ඊයෙ හවස බෙහෙත් ගන්ඩ ගියා

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ඊයෙ රෑ ඉදන් බොනවා ඔලුවෙ කැක්කුමයි. වෙනසක් නෑ.
    ඉස්සර සල්ලි දුන්නම දෙන රිසිට් එකේ වෙන වෙනම ප්‍රින්ට් කරලා තියෙනවා දොස්තරට 2000 චැනල් කරන තැන ගාස්තුව 800 කියලා. ඊයෙ 2800 අරන් දුන්නෙ රු 800 ගෙව්වා කියලා අතින් ලියපු තුන්ඩු කෑල්ලක් සිල්ලර බඩු කඩේක වගේ. මං හිතන්නෙ ටැක්ස් වලට දාන වංගුවක් වගේ.

    බෙහෙත් ගන්ඩ වාඩිවෙලා ඉද්දි බෙහෙත් අරන් ගියපු අම්මෙකුයි පුතෙකුයි ආයෙ ආවා බෙහෙතුත් අරන් දොස්තර හම්බෙන්න කියලා. ඊට පස්සෙ දොස්තරගෙ රූම් එකේ දොර ඇරලා දොර ලග ඉදන් කියනවා "ඩොක්ට පුතා කියනවා බෙහෙත් බොන්ඩ බයයි කියලා". දොස්තර කියනවා "බය නැතිවෙන්න තමයි බෙහෙත් දුන්නෙ ඕක බීලා මාසෙකින් එන්ඩ" කියලා. මට අනුරාධව මතක් උනා. ඒ කොල්ලත් අනුරාධ වගේ මිනිස්සුන්ගෙ අපහාස විද විද ජීවත්වෙයි ඉතිරිකාලෙ 😔.