ලියන එක කියන්නෙ ලේසියි කියලා හිතුවට ඇත්තටම අමාරු දෙයක් මොකද මනසක සිතුවිලි වචනවලට තවත් මනසකට රසවිදිය හැකි විදියට රචකයා ලිවිය යුතුමයි...
අත් පා හොදින් වැඩ කරන ඔබට සමහර වෙලාවට ජීවිතය අත් හැරයන්නට සිතෙන වෙලාවල් ඕනෑතරම් එනවා.. මතකද අච්චුවකින් දෑස් නොපෙනෙද්දී වානේ පන්නරය ලැබූ හැටි ලියූ නිකොලායි ගැන...මිය යන බව දැනගෙන ඒ වේදනාවත් දරාගෙන තමන්ගේ මුලු ඇගම ඔසවගන්නවත් බැරිව තියද්දී ජීවිත කාලයම ඇදක තනිවෙලා තමන්ගේ වැඩකරන එකම ඇගිල්ලෙන් ලෝකයක් දිනූ ශ්‍රීලාංකිකයෙක් ගැනයි අද social eye තුලිනි ඔබට ගෙන එන්නෙ....
ඔහුගේ නම ඉෆ්රාන් හෆීස් දර්ගා නගරයේ වැසියෙක්..
ඉර්ෆාන් මිය ගියේ මීට අවුරුදු කිහිපයකට කලින්. ඒ 2018දී... අවුරුදු හතරේ සිට ඔහු Duchenne Muscular Dystrophy කියන රෝගයෙන් පීඩා විදිනවා.. වෛද්‍යවරු ප්‍රකාශ කරන්නෙ ඔහු අවු.18දී මිය යාමට නියමිත බවයි.. එහෙත් අවුරුදු 18 දී සම්පූර්නයෙන්ම පේෂී අක්‍රීය වීම නිසා ඔහු යන්ත්‍රයක ආධාරයෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. එහෙම ජීවත් වෙන කාලේ ඔහුට යාන්තමට හරි සොලවන්න හැකිවෙලා තියෙන්නේ ඔහුගේ "දබර ඇගිල්ල" විතරයි.
ඉතින් ඉර්ෆාන් ඔහුගේ ශරීරයේ පන තිබුනු "ඒ ඇගිල්ලෙන්" පොත් ලියන්න පටන් ගන්නවා. මුලින්ම ඔහු පොත් ලියන්න පටන් ගන්නේ පරිඝනකයෙන්, එහෙත් ඒකටත් වාරු නැතිවෙද්දි ඔහු දුරකථනයෙන් පොත් ලියනවා, පන තියෙන එකම ඇගිල්ලෙන් යතුරු පුවරුව ඔබ ඔබා, ඉර්ෆාන් හෆීස් පොත් තුනක් ලියනවා. ඒ පොත් මුද්‍රන වාර දෙක තුන ඉක්මවා ගොස් ලෝකයේම ජනප්‍රිය වෙනවා.
Silent Struggle
Moments of Merriment
Silent Thoughts
විශේෂම කාරණය තමයි Moments of Merriment පොත පුරාම ඔහු තනි ඇගිල්ලෙන් වචන 40,000ක් වසරක් පුරාවටම ලියනවා...
එහෙත්... ඒ පොත් තුනම ලියලා අවසන් වෙලා හතර වෙනි පොතත් ලියමින් සිටියදී ඉර්ෆාන් ජීවීතයෙන් සමුගන්නවා.ඔහු මිය යන්නෙ DMD රෝගයෙන් පීඩා විදි වයස්ගතම ආසියානුවා ලෙසින්...
ඉතින්... මට මොනවද අඩු.... ?
ඔබව අධෛර්යමත් වෙන හැම මොහොතෙම - මොහොතක මතක් කරගන්න ඉෆ්‍රාන්ව !
All right reserved
@social eye
උපුටාගැනීමකි
See less