ඊශ්‍රායලයේදී_අභිරහස් ලෙස මැරැන ශ්‍රේෂ්ඨ

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඊශ්‍රායලයේදී_අභිරහස් ලෙස මැරැන ශ්‍රේෂ්ඨ

    z_p37-Amith.jpg


    මා ලබැඳි බ්ලොග් කාරියක වන සයුරි අක්කා ලියූ නිකොලායි ටෙස්ලා ගැන ලිපිය කියවූ විට මට එකපාරටම මතක් වුනේ අපේ රටේ හිටපු වැඩිය කවුරුවත් නොදන්නා ශ්‍රේෂ්ඨ මිනිසකු වන අමිත් මුනීන්ද්‍රදාසයන්ව. මම ඉතාමත්ම ගරු කරන පුද්ගලයෙක් තමයි ඔහු. මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී 41වැනි වියේදී එතුමා අප අතරින් සමුගත්තා, ඒ 2007වසරේ ජූනි මාසයේ 11 වෙනිදා ඊශ්‍රායලයේදීයි. එම මරණය අභිරහස් ලෙස සිදු වූ බවට තමයි ආරංචිය, ලංකාවෙ සිටි විද්වතුන් ප්‍රාඥයන් හුඟදෙනෙක් මුහුණදීපු ඉරණමක් මේක. මේ වන විට එතුමා අභාවප්‍රාප්ත වී වසර 5ක් සම්පූර්ණ වී තියෙනව. එතුමා සම්බන්ධ ලිපියක් මා මීට කලින් විදුසර සඟරාවේ කියවා තිබුණත් මේ වන විට එම ලිපිය මා සතු නොවීම හේතුවෙන් අන්තර්ජාලය හරහා පහත සටහන සොයා ගත්තෙ, කියවා බැලූ විට අඩුපාඩු ඇති බවක් දක්නට නොලැබුනු නිසා එය උපුටා පහත පරිදි පල කලා, පහත සටහන උපුටා පල කලේ අමිත් මුනින්ද්‍රදාස නම් වූ ශ්‍රේෂ්ඨ මිනිසාට උපහාරයක් වශයෙනි.

    අයිසැක් නිව්ටන් යනු විෂය ධාරා කිහිපයක් ඔස්සේ තම හැකියාව විදාරණය කළ විද්‍යාඥයෙකි. නමුත් ශ්‍රී ලංකාවේ එවැනි අසාමාන්‍ය බුද්ධියකින් හෙබි විද්‍යාඥයින් සිටි බව දන්නේ ඉතා සුළු පිරිසකි. ආචාර්ය අමිත් මුනින්ද්‍රදාසයන් යනු එවැනි එවැනි අසාමාන්‍ය බුද්ධියකට උරුමකම් කී පුද්ගලයකි.
    සිය ද්විතීයක අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයෙන් හැදෑරු එතුමා 1985 වසරේ දී මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට සුදුසුකම් ලැබීය. ඔහු කුඩා කළ සිටම ඉලෙක්ට්‍රොනික විද්‍යාව දස්කම් දැක්වූවෙකි. එනිසාම විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා සන්නිවේදන දෙපාර්තමේන්තුවේ සිටි දක්ෂතම සිසුවා වීමේ භාග්‍යය ඔහුට හිමි විය. එපමණක් නොව ඔහු තුළ වූ සුවිශේෂතම ගුණාංගය වූයේ වනජීවීන්ට දැක්වූ අසීමිත ආදරයයි. කුඩා කළ සිටම සර්පයින්ට, ගෙම්බන්ට මහත් සේ ඇල්මක් දැක්වූ අමිත් මහතා වන ජීවීන් පිළිබඳව ගවේශණය කිරීමට මහත් ලැදියාවක් දැක්වීය.

    විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේදීම ඔහුගේ මිතුරන් ඔහුව හැඳින්වූයේ "ප්‍රොපා" යනුවෙනි. ඊට හේතුව වූයේ එකළ පටන් ඔහුට මහාචාර්යවරයෙකුගේ දැනුම තිබුණු නිසාවෙනි. එකල පැවති දේශපාලන වාතාවරණය නිසා ඔහුට සිය පළමු පන්තියේ උපාධිය ලබා ගැනීමට 1993 වෙනතෙක්ම බලා සිටීමට සිදු විය.
    1995 දී ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස මහතා ලිවර්පූල් හීදී අර්ධ සන්නායක සම්බන්ධයෙන් සිය පශ්චාත් උපාධිය හැදෑරුවේය. එරටම ඉහළ වැටුපකට රැකියා ලැබුණද ඒ සියල්ල පසෙකලා ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ සිය මව් රටට සේවය කිරීමේ ඒකායන බලාපොරුත්තුවෙනි. 2003 වසරේ දී එතුමා සිය විශ්ව විද්‍යාලය වූ මොරටුව විශ්ව විද්‍යාලයේම ආචාර්යවරයෙකු ලෙස සේවයට එක් විය. කෙතරම් කාර්යබහුල පුද්ගලයෙකු වුවද කුඩා කළ සිටම වන ලැහැබකට ඔහු දැක්වූ ආදරය බිඳකින්වත් අඩු නොවීය. ඔහුගේ මිතුරන් පවසන පරිදි ඔහුගේ නිදන කාමරයේ විවිධ වර්ගයේ මකුළු විශේෂ සෑම තැනම දුවමින් සිටි බව කියැවේ. සිය සිසුන් සමඟ විවිධ වනභූමින්වල සිදු ගවේශනයන්දී ශ්‍රී ලංකාවට ආවේණික වූ සත්ව විශේෂ කිහිමපයක්ම සොයා ගැනීමට සමත් විය. lanka cornu batrachus යන විද්‍යාතමක නාමයෙන් හඳුන්වන මැඬියා ඒ අතර සුවිශේෂි තැනක් ගනී. වනජීවී ඉලෙක්ට්‍රොනික විද්‍යාව නම් පුළුල් විෂය පථයක් පිළිබඳව ලෝකයාට හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ ආචාර්ය අමිත් මුනින්ද්‍රදාසයන්ටයි.

    අධී වෝල්ටීයතා ජෙනරේටර්. බහු අක්ෂීය ස්ථිති චුම්භක මෝටරය, අති සංවේදී ධවල එල්.ඊ.ඩී. වැනි ඉලෙක්ට්‍රොනික උපකරණ විශාල ප්‍රමාණයක පරීක්ෂණ පැවැත්වීමට ඔහුට හැකි විය. එමෙන්ම පාසල් සමයේදී නොදැවුණු කාබන් මඟින් දියමන්ති නිශ්පාදනයට උත්සාහ දරා ඇත.

    එතුමාගේ නව නිපැයුම් අතින් වඩාත් ප්‍රචලිත වූයේ අලි මිනිස් ගැටුමට පිළියමක් ලෙස අලින්ට පැළඳීමට හැකිවන සේ නිර්මාණය කළ කොලර් පටියයි. මේ පටිය පළඳිනු ලැබූ අලින් ගම්මානය අසළට පැමිණෙන විට අලියාට ඉතා කුඩා විද්‍යුත් සැරක් වඳින අතර ගම් තුළ ඇති සයිරන් නළාව ද ස්වයංක්‍රීය ක්‍රියාත්මක වේ. මේ පිළිබඳව අද බොහෝ මාධ්‍යවේදීන්ට අමතක වී තිබේ. අලි මිනිස් ගැටුම පිළිබඳව වාර්තා පිට වාර්තා නිකුත් වූවත් පාලකයන්ට මේ අසහාය පුද්ගලයාගේ උත්කෘශ්ට නිර්මාණය අමතක වී ඇත.

    විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු ලෙස ඔහු සිදු කළ කාර්යය සුළුපටු නොවේ. විශේෂයෙන්ම ඔහු නිර්මාණය කළ ප්‍රශ්න පත්‍ර බොහෝ දෙනාගේ කථා බහට ලක් විය. කෙතරම් කටුක ප්‍රශ්න නිර්මාණ කළත් සිසුන්ගේ නොමඳ ප්‍රසාද මේ ගුරුවරයාට හිමි විය. සිසුන් ඔහුට අපූරු අන්වර්ථ නාමයක් යොදා තිබුණි. ඒ "ඇනකොන්ඩා" යනුවෙනි. ඊට හේතුව වන්නේ විභාගයේදි ඔහුව සිසුන්ට "ඇනයක්" වීමත් ඔහු සතුව තිබූ දිගු "කොන්ඩෙත්" නිසාවෙනි. වරක් එතුමාගේ මිතුරෙකු ජලජ සර්පයෙකුට ගොදුරු වීමට යාමේදී අමිත් මහතා ජලය මත පෙළහර පා සිය මිතුරා බේරා ගෙන ඇත. ඔහු සතු වූ දිගු වරලස ගැන කියනවා නම් සිය උපාධි ප්‍රදානෝත්සවයට අනිත් සියලුම පිරිමි ළමයි කොණ්ඩය කොටට පැමිණ සිටියදී මොහු පමණක් කොණ්ඩය වවා පැමිණ සිටියේය. ඊට හේතුව වශයෙන් මොහු පවසා ඇත්තේ ආදි මුතුන්මිත්තන් කොණ්ඩය වවා සිටියා නම් අප වැව්වට මොකද වෙන්නේ යනුවෙන්ය.

    දක්ෂ කෝකියෙකු මෙන්ම දක්ෂ ජායාරූප ශිල්පියෙකුද වූ මෙතුමාගේ හැකියාව පිළිබඳව බොහෝ දෙනා විස්මයට පත් විය. එමෙන්ම ඔහු සිදු කළ පරීක්ෂණ සිදු විෂය පථයන් අතරට නිතිනි තාක්ෂණය, බලශක්ති විද්‍යාව, ගගනගාමී විද්‍යාව, ක්වොන්ටම් විද්‍යාව ආදී බොහෝ වෙයි. සිය පරීක්ෂණයක් සඳහා ඊශ්‍රායලේ සිටියදී අකල් අභිරහස් මරණයට ගොදුරු වීමට මේ මහා බුද්ධිමතාට සිදු විය. අවුරුදු 41 වැනි සිය කෙටි ජීවිත කාලය තුළ ලොවට බොහෝ දේවල් දයාද කරමින් සිය නාමය කරවීමට මේ සොඳුරු රාජකීයයාට හැකිවිය.
    2007 වසරේ ජුනි මස අපෙන් සදහට ම සමුගත් ආචාර්ය මුනිද්‍රදාසයෝ වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ශ්‍රේෂ්ඨයෙකි. අපට එසේ කිව හැකි වන්නේ ඒ මහතා කවදත් රට ජාතියට ආදරය කළ උතුම් මිනිසකු වූ නිසා පමණක්‌ නො ව ක්‌ෂේත්‍ර කිහිපයක්‌ පුරා ම පැතිරුණු විසල් දැනුමකින් හෙබි, තමන් උගත් දෙයින් තම රටට සේවය කළ, වචනයෙන් විස්‌තර කළ නොහැකි තරම් විද්වතකු වූ නිසා ම ය.

    ආචාර්ය අමිත් මුනින්ද්‍රදාසයන් ගැන කෙසේ වත් මෙවන් කෙටි ලිපියකින් විස්‌තර කළ නොහැකි ය. ඒ සඳහා පොතක්‌ ලිවිය යුතු ය. කෙසේ වුව ද ආචාර්ය මුනින්ද්‍රදාස යනු රටට නිහඬව සේවය කළ විශිෂ්ට පුද්ගලයකු බව නම් නො කියා ම බැරි ය. එයට හේතු වන්නේ තම වසර 41ක්‌ පමණ වූ කෙටි ජීවිත කාලය තුළ ඒ මහතා ප්‍රසිද්ධිය හඹා නො ගිය බැවිනි. ආචාර්ය මුනින්ද්‍රදාස ගැන දැන සිටියේ නම් ඒ බොහෝ විට ඒ මහතා සම්බන්ධ වූ ක්‌ෂේත්‍රවල පිරිස්‌ පමණකි. බොහෝ දෙනා ඒ මහතා ගැන දැන ගත්තේ හදිසි අභාවයෙන් පසුව ය ඒ මහතා ගේ හදිසි අභාවයෙන් පසු විස්‌තර දැනගත් බොහෝ දෙනා විස්‌මයටත් පුදුමයටත් පත් වූයේ මෙවැනි විද්වතුන් අප රටේ සිටි බව දැනුණු විට ය.

    DSC00430.JPG



    එයට හේතුව කුමක්‌ ද? මා කලින් සඳහන් කළාක්‌ මෙන් ආචාර්ය මුනින්ද්‍රදාස ප්‍රසිද්ධිය පසු පස නො ගිය බැවිනි. වරක් හමුදා මුරපළක් ආසන්නයේදී රථය පරීක්ෂා කිරීම සඳහා හමුදා නිලධාරීන් ඔහුගේ රථය නැවැත්වූ විය ඔහු තමාව හඳුන්වා දී ඇත්තේ ගුරුවරයෙකු වශයෙනි. අපේ රටේ බොහෝ උගතුන් ගෙන් ඒ මහතා වෙනස්‌ වූයේ එතැනිනි. විදේශ රටවලට ගොස්‌ සේවය කරන අපේ සමහර "උගතුන්ට" ආචාර්ය මුනින්ද්‍රදාස ආදර්ශයකි. නිදහස්‌ අධ්‍යාපනයේ ඵල ලබාගත් පසු, විදේශගත වී, අපට හෝ රටට සත පහක හෝ වැඩක්‌ නොමැති පර්යේෂණවල නිරත වී, වසරකට වරක්‌ නිවාඩු ගත කිරීමට මෙරටට පැමිණ පත්තර පිටු ගණන් හා රූපවාහිනි නාළිකා අරක්‌ ගන්නා අර ව්‍යාජ උගතුන්ට වඩා ආචාර්ය මුනින්ද්‍රදාස සිටින්නේ ළඟා විය නොහැකි තරම් ඈතිනි. සැබැවින් ම අපේ ජනමාධ්‍ය පවා කළ යුත්තේ ව්‍යාජ උගතුන් පුම්බා දැමීම නො ව ආචාර්ය මුනින්ද්‍රදාස වැනි උගතුන් ගැන රට හමුවේ තැබීම ය.

    අප ගේ හා රටේ ම අභාග්‍යයට ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස අද අප අතර නැත. එතැනින් ඇති වූ හිඩැස ද පිරවීම එතරම් පහසු නො වනු ඇත. ඒ මහතා අපෙන් වෙන් වී ගොස්‌ වසරපහක් සපිරුනු මේ කාලයේ ඒ මහතා ගේ ජීවිත කතාව ග්‍රන්ථාරූඪ කළ හැකි යමකු ඉදිරිපත් වන්නේ නම් එය කාලෝචිත යයි හැඟේ. මේ සඳහා ඒ මහතා ඇසුරු කළ බොහෝ දෙනා එක්‌වී මුල පුරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
    ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස ශ්‍රේෂ්ඨ වන්නේ තම උගත්කම තම රටට ම සේවය පිණිස යොදා ගත් බැවිනි. බටහිරට සේවය කොට ඩොලර්/පවුම් මිලියන ගණනින් සෙවිය හැකිකම තිබුණ ද ආචාර්ය මුනින්ද්‍රදාස ඒ කිසිවක්‌ තඹයකට මායිම් නො කළේ ය. උපන් රටට සේවය කිරීම ගැන අපට ගත හැකි හොඳ ම ආදර්ශයක්‌ වන්නේ ඔහු ය. මෙම ලිපිය අමිත් මුනින්ද්‍රදාසයන්ට උපහාරයක්ම වේවා..!


    ගත්තේ http://mandipala.blogspot.com/2012_06_01_archive.html?m=1
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙතුමා කරපු දේවල් ගැන දන්න අය එලකිරියෙ ඇති. මං අහල තියනව සමහර දේවල්. මැරුනා නෙමේ මැරුව කියලයි මංනම් දන්නෙ. මෙතුමා විතරක් නෙමේ. ලංකාවෙ තව හිටපු කෙනෙක්ටත් ඔය වගේම දෙයක් වුනා. බලයට පෙරේත රටවල් වල වැඩ තමා.:dull:
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මෙතුමා කරපු දේවල් ගැන දන්න අය එලකිරියෙ ඇති. මං අහල තියනව සමහර දේවල්. මැරුනා නෙමේ මැරුව කියලයි මංනම් දන්නෙ. මෙතුමා විතරක් නෙමේ. ලංකාවෙ තව හිටපු කෙනෙක්ටත් ඔය වගේම දෙයක් වුනා. බලයට පෙරේත රටවල් වල වැඩ තමා.:dull:

    කවුද අනිත් කෙනා මචං
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කවුද අනිත් කෙනා මචං

    අපේ ඉස්කෝලෙ ඉගෙන ගත්ත අයිය කෙනෙක්. කාර් එක ඇතුලෙ මැරිලා ඉඳල හම්බවෙනකොට. නමනම් මතක නෑ මචන්. වරකගොඩ පැත්තෙ. පොරත් පට්ට වැඩ්ඩෙක් කියල තමා අහල තියෙන්නෙ.:dull:
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අමිත් මුනින්ද්‍රදාස මොරටුව කැම්පස් එකේ ලෙක්චර කෙනෙක්. නිහඬව ඉඳගෙන ලොකු වැඩක් කරපු ඩයල් එකක්. මිනිහා හිටියේ නැත්නම් යුද්දේ මීට වඩා අමාරු වෙනවා කියලා දන්න අය කියනවා. පොර මැරුණෙත් ප්‍රහාරක යානා වගයක් චෙක් කරන්න රට ගිය වෙලාවකලු. අබිරහස් විදියට. යුද්දෙට නිහඬව උර දීපු මේ වගේ පට්ට ඩයල් ඉන්නවා රහසිගත බව නිසාම ඒ නම් එලියට ආවේ නෑ. මිනිස්සු හිතන් ඉන්නේ මහින්දයි ගෝටයි පොන්සේකයි අන්තිම අවුරුද්දේ විතරක් යුද්ද කරා කියලනේ.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මෙතුමා කරපු දේවල් ගැන දන්න අය එලකිරියෙ ඇති. මං අහල තියනව සමහර දේවල්. මැරුනා නෙමේ මැරුව කියලයි මංනම් දන්නෙ. මෙතුමා විතරක් නෙමේ. ලංකාවෙ තව හිටපු කෙනෙක්ටත් ඔය වගේම දෙයක් වුනා. බලයට පෙරේත රටවල් වල වැඩ තමා.:dull:


    owa kauru kala kiyalada mchn kiyanne ? iye methuma gana thread ekakin thama mamath dana gaththe.. ithin mewa ai hoyanne natthe ?

    oya kiyapu anith ekkanava maruve ltte ekenda ?
     
    owa kauru kala kiyalada mchn kiyanne ? iye methuma gana thread ekakin thama mamath dana gaththe.. ithin mewa ai hoyanne natthe ?

    oya kiyapu anith ekkanava maruve ltte ekenda ?

    මෙතුමාට ඊශ්‍රායලයෙදි එක පාරටම නිව්මෝනියාව හැදුණා. ඊට කලින් මාස ගාණක ඉඳලා හෙම්බිරිස්සාවක් වත් තිබුණේ නෑ කියල තමයි එතුමාව ලඟින් ආශ්‍රය කරපු අය කිව්වෙ. ඒනිසයි අභිරහසක් වෙන්නේ. මෙතුමා තමයි ගුවන් හමුදාවේ UAV වල තාක්ෂණික විමර්ශන කටයුතු කළේ.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උබ මේක මෙතන දාපු එක හොදයි බන්. මමත් ඕක ගැන දැනගෙන හිටියා. මෙයාව මැරුවේ යුදෙව්වෝ කියලයි කියන්නේ. උන් තමයි හැම රටකටම ආයුධ සප්ලයි කරන්නේ වක්‍ර ලෙස සහා සෘජු ලෙස. මේකේ සමහර උන් ඉන්නවා හම්බයන් එක්ක තියෙන මළට උන්ට උඩ දාගෙන පුක දෙනවා, නමුත් උන් තමයි මේ ලෝකේ යුද්ධ ඇති කරවන්නේ. LTTE එකටත් උන් තමයි පුහුණුව දීලා තියෙන්නේ. මට මතකයි එක ආර්ටිකල් එකක මම කියෙව්වා මුන් 1980 ගණන් වල LTTE එකටයි ,හමුදාවටයි දෙකටම පුහුණුව දුන්නා කියලා. මුන් ඒ වගේ ජිල්මාට් වැඩ තමයි කරන්නේ. මෙයාව මරන්න ඇත්තේත් මොකක් හරි උන්ගේ ප්ලෑන් එකකට විරුද්ධ වැඩ කරපු නිසා වෙන්න ඇති. උබ හිතනවද බන් හිට්ලර් නිකම් පිස්සෙක් වගේ යුද්ධන්ව මරන්න ඇති කියලා? 1930 ගණන් වල ලෝකයේ බලවත්ම රටවලින් එකක් ජර්මනිය කියන්නේ, හිට්ලර් තමයි රට එතනට ගත්තේ, නාසින්ව පරද්දන්න බලවත් රටවල් 3 කට යුද්ධ කරන්න උනා, උන් තනියම ගේම දීලයි පැරදුනේ ඉතින් එහෙම නායකයෙක් පිස්සෙක් වගේ මිනිස්සු මරයි කියලා හිතන්න පුලුවන්ද? මම උන්ව මරපු එක අනුමත කරනවා නෙවෙයි නමුත් ඔය යුදෙව්වන්ගේ මොකක් හරි කේස් එකක් තියෙනවා.
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    bump

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මැරිච්ච කෙනෙක් නිසා මුකුත් කියන්න බෑ .. ඒත් මැරුණු පලියට අනේ හරි හොඳ මනුස්සය කියන්නත් බෑ ... අනිත් එක නිකොලා ටෙස්ලා තරම් පොරක් නම් කෝ බන් පොර කරපු වැඩ පෙන්නපන්කෝ ... උඹ නිකන් මෙතන අර පත්තර කාරයො ආටිකල් ලියනව වගේ පච ලොකු කරලා ඇත්ත වගේ උලුප්පල පෙන්නන්න එපා බන් .. ඉස්කෝලේ යන කාලේ දියමන්ති හදන්න ට්‍රයි කළා කිව්වට වැඩක් නෑනෙ බන් ... මගෙ යාලුවෙකුත් හිටිය ඌ වැලි වලින් වතුර ගන්න ට්‍රයි කළා ඉස්සර කාලෙ එකෙකුත් ගත්තයි කියල .. උඹ නිකන් ගොන් කතා කියල ඔය මැරිච්ච මනුස්සයට අපහාස කරන්නැතුව ඉඳපන් ... :angry:
     
    Last edited: