ඉස්සර_චන්ද_උපක්රම.
දැන් නේ ඔය රස්සාවල් දෙන්නම්, මාරු දෙන්නම් පාරවල් හදන්නම් කියල චන්දෙ ගන්නේ. මම දන්න කෙනෙක්, පැන්ෂන් ගිය රාජ්ය නිලධාරියෙක්, කිව්වා ගොඩක් ඉස්සරම චන්ද ආපු කාලේ තිබ්බ උපක්රම. ඇත්තද බොරුද මන්දා හැබැයි හිනා යනවා.
බෞද්ධ චන්ද බහුතරයක් තිබ්බ පළාත් වල පක්ෂයේ පාට කහ පාට නම් දිනනවලු. "බුදු හාම්දුරුවන්ගෙයි හාමුදුරුවරුන්ගෙයි සිවුරුත් කහපාට. නියම බෞද්ධයෙක් නම් මට චන්දෙ දෙන්න" කිව්වහම කිසි තේරුමක් නැති ගමේ මිනිස්සු ඇවිල්ල කතිරේ ගහල යනවලු.
තව සමහරු දන්නවා නම් තමන් කරපු බලු වැඩ හින්දා චන්දෙ හම්බ වෙන්නේ නෑ කියල, එයා කියනවලු, "මාව ඕන නම් හරියක් දාන්න. මාව එපා නම් මගේ ඉස්සරහින් කතිරයක් ගහන්න" කියල. ඉතින් ඌ දිනනවලු මිනිස්සු එපා කියපු හින්දා.
ධර්ම චක්කරේ වගේ එකක් ඒත් චන්ද වැඩිලු. කොළ පාට කට්ටිය ඉස්සර කියල තියෙන්නේ "ගහකොලත් කොළ පාටයි. අපිට කන්න ලැබෙන ගහකොළ වලට ගරු කරලා චන්දෙ දෙන්න" කියල.
ඔය උපක්රම ඉවර වේගෙන එද්දී තමයිලු බත් පැකට් එක දෙන්න පටන් ගත්තේ. ඒකත් ටිකක් ඇඩ්වාන්ස් කරලා තමයි අරක්කු වීදුරුවකුත් එකතු වෙලා තියෙන්නේ.
ඔය එක්කම තමයි හාල් කූපන් එකක්, ජනසවිය, පස්සෙ සමුර්ධි, එහෙම ආවේ.
ඒවටත් අහු නොවෙද්දී තමයි තමයි තවත් ඇඩ්වාන්ස් වෙලා සිල් රෙදි, පාසල් සිසුන්ට ටැබ්, ග්රාමසේවකලා ට මෝටර් සයිකල්, හැමෝටම වාහනයක්, ළමයින්ට රක්ෂණ, වගේ නොයෙකුත් පොරොන්දු ඇවිත් තියෙන්නේ.
සමහර විට එකෙක් දෙන්නෙක් කියපු කතා වෙන ඇති මේවා. ඒත් අදටත් ඉතිං මේ වගේම කතා තමයි ඇහෙන්නෙ.