්‍රිප් ඒකාලෙ ගියෙ අඩුවෙන්, ඒ ගියෙත් වාහන තියන , සල්ලි තිබුන මිනිස්සු
    දැන් වගේ ලොකෙ අමාරුවෙන් වාහන ගත්ත මිනිස්සු නෙවෙයි
    ඔව් වාහන ප්‍රශ්නෙ තමයි ඒකාලෙ තිබුනෙ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ට්‍රිප් කිව්වහම මතක් උනේ . ඔන්න අහගනිල්ලකො ....

    අපි 11 වසරෙදි දවස් දෙකේ ට්‍රිපක් ගියා . අපේ ඉස්කෝලෙ මික්ස් ඉස්කෝලයක් ඕන් . උයන්න බඩු එහෙම අරගෙන අනුරාදපුරේ,සීගිරි තමා ගියේ . ඒ කාලෙ කෙල්ලොත් එක්ක මහ රෑ වෙනකන් ඉන්නව කියන්නෙ හිතල බලපන්කො ඉතින් මල්ලි නැගිටලමයි . අපි නැවතුනේ පුරේ බැස්ටියන් ශාලාවෙ . ඒකට යනකොටත් මන් හිතන්නෙ රෑ 9ට විතර ඇති . දැන් සර්ල මිස්ල කෙල්ලො කොල්ලො ඔක්කොම උයන්න සෙට් වෙනව . ඔය අතරෙදි කෙල්ලො කෝල්ලො එහෙන් මෙහෙන් අල්ලන ඒව පොඩි පොඩි කිස් සීන් එහෙමත් යනව . මොකද බැස්ටියන් එකේ 10ටද කොහෙද ලයිට් ඕෆ් කරනව .

    ඔය අතරෙ සෙට් වෙලා හිටපු කපල් එහෙම කැලේ පනින ඒවත් උනා . ඇයි ඉතින් කවද කාපු මාලුද පුතේ 11 වසරෙනෙ . එක කපල් එකක් මට කතා කරා උන් දෙන්නගෙ ෆොටෝ ටිකක් ගන්න කියල හොල් එක පිටිපස්සට .මාත් ඉතින් අහක යන එකක් ටියුන් කර කර ඉදල අමාරුවෙන් නැගිටල ආව . ඔන්න ඉතින් බදාගෙන මිරිකගෙන ෆොටෝ ටිකක් ගත්ත කියමුකො . දැන් පහුවදා යනව සතුටු සිතින් . ඔන්න හොදම හරිය ඔය කාලෙ ඩිජිටල් කැමරා ආපුම කාලෙ. ට්‍රිප් එකේ අරන්ගිය වැඩි හරියක් ෆිල්ම් රෝල් තියන කැමරා . අර මන් ෆොටෝ ගත්ත එක සෝනි ඩිජිටල් කැමරාවක් . කොල්ලො සෙට් එකක් ඒකෙ ෆොටෝ බල බල ඉන්නව ඉතින් . ඉස්සර ඉතින් ෆොටෝ ගත්ත ඒව බලන්න රීල් එක සුද්ද කරන්නම ඕනනෙ . දැන් අර ඩිජිටල් කේස් එක හෙනම අමුතුයි ගත්ත ෆොටෝත් ආපහු බලන්න පුලුවන් හෙනම ඉන්ටරස්ටින් සීන් එක ඔක්කොටම.

    ඔහොම බලනකොට සීගියෙ ෆොටෝ වල තියනව අපේ හිටපු සැරම සර් ගනන් සර් ගෙ ෆොටෝ වගයක් . පොරට අපි කිව්වෙ ගවර කියල . හෙන සයිස් පොඩි හයියක් නෙමෙයි තියෙන්නෙ . ගැහුවහම කෙලින්ම හිස් මුදුනට දාඩිය දාන්නෙ . අර ෆොටෝ වල සීගිරිය මුදුනෙදි හුලගට ශර්ට් පිම්බිල සර්ට මාස 9ක විතර බඩක් ඇවිත් . ඕකට සෙට් එකම හිනා වෙවී කැමරව වටේ යවනව දැන් . කොහොම හරි සර්ගෙ නම කියනව ඇහිල සරුත් ඇවිල්ල කැමරාවට එබුන කියමුකො . අපේ එකෙක් කියපි සර් මේක ඩිජිටල් එකක් මෙන්න මේ බට්න් එක එබුවහම ගත්ත ෆොටෝ ඔක්කොම බැලුවහැකි කියල . අනේ එතුමා බැලුව පුතේ ඔක්කොම මාට්ටු සිගරට් ගහපුව අරුන් දෙන්න බදාගෙන ඉදපුව . :cry: :cry: :cry: කැමරාවෙ අයිතිකාරය ඉස්කෝලෙන් අස් කරා , කෙල්ල වෙන ඉස්කෝලෙකට දාගත්ත ෆොටෝ ගත්ත මගෙ ගෙදරින් ගෙන්නුව පින්වතුනි :(:(:(:(:(:(. ඔන්න ඔහොමයි ට්‍රිප් ගියෙ අපි
    අඩෝ ආතල් නෙහ්
    ඒකි වෙන එකෙක් බදින්නත් ඇති නේද.
     
    • Like
    Reactions: Solo Rider

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මටත් අප්පිරියම ගමනක් කතරගම යනවා කියන්නේ .
    බලන්න දේකුත් නැහැ . හෙන වේලිච්ච පැත්තක වාහනේක හිරවෙලා යනවා .
    මැණික ගග කියල එකක් තියෙනවා ගගේ වතුරත් නැහැ .
    දාඩිය දාගෙන කදු නැගල, හරියට බඩට කෑමක් නොකා ගෙදර එනවා .
    දැන්නම් ඔය මගුලේ මම යන්නෙම නැහැ .
    ගෙදර අයට යන්න කියල මම ඉන්නවා .
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උන් දෙන්නම තාම බැදල නෑ . දැන් ඉතින් හෙන වයසය
    Um dennawa bandapn ethin
    Parana love ekane
    මටත් අප්පිරියම ගමනක් කතරගම යනවා කියන්නේ .
    බලන්න දේකුත් නැහැ . හෙන වේලිච්ච පැත්තක වාහනේක හිරවෙලා යනවා .
    මැණික ගග කියල එකක් තියෙනවා ගගේ වතුරත් නැහැ .
    දාඩිය දාගෙන කදු නැගල, හරියට බඩට කෑමක් නොකා ගෙදර එනවා .
    දැන්නම් ඔය මගුලේ මම යන්නෙම නැහැ .
    ගෙදර අයට යන්න කියල මම ඉන්නවා .
    Issara annual ynwa ktragama
    Dannm mthk weddith epawenwa
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    2015 gedar ayai nandala mamalai ekka kataragama giya trip ekak van ekak, passe wadala okkom iwara vela kattiya katha una nuwara eliye yanne, onna ithin giya nuwara eliye, magadi van eke steam hose ekak pipiruwa, eka yantham atawagen nuwara eliyat yanakot ra 9i ganak, passe vahala thibba kadayak kade unta kiyala aragen ithuru vela thibba buriyani tikak kala eda ra van eke idagen hitiye ude venakn kattiyam inna thanakuth nathi nisa :baffled::lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඕවා මොනාද යකෝ මම ගියා දවස් 7 යි ‍ රෑ 6 ට්‍රිප්එක.රුපියල් 3500 එකාගෙන්. 2010 යුද්දෙ ඉවර වෙච්ච අලුත සිංහලූ පෝලිමේ ගියේ මුලතිව් යාපනේ..
    ගියේ එහා ගමේ නඩයක් එක්ක. මායි යාලුවෙකුයි..අන්න ට්‍රිප්..
    අනුරාධපුර,පොළොන්නරු, ට්‍රිංකෝ, දිඹුලාගල ආරණ්‍ය දානෙකුත් දුන්නා..
    , කිලිනොච්චි ,මුලතිව් යාපනේ, නාග දිපේ, මන්නාරම්.. ලේලන්ඩ් බස් 2ක් ගියේ..
    ප්‍රභාකරන් ගේ බංකර්,එහෙමත් බැලුවා..
    ඇවිත් සතියක් විතර යනකම් බස් එකේ යනවා වගේ තේරෙන්නේ..නින්දෙන් අහරුනම තාම යාපනේ වගේ..😆😆😆
    ---
    කැමරා ගැන කිව්වම ඩිජිටල් කැමරා එන්න කලින් කට්ටිය සල්ලි දාලා ෆිල්ම් රෝලක් දාගන්නේ. එකාට පොටෝ 4 ක් වගේ තමා ට්‍රිප් එකටම වදින්නේ.. මලක්,කන්දක් දිය ඇල්ලක් එහෙම ගැහුවොත් ඒ ගහපු එකාගේ කෝට එකෙන් අඩු කරලා. ඌට පොටෝ 3යි.
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මගෙ අත්දැකීම නම් ටිකක් වෙනස්.අපේ ගමේ සණසෙන් ඔහොම ට්‍රිප් එකක් යනව අවුරුද්දකට සැරයක්.මම ආසාවෙන්ම යන ට්‍රිප් එකක් ඒක.මොකද හොඳට ප්ලෑන් කරල යන්නෙ.යන පැත්තේ තියෙන සංචාරක ස්ථාන ඔක්කොම වගේ කොහොමහරි කවර් කරනවා.ඉන්නෙත් චාටර් තැන් වල නෙවෙයි.විශ්‍රාම ශාලා සහ කාමර දෙකම තියෙන තැනක් තමා බුක් කරන්නේ.අවශ්‍ය අයට වැඩිපුර ගෙවලා කාමරේක ඉන්න පුලුවන්.කෑමත් එහෙමයි.අවශ්‍ය අයට කඩෙන් කන්න පුලුවන්.අපි කරන්නේ එහෙම.කොහොමත් අපේ අම්මට ඔය පැදුරු වල නිදාගන්න අමාරුයි ඇඟේ පතේ කැක්කුම් නිසා.ඉතින් අපි රූම් එකකම තමා ඉන්නේ.දැන් පන්සල් වල පවා ඔය රූම්ස් තියෙනවා.අනිත් හොඳම හේතුව තමා පාඩුවේ යන්න පුලුවන් වීම.මොකෙක් වත් සින්දු කියන්න අරවට මේවට කතා කරන්නෙ නෑ.සින්දු කියන්න තියා මොනවට වත් කතා කරන්නෙ නෑ.ඒකට නම් හේතුව මම ගමේ උන් එක්ක බජනයක් නැති නිසා.පාඩුවේ හෑන්ඩ්ස්ෆ්‍රී ගහගෙන සින්දුවක් අහගෙන වටපිට බලාගෙන යනවා.යන්නෙත් කතරගම ට්‍රින්කෝ යාපනේ අනුරාධපුර මඩකලපුව අම්පාර වගේ වේලිච්ච පැතිවල මයි.මම ඒ වගේ පැති වල ඇවිදින්න ආසයි.ඒ තව හේතුවක්.ඒ නිසා ඔය ගමේ ට්‍රිප් එක ගැන මට නම් හොඳ හැඟීමක් තමා තියෙන්නේ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    යුද්දේ ඉවර වුනාම යාපනේ ගියා ගමේ වුන් එක්ක.ඔය වගේමයි.මට අප්ප්‍රසන්න වෙලා තිබුනේ.සාමාන්යෙන් අපි ගෙදර අය එක්ක වාහනේක යනවා,දකිම දකිම තැනින් දකිම දකිම එක කනවා උබ ඔය කිව්ව වගෙ තමයි හාල් එක්ක කුනු කරෝල බැදුමකුයි,තෙල් දාපු පරිප්පුවකුයි දවස් 3ම හැදුවේ.කඩේකුත නෑ,යාපනේ නිසා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කතරගමනං අප්පිරියයි.
    අනුරාධපුර, පොලොන්නරුවනං ජොලියක් තියෙනව.
    ඉස්සර අපේ නෑදෑ කෙනෙකුගෙ වෑන් එකක් තිබුණ. ඕකෙ තමයි යන්නෙ උයන බඩුත් පටවගෙන පොල් මලක් ගහගෙන.
    විශ්‍රාම ශාලා වල බිම ලැගල නයිට ගහන්නෙ.
    දැන්නං ඒ ගිය විදිහට, කීයටවත් යන්න බෑ.