දැන් කොරෝනා උඩු දුවලනෙ
ඊළග භවයක ගැන හිතෙනවද? මලාට පස්සෙ කොහෙද ඉපදෙයි කියලද හිතන්නෙ ? පින් කරලාද තියෙන්නෙ?
හිතන්න දෙයක් නැහැ.
මහපොලවේ පස් වලට සාපේක්ෂව සිලට ගත්ත පස් ප්‍රමාණය තරම් පිරිසක් විතරයි ආයෙ මෙහෙ එන්න වීසා තියෙන්නේ.
බිලියනයට එකක් වත් ගොඩ යන්නෙ නැහැ මම හිතන්නේ.
පින් කරපු පලියට නෙවෙයි සරණයි සුගතිගාමී වෙන්නෙ.
ඒ නිසා දැන්ම සෝවාන් මාර්ගය හොයපල්ලා.
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය » 8. ඕපම්ම සංයුක්තය » 1. ප්‍රථම වර්ගය
එකල්හි භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස් බුඳක් නගා භික්ෂූන් ඇමතූ සේක. “මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? මා විසින් නියසිළෙහි නගන ලද මේ පස් බිඳ ද, නොහොත් මේ මහ පොළොව දැ”යි.
වහන්ස, යම් මේ මහපොළවක් වේ ද, එය ම ඉබොහෝ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස්බුඳ ස්වල්ප ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස්බුඳ මහපොළොව හා සැසඳීමෙහි දී ගණනකට ද නො පැමිණේ. උපමාවට ද නො පැමිණේ. සොළොස්වැනි කලාවෙන් කලාවට ද නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් මිනිසුන් කෙරෙහි උපදිද්ද, ඒ සත්ත්වයෝ ඉතා අල්පය. වැලි යම් කෙනෙක් මිනිස්ලොවින් අන් තන්හි උපදිත් ද, මේ සත්ත්වයෝ ම ඉතා බොහෝය.