ඉස්සෝ_රසමරසට_රෝස්ටඩ්_ගාලික්

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඉස්සෝ_රසමරසට_රෝස්ටඩ්_ගාලික්

    රෝස්ටඩ් ගාලික් ප්‍රොන්ස්

    23755650_10155367639934825_3574468363892404191_n.jpg



    ඉස්සො කියන්නෙ ගොඩක් අය ආසම දෙයක් තමයි ඒත් ගොඩක් අය ඒකෙ රස ඉස්මතුවෙන්න උයනවා අඩුයි. තවත් අය ඉස්සො රොස්ට් කරනව කීවම හිනාවෙනවා

    ඒත් ගාලික් රසයත් එක්ක එන රසම රස පැනිබේරෙන කෑමක් තමයි මේක.. හරිම සිම්පල් හදන එක වැඩි වෙලාවක් යන්නෙත් නෑ..

    අවශ්‍ය කරන දේවල් -
    ඉස්සො (කුඩා) 1KG
    කහ කුඩු
    ගම්මිරිස්
    මිරිස්
    විනාකිරි
    ලුනු
    කරපින්චා
    ලෙමන් ජූස් මේස හැන්දක්
    සුදුලූනු පොඩිම පොඩි ගෙඩියක් (ග්‍රෙට් කරගත්තු)
    අවන් එකක්

    හදන හැටි හරිම ලේසියි.. ඉස්සෙල්ලම ඉස්සො ටික ඔලු කඩලා වැලි එහෙම යනකන් හොදට හෝදගන්න ඊට පස්සෙ ලුණු,ගම්මිරිස්, කහ, මිරිස්, විනාකිරි එහෙම දාලා හොදට මික්ස් කරලා මැරිනේට් වෙන්න පැය දෙකක් විතර මැටි හෝ විදුරු භාජනෙක මතක ඇතුව තියන්න.

    තැටියක් අරගෙන තෙල් ටිකක් දාලා සුදුලුනු සහ කරපින්චා අඩියේ අතුරන්න. තව ටිකක් ඉස්සො එක්ක එකතු කරන්න. හෙමිහිට ඔක්කොම තැටියට දාල. අවන් එකෙ 220C උඩ යට රස්නෙ ඇතුව විනාඩි 35ක් රොස්ට් කරන්න. අවන් එකෙන් බාලා යට තියන ඩෙවල් එක කැමතිනම් එකතු කරගන්න.. නැතුවත් රසයි..

    ඩෙවල් එකට
    රවුමට කපාගත් ලොකු ලූණු ගෙඩි 2
    ලූණු කොල 100g
    පලාගත් අමු මිරිස් කරල් 5
    බටර් 50g
    ටක්කලි සොස් 5 table spoons
    ලුනු සහ ගම්මිරිස්
    මිරිස් පෙස්ට් 2 table spoons

    මේ හැමදෙම එකට විනාඩියක් රත් කරලා.. අරකටම උඩින් එකතු කරන්න. ගොඩක් වෙලා පිසගන්න එහෙම එපා. අනික් දේ තමයි කලින් හදපු ඉස්සො එකට උඩින් දානවා මිසක් මික්ස් කරන්න එපා. අවන් තැටියෙ එන ඉස්සො ජූස් එකත් සර්ව් කරන භාජනෙටම දාන්න.. උඩින් ලෙමන් ජූස් ටික ඉහින්නා

    මේක රොස්ට් චිකන් තරම් රොස්ට් කරන්නෙ නෑ.. බොහොම රස ඉස්සන්ගෙ ඇතුලේ පැනිබේරෙන තරම් තෙත ජූසි රසම රස කෑමක් තමයි.. ගැටලු තියනවා නම් කමෙන්ට් කරන්න

    ඔයාලත් හදලා බලන්න.. හරිම රසයි


    Easy Level - ⭐⭐⭐⭐
    Time- ⭐⭐⭐⭐
    Taste - ⭐⭐⭐⭐⭐
    Health - ⭐⭐
    Weight Control - ⭐
    Value - ⭐⭐⭐⭐⭐

    23755310_10155367642134825_8561975726208632795_n.jpg


    23754984_10155367643724825_2578113178068775631_n.jpg


    23659722_10155367643069825_1522372445767728430_n.jpg
     
    Last edited: