Re post
ශ්‍රමිකයන් ද ආකල්ප අතින් වෙනස් විය යුතු බව
මුලික වශෙයෙන් ආකල්පමය වෙනසක් ඇතිකිරීම කල යුත්තක් මෙන්ම, එසේ නොකළහොත් ආර්ථිකමය දියුණුව කරා ලගාවීම සුන්දර වූ සිහිනයක්ම පමණක් වනු ඇත.
මෙම ආකල්පමය වෙනස ඇතිකලයුත්තේ සේවකයාගේම පමණක් නොව, සේවා යෝජකයාගේද ආකල්ප වෙනස්කල යුතුයැයි මා විශ්වාස කරමි.
විවිධ රටවල සේවය කර පැමිණි කෙනෙකුට ලංකාවේ සේවය කිරීම ඉතාමත් අපහසු වන්නේ මෙම කරණය නිසා බව අත්දැකීමෙන්ම මා අත්විද ඇත. සේවකයින් ඉතා සතුටින් සේවය කරන අතලොස්සක් වූ ආයතන අපරටේ ඇත. ඔවුන්ද හිමිකම් කියන්නේ සාමාන්‍ය වැටුප් ක්රමයකටය. නමුත් තම රැකියාවට අලුම්කරන්නට විශේෂ හේතූන් ඔවුනට තම සේව්‍යයා විසින් සපයා ඇත.
මෙම ආකල්පමය වියවුලේ ප්‍රධානතම හේතුව ලෙස මා දකින්නේ "සේව්‍යයා - ඔහුගේ සේවකයින් වහලුන් හෝ තමන් මත යැපෙන්නන් හෝ තමාසන්තක භාණ්ඩයක් ලෙස කටයුතු කිරීම" සහ "සේවකයා - තමන් සැමවිටම පරිපුර්ණ බවසිතමින්, තමන් සමාන ඉහලවැටුප් ලාභී වුර්තිකයින් සමග සංසන්දනාත්මකව සෘණ කෝණයකින් සැමවිට තම සේව්‍යයා දැකීමයි"
මීට අමතරව මා දකින විශේෂ හේතුවක් වන්නේ "ඉහල වැටුප් ලබන්නා", "ඉහල තනතුරු දරන්නා", "පහල මට්ටමේ සේවකයා", "අඩු වැටුප් ලබන්නෝ" යන සතර නිර්මාණය නිසා පොදු අන්තර් සම්බන්දතා බිදවැටී නැවතත් කල්ලි නිර්මාණය වීමයි.
කටවහරෙන් කිව්වොත් "තමන්ගේ පට්ටම ගෙදර ගෙනිනවා" වැනි තත්වයක්.
නමුත් සීපා ගිවිසුම මෙමගින් සාධාරණිකරණය වෙන්නේ නැත. ඉන්දියානු ශ්‍රමිකයින් ඕනෑම අවස්ථාවක දෙනදෙයක් කා වෙනදෙයක් බලාසිට ඉතා අඩු වැටුපකට ඕනෑම වැඩක් කරදෙන්න සුදානම් බව ඕනෑම රටක් දන්නා කරුණකි. එමගින් ලංකාවේ ආර්ථිකයට වාසියක් කෙසේවෙතත් විරැකියාව ඉහළයනු ඇත. නමුත් ලෝකයේ මිනිස් ශ්‍රමය පිටතින් ගන්නා රටවල් ලංකාවේ ශ්‍රමිකයින්ට ආයතනවල ඉල්ලුමක්ඇත්තේ ඔවුන්ගේ හැකියාව නිසා මිස ඉන්දියාවේ ශ්‍රමිකයින් නැතිනිසා නොවෙයි.. එමෙන්ම අන්රටවල් විදෙස් ශ්‍රමකයින් හට අවස්තාව දෙන්නේ තම රටේ ශ්‍රමික අවශ්‍යතා සැපයීමෙන් අනතුරුව ඇති පුරප්පාඩු සපුරාලීමටය.
මා දකින හැටියටනම් පහලවූ ඒකදු රජයක්වත් සේවා සැපයීම් අංශයට අවශ්‍ය වටපිටාව සකස්කර නැති අතර ක්ෂණික විසදුම් මත යැපෙන බවකි.