ඔයා ආස ලොකු උනාම කවුරු වෙන්නද?
ඔන්න ඔය ප්‍රශ්නෙ A/L කරන්න පටන් ගත්තම ඇහුව නම් මොකක්ක්ද දෙන උත්තරේ?
මෙහෙමයි මල්ලි, ආර්ට්ස් කලත් ඉහලට යන්න පාර හදා ගන්න දන්න එකා උගේම බැච් එකේ ඉන්ජිනිරින් කරපු එකාට වඩා හැම අතින්ම ඉස්සරහට යන්න පුළුවන්, බැරි කමක් නැහැ. එකේ තීරණය හැබැයි ඔයාගේ අතේ මල්ලි.
දැන් ජොබක් කලොත්, ඔයාට අවුරුදු 25 වෙද්දී (දැන් 19යි කියල හිතල) ඩිග්රියක් කරගන්න පුළුවන් ජොබක් කරන ගමන්. එතකොට හොද තැනක ජොබක් කලොත්, අනාගතේ යන්න ඉන්න පැත්ත හරියටම හිතල, 25 වෙද්දී සාමාන්‍ය විධායක ශ්‍රේණියේ (Executive level) අවුරුදු 2ක, තුනක අත්දැකීම් සෙට් වෙයි. හැබැයි කොහොමහරි මම කලින් කිව්ව 7, 8 වගේ තැනකට ආවොත් 30 වෙද්දී රජයේ කැම්පස් එකෙන් එලියට එන කෙනෙක් ඉන්න නිලයකටම වගේ එන්න පුළුවන්, හැබැයි සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. (මම කාවවත් පහතට දාන්නේ නැහැ, මමත් රජයේ කැම්පස් එකකට ගිය එකෙක්) මම එහෙම කිව්වේ අද කාලේ ගොඩක් අත්දැකීම් හොයන නිසා.
ආර්ට් කරලා කැම්පස් ගිහින්, එතනින් හොද සබ්ජෙක්ට් පාත් එකක් සෙට් කරගෙන ඉස්සරහට ගියොත් හොද තැනකට එන්න පුළුවන්.
දැන් මල්ලි අහපු දේට නම් මට මේ දේ කරන්න කියල කියන්න අමාරුයි, මොකද මේ වගේ අනාගතෙටම බලපාන තීරණ ගන්න ඕනේ තමන් මයි. මොකද තමුන් තමයි තමුන් ගැන හරියටම දන්නේ. අනිත් අය කියන හැමදේම එහෙමයි කියල අහල කරන්න එපා මල්ලි. එහෙම වෙලා වැරදුනොත් අන්තිමට ජිවිත කාලෙම ඒ උපදෙස් දුන්න කෙනාට බැන බැන ඉන්න තමයි වෙන්නේ. (අත්දැකීමෙන් කියන්නේ මල්ලි, මම නම් කාටවත් බනින්නේ නැහැ). මම උඩින් කිව්වේ කරන්න පුළුවන් දේවල් මිසක් අනාගතේ වෙන්න තියෙන දේවල් නෙමෙයි මල්ලි. තීරණය ඔයාගේ අතේ.
ජයෙන් ජය!