මිනිස්සු ඉල්ලන දේ තමයි අපි දෙන්නේ කියන එක මම නම් පුද්ගලිකව පිළි ගන්නෙ නෑ. මට අනුව ඇත්තටම වෙන්නේ මිනිස්සු ඉල්ලන්නෙ මේක කියලා හිතාගෙන අන්න ඒකට එකක් product දාන එක. ඔය මසාලා ටෙලි නාට්‍ය පෙන්වන්න ගත්තේ මිනිස්සු ඕවා ඉල්ලලාද? එහෙම අදාළ coverage එක තියෙන පැත්තෙ market research එකක් කරලද? ඊට පස්සේ අනෙක් channels සිංහලෙන් mega හදන්න ගත්තාම ඒවායේ rating වැඩි වුනා කියමු. ඒත් rating අනුව ගත්තාම වුනත් ඔය අතීත nostalgia වත් එක්ක එන ඉසුරු යෝගය, සඳගල තැන්න වගේ ටෙලිනාට්‍යවල හරි එහෙම නැත්නම් කූඹියෝ මට්ටමට හරි එන්න පුළුවන්ද?
එහෙම නම් ඇයි mega හදන්නේ?
හේතුව තමයි ලේසියි, මොකද එදා වේල ක්‍රමයට tours යන්න පුළුවන්. සංකීර්ණ script ඕන නෑ. විෂයානුබද්ධ හැදෑරීමක් ඕන නෑ. කතාවේ මුල මැද අග ගලපන්න ඕන නෑ.එහෙම නම් වෙලා තියෙන්නේ මිනිස්සුන්ට ඕන දේ නෙවෙයි, යම් පිරිසකට ඕන දේ.