---- ඊලමට මෛත්‍රී කිරීම ----

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ---- ඊලමට මෛත්‍රී කිරීම ----

    ---- ඊලමට මෛත්‍රී කිරීම ----


    දැන් දැන් සිදුවෙනදෑ අනුව පෙනී යන්නේ දේශීය හා විදේශීය වශයෙන් ඊලමක්/වෙනම රාජ්‍යයක් ඉල්ලු හැම දෙනා කොන්දේසි විරහිතව පොදු අපේක්ශකයා වටා රොක්වන බවයි. එක් අතකින් එසේ සිදුවීමෙන් හෝ රජයේ සංශෝධනයක් සිදුවීමෙන් රජයේ කිළිටි සේදි යනවාට බහුතරය වු දේශමාමක ජනතාව සතුටුවනු ඇත.
    එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ බහුතරයක් වු දේශප්‍රේමීන් මේ උගුලේ සිරවී සිටීම දේශප්‍රේමී සියලු දෙනාට තවමත් උභතෝකෝටික ප්‍රශ්නයකි. අවසානයෙදි හෝ ඔව්න් හරිමඟ ගනීවියැයි දේශමාමකයන් බලා සිටී.
    බලය ලබාගනුවස් දේශය, ජාතිය, කුලය පාව දෙමින් සිටින බලලෝභීන් තමන් ගැන පමණක් සිත මෙවැනි ක්‍රියා සිදුකරන බව බුද්ධිමත් ජනතාව තව නොබෝදිනකින් පසක් කරගනු ඇත්තේ තවත් ද්‍රවිඩ පෙරමුණු, සංධාන හා පුද්ගලයන් ඔව්න්ට සහාය දීමට එක්වීමෙනි.
    දේමළ සංධානය මෛත්‍රීපාල මහතාට ඉන්දීය මුහුණුවරක් ලබා දෙමින් දමිළ ඡන්ද මෙම අශුද්ධ සංධානයට ලබා දෙන්නට සැරසෙන්නේද තම සිතැඟි ඉටුකරගැනීමටය. "වසන්කොට අත්සන්කල" ගිවිසුම් ඊළම තවදුරටත් ශක්තිමත් හා ප්‍රායෝගික කරනු වස්ය.
    අවසානයේ සිදුවනු ඇත්තේ දේශප්‍රේමීන් හා ඊළාම් වාදීන් අතර ඡන්දයකි/සටනකි. දැනටමත් බුද්ධිමත් ඔබ පමා නැත. බලයද....දේශයද.... යන්න දෙවරක් සිතීමට මේ කාලයයි. පුද්ගලයන් මත රැදී නොසිට බුද්ධිමත්ව තීරණයක් ගැනීම සියලු සිංහල බෞද්ධ ඔබගේ වගකීමයි......


    10846173_700445846721338_2089418611600903362_n.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අපි හොරකමට - වංචාවට පක්ෂද..?? විපක්ෂද..??
    ඔව්... දූෂණයට වංචාවට පක්ෂ කවුරුවත් නෑ තමයි...
    ඉන්නව නම් උන්ට 'මොංගල්' වෙන්න ඕනැ...
    නමුත්...හොරු එලවිල්ලත් කරන්න 'විදිහක්' තියෙනවා...
    අපි කියන්නෙ...
    සතොස හදලා හොරකම් කරන එකා එලවන්න.. සතොස ඉහගෙන හෝදගෙන කාපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ...
    ලංගම හදලා කොමිස්කන එකා එලවන්න.. ලංගම එහෙම පිටින්ම වලඳපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ....
    හම්බන්තොට වරාය හදලා ගසා කන එකා එලවන්න... වරායෙ සක්‍යතා අධ්‍යයනයක් විතරක් පෙන්නලා සිංගප්පූරු සල්ලි ස්වීස් එකවුන්ට්වල දාලා වරායෙ පස් පිඩක් කපපු නැති එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ....
    එයාර් පෝට් හයිවේ හදලා එකෙන් කොමිස් ගහපු එවුන් එලවන්න... ඒකට මුලින්ම ජපානෙන් ගත්ත සල්ලි පිල්ලි ගහලා වැලි ගොඩවල් ටිකක් විතරක් ගොඩ ගහපු එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ...
    ඉඩම් බඳු දෙන කොට කොමිස් ගහන එකාලව එලවන්න... පරයන්ට රටේ ඉඩම් සින්නක්කරව විකුණනන්න පුළුවන් නීති හදලා පරයන්ට රටේ ඉඩම් කොල්ලකන්න දීපු එකා ගෙනත් හරියන්නෙත් නෑ....
    ගෑස් වලින් බදු ගහන එකා එලවන්න... ගෑස් කොම්පැනිය පරයන්ට විකුණලා නයිල් ගං ඉවුරෙ ගෙවල් ගත්ත එකීලව එකාලව... ඒවයින් ස්වීස් එකවුන්ට් පුරෝගත්තු එකීලව එකාලව ගෙනත් හරියන්නෙ නෑ...
    ......
    ......
    'රූකඩයෙක්' දාගෙන හොරු එලවන්න ඇවිල්ලා ඉන්නෙ මේ රටම කාලකණ්නි කරපු එකාලා සහ එකීලා බවත්...
    රූකඩයාගේ නූල ඇත්තේ ඒකලා ඒකිලා ගාව බවටත් සැකයක් නැත...
    රූකඩය උඩ පනින්නේ තමන් විසින්මයි කියලා හිතාගෙන විසිල් ගහන එවුන් ගැන නම් කියන්න දෙයක් නැත...පවු කියනවා හැර...
    අපි කියන කොට... හොරකම දූෂණය වලක්වනවා කියල ඇවිත් ඉන්නෙ...
    රට විකුණං කාපු... රට සිල්ලරට පාවා දීපු එකාලා එකීලා කියලා...
    රූකඩයට 'ඇන්දිලා' විසිල් ගහන කට්ටිය අපිට කියනවා 'රූකඩයා' නම් හරි ෂොක් අනේ හරිම පිරිසිදුයි කියලා...
    ඒ අයියලාට නැටුවෙ 'රූකඩයක්' කියලා තේරෙන්න ස්ටේජ් එක ගලවන කල්ම ඉන්න වෙනවා... හොදේ...
    ඒ වගේම අපි මේ පාරත් ඔය රූකඩ වේදිකාවෙ රෙදි ගලවනවා...
    රාජපක්ෂලව එලවන්න නම්... ඔය හොදට ඇති වෙන්න අත්හදා බලලා... එපාම වෙලා අතුගාලා දාපු... කුණු වෙච්ච අම්මණ්ඩිලව... රට ජෝකර්ලව... කඳ පණුවන්ව... නැතුව...
    උන්ට හැංගිලා නූල් අදින්න දෙන බංකොලොත් රූකඩයො නැතුව...
    නිකං ලාබෙට කල්ලි නොගහා...
    'ජෙනුයින්' විකල්ප පෙරමුණක්, කණ්ඩායමක්, ප්‍රායෝගික වැඩ පිලිවෙලක් එක්ක අරන් වරෙල්ලා...
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රටේ තව ගොබ්බයො ටිකක් ඉන්නව ඉපදෙන පොඩි එකා අච්චරක් ණයයි මෙච්චරක් ණයයි කියා කියා දවස ගානේ නාහෙන් අඩන.
    හැබැයි 2005 පස්සේ උපදින දරුවනට මේ රටේ අලුතින් ඇතිවෙච්ච උරුමයන් කොච්චර තියෙනව ද? මුළු රටම උන්ට අයිතියි. නිදහසේ ජීවිතය උරුමයි.
    දෙමවිපියෝ වැඩට ගිහින් හවසට් ගෙදරඑනවා. අලුතින් පාරවල්, නවනගර,පාසල්, යටිතල පහසුකම්, වරාය, ගුවන් ගුවන් තොටුපල මේ ඔක්කොම රටේ ශේෂපත්‍රයට අයිතියි. මොකද මහින්ද යනකොට ගෙනියන ඒවාද?

    10541020_1525223071094822_723517233388669928_n.jpg
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,168
    12,149
    113
    Ohio, USA


    මහින්ද රාජපක්ෂගේ ජනාධිපති නර බිල්ල

    raja_3_0_0_0.jpg

    image.JPG

    පසුගියදා අතුරුගිරිය තදාසන්න ස්ථානයකට ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 32 වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීම නිසා ගුවන් හමුදා නිලධාරීන් සිව් දෙනෙකු මරණය පත් විය. මෙම ගුවන් අනතුරට හේතුව මීදුම බව දැනට කියවෙතත් නියමිත පරීක්ෂණයක් මඟින් තවම කිසිවක් ප්‍රකාශයට පත් කර නැත.

    මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිර යමින් තිබේ. ඒ කුමක් වුවත් මීට වසර පහකට පෙර එනම් 2009 වසරේ මෙලෙසම ජනාධිපතිවරණය කැඳවා ඇති අවස්ථාවක මෙවැනිම ගුවන් අනතුරක් සිදු වී ගුවන් බටයන් සිව් දෙනෙකු මරණයට පත් විය. ඒ මත්තල ගුවන් තො‍ටුපොළට මුල් ගල්තැබීමට සූදානම් වූ දිනයේදීමය. :shocked::shocked::angry:

    බුත්තල බඩල්කුඹුරදී 2009 වසරේ නොවැම්බර් 27 වනදා එම්. අයි. 24 හෙවත් අක්‌බාර් නමින් හඳුන්වන ප්‍රහාරක හෙලිකොප්ටරය අනතුරට ලක්ව එහි සිටි බලගන නායක රොහාන් ප්‍රනාන්දු ඇතුළු සිවු දෙනකු මිය ගියහ.මේ ගුවන් අනතුරට හේතුව ද බරපතල සැකයට තුඩු දුන් අතර පසුව ගුවන් හමුදාව ප්‍රකාශ කළේ කාර්මික දෝශයක් බවය. ඒ සත්‍යයක් නමුත් කාර්මික දෝශයක් සහිත එම ගුවන් යානයෙන් මත්තල පැවැති උත්සවය වෙනුවෙන් වූ රාජකාරියකට බලහත්කාරයෙන් යොදවා තිබුණු බවද හෙළිවිය.

    හෙලිකොප්ටරයේ කාර්මික දෝෂයක් තිබෙන නිසා, මත්තලට යන්න සිදු නොවන බව බලගන නායක රොහන් ප්‍රනාන්දු මහතා සිද්ධිය වූ දින උදේ 10.34 ට ඔහුගේ ජංගම දුරකථනයෙන් කුරුණෑගල සිටින ඔහුගේ පෙම්වතිය වන සුමුදුගේ ජංගම දුරකථනයට දැනුම් දී තිබෙන බවත්, එම දුරකථන දෙකම තිබෙන්නේ රොහාන් මහතාගේ නමට බවත් හෙළිදරව් වීමෙන් මෙම සඟවන්නට ගිය රහස හෙළිවිය.

    ජනාධිපති සහභාගී වූ උත්සවයේ කටයුතු සඳහා කාර්මික දෝෂයක් තිබූ හෙලිකොප්ටරය යැව්වේ කාගේ නියමයකට දැයි අදටත් රහසකි.

    එමෙන්ම මුලින්ම, ගුවන් යානය අනතුරට පත්වූයේ පුහුණුවක යෙදෙමින් සිටියදී බව ආරක්ෂක අංශත්, හමුදා මාධ්‍ය ප්‍රකාශකත් මාධ්‍යට හා රටට කීවේ පට්ටපල් බොරුවකි.

    මෙහි ගුවන් නියමුවන් දෙදෙනා වන්නි මෙහෙයුමට සම්බන්ධ වූ දක්ෂ ගුවන් නියමුව දෙදෙනක් වූ අතර එකල ඇතැම් පුවත්පතක් විසින් මේ සම්බන්ධයෙන් කළ ගවේශනාත්මක තොරතුරු වාර්තාවක සඳහන් වූයේ මෙම නියමුවන් දෙදෙනා උතුරේ දී හමුදාව විසින් සොයා ගන්න ලද රත්තරන් තොග කොළඹට ‍රැගෙන පැමිණි අයවලුන් බවය.

    කෙසේනමුත් ජනාධිපතිවරණයක් ආසන්නයේ එක්වරක් වූ සැකසහිත ගුවන් අනතුරක් නැවතත් ජනාධිපතිවරණයක් ආසන්නයේ එසේම සිදුවීම මැතිවරණයක් වෙනුවෙන් කෑදර වියරු භූතාත්මයක් විසින් නරබිලි ගැනීමක් වාගේය.


    :shocked::shocked::shocked:


    theindependent.lk












    .