ලංකාවෙ තියෙන ලොකුම ප්රශ්ණයක් තමයි ආහාර වල මිල ඉහළ පහළ යාම. ඒකට හේතුව තමයි මෙච්චර කාලෙකට රටේ ආහාර ඉල්ලුමට සමපාත වෙන ආහාර සැපයුමක් හදාගන්න තිබිච්ච නොහැකියාව.
අපේ රටේ මිනිස්සු වසරෙන් වසර තමන්ගෙ ආහාර රටා වෙනස් කරන්නෑ. අපි හැමදාම කෑවෙ බත් හැමදාම කෑවෙ එකම එළවලු ටික. රටේ එළවලු ඉල්ලුම එක කඩදාසියකට අරගෙන ඒක වසර පුරාවට බෙදලා ඔය ගමෙන් ගමට ඉන්න නිලධාරීන් ලවා හෝ අලුතෙන් මිනිහෙක් දාලා හරි කෝටා ක්රමයකට පෙර අයදුම් කරලා වගා කරන්න තිබ්බා නං ඔය සැපයුම ඔහොම ඔය තරමෙන් ඉහල පහල යන්නෑ. ඒවා මහ ලොකු සංකීර්ණ දේවල් නෙවෙයි සරල වෙබ් අඩවියක් හරහා මේක කරන්න පුලුවන්. ගොවියාට ඒ සාක්ෂරතාවය නැත්තං ඒකට ඕන තරං නිලධාරීන් ගමේ ඉන්නවා. නැත්තං ඇති කරන්න ඕන. රටේ සමස්ථ කෝටාවෙන් තමන්ගෙ කොටස වෙන් කරගෙන තමන් වගා කරනවා වගාවෙ ඵලදාව දෙන දවස පොරොන්දු වෙනවා. ඒ හරහා අමතර වාසියක් විදිහට රටේ ඕනම වෙලාවක තියෙන වගාවන්, ආහාර සැපයුම එක රිපෝට් එකකින් ගන්න පුලුවන් වෙනවා.
මේක ගබඩාකරනවට වඩා වාසිදායකයි. මොකද ගබඩා කිරීම කියන්නෙම තව අලුත් පිරිවැයක් එකතු වෙනවා. මේ හරහා ගොවියන්ට තමන්ගෙ ආදායම අවිනිශ්චිත බව නැති වෙනවා. ගොවියා වගා කරන්නෙ කලින් ගැරන්ට් කරපු මිලකට. මේකෙන් දැනට වඩා මිනිස්සු වගාවට බය නැතුව යොමු වෙයි.
යම් කිසි අවස්ථාවක කෝටා එක ඉවර නං ගොවියෙක්ට වගා කරන්න දෙයක් නැත්තං කරන්න තියෙන්නෙ කෙලින්ම අපනයනය කරන්න පුලුවන් මට්ටමෙ වගාවන් ප්රවර්ධනය කරන එකයි.