ඉසුරුමුණිය..කැටයම්
නුරාධපුර යුගයේ මුල්ම කාලයට අයත් යෑයි පිළිගැනෙන වත්මන් ඉසුරුමුණිය යනු ඉසුරුමත් පවුල් වලින් පැවදි වූවන් උදෙසා දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවනු ලැබූ විහාර කර්මාන්තයෙකැයි බොහෝ දෙනා පිළිගනිති. විශේෂයෙන් ම මහින්දාගමනයත් සමග ඇතිවූ ආගමික පුනරුදය කරණකොට ගෙන බිහිවූ විහාර හා ලෙන් පූජා "රැල්ල" සමගින් බිහිවූ විහාරයක් ලෙසින් මේ විහාරය හඳුන්වනු ලැබේ. දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉදිකරවන ලද විශාල වාරි කර්මාන්තයක් වූ තිසා වැවට දකුණින් පිහිටා ඇත. තිසා වැවත් රන්මසු උයනත් අතර භූමියෙහි පිහිටා ඇති මේ විහාරය, මෑතකදී කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් මූලාශ්‍රයන්හි එන "දක්�ණ මේඝගිරි" නම් විහාරයක් ලෙස හදුනාගනු ලැබිණි. මේ විහාරය පිහිටා ඇත්තේ රන්මසු උයනේ සීමාවේ හෙයින් මෙම විහාර භූමියද රන්මසු උයනටම නතුව තිබෙන්නට ඇත. අප "ඉසුරුමුණිය" යෑයි වරදවා හඳුන්වන "දක්�ණ මේඝගිරි විහාරය" ද දේවානම්පියතිස්ස සමයේ කරවනු ලැබූවකි. එසේම සැබෑ ඉසුරුමුණිය විහාරය නොහොත් "ඉස්සරමනා වෙහෙර", වෙස්සගිරිය වශයෙන් ද හඳුනාගෙන ඇත. එම වෙස්සගිරිය අනුරාධපුර කුරුණෑගල පාරේ තිසා වැවට නුදුරු බිමක පිහිටි අක්කර විස්සක පමණ වපසරියකින් යුත් බිමකි. මේ ගැටලුව විසඳීමට ඉතිහාසඥයන්ට හැකි වී ඇතත්, ඒ බව දැන දැනම වරදවා කතා කිරීමට අප හුරුවී ඇති නිසාම මින් මතු ද මේ දක්�ණ මේඝගිරි විහාරය, ඉසුරුමුණිය ලෙසම හැඳින්වෙනු ඇත.
වංශ කතා අනුව ඉසුරුමුණිය විහාරය පන්සියයක් භික්ෂුන් වහන්සේ උදෙසා වෙන්වී තිබී ඇත. විහාරය පර්වතයක් ආශ්‍රය කරගනිමින් නිර්මාණය කර ඇති අතර පරිවතය පාමුල පොකුණකි. මෙම විහාරයේ ඉතිහාසය ගවේෂණයේ දී ඉළනාග (ක්‍රි.ව. 35-44) රජුගේ පුත් චන්ද්‍රමුඛසීව (ක්‍රි.ව. 44 - 52) රජු විසින් "මණිකාරගාමයෙහි" ආදායම ද විහාරයේ නඩත්තුවට පූජා කොට ඇතැයි හෙළි වෙයි. වසභ රජුතුමා විසින් මෙම ඉසුරුමුණියට උපෝසථාඝරයක් ද, වෝහාරිකතිස්ස රජු විසින් විහාරය වටා පවුරක් ද බඳවා සඟසතු කොට ඇත. ඒ අනුව අප නිගමනය කරන පරිදි මෙම විහාරය ක්‍රි.ව. දෙවැනි ශත වර්ෂය තෙක්ම උපරිම රාජානුග්‍රහය ලබා ඇත. රසවාහිනියේ එන පරිදි දුටුගැමුණු පුත් සාලිය කුමරු මෙම විහාරයේ ශීලය සමාදන් වී ඇති අතර දුටුගැමුණු රාජානුග්රහයෙන් විහාරය විශාල කරවා ඇත. අටමස්ථාන පූජා භූමි අතරින් එකක් ලෙස ද බහුමානයට පත්ව ඇති මෙහි පැරැණි විහාර පර්වතයේ නැගෙනහිර කොටසේ, පර්වතය හෑරීමෙන් පසු කුඩාවට නිමවා ඇත. විහාරයේ ද්වාර උළුවස්ස හා මකර තොරණ ශෛලමය නිර්මාණ වන අතර මකර තොරණේ කැටයම් අනුව කිතු වසින් දසවන ශතවර්ෂයට අයත් බවට ඉතිහාසඥයෝ තහවුරු කර ඇත. ඉසුරුමුණි විහාරයේ වෝහාරිකතිස්ස (ක්‍රි.ව. 214-236) රජු කරවන ලදැයි සැලකිය හැකි පවුරේ තිබෙන්නට ඇතැයි සැලකෙන අගනා නිර්මාණ සම්බන්ධයෙන් වන නව ප්‍රස්තුතයක් මෙම පරිච්ඡේදයෙන් ප්‍රකට වෙයි.
නාලිනී ද ලැනරෝල් ගේ මතයට අනුව ඉසුරුමුණියේ සුප්‍රකට පෙම් යුවල හා රජ පවුල යන නිර්මාණ ද්වය කාශ්‍යප රජ සමයට අයත් යෑයි "දස රජ පුවත" නම් කෘතියෙහි දී දක්වා ඇත. බොහෝ විට ඉසුරුමුණිය කාශ්‍යප විසින් කරවූ බවට එන "වෙස්සගිරි" ලිපිය එම මතයට පාදක වෙන්නට ඇතැයි සිතිය හැකි නමුත් "බෝ උපුල්වන් කසුප්ගිරි රද්මහ වෙහෙර" යනුවෙන් කාශ්‍යප 1 විසින් කරවූයේ මේ ඉසුරුමුණිය නොවේ. වෙස්සගිරියේ ප්රතිසංස්කරණයකුයි.
"පස්වනුව මහ සෑ තන්හි සෑ බිම යහපත් ගල්ටැමැ මොනවට පිහිටුවීමද බුදුහු ශිව ධාතුව පිහිටුවීමද සවෙනිව ඉසුරුමුණි විහාරය පිsහිටුවීමද, සත්වනුව තිසා වැවද....." (මහාවංශය.)
ඉසුරුමුණිය සම්බන්ධව කතා කිරීමේ දී බොහෝ ප්‍රවේශම් විය යුතුය. මන්ද ඉසුරුමුණි විහාර දෙකක් පවතින හෙයිනි. යම් තැන්වල වෙස්සගිරියට කරන ලද පූජා ද ඉසුරුමුණියට කරන ලද පූජා ලෙස හඳුනාගත හැකි වීම නිසා ඉතිහාසය වෙනස්වීමේ අවදානමක් ද පවතියි. ඉසුරුමුණිය ලෙසින් අප කතා කරන විහාරයේ ප්‍රසිද්ධිය කෙරෙහි බලපා ඇති ප්‍රධානතම සාධක මෙසේ ඉදිරිපත් කළ හැක.
1. දිය කෙළින ඇත් රූප.
2. "පෙම් යුවල" කැටයම.
3. "සඳ කිඳුරු" කැටයම.
4. "රජවාසල දර්ශනය" කැටයම.
5. "අශ්ව හිස හා මිනිස් රුව" කැටයම.
මෙම නිර්මාණ පල්ලව හා ගුප්ත යන කලා සම්ප්‍රදායන්ට නෑකම් දක්වන ස්වභාවයක් ප්‍රකට කරන අතර බොහෝ විද්වතුන් මේ නිර්මාණ සම්බන්ධයෙන් විවිධාකාරයේ අර්ථකථන සපයා ඇත. ඒ පිළිබඳ පූර්ණ අර්ථකථනයක් සිදු කිරීම තුළින් නව ප්‍රස්තුතයක් ඉදිරිපත් කිරීම අපගේ අපේක්ෂාවයි.
දිය කෙළින ඇත් රූප
ඉසුරුමුණි පර්වතය පාමුල ඇති ජල තටාකයේ ගිලෙමින් සිටින හස්තීන් නිරූපණය කෙරෙන මෙම කැටයම පර්වතයේම අර්ධ උන්නතව නිර්මාණය කර ඇත. ඇතුන් සිව් දෙනකු මෙහි නිරූපණය කර ඇති අතර ඔවුන් විවිධාකාරයේ ඉරියව් ප්‍රකට කරයි. නෙළුම් පත්‍ර හා කැකුළු ද ඒ අතරම නිර්මාණය කර තිබේ. සජීවී බව නිර්මාණයට අරෝපණය කිරීමට ශිල්පියා දක්වන ලද උත්සාහය ඉන් ස්ඵූට වෙයි. මේ හා සමාන ම හස්ති රූ රන්මසු උයෙන් ද දැක ගත හැකිය. එහිද පොකුණක නෙළුම් මල් මධ්‍යයේ දිය කෙළියේ යෙදෙන හස්ති රූප වෙයි. ශිල්පීය ලක්ෂණ අනුව පල්ලව නිර්මාණ කුසලතාවන් ප්‍රකට කෙරෙන අතර මහාචාර්ය පරණවිතානයන් මේ සම්බන්ධව අදහස් දක්වමින් ඉන්ද්‍ර දෙවියන්ගේ රථය වන ජලයට අධිපති ඓරාවණ නම් හස්තියා නිරූපණය කිරීම මෙහි අභිප්‍රාය බව සඳහන් කරයි. ඉන්දියාවේ මහා බලිපුරම්හි ද මෙවැනිම හස්ති රූප ඇත. එම නිර්මාණයක් ක්‍රි.ව. 7-8 සියවස්වලතදී රජ කළ පල්ලව රජෙකු වූ නරසිංහ වර්මන්ගේ යුගයට වැටෙයි. ඒ අනුව පල්ලව සම්ප්රදායේ ආභාෂය ඇති "දිය කෙළින ඇතුන්" ක්‍රි.ව. 6-7 සියවස්වල නිර්මාණය කරන ලදැයි පිළිගැනීමට සිදුවේ. මේ අනුව මෙය 6-7 සියවස්හි ලා ගිණිය හැක. එහෙත් මෙයින් ගම්‍ය වන අර්ථය විමසිය යුතුය. මහාචාර්ය පරණවිතාන ඇතුළු විද්වතුන් දරන අදහස වන "ඓරාවණ" මතය තහවුරු කළ නොහැකිය. "ඓරාවණ" සංකේතවත් කළ යුතු වූයේ නම් එක් ඇතෙක් පමණක් නිර්මාණය කළ යුතුව ඇත. රන්මසු උයනේ ඇත් රූපවලින් ද ඓරාවණ නිරූපිත බව කිව නොහැක්කේ එහි ද ඇතුන් කිහිප දෙනකුම නෙළා ඇති නිසාය.
මේ අනුව අප විසින් ඉදිරිපත් කරනු ලබන අදහස වන්නේ එම හස්ති රූප මගින් ස්වාභාවික අලංකරණයක් නිරූපණය කිරීම අපේක්ෂා කරන ලද බවයි. ස්වභාවිකත්වය වඩාත් ඔප නැංවීමට ශිල්පියා දක්වා ඇති ප්රයත්නය අනුව ඉන් සජීවී බව මතු කිරීමේ තැත හෙළිවෙයි. ජලයට වැද තුටු වෙන ඇත් රූ මගින් සෞභාග්‍ය අපේක්ෂා කිරීමත්, කලාත්මක අගය රඳවා තැබීමත් අපේක්ෂා කොට ඇත. විශේෂයෙන්ම ඇත් රූ මගින් බලාපොරොත්තු වන සෞභාග්‍ය, ජලයත්, සමග එකතු වීමෙන් බහුල වන ආකාරය ඉන් ප්‍රකට කෙරෙයි.
අනෙකුත් නිර්මාණ සහ "දිය කෙළින ඇත්තු" කිසිදු සබඳතාවක් නොදක්වන බව පෙනී යයි. රන්මසු උයනේ "ඇත් රූ" ද මෙම නිර්මාණය හා සමකාලීන වන අතර ජලය ඇති තැන් වල ඇත් රූ නෙළීමේ සම්ප්රදායක් පැවතුනේ දැයි කල්පනා කර බැලීම අගනේ ය.
පෙම් යුවල
ඉසුරුමුණිය සම්බන්ධයෙන් මීළඟට ඉදිරිපත් කෙරෙන ප්රස්තුතය දියත් වන්නේ පෙම් යුවළ කැටයම අනුසාරයෙනි.
අඩි 3 අඟල් 01 ක උසින් ද, අඩි 02 අඟල් 03 පුළුලින් ද, යුක්ත වන "ඉසුරුමුණි පෙම් යුවළ" ලෙසින් සුපතළ කලා නිර්මාණය අද ඉසුරුමුණියේ කෞතුකාගාරයක තැන්පත් කර ඇත. මෙම නිර්මාණය කෞතුකාගාරයට ලැබුණේ විහාරය වටා වූ ප්රාකාරයේ තිබියදී බව දැනගන්නට ඇත. කාල නිර්ණය අනුව මේ කලා කෘතිය ක්‍රි.ව. 6 වැනි ශතවර්ෂයට අයත් බව තහවුරු කොට ඇත. නිර්මාණයේ කලා ලක්ෂණ අනුව ගුප්ත අධිරාජ්‍ය සමයේ භාරතයේ පැවති කලා සම්ප්රදාය ප්‍රකට වෙයි. ශිල්පියා සජීවී බව ආරක්ෂා කරගැනීමට බොහෝ සෙයින් තැත් කොට ඇති ආකාරය නිර්මාණයේ ඉරියව් වලින් ගම්‍ය වේ. නිර්මාණයෙන් නිරූපිත පුරුෂයා තුළින් ප්රතාපවත් බවක් ප්‍රකට වන අතර ඔහුගේ හිඳ ගැනීම් විලාසයද තේජාන්විත බවක් ප්‍රකට කරයි. පුරුෂයාගේ දකුණු බාහුවට ඉහළින් කග පතක මිටක් හා පළිහක් නිර්මාණය කර ඇත. දැඩි කාය ශක්තියකින් යුක්ත බව පුරුෂ රුව තුළින් ප්‍රකට වෙයි. එසේම ස්ත්‍රී රූපය ස්ත්‍රී කෝමලත්වයෙන් යුක්තව ලැඡ්ජාශීලී අයුරින් නිරූපණය කොට ඇත. වළලුකර දක්වා සළුවක් හැඳ සිටින අතර, උඩුකය දුහුල් වස්ත්‍රයකින් වසා ඇති බව සිතිය හැක. ආභරණ පළ¹ ඇති අතර පුරුෂයා හා ප්‍රේමයෙන් වෙලෙන අවස්ථාවක් නිරූපණය වේ. දකුණත පුරුෂයාගේ සිරුරේ ස්පර්ශ වන සේ තබාගෙන ඇති අතර එම අතින් ත්‍රිපාතක මුද්‍රdව නිරූපිතය. මෙම ස්ත්‍රියගේ හා පුරුෂයාගේ කැටයමින් ප්‍රකාශිත මුද්‍රා පිළිබඳව "කලාව ඇගයීම" නම් කෘතියේ දී සිරි ගුණසිංහ මෙසේ සඳහන් කරයි.
1. පුරුෂයාගේ ශීර්ෂයෙහි නිහංචිත මුද්‍රාව - ස්ත්‍රියට ආදරය කරන බව.
2. පුරුෂයාගේ දකුණතේ මයුර මුද්‍රාව - ස්ත්‍රිය නිසා ආඩම්බර වන බව.
3. ස්ත්‍රියගේ හිසේ අංචිත මුද්‍රාව - ආලයෙන් සිටින බව.
4. ස්ත්‍රියගේ දකුණතේ ත්‍රිපාතක මුද්‍රාව - අභිරමණයට කැමති බව.
5. ස්ත්‍රියගේ ඇස්වල නිමිලිත මුද්‍රාව - පුරුෂයාට අයත් වන බව.
මෙම කලා නිර්මාණය සම්බන්ධයෙන් විවිධාකාර මත පළවී ඇත. මේ සම්බන්ධයෙන් මහාචාර්ය පරණවිතානයන් ඉදිරිපත් කරන ලද අදහස වන්නේ සාලිය - අශෝකමාලා නිරූපිත බවයි. සාලිය කුමරුට අශෝකමාලා මුණ ගැසී ඇත්තේ ද මේ අවට ප්‍රදේශයේ තිබුණු අශෝක උයනකදී ය. ඒ බව පිහිටට ගෙන පරණවිතාන මහතා ඉන් සාලිය හා අශෝකමාලා මුණගැසුණු අවස්ථාව බව ප්‍රකාශ කරයි. නමුත් සාලියට එම අවස්ථාවේ ආයුධ කුමක් පිණිස ද? මේ සම්බන්ධයෙන් පරණවිතාන මහතා අදහසක් සපයා නැත. එසේම මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් මෙම නිර්මාණය මගින් යුද්ධයට ගොස් පැමිණි සෙබළෙකු සිය බිරිඳ අස්වසාලන ආකාරය ස්ඵුට කරතැZයි කියයි. නමුත් ස්ත්‍රියක් සනසමින් සිටින පුරුෂයෙකුගේ කැටයමක් විහාරයකට කුමකට ද? විහාරස්ථාන වල චාරිත්‍ර සම්බන්ධයෙන් ආදි සංස්කෘතික මතවාද සහිත මාර්ටින් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා නැත.
එසේම මෙම නිර්මාණය මගින් ශිව හා පාර්වතී නිරූපණය වෙතැයි ද කියතත් බෞද්ධ පූජ්‍යස්ථානයක හින්දු සංකල්ප තබා ගැනීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද යන ගැටලුව පැන නගී.
තවත් මතවාදයකට අනුව මෙම නිර්මාණය මගින් ප්‍රකට කෙරෙන්නේ මතු බුදුවන බවට විශ්වාස කෙරෙන මහායානික බෝධිසත්වයන් වහන්සේ වන මංජු ශ්‍රී ගේ එක් අවතාරයක් වන ස්ථêරචක්ර නම් බෝධිසතුන් සහ තාරා දෙවඟන වන බවයි. බෝධිසත්ව සංකල්පයක් මින් නිරූපිත නම් අනිවාර්යයෙන්ම අවි ආයුධ වලින් සන්නන්ධ කොට සිටින්නේ බෝසතුන්ය. මෙය අතිශයෙන්ම විය නොහැකි ක්‍රියාවකි. අප විසින් මේ නිර්මාණය පිළිබඳ තහවුරු කරන ප්රස්තුතය වන්නේ මින් නිරූපණය කරන සිද්ධාර්ථ කුමාරයා සහ යශෝදරා දේවිය වන බවය.
ගුප්ත සම්ප්රදායේ නිර්මාණකරුවන් විශේෂයෙන්ම බෞද්ධ සම්ප්රදායක් අනුව නිර්මාණකරණයේ යෙදුණු පිරිසක් විය. මෙම නිර්මාණය ද එලෙසම බෞද්ධ සම්භවයක් සහිත නිර්මාණයක් බව සැක කළ හැකිය. විහාර භූමියක පෙම්වතුන්ගේ කැටයම් තිබීම අද්භූතජනක දෙයකි. නිර්මාණයේ පුරුෂයාගේ ඉරියව් ද ශ්‍රේෂ්ඨත්වය ප්‍රකට කරයි. අපගේ විශ්වාසය නම් මේ නිර්මාණය සිද්ධාර්ථ කුමාරයා ශිල්ප දැක්වීමෙන් ඉක්බිතිව යශෝදරා කුමරිය මුණගැසුණු අවස්ථාවක් විය හැකි බවයි. පළිහ සහ කග පත ශිල්ප ඉදිරිපත් කිරීමේ අවස්ථාව සමග ගළපා ගත හැකිය. ස්ත්‍රී රුව තුළ පෙනෙන ලැඡ්ජාශීලී ස්වභාවය අනුව ඔවුහු විවාහක අඹු සැමියන් විය නොහැක. ඔවුහු ප්‍රේමයෙන් සිටින දර්ශනය මින් ප්‍රකට වෙයි. ඒ අනුව ඉසුරුමුණියේ පෙම් යුවළ වශයෙන් පිළිගන්නා නිර්මාණය, සිද්ධාර්ථ බෝසතුන් හා යශෝදරා කුමරිය ප්‍රේමයෙන් ගෙවූ කාලය සිහි කරවන නිර්මාණයක් බවට ප්‍රකාශ කළ හැකිය.
රජ පවුල
ඉසුරුමුණියේ කෞතුකාගාරයේ ඇති තවත් සුවිශේෂී නිර්මාණයක් ලෙස මහාචාර්ය පරණවිතානයන් විසින් හඳුන්වා දෙන රජ පවුල කැටයම් ඵලකය දැක්විය හැකිය. පරණවිතානයන්ගේ අදහසට අනුව ස්වකීය පුත්‍රයා වූ සාලිය කුමාරයා අසම්මත විවාහයකට එළැඹීමෙන් ඉක්බිතිව ඔහුට සමාව ලබාදෙනු පිණිස දුටුගැමුණු රජතුමා සාලිය හමුවීමට ගිය අවස්ථාව නිරූපණය වෙයි. නිර්මාණයේ මනුෂ්‍ය රූ පහකි. මධ්‍යයේ ඇත්තේ මාහාරාජ ලීලාවෙන් හිඳගත් ශ්‍රේෂ්ඨ පෙනුමක් ඇත්තෙකි. ජටාමකුටයක් හිසෙහි පළඳා සිටින අතර දෙකන්වලට කුණ්ඩලාභරණ පළදා ඇත. ග්‍රීවාභරණ, වළලු, බාහු වළලු ආදී සෑම ආභරණයක් ම පළ¹ සිටින එම තෙදවත් රුවින් දුටුගැමුණු රජතුමා නිරූපණය වන බව පරණවිතාන මහතා කල්පනා කරයි. රජුට වම් පැත්තේ රාජකීය කාන්තාවකට සරිලන වස්ත්රයන්ගෙන් සහ පළඳනා වලින් සැදි කාන්තා රුවකි. රජු හා වම් අත අල්ලාගෙන සිටින ඉරියව්වෙන් එම කාන්තාව රජු යෑයි සැලකෙන්නාගේ බිසව බව නිශ්චය ලෙස අවබෝධ කරගත හැකිය. රජුට දකුණු පසින් දෙඅත් බැඳ බිම වාඩි වී සිටින පුරුෂ රුවකි. පරණවිතානයන්ට අනුව එම පුරුෂ රුවෙන් සාලිය කුමරුන් නිරූපණය වෙයි. නිශ්චිතවම ඔහු කුමාරයකු ලෙස සැලකිය හැක. කුමාර රුවට ඉහළින් රජුට චාමර සලන සේවකයෙකු ද, බිසවට වම්පසින් කුඩා පරිමාණයේ කාන්තා රුවක් ද වේ. බියෙන් දේවියට මුවා වී සිටින අශෝකමාලා කු=මරිය ඉන් නිරූපිත වෙයි. සමස්තයක් වශයෙන් ගත් කල නිර්මාණයේ පරිමාණය අසමාන වන හෙයින් සිතුවමේ ජීව ගුණය ක්ෂයව ගොස් ඇත. නිර්මාණ සම්ප්රදාය ක්‍රි. ව. 4 - 5 ශත වර්ෂවලදී ගුප්ත සම්ප්‍රදායට අයත් ය. මධ්‍යයේ මහාරාජ ලීලාවෙන් යුක්ත පුද්ගලයාගේ දකුණතේ වැලමිට දකුණු දණහිස මත පිහිටා ඇති අතර අතින් අභය මුද්‍රාව නිරූපණය වෙයි. මහාචාර්ය පරණවිතානයන් මේ සම්බන්ධයෙන් දරන ලද මතවාදය අනුව මෙම නිර්මාණ කොට විහාරයේ තබා ගැනීමේ අභිප්‍රාය කුමක්දැයි අපැහැදිලිය. දේශපාලන තන්ත්රයට හෝ ආගමික තන්ත්රයට කිසිදු වටිනාකමක් නැති එම සිද්ධි කැටයම් කොට සිහිවටනයක් ලෙස තබා ගැනීම පිළිගත නොහැකිය.
මෙම නිර්මාණය සම්බන්ධව අප දරන මතය ද සිද්ධාර්ථ චරිතය වටා පාදක වන කරුණෙකි. සිද්ධාර්ථ කුමරුන් ගිහිගෙය වාසය කිරීමේදී ලැබූ සම්පත් ප්‍රකාශ කිරීම මෙහි අරමුණ ය. විවාහ වූ යශෝධරා දේවිය, නිර්මාණයේ බිසව ලෙස හැඳින්විය හැක. බෝසතුන් නිර්මාණය මධ්‍යයේ මහාරාජ ලීලාවෙන් සිටියි. මාළිගයේදී පවන් සලන සේවිකාවක හෝ සේවකයකු ද වෙයි. ඔහුට පහළින් බිම හිඳගෙන සිටින පුරුෂ රුව මගින් රජ මාලිගයේ දී විනිශ්චයකදී සිටි විත්තිකරුවකු නිරූපණය කෙරේ. එමගින් සිද්ධාර්ථ කුමාරයාණන් ලද රාජශ්‍රීය සංකේතවත් කෙරේ. බිසවට පිටුපසින් සිටින්නේ පරිවාර ස්ත්‍රීන් නිරූපණය කිරීමට භාවිත කරන ලද සංකේතයකි. බෝසතුන්ගේ වටා බොහෝ දෙනෙක් සිටින බව ඇඟීමට මෙන් එකිනෙකාට ළඟින් රූ නෙළා ඇත. බෝසතුන් වහන්සේ සහ යශෝධරා දේවිය උස් ආසනයක් මත්තෙහි හිඳගෙන සිටිති. ගිහි ජීවිතයේදී ගත කළ කාමභෝගී සුවපහසු ජීවිතය මෙම කැටයම මගින් නිරූපණය කරන බව අපගේ අදහසයි.
අශ්ව හිස සහ මිනිස් රුව
ඉසුරුමුණි විහාරයේ පර්වත මධ්‍යයෙහි පොකුණේ බිම සිට අඩි පහලොවක් උසින් පර්වතයේම අර්ධ උන්නතව නෙළා ඇති අශ්ව ශීර්ෂයක් සහ මනුෂ්‍ය රුවකි. මනුෂ්‍ය රුවේ ඉරියව් අනුව ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වියයුතුය. කඳ සෘජුව තබා ගනිමින් වම්පස පොළොව මත දිගා කොට, දකුණු පස ඔසවා, නවාගෙන හිඳගෙන සිටින ස්වරූපයෙන් නිරූපිත මනුෂ්‍ය කැටයමේ වමත භූමි ස්පර්ශ වෙද්දී දකුණත දකුණු පසේ දණහිස මත තබාගෙන සිටියි. පුද්ගලයාගේ දැස් වම් පැත්තට යොමු වී ඇති අතර සෘජු බැල්මක් ප්‍රකට කෙරෙයි. හිසට වැස්මක් පළ¹ ඇත. කුණ්ඩලාභරණ ද පළ¹ ඇත. අත්වල සහ පාදවල ආභරණ පළ¹ සිටින අතර, මහාරාජ ලීලාව මෙයින් ද ප්‍රකට කෙරෙයි. මනුෂ්‍ය රුවේ දකුණු උරහිස පැත්තට වන්නට අශ්ව හිසක් ද වෙයි. සමස්ත නිර්මාණයේම උස අඩි දෙකක් හා අඟල් අටක් පමණය. මනුෂ්‍යයාගේ කෙස් වැටිය උරහිස තෙක් ම වැටී ඇත. උඩුකය නිරුවත් ය. නිර්මාණ ලක්ෂණ අනුව ක්‍රි.ව. 4 - 7 සියවස්වලට අයත් ය. සුරත මිට මොළවාගෙන සිටියි. පුෂ්ටිමත් ශරීරයක් ඇති හෙතෙම කවරෙකු දැයි ස්ථිරවම නිගමනය කළ හැකි සාධක නැත.
මෙම නිර්මාණය පිළිබඳ පර්යේෂණයක් කරන මහාචාර්ය පරණවිතානයන් "The structure of man and hores near Tisa Wewa" නමින් ශාස්ත්‍රීය ලේඛනයක් ලියා ඇත. රන්මසු උයනේ ශිලා ලිපියක,
පොදනාවුළු පුලුඩාවෙන් කෙත්කම් සුලබ කොට.......
ලෙසින් සඳහන් පාඨය,
පාර්ජන්යයට හා අග්නිට පූජා කොට කෙත්වතු සුලබ කර...........
ලෙස අර්ථ ගන්වන මහාචාර්ය පරණවිතානයන් ඒ ඔස්සේ අශ්ව හිසෙන් අග්නි සහ මිනිස් රුවෙන් පාර්ජන්‍යය නොහොත් ගින්න සහ වැස්ස සංකේතවත් කරන බව ප්‍රකාශ කරයි. කලා ලක්ෂණ අනුව පල්ලව නිර්මාණ සම්ප්රදායේ ලක්ෂණ ප්‍රකට කරන අතර, පරණවිතානයන් පවසන පරිදි මනුෂ්‍ය රූපයේ ඇස් කෙළින්ම යොමුව තිබෙන්නේ විහාරයට පූර්ව දිශාවේ ඇති කෙත්වතු දෙසටය. පරණවිතාන මහතාට අනුව මනුෂ්‍ය රුවේ හිසේ ඇති ශීර්ෂාවරණය, ශීර්ෂාවරණයක් නොව ජටාහර නමැති හිසකේ විලාසිතාවක් වන බවය.
පාර්ජන්‍ය නොහොත් වර්ෂාව සහ අග්නි නොහොත් ගින්න සම්බන්ධ කරගනිමින් පරණවිතානයන් සිය අදහස ඉදිරිපත් කර තිබේ. මේ සම්බන්ධයෙන් මූලාශ්‍ර රැසක් ම ඔහු දායක කරගෙන තිබෙන අතර, පාර්ජන්‍යය කැටයම් සඳහා මිනිස් රුවක්ම උපයෝගී කර ගත්තේ මන්ද යන ගැටලුවත්, අග්නි සඳහා අශ්ව හිසක්ම උපයෝගී කර ගත්තේ මන්ද යන ගැටලුවත් ඉතිරිව පවතී. මීට අමතරව මධ්‍ය කාලීන සිංහල කලා කෘතියේ, ආනන්ද කුමාරස්වාමි විද්වතාණන් ප්‍රකාශ කර සිටින්නේ මෙමඟින් කපිල සෘෂිවරයා නිරූපණය වන බවය. ඔහුට අනුව සාගර නම් රජුගේ අශ්වමේධ නම් යාගයට කැප කළ අශ්වයා ඉන්ද්‍ර විසින් බේරා ගෙන ගොස්, කපිල සෘෂිවරයා පසුපස සඟවා තැබූ අයුරු මේ නිර්මාණයෙන් ප්‍රකට වන බවයි. නමුත් කපිල සෘෂිවරයාගේ රුවක්, ශ්‍රේෂ්ඨ බෞද්ධ පුදබිමකට වැද්දගත්තේ කුමන අභිලාෂයකින් ද? ලංකාවේ කිසිදු තැනක, විහාරයක කපිල සෘෂිවරයාගේ රුවක් මෙතෙක් සම්භ වී නැත.
ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතාගේ විශ්වාසය අනුව, පණ්ඩුකාභය රජතුමා සහ එතුමාට මාමාවරු හා සටනට උපකාර කළ ෙච්තියා නම් වෙළඹ මිනිසා සහ අශ්ව හිස කැටයම මගින් නිරූපණය කරයි. නමුත් පණ්ඩුකාභය රජු ඉසුරුමුණියේ නිරූපණය කොට දැක්වීමට තිබූ අවශ්‍යතාව කුමක් දැයි ගැටලුවකි. එසේම මේ හා සම්බන්ධව තවත් මත ඉදිරිපත්ව තිබේ. ඉන් එක් මතයකට අනුව කාවන්තිස්ස රජතුමාගේ දසමහා යෝධයන්ගෙන් එක් අයෙකු වූ වේළුසුමන, විහාරමහා දේවියට උපන් දොළ සංසිඳුවීම පිණිස එළාර රජුගේ නායක යෝධයාගේ ශීර්ෂය සිඳගෙන ඒම පිණිස අනුරාධපුරයට ගොස් උපායෙන් හිස සිඳ, අස්හලේ සවිමත්ම අසු පිට නැගී විත් ගිමන් සංසිඳවූ අවස්ථාවකැයි දක්වන්නෝ ද වෙති. මේ සම්බන්ධව ඉදිරිපත් කරන වෙනත් මත අතර මෙම නිර්මාණයෙන් අශ්වාරෝහකයෙක් නිරූපණය වන බවට වන මතයක් ද පවතියි. මෙසේ බලන විට පෙනී යන එක් කරුණක් ඇත. එනම් ලංකා ඉතිහාසයේ යම් ප්‍රධාන චරිතයකට අසෙකු සම්බන්ධ වී ද ඒ ඔස්සේ තර්ක කොට ඒ රුව නිර්වචනය කිරීමට උගතුන් තැත් කර ඇති බවය. නමුත් අප ඉදිරිපත් කරන සංකල්පය ප්‍රායෝගිකව විහාරයකට යෝග්‍ය සංකල්පයක් බව සඳහන් කරනු වටී. කපිල සෘෂීන්, පණ්ඩුකාභයලා, වේළුසුමනලා මේ විහාරයට කොතෙක් දුරට සම්බන්ධ වී දැයි ද, එම චරිත නිරූපණය කිරීමෙන් බලාපොරොත්තු වන අපේක්ෂණය කුමක් දැයි ද විමසිය යුතුය.
මෙම නිර්මාණය හා සමාන නිර්මාණයක් මහාබලිපුරම් හි පර්වතයේ ඇති අතර ඉන්දියාවේ මේ හා සමාන බොහෝ නිර්මාණ මගින් නේරංජනාව තරණය කරන සිද්ධාර්ථ කුමාරයා නිරූපණය කොට ඇත. නමුත් පරණවිතාන මහතා සිය ලිපියේදී එම අදහස සපුරාම බැහැර කරයි.
මේ නිර්මාණය සම්බන්ධයෙන් අපට එළැඹිය හැකි නිගමන දෙකකි. එකක් නම් මෙමගින් නේරංජනා නදිය අසබඩ සිටින බෝධිසත්වයන් සහ කන්ථක අශ්වයා බව ය. දෙවැන්න දුටුගැමුණු රජතුමා සහ එතුමාගේ වෙළඹක වූ දීඝථුනී වෙළඹ බව ය. නමුත් අපගේ දර්ශනයට අනුව ඉසුරුමුණි නිර්මාණවලින් දුටුගැමුණු රජුගේ සම්බන්ධතාවක් ප්‍රකට නොකරන නිසා, පිළිගත හැකි වන්නේ මිනිසා සහ අශ්ව හිස කැටයමෙන් ප්‍රකට වන්නේ අභිනිෂ්ක්‍රමණ අතරතුර නේරංජනා නදි තෙර හුන් බෝසතුන් වහන්සේ සහ කන්ථක අසු බව ය. නේරංජනා නදිය , ඉසුරුමුණි පොකුණ මගින් නිරූපණය කරයි. නිර්මාණයේ මනුෂ්‍ය පරිමාණයට සාපේක්ෂව අශ්ව හිසේ ප්‍රමාණය ද වැරදිය. අප කල්පනා කරන ආකාරයට මිනිස් රුව නොහොත් සිද්ධාර්ථ කුමාරයා හුන් තැන ම කන්ථක අශ්වයා හිඳගෙන සිටියි. පුරුෂයාගේ දැසෙහි ඇති තිරසාර බැල්මෙන් ස්වකීය ඉදිරි මාවත පිළිබඳ වන අදිටන ප්‍රකට වෙයි. ආභරණ අවම වශයෙන් දක්වා තිබීම තුළින් ගිහිගෙය පිළිබඳව කලකිරී සිටි බව ගම්‍ය වෙයි. ඉසුරුමුණියේ සියලු කලාංගයන් සම්බන්ධව බෝධිසත්වයන් වහන්සේගේ ජීවිත කථාව ආශ්රිත මතවාද එළි දැක්වීම අනුව ඉසුරුමුණිය අවට ප්‍රදේශයේ සිදුහත් කුමරාගේ ජීවිතය හා බැඳි සුවිශේෂී සිද්ධීන් නිරුපණය කරන නිර්මාණ තිබුණු බවට විශ්වාස කළ හැකිය.
විශේෂයෙන් ඉසුරුමුණි විහාරයේ කිසිදු නිර්මාණයක් සම්බන්ධ පුරාවිද්‍යාත්මක හෝ ලේඛනගත හෝ කිසිදු තොරතුරක්, සාCෂ්‍යයක් නැත. එහෙයින් මෙම ලිපියේ ඇත්තේ අපගේ උපකල්පනයන් ය. නමුත් තැනින් තැන සිද්ධාර්ථ චරිතය සම්බන්ධව නිර්මාණ තිබූ බවට වන අදහස විමසා බැලිය යුතුය. මන්ද පෙම්වතුන්, රජ පවුල් හෝ පුරාණ සෘෂිවරුන් හෝ විහාරයන් තුළට වැද්දා ගැනීමේ සම්ප්රදායක් පෙර නුවූ බැවිනි. එම සම්ප්රදාය මහනුවර යුගයේ පරාධීන බව සමගින් ඇති වූ හිස් ක්රියාකලාපයක් බව ද මෙහිලා සටහන් කරනු රිසියෙමි.
චන්ද කින්නර කැටයම
ඉසුරුමුණි විහාරය ඉදිරියේ දකුණුපස බැම්මේ නෙළා ඇති පුවරුවක zචන්ද කින්නර ජාතකයZ නෙළා තිබී ඇත. සඳ කිඳුරා සහ සඳ කිඳුරිය රංගනයේ යෙදෙන ආකාරය නිරූපණය කරන මෙහි නිර්මාණ කාලය ක්‍රිස්තු වර්ෂ 4 වන සියවස ය.
මෙය පැහැදිලිවම බුද්ධ චරිතය හා සම්බන්ධ ඵලකයකි. ඒ අනුව විහාර භූමියේ බුද්ධ චරිතය නිරූපිත කැටයම් ඵලක තිබූ බව පෙන්. ක්‍රි. ව. 4 වැනි ශත වර්ෂයේ සහ ඒ ආශ්රිත වකවානුවලට මේ සියලු කලා නිර්මාණ අයත් වීම තුළින් පෙනී යන්නේ සියලු නිර්මාණ පුවරු තුළින් කියෑවෙන්නේ බෞද්ධ පුරාණෝක්තීන් වන බව ය.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
නිමේෂ තිවංකර සෙනෙවිපාල
Divaina 03-04-2011