කුකුළණි.. ඊයේ හවස වෙච්ච සිද්ධියක් ගැනයි මේ ලියන්නේ.. මම ඊයේ හවස මගේ වැඩ වගේකට යාළුවෙක්ගේ බෝඩිමකට ගියා.. බෝඩිමේ ඉතින් කාමර 3ක් තියෙනවා තුනේම කොල්ලෝ ඉන්නේ වැඩට යන එවුන්.. මම ඉතින් මගේ යාළුවගේ කාමරේට ගිහින් වැඩ ටික කරන් ඉද්දි එහා කාමරේ ඉන්න එකා. "අපී ඌ සමන් කියලා හිතමුකෝ (මූ ඇතුළු බෝඩිමේ සෙට් එක බොක්කේ සෙට් එකක්.. අපි හොඳට බීලා තියෙනවා..)" මූ ආවා ඔෆිස් එකේ යාළුවෝ 4 දෙනෙක් එක්ක.. සමන් හොඳ ජොබ් එකක් කරන වණ්ඩියක් පදින එකෙක්.. උගේ යාළුවෝ ටිකත් ආවේ හොඳ වණ්ඩි වලින්.. කෝම හරි ඔන්න මම මේසේ වැඩක ඉන්නවා සමන් දැක්කා.. පස්සේ මූ මගේ ගාවට ඇවිත් ඇහුවා "මචන් බියර් එකක් බොමුද..." කියලා.. පෞද්ගලිකව මම දන්නේ නැති කිසිම කෙනෙක් එක්ක බොන්න යන්නේ නෑ.. ඒක ප්රතිපත්තියක්.. ඉතින් මම කිව්වා "අනේ මචෝ බෑ.. ඔයාලා සෙට් වෙන්න කියලා" මග ඇරියා..
ඉතින් දැන් කුස්සි කෑල්ලේ හෝ ගාලා බදිනවා කපනවා උයනවා එක විකාරයයි ඈ.. මම ඉතින් දන්න කවුරුත් නෙමේ නිසා මම මගේ පාඩුවේ හිටියා කාමරේට වෙලා.. ඔන්න දැන් ආපු උන් ටික බයිට් එහෙම හදාගෙන සමන්ගේ කාමරේ සෙට් උනා.. ඉතින් දැන් පොඩි කයියකුත් යනවා.. පැයකින් විතර සමන් ආවා ආයේ මම හිටපු කාමරේට.. ඇවිත් කිව්වා "උඹ බියර් එකක් බොනවද? නැත්නම් මම ගිහින් ගෙනත් දෙන්නද.. උඹ දන්නවනේ මගේ ඔෆිස් සෙට් එකක් බැහැලා ඉන්නේ.. පෞද්ගලික දේවල් මොනවා හරි කථා උනොත් හරි නෑනේ මචන්.. අවුලක් නෑ නේද කියලා ඇහුවා.." මම කිව්වා පිස්සුද බන් එහෙම කිසීම අවුලක් නෑ ඔයාලා වැඩේ කරන් යන්න කියලා.. ඔන්න පැය දෙකකින් පස්ස්සේ සෙට් එක සිංදුවක් එහෙම කියලා විසිර ගියා..
වැඩේ ඉවර වෙලා සමන් දුවගෙන ආවා කාමරේට.. ඇවිත් වැලපෙනවා එක විකාරයයි.. "අඩේ සමාවෙයන් මචන්, උඹව කැපුවා නෙමේ, පොඩ්ඩක් තේරුම් ගනින්.. මට ඒ ඒ ලෙවල් එකේ උන් එක්ක ඒ ඒ විදියට ඉන්න වෙනවා.. උඹ මෙහෙම කාමරේ ඉද්දි මට අවුල්.. මට පුදුමයි උඹ කොහොමද මෙහෙම හිටියේ කියලත්.. වරෙන් යන්න බියර් එකක් ගහමු කියලා " මූ මාවත් කුදලන් කාර් එකේ බාර් එකට යනවා දැන් ඈ...
යන ගමන් මූ වෙරි මතේ කියෝනවා.. වයිට් බෝතලයයි.. බියර් 4යි ගැහුවේ.ඌරු මස් කිලෝ එකහාමාරයි... මට මාර අවුල්.. චුට්ටක් තේරුම් ගනින්ලු.. හැමෝම එක්ක බොන්න බැහැලු.. ගැලපෙන උන් එක්කලු බොන්න ඕනේ.. මට මෙහෙම තේරුම් කලාට බෝඩිමේ අනික් උන් හිටියා නම් අවුල් යනවා.. උන් බොන්න ගියාම තැනක් නොතැනක් නෑ.. චොර කරනවා.. මටත් ලැජ්ජයි.. මට මගේ තත්වය තියා ගන්න ඕනේ.. උඹ දැක්කනේ බෝතලේ ගහලා මදි අඩු පාඩු වෙලා දිවුවේ නෑනේ ආයේ එකක් ගේන්න.. බෝතලේ ගැහුවා ඩිස් මිස් උනා.. උන් එහෙම සමාජෙක සෙට් එකක්.. බෝඩිමේ අනික් උන් එහෙම නෑනේ බන් ගගා කියෝනවා.. කොම හරි ඔන්න දැන් තව බියර් දෙකක් අරන් ආවා.. ඒකත් ගැහුවා..
ඔය අතරේ බෝඩීමේ ඉන්න තව කොල්ලෙක් ආවා වැඩ ඇරිලා, අපි ඌ තරිඳු කියලා කියමුකෝ.. ඌත් බොක්කේ ෆිට් එකක්.. මූ ඉතින් වොශ් එකක් දාගෙන ඇවිත් මගෙන් ඇහුවා මොකද උනේ කියලා.. මම ඉතින් කෙටියෙන් කිව්වා වෙච්ච දේ.. තරිඳු මගෙන් අහනවා සමන් මාර ගං කැරියෙක් නේහ්.. මුගෙත් එක්ක අපි මෙච්චර කනවා බොනවා.. හදිසියට ඌ මගෙන් සල්ලි අත මාරුත් කරන් තියෙනවා.. මම එහෙමත් උදවු කරනවා. බොන්න ගියාට සතයක් වියදම් කරන්නෙත් නෑ කුණා, අපි වියදම් කරන්නේ මුට... මූ උඹට අඩු ගානේ පෝක් කෑල්ලක්වත් දුන්නේ නැද්ද ඇහුවා.. මම ඉතින් නෑ බන් පිස්සුද කියලා කිව්වා.. ඒකට තරිඳුට මාරයා නැග්ගා.. අපි සහෝදරවරු වගේ ඉන්නේ.. ඔය අතරේ සමන් කාමරේට ඇවිත් වැලපෙනවා.. මට අවුල්. මොනවත් හිතන්න එපා.. ඔයාලව එහෙම කැපුවා නෙමේ තේරුම් ගනින් කියලා අඬනවා..
දැන් මෙහෙමයි.. අරක්කු බීමට ආරාධනා නොලැබීම මට කිසි සේත් ප්රශ්නයක් නොවේ.. නමුත් උට මේ සිටුවේශන් එක හරියට හැන්ඩල් කරන්න තිබ්බා.. කොමන් සෙන්ස් කියලා දෙයක් තියෙනවනේ.. ඌව කපලා මම මගේ යාළුවෝ සෙට් එකක් එක්ක බොද්දි උට මොකද හිතෙන්නේ??? පස්සේ තරිඳුවා මාව උගේ කාර් එකේ දාගෙන ගිහින් බියර් දෙකක් බොන ගමන් මූ මේ කරපු වැඩේ සහ යහළුවන් විදියට අපිව තියලා තියෙන මට්ටම් ගැන ගොඩක් කථා කලා.. දුක් උනා.. සමන් ඈත ගමක එකෙක්.. සමන්ට කොළඹ ස්ටේබල් වෙන්න තරිඳු ගොඩක් උදවු කලා.. මොකද සමන්ට සල්ලි නැති වෙනකොට අර "පොෂ්" කියන සෙට් එකේ එකෙක් එන්නේ නෑ උදව්වට.. කනන් බොන්න උන් ඉඳීවී.. නමුත් දුකකදි පිහිටට ඉන්නේ මේ චාරයක් නෑ කියලා හිතන යාළුවෝ ටික.. දැන් උඹලා හිතන්න එපා මේ චාරයක් නෑ කියන්නේ කුණුහරුප කියන ගහ ගන්න එවුන් නෙමේ.. උන්ට ලිමිට් එකක් නෑ.. බෝතල් 2,3 බොනවා උන් බොන්න ගියාම.. එච්චරයි..
ඉතින් ඕකයි කථාව.. උඹලට මොකෝ හිතුනේ.. කොටාගෙන පලයල්ලා..
(ප.ලි:පින්තූරය උපුටා ගන්නා ලද්දකි )


