ඉස්සර සතුටින් හිටිය දවස 🥺

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,462
    75,186
    113

    ඔශීන් නේද? ඉස්සර අපිට හරි Tv එකක් තිබ්බෙ නෑ. මගුල කැඩෙනවා හිටපු ගමන්. ඒ නිසා ඔය වගේ කතා කවදාවත් මුල ඉඳන් අගට බලන්න චාන්ස් හම්බුනේ නෑ.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,297
    26,806
    113
    Kandy
    ඔශීන් නේද? ඉස්සර අපිට හරි Tv එකක් තිබ්බෙ නෑ. මගුල කැඩෙනවා හිටපු ගමන්. ඒ නිසා ඔය වගේ කතා කවදාවත් මුල ඉඳන් අගට බලන්න චාන්ස් හම්බුනේ නෑ.
    ඉස්සර ගිය කතා සෙට් එකේම තීම් මියුසික්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,462
    75,186
    113
    ඉස්සර ගිය කතා සෙට් එකේම තීම් මියුසික්
    මම හිතන්නේ ඒවා ඔරිජිනල් ඒවා කියලා. නැතුව ලංකාවෙ හදපුවා වෙන්න බෑ.
     
    • Like
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,297
    26,806
    113
    Kandy
    මම හිතන්නේ ඒවා ඔරිජිනල් ඒවා කියලා. නැතුව ලංකාවෙ හදපුවා වෙන්න බෑ.
    ඔව් ඔරිජිනල් ඔශීන් එහෙම ඔරිජිනල් මියුසික් එක.ලංකාවේ හදපුවා නෙවේ
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,861
    2,173
    113
    Galle
    වැඩක් පලක් නැති එකෙක් මේකෙ youtube video එක හොයලා දාපන්කො!
    Tfs
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,055
    4,700
    113
    Sri Lanka
    Dadubasnamanaya music eka aheddi thamath patta feeling ekak enne. Ape childhood eka supiri ban.

    Mage Amma kawadawath sirase teledrama baluwe na. Rupavahini, ITN teledramas witharai baluwe. Ithin quality content ekak hamadama wage balanna puluwan una. Dan nam minissu maara widihata MEGA walata huru wela. Minissunta banala wadakuth na. Channel walin balenma minissunta huru karala tiyenne. ITN unath dan issara quality eka na.
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    615
    751
    93
    මිනිස්සු ඉල්ලන දේ තමයි අපි දෙන්නේ කියන එක මම නම් පුද්ගලිකව පිළි ගන්නෙ නෑ. මට අනුව ඇත්තටම වෙන්නේ මිනිස්සු ඉල්ලන්නෙ මේක කියලා හිතාගෙන අන්න ඒකට එකක් product දාන එක. ඔය මසාලා ටෙලි නාට්‍ය පෙන්වන්න ගත්තේ මිනිස්සු ඕවා ඉල්ලලාද? එහෙම අදාළ coverage එක තියෙන පැත්තෙ market research එකක් කරලද? ඊට පස්සේ අනෙක් channels සිංහලෙන් mega හදන්න ගත්තාම ඒවායේ rating වැඩි වුනා කියමු. ඒත් rating අනුව ගත්තාම වුනත් ඔය අතීත nostalgia වත් එක්ක එන ඉසුරු යෝගය, සඳගල තැන්න වගේ ටෙලිනාට්‍යවල හරි එහෙම නැත්නම් කූඹියෝ මට්ටමට හරි එන්න පුළුවන්ද?

    එහෙම නම් ඇයි mega හදන්නේ?

    හේතුව තමයි ලේසියි, මොකද එදා වේල ක්‍රමයට tours යන්න පුළුවන්. සංකීර්ණ script ඕන නෑ. විෂයානුබද්ධ හැදෑරීමක් ඕන නෑ. කතාවේ මුල මැද අග ගලපන්න ඕන නෑ.එහෙම නම් වෙලා තියෙන්නේ මිනිස්සුන්ට ඕන දේ නෙවෙයි, යම් පිරිසකට ඕන දේ.
     
    • Like
    Reactions: Yeezus and Batfleck

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    ජීවීතය බරක් නොවුනු කලේ සුන්දර මතක.

    තාත්තා ඉන්න කලේ රූපවාහිනී විතරයි ගෙදර බැළුවේ. සිරස තහනම්. තාත්තා ගෙදර එන්නේ අටහමාර නමයට විතර හින්දා අවුලක් නැහැ කාටුන් වලට. අනිත් වෙලාවත් අවුලක් නැහැ වැඩක් ඇති ප්‍රොග්ගෑම් එකක් නම්. අයිටීඑන් අටපට්ටම විතරයි. කෝපි කඩේ ඉදහිට බලනවා ඒත් අදටත් එක හිතට අල්ලන්නේ නැහැ. නිකන් cheep filing එකක් එන්නේ. සරණවාහීනියේ මහා සිංහලේ වංශ කතාව බලනවා.
    ඒ කලේ රූපවාහිනිය කියන්නේ තිබ්බ හොඳම නාලිකාව. ඒ program line up එකට ගහන්න වෙන එක චැනල් එකකටවත් බැහැ. 90-2015 රූපවාහිනීයේ හොඳම කාලේ. යහපාලනයේත් එක්ක තිබ්බ ටික ඔක්කෝම වලපල්ලට ගියා. (කොහොමත් කලින් ඉදන්ම ප්‍රශ්න) අන්තිමට තිබ්බ ලොකුම ඉන්කම් සෝස් එක වෙච්ච නිවුස් එකත් රෑ හතට ගෙනත් නෑවා. දැන් ඉතින් සැකිල්ල විතරයි. පඩි ගෙවන්නවත් ආදායමක් නැහැ. ගොඩ ගන්නත් අමාරුයි ඕක. කොනක ඉදන්ම හදන්න වෙනවා. කට්ටිය බර ගානක් යවන්න වෙනවා.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඔෂින් ඒ කාලේ මිනිස්සු ගොඩක් ආදරෙන් වැලද ගත්තු කතාවක් උනාට මං කවදාවත් බලලත් නෑ, බලන්න හිතිලත් නෑ ඇත්තටම ඔය කියන තරම් හොද කතාවක්ද??