ඊයේ බොන කොට වෙච්ච සිද්ධියක්..!

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    127639704_399959864489487_5696555071575666139_n.jpg


    කුකුළණි.. ඊයේ හවස වෙච්ච සිද්ධියක් ගැනයි මේ ලියන්නේ.. මම ඊයේ හවස මගේ වැඩ වගේකට යාළුවෙක්ගේ බෝඩිමකට ගියා.. බෝඩිමේ ඉතින් කාමර 3ක් තියෙනවා තුනේම කොල්ලෝ ඉන්නේ වැඩට යන එවුන්.. මම ඉතින් මගේ යාළුවගේ කාමරේට ගිහින් වැඩ ටික කරන් ඉද්දි එහා කාමරේ ඉන්න එකා. "අපී ඌ සමන් කියලා හිතමුකෝ (මූ ඇතුළු බෝඩිමේ සෙට් එක බොක්කේ සෙට් එකක්.. අපි හොඳට බීලා තියෙනවා..)" මූ ආවා ඔෆිස් එකේ යාළුවෝ 4 දෙනෙක් එක්ක.. සමන් හොඳ ජොබ් එකක් කරන වණ්ඩියක් පදින එකෙක්.. උගේ යාළුවෝ ටිකත් ආවේ හොඳ වණ්ඩි වලින්.. කෝම හරි ඔන්න මම මේසේ වැඩක ඉන්නවා සමන් දැක්කා.. පස්සේ මූ මගේ ගාවට ඇවිත් ඇහුවා "මචන් බියර් එකක් බොමුද..." කියලා.. පෞද්ගලිකව මම දන්නේ නැති කිසිම කෙනෙක් එක්ක බොන්න යන්නේ නෑ.. ඒක ප්‍රතිපත්තියක්.. ඉතින් මම කිව්වා "අනේ මචෝ බෑ.. ඔයාලා සෙට් වෙන්න කියලා" මග ඇරියා..

    ඉතින් දැන් කුස්සි කෑල්ලේ හෝ ගාලා බදිනවා කපනවා උයනවා එක විකාරයයි ඈ.. මම ඉතින් දන්න කවුරුත් නෙමේ නිසා මම මගේ පාඩුවේ හිටියා කාමරේට වෙලා.. ඔන්න දැන් ආපු උන් ටික බයිට් එහෙම හදාගෙන සමන්ගේ කාමරේ සෙට් උනා.. ඉතින් දැන් පොඩි කයියකුත් යනවා.. පැයකින් විතර සමන් ආවා ආයේ මම හිටපු කාමරේට.. ඇවිත් කිව්වා "උඹ බියර් එකක් බොනවද? නැත්නම් මම ගිහින් ගෙනත් දෙන්නද.. උඹ දන්නවනේ මගේ ඔෆිස් සෙට් එකක් බැහැලා ඉන්නේ.. පෞද්ගලික දේවල් මොනවා හරි කථා උනොත් හරි නෑනේ මචන්.. අවුලක් නෑ නේද කියලා ඇහුවා.." මම කිව්වා පිස්සුද බන් එහෙම කිසීම අවුලක් නෑ ඔයාලා වැඩේ කරන් යන්න කියලා.. ඔන්න පැය දෙකකින් පස්ස්සේ සෙට් එක සිංදුවක් එහෙම කියලා විසිර ගියා..

    වැඩේ ඉවර වෙලා සමන් දුවගෙන ආවා කාමරේට.. ඇවිත් වැලපෙනවා එක විකාරයයි.. "අඩේ සමාවෙයන් මචන්, උඹව කැපුවා නෙමේ, පොඩ්ඩක් තේරුම් ගනින්.. මට ඒ ඒ ලෙවල් එකේ උන් එක්ක ඒ ඒ විදියට ඉන්න වෙනවා.. උඹ මෙහෙම කාමරේ ඉද්දි මට අවුල්.. මට පුදුමයි උඹ කොහොමද මෙහෙම හිටියේ කියලත්.. වරෙන් යන්න බියර් එකක් ගහමු කියලා " මූ මාවත් කුදලන් කාර් එකේ බාර් එකට යනවා දැන් ඈ...

    යන ගමන් මූ වෙරි මතේ කියෝනවා.. වයිට් බෝතලයයි.. බියර් 4යි ගැහුවේ.ඌරු මස් කිලෝ එකහාමාරයි... මට මාර අවුල්.. චුට්ටක් තේරුම් ගනින්ලු.. හැමෝම එක්ක බොන්න බැහැලු.. ගැලපෙන උන් එක්කලු බොන්න ඕනේ.. මට මෙහෙම තේරුම් කලාට බෝඩිමේ අනික් උන් හිටියා නම් අවුල් යනවා.. උන් බොන්න ගියාම තැනක් නොතැනක් නෑ.. චොර කරනවා.. මටත් ලැජ්ජයි.. මට මගේ තත්වය තියා ගන්න ඕනේ.. උඹ දැක්කනේ බෝතලේ ගහලා මදි අඩු පාඩු වෙලා දිවුවේ නෑනේ ආයේ එකක් ගේන්න.. බෝතලේ ගැහුවා ඩිස් මිස් උනා.. උන් එහෙම සමාජෙක සෙට් එකක්.. බෝඩිමේ අනික් උන් එහෙම නෑනේ බන් ගගා කියෝනවා.. කොම හරි ඔන්න දැන් තව බියර් දෙකක් අරන් ආවා.. ඒකත් ගැහුවා..

    ඔය අතරේ බෝඩීමේ ඉන්න තව කොල්ලෙක් ආවා වැඩ ඇරිලා, අපි ඌ තරිඳු කියලා කියමුකෝ.. ඌත් බොක්කේ ෆිට් එකක්.. මූ ඉතින් වොශ් එකක් දාගෙන ඇවිත් මගෙන් ඇහුවා මොකද උනේ කියලා.. මම ඉතින් කෙටියෙන් කිව්වා වෙච්ච දේ.. තරිඳු මගෙන් අහනවා සමන් මාර ගං කැරියෙක් නේහ්.. මුගෙත් එක්ක අපි මෙච්චර කනවා බොනවා.. හදිසියට ඌ මගෙන් සල්ලි අත මාරුත් කරන් තියෙනවා.. මම එහෙමත් උදවු කරනවා. බොන්න ගියාට සතයක් වියදම් කරන්නෙත් නෑ කුණා, අපි වියදම් කරන්නේ මුට... මූ උඹට අඩු ගානේ පෝක් කෑල්ලක්වත් දුන්නේ නැද්ද ඇහුවා.. මම ඉතින් නෑ බන් පිස්සුද කියලා කිව්වා.. ඒකට තරිඳුට මාරයා නැග්ගා.. අපි සහෝදරවරු වගේ ඉන්නේ.. ඔය අතරේ සමන් කාමරේට ඇවිත් වැලපෙනවා.. මට අවුල්. මොනවත් හිතන්න එපා.. ඔයාලව එහෙම කැපුවා නෙමේ තේරුම් ගනින් කියලා අඬනවා..

    දැන් මෙහෙමයි.. අරක්කු බීමට ආරාධනා නොලැබීම මට කිසි සේත් ප්‍රශ්නයක් නොවේ.. නමුත් උට මේ සිටුවේශන් එක හරියට හැන්ඩල් කරන්න තිබ්බා.. කොමන් සෙන්ස් කියලා දෙයක් තියෙනවනේ.. ඌව කපලා මම මගේ යාළුවෝ සෙට් එකක් එක්ක බොද්දි උට මොකද හිතෙන්නේ??? පස්සේ තරිඳුවා මාව උගේ කාර් එකේ දාගෙන ගිහින් බියර් දෙකක් බොන ගමන් මූ මේ කරපු වැඩේ සහ යහළුවන් විදියට අපිව තියලා තියෙන මට්ටම් ගැන ගොඩක් කථා කලා.. දුක් උනා.. සමන් ඈත ගමක එකෙක්.. සමන්ට කොළඹ ස්ටේබල් වෙන්න තරිඳු ගොඩක් උදවු කලා.. මොකද සමන්ට සල්ලි නැති වෙනකොට අර "පොෂ්" කියන සෙට් එකේ එකෙක් එන්නේ නෑ උදව්වට.. කනන් බොන්න උන් ඉඳීවී.. නමුත් දුකකදි පිහිටට ඉන්නේ මේ චාරයක් නෑ කියලා හිතන යාළුවෝ ටික.. දැන් උඹලා හිතන්න එපා මේ චාරයක් නෑ කියන්නේ කුණුහරුප කියන ගහ ගන්න එවුන් නෙමේ.. උන්ට ලිමිට් එකක් නෑ.. බෝතල් 2,3 බොනවා උන් බොන්න ගියාම.. එච්චරයි..


    ඉතින් ඕකයි කථාව.. උඹලට මොකෝ හිතුනේ.. කොටාගෙන පලයල්ලා..
    (ප.ලි:පින්තූරය උපුටා ගන්නා ලද්දකි )​
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උඹ බෝඩිමට ගියෙ මොන යාලුවගෙ වැඩකටද? ඌ කෝ?

    එහෙම නැත්තම් උඹට කවුරු හරි බොන්න කතා කරල ආපු අනිත් උන් ටික උඹට හරි උන්ට උඹව හරි සෙට් වෙන්නෙ නැතුව හැලිල හිත රිදිච්ච සීන් එකක් වගේ මට පේන්නෙ.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කතාව හරි පැටලිලි සහගතයිනේ බං.

    උබ ගියේ යාලුවෙක්ගේ බොඩිමකටලු. යාලුව ගැන විස්තරයක් නෑනේ.. උබ යාලුවත් එක්ක ගියපු අවශ්‍ය වැඩේ කරගෙන ආපු බවක් නෙමෙනේ තියෙන්නේ. සමන්ලා තරිදුලා උබටනේ කතා කරල තියෙන්නේ.

    අනික සමන් උබට අඩගැහුවනේ නිකන් හරි

    මොකද්ද බං මේකේ අවුල :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමන් ගොනා වාගේ බොන්න බෝඩිමට එන්න කිවේ මොකෝ එලියේ බොන්න සෙට් වෙන තැනකට යන්න තිබුනනේ එහෙනං යාළුවො දැනගන්නෙත් නෑ නිදහසට කරුණු කියන්න ඕනෙත් නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    ඔව්ව වැඩක් නෑ, මට මෙන්න මේක කියහන්.

    මූ මාවත් කුදලන් කාර් එකේ බාර් එකට යනවා දැන් ඈ...

    මේ කියන්නේ ලිමොසින් එකක් ගැනද? කාර් එකේ බාර් තියෙන්නේ ලිමොසින් වලනේ.. 🙄
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    කතාව හරි පැටලිලි සහගතයිනේ බං.

    උබ ගියේ යාලුවෙක්ගේ බොඩිමකටලු. යාලුව ගැන විස්තරයක් නෑනේ.. උබ යාලුවත් එක්ක ගියපු අවශ්‍ය වැඩේ කරගෙන ආපු බවක් නෙමෙනේ තියෙන්නේ. සමන්ලා තරිදුලා උබටනේ කතා කරල තියෙන්නේ.

    අනික සමන් උබට අඩගැහුවනේ නිකන් හරි

    මොකද්ද බං මේකේ අවුල :rolleyes:

    අහ්.. මට ඒ පැහැදිලි කිරීම ඇතුලත් කරන්න අමතක වෙලා.. මෙහෙමනේ.. මේක ගෙයක් හරිද.. ගෙදරම කාමර 3යි.. පොඩි සාල කෑල්ලයි කුස්සියයි.. එකක සමන් ඉන්නවා.. දෙවැනි එකේ තරිඳු ඉන්නවා.. තුන් වෙනි එකේ කුමාර ඉන්නවා.. මම ගියේ කුමාරගේ රූම් එකට.. කූමාරත් වැඩ.. ඌ එන්නේ රෑ වෙලා.. කුමාර කියන්නේ හදවතේ බොක්කක්.. මම එහේ යන්න හේතුව මේකයි.. උගේ කාමරේට මොබිටෙල් පට්ට ස්පීඩ් තියෙනවා.. ටවර් එක එහා පැත්තේ.. ඉතින් මම 3 hrs දාලා 25GB විතර බා ගන්නවා මට ඕන දේවල්.. ඒකයි මම සතියකට සැරයක් කුමාරගේ රූම් එකට රින්ගන්නේ.. :P උදේට එලියට බැස්සම රෑට තමා මුන් බෝඩිමට එන්නේ.. මම ඉතින් ඉඳලා හිටලා බෝඩිමට පයිනවා..

    නිකන් අඬ ගැහුවට උඹව එතනට ගන්න බෑ කියන මයින්ඩ් එකේ ඉඳන් තමයි එහෙම කථා කලේ.. මට ඒක තේරුණා.. එතනට සම්බන්ධ නොවීම මට ගැටළුවක් නැහැ..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    සමන් ගොනා වාගේ බොන්න බෝඩිමට එන්න කිවේ මොකෝ එලියේ බොන්න සෙට් වෙන තැනකට යන්න තිබුනනේ එහෙනං යාළුවො දැනගන්නෙත් නෑ නිදහසට කරුණු කියන්න ඕනෙත් නෑ
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    උඹ බෝඩිමට ගියෙ මොන යාලුවගෙ වැඩකටද? ඌ කෝ?

    එහෙම නැත්තම් උඹට කවුරු හරි බොන්න කතා කරල ආපු අනිත් උන් ටික උඹට හරි උන්ට උඹව හරි සෙට් වෙන්නෙ නැතුව හැලිල හිත රිදිච්ච සීන් එකක් වගේ මට පේන්නෙ.
    උගේ නම කුමාර.. අමතක උනා ඌව ඇතුලත් කරන්න.. එතකොට සමන් හිතන් ඉන්නේ මමයි තරිඳුයි කුමාරයි එක්ක ඒ ඒ ලෙවල් එකේ බොන්න අවුල් කියලා... හ්ම්ම්..
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    යාළුවො දෙන්නෙක් හෝටලේකට ගියාලු උදේට කන්න. දෙන්න කතා උනාලු ඉඳි ආප්පයි මාලුයි කන්න. මාළු දෙකක් ගෙන්නගන්න සල්ලි මදි වගේ නිසා ඉඳි ආප්පයි මාළු එකකුයි ඕඩර් කරාලු. වේටර් කෑම ටික ගෙනල්ලා මේසෙන් තියල ගියාට පස්සෙ එක යාලුවෙක් මාළු කෑල්ල දෙකට කාලා එක කෑල්ලක් උගේ පිගානට දා ගත්තලු. උගේ එකට දාගත්ත එක ටිකක් ලොකුවට කැඩිලා තියෙන්නෙ. එතකොට අනිත් එකා දොස් කිවුවලු 'දැන් ඔය කරපු වැඩේ හරිද කියල. එතකොට ලොකු මාළු කෑල්ල දා ගත්ත එකා ඇහුවලු දැන් උඹ ඉස්සෙල්ලා බෙදාගත්තනම් ගන්නෙ මොන මාළු කෑල්ලද කියල. එතකොට ඌ කිවුවලු මම ගත්තනම් ගන්නෙ පොඩි එක කියල. එතකොට අරූ කියනවලු ඉතින් දැනුත් උඹට ඔය පොඩි එක හම්බවෙලා තියෙන්නෙ මොකද්ද අවුල, කටවහන් කාපන් කියලා.
    උඹ පෞද්ගලිකව දන්නේ නැති කිසිම කෙනෙක් එක්ක බොන්න යන්නේ නැති එක උඹේ ප්‍රතිපත්තියක්නම්, ඌ උඹට බොන්නත් කතා කරනම්.. උඹ "අනේ මචෝ බෑ.. ඔයාලා සෙට් වෙන්න කියලා" මග ඇරියනම්. ඌ වෙන මොනවද එතන කරන්න තිබුනේ?
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,758
    1,492
    113
    Oaka hithanna deyak neme bn. Eth hodama de thama machan e saman kiyana ekawa halapan. Wadsk nane ugen. Mage yaluwo oane ekekwa mata bona thanakata ekkan gihin set karawanna puluwan wenna oane. Koma wunath oaka ochcharatama hithanna deyak neme.
     
    • Love
    Reactions: BuLaTha

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගමක හිටපු හීනමානෙ උපරිමෙට තියෙන පරයෙක්,
    අපෙ දුරින් නෑවෙන එකියක් බැන්දා තට්ටෙයි බඩයි තියන එකෙක්ව, "එයා ලොකු ලොකු මිනිස්සුන්ව අදුරනවා අපේ පව්ලෙ නෑනෙ එහෙම කෙනෙක් කියලා.
    ඩොක්ට කෙනෙක්ගෙ ගෙදරක දානෙට ගිහින් ඇවිත් මාස ගානක් ඕක ගැන කියෙව්වා.

    උබ කෙලින්ම කියන්න තිබුණෙ තත්වෙට හරියන උන් එක්කම ඉදපන් ආයෙ උකදෙන්න එපා කියලා.
    ලැජ්ජාවක් නැද්ද තොට