ඊශ්‍රායලය සතු සුපිරි අවි-2
ලොව කුඩාම රාජ්‍යයක් වුවද ඉතිහාසය තුල සිය අසල්වැසි මුස්ලිම් රටවල් සමග යුද වැදී ලෝකයම පුදුම කරවමින් විශිෂ්ඨ ජයග්රහණයන් අත්පත් කරගන්නට ඊශ්‍රායල හමුදා සමත්විය.සතුරන් මැද ජීවත්වීම නිසා ඔවුන්ට සිය ආරක්ෂාව වෙනුවෙන් සන්නද්ධ වන්නට සිදුවිය.එහි ප්‍රතිඵලයක් යුදෙව්වන්ගේ ලෙස අද්වීතිය අවි සහ තාක්ෂණයන් ලෝකය හමුවේ නිරාවරණය වන්නට විය.ඊශ්‍රායල හමුදා සතු සුපිරි අවි දහයක් සම්බන්ධව ලියවූ ලිපියක දෙවන කොටස මෙලෙස දිගහැරේ.
ඊශ්‍රායලය කුඩා රාජ්‍යයක් වුවද දිගු දුර මෙහෙයුම් සිදුකල හැකි යුද ගුවන් යානාවල අවශ්‍යතාවය මතුවන්නේ ඉරානය,සිරියාව වැනි සතුරු රාජ්‍යවලින් එල්ලවන තර්ජන මැඩලීමටය.විශේෂයෙන් යුදමය තත්ත්වයකදී ගුවනේ ආධිපත්‍යය තමන් සතුවීම වර්තමානයේදී ඉතා අත්‍යාවශ්‍යය කරුණකි.පළමුවරට F-15C ප්‍රහාරක යානා සේවයට එන්නේ 1978 වසරේදීය.1998 වසරේදී ඊශ්‍රායලය එහි ප්‍රහාරක මොඩලයේ යානා 25ක් මිලදී ගනියි.ඒවා වෙනස් කිරීම්වලට භාජනය කිරීමෙන් පසුව ඊශ්‍රායලය ගුවන් හමුදාවට එක් කරන ලද්දේ F-15I Ra’am යන නමින්ය.මෙම යානා බහු කාර්යය ප්‍රහාරක යානා ලෙස ඊශ්‍රායලය තමන්ගේ යුදෝපකරණ එක් කර වෙනස් කිරීම්වලට භාජනය කර භාවිතා කරයි.ඊට ඇමෙරිකානු සහ ඊශ්‍රායල මිසයිල රැගෙන යාමට හැකියාව තිබෙනවා මෙන්ම ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික හැකියාවද තිබේ.මෙම යානායේ තිබෙන විශේෂත්වය වන්නේ අමතර ඉන්ධන ටැංකිය.මේ නිසා තම අවි ප්‍රමාණය අවම කර කිරීමකින් තොරව මෙම යානයට අමතර ඉන්ධන රැගෙන යාමට හැකියාව ලැබී ඇත.
F-15I ගුවන් යානා නිපදවීමේ ප්‍රධාන අරමුණ වන්නේ අතරමගදී ඉන්ධන පිරවීමකින් තොරව ඉරානය වැනි රටකට අභ්‍යන්තරයට ගොස් පහරදීමේ හැකියාව ඊශ්‍රායලයට ලබාදීමයි.සාමාන්‍යය F-15I යානයකට එක් අතරමැදි ඉන්ධන පිරවීමක් සහිතව ඉරානය තුල පිහිටි ඉලක්ක වෙත පහරදීමේ හැකියාව තිබේ.මෙම යානාවල ජීපීඑස්,ලේසර් නියාමක බෝම්බ ,බෝම්බ සහ ආදී මිසයිල රැගෙන යා හැකිය.ඊට අමතර සිය ආරක්ෂාව සඳහා ගුවනේ සිට ගුවනට එල්ල කරන මිසයිල ගෙන යයි.අනාගතයේදී F-15I වෙනුවට F-35I යානා වල සහාය ඊශ්‍රායලයට ලැබේවි.
බැලස්ටික් මිසයිල අතරමගදී විනාශ කිරීම සඳහා නිර්මාණය කල මිසයිල පද්ධති කිහිපයක් තිබේ.නමුත් සුලු පිරිසක් දන්නා ,බලසම්පන්න ප්‍රති බැලස්ටික් මිසයිල පද්ධතියක් වන්නේ Arrow 3ය.මෙම මිසයිල පද්ධතිය ප්‍රසිද්ධ ඇමෙරිකානු MIM-104 Patriot ප්‍රති බැලස්ටික් මිසයිල පද්ධතියට වඩා බොහෝ කාර්යක්ෂම බව කියවේ.සිය සතුරු අසල්වැසියන්ගෙන් එල්ල විය හැකි බැලස්ටික් මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂාවීමේදී Arrow 3 යනු ඊශ්‍රායලයට අත්‍යාවශ්‍ය මිසයිල පද්ධතියකි.එය ‘Green Pine’ නම් රේඩාරය සමග සම්බන්ධ කර තිබෙන නිසා සතුරු මිසයිල සම්බන්ධව නිරවද්‍ය තොරතුරු ලබාගැනීමට පුලුවනි.‘Green Pine’ රේඩාර් පද්ධතියට කි.මී. 400ක් එනම් සම්පුර්ණ ඊශ්රායලයම ආවරණය කිරීමේ හැකියාව තිබේ.
Arrow 3 ප්‍රති බැලස්ටික් මිසයිලවලට කි.මී. 100ක් ඉහළ අහසේදී පවා සතුරු මිසයිල විනාශ කිරීමේ හැකියාව තිබේ.එසේම තත්පර 30කදී බැලස්ටික් මිසයිල 5 සමග අන්තර්නිරෝධනය කල හැකිබව කියවේ.ඇරෝ 2 මිසයිල පද්ධතියේ සිදුකල වැඩිදියුණු කිරීම් ඔස්සේ නව සංස්කරණය වන ඇරෝ 3 පද්ධතිය ප්‍රමාණයෙන් කුඩා වූ අතර බර 40%කින් අඩුවිය.2015 වසරේදී ඇරෝ 3 මිසයිල පද්ධතියේ මිසයිල 24ක් යෙදවීමේ සූදානමක් තිබිණි.මෙම මිසයිල පද්ධතිය ඇමෙරිකානු SM-3 මිසයිල මෙන් චන්ද්‍රිකා නාශක අවියක් ලෙස යොදාගැනීමේ හැකියාවක් තිබෙන බව පෙන්වාදෙයි.
මෙම මිසයිලය ඉන්දු-ඊශ්‍රායල ඒකාබද්ධ ව්‍යාපෘතියක ප්රතිඵලයකි.Barak 8 මිසයිලය නිර්මාණය කලේ දෙරටේ නාවික සහ ගුවන් හමුදාවල භාවිතය උදෙසාය.මධ්‍යම දුර ගුවනේ සිට ගුවනට එල්ල කරන(SAM) මෙම මිසයිලය නිර්මාණය කිරීමේ ප්‍රමුඛතම අරමුණ වන්නේ සුපර්සොනික්(ශබ්දයේ වේගය ඉක්මවන )කෲස් මිසයිල විනාශ කිරීමයි.එහි තිබෙන ද්විත්ව ස්පන්ද රොකට් මෝටර්ය නිසා අවසන් අදියරවලදී ඊට මාච් 2+ වේගයක් ලබාගත හැකිය.මෙහි තිබෙන සුවිශේෂී අංගය වන්නේ මිසයිලයේ පිහිටා ඇති රේඩාර් පද්ධතියයි(active homing radar).එනම් රේඩාර් සම්ප්‍රේෂකය සහ ප්‍රතිග්‍රාහකය මිසයිල තුලම අන්තර්ගත කර තිබේ.මේ නිසා ගොඩබිම/නෞකාවක තිබෙන රේඩාර් පද්ධතියක ආධාරයකින් තොරව ඉතා නිරවද්‍යව සිය ඉලක්කය සොයාගෙන ගොස් විනාශ කිරීමේ හැකියාව මෙම මිසයිලට තිබේ.තවද එය ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික අවි මගින් අඩපණ කිරීම(මිසයිලය නොමඟ යැවීම) ඉතා අපහසුබව කියවේ.
Barak 8 මිසයිල පද්ධතියේ නාවික මොඩලය මගින් මිසයිල 8ක් නිකුත් කල හැකිය.එය භාවිතා කරන්නේ MF-STAR රේඩාර් පද්ධතිය සමගයි.ඉන්දියාව ඔවුන්ගේ සියලුම යුද නෞකාවල සම්මත සෑම් මිසයිලය ලෙස Barak 8 මිසයිලය තෝරාගෙන තිබෙන්නේ 2015 වසරේය.ඊශ්‍රායලයද මෙම මිසයිලය ඔවුන්ගේ දැනට තිබෙන නෞකාවල ස්ථාපනය කරමින් ඇත.ගමන් කරන දුර අනුව මෙම මිසයිලවල සංස්කරණ කිහිපයක් තිබේ.දුර ප්‍රමාණය කි.මී. 70 සිට 120 දක්වා ඉහළ නැංවීමේ ක්‍රමවේදයක්ද ඔවුන් සතුය.Barak 8 මිසයිලය අනාගතයේදී ඉන්දීය නාවික සහ ගුවන් හමුදා විසින් භාවිතා කරනු ඇත.
ඊශ්‍රායලය සතුව ඇත්තේ කුඩා වෙරළ තීරයක් වුවද ආරක්ෂා කරගත යුතු තෙල් ලිං සහ තවත් වත්කම් ඔවුහු සතුය.තවද ඔවුන්ගේ අසල්වැසියන් නෞකා නාශක මිසයිල සහ සබ්මැරීන ආදී බලවත් අවි වලින් සන්නද්ධය.SA’AR 5 යනු බහු කාර්ය වර්ගයේ corvette නෞකාවකි.මෙම නෞකාව ප්‍රති-සබ්මැරීන,ප්‍රති-නෞකා සහ ප්‍රති-ගුවන් සංග්‍රාමික අවියක් ලෙස භාවිතා කිරීමට හැකි අයුරින් නිර්මාණය කර තිබේ.SA’AR 5 නෞකාව ටොන් 1100ක බරක් විස්ථාපනය කලද ඊට ටොන් 4000ක frigate නෞකාවකට සමාන වෙඩි බලයක් තිබේ.SA’AR 5 නෞකාවේ අවසන් වරට සිදුකල වෙනස්කම් වන්නේ MF-STAR රේඩාර් පද්ධතියක් එක්කිරීම සහ පහත දැක්වෙන අවි එකතු කිරීමයි.
මෙහි තිබෙන අද්විතිය අංගයක් වන්නේ AESA රේඩාර් පද්ධතියක් සහිත ලොව කුඩාම යුද නෞකාව වීමයි.නෞකාවේ MF-STAR රේඩාරය මගින් මිසයිලවලට ඉලක්ක සෙවීම්,ඉලක්ක ලුහුබැඳීම සහ මාර්ගෝපදේශනය සහ එම Barak-8 මිසයිල 16 සමකාලීනව ඉලක්ක වෙත දියත් කිරීමට සහාය වේ.මේ නිසා නෞකාවට තමන්ට එරෙහිව එන ගුවන් තර්ජනවලින් ආරක්ෂා විය හැකිය.ලොව නෞකා අතරින් වඩාත්ම සන්නද්ධ නෞකාව ලෙසද මෙය හැඳින්වේ.තවත් විශේෂත්වයක් වන්නේ නොගැඹුරු සහ ගැඹුරු මුහුදු ප්‍රදේශවල මෙහෙයුම් සිදුකිරීමේ හැකියාව සහ පහරදීම සහ ආරක්ෂා වීම යන කාර්යයන් දෙකම සඳහා සූදානමින් පසුවන නෞකාවක් වීමයි.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා සතු සුප්‍රසිද්ධතම අවිය ලෙස මෙය හැඳින්විය හැකිය.Iron Dome යනු C-RAM (Counter-Rocket Artillery Mortar - රොකට්-කාලතුවක්කු-මෝටාර් උණ්ඩවලට එරෙහිව )මිසයිල පද්ධතියකි.මෙහිදී Tamir නම් මිසයිල වර්ගය අතුරුවාරකය ලෙස ක්‍රියාත්මක වේ.ඊශ්‍රායලය සතු ප්‍රබලම අවියක් මෙන්ම ඊශ්‍රායලයේ ආරක්ෂකයා ලෙසද Iron Dome හැඳින්විය හැකිය.ගාසා තීරය වැනි අසල්වැසි ප්‍රදේශවලින් ඊශ්‍රායලය ඉලක්ක කරගෙන එල්ල වන රොකට්,කාලතුවක්කු ප්‍රහාර,මෝටාර් ආදිය භූමියට පතිත වීමට පෙර උඩුගුවනේදී විනාශ කිරීමට මිසයිල පද්ධතිය පුලුවනි.පසුගිය වසර ගණනාවක තිස්සේ මෙම මිසයිල පද්ධතිය නිසා ඊශ්‍රායලයේ සිදුවීමට තිබූ ජීවිත හානියන් රැසක් වැලකී ගියෝය.ලොව හොඳම සහ ප්රත්යක්ෂ කල ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතිය ලෙස Iron Dome නමක් දිනාගෙන තිබේ.අයන් ඩූම් හි භාවිතා වන ටමිර් මිසයිලයේ උපරිම දුර පරාසය කි.මී. 70ක් වන අතර එය සැලසුම් කර තිබෙන්නේ කෙටි දුර රොකට් සහ කාලතුවක්කු උණ්ඩ වැනසීමටය.
මෙම මිසයිල පද්ධතිය සතු සුවිශේෂී හැකියාව වන්නේ එහි අනාවරණ පද්ධතිය/රේඩාර් ඔස්සේ එක වර පැමිණෙන සතුරු ප්‍රහාර අඳුනාගෙන සිවිල් වැසියන් බහුල/මනුෂ්‍යයන්ට හානියක් විය හැකි ප්‍රදේශවලට වැටීමේ හැකියාවක් සහිත රොකට් හෝ කාලතුවක්කු උණ්ඩ පමණක් විනාශ කිරීමයි.මෙම ක්‍රියාව නිසා මිසයිලවලට වැයවන අධික පිරිවැය අවම වේ(එක් ටමිර් මිසයිලයක් ඇ.ඩො. 50,000ක් වේ).ඒ අනුව ඊශ්‍රායලය ඉලක්ක කරගෙන එල්ල වන මෙවැනි රොකට් හෝ කාලතුවක්කු උණ්ඩවලින් 10% පමණක් අයන් ඩූම් මිසයිල පද්ධතියෙන් විනාශ කරන අතර අනෙක් 90% ප්‍රමාණය ජීවිත හානියකින් තොරව විවෘත භූමියට පතිත වේ.එක් මිසයිල දියත්කරණයක් සමග මිසයිල 20 රැගෙන යයි.රේඩාර්,මිසයිල පාලන ඒකකයක් සහ දියත්කරණයකින් මෙම පද්ධතිය සමන්විත වේ.මේවා ප්‍රවාහනයට ට්‍රක් රථ 3ක් වෙන්කර තිබෙන අතර ඕනෑම හදිසි අවස්ථාවකදී අවශ්‍ය ප්‍රදේශයකට වහාම ප්‍රවාහනය කිරීමට හැකිය.2018 දී එක්වීමට නියමිත ‘Iron Beam’ ලේසර් පද්ධතිය සහ ‘David’s Sling’ නම් මිසයිල පද්ධතිය ඔස්සේ මුලු ඊශ්රායලයම 100% ආවරණය වනසේ ඕනෑම රොකට් සහ කාලතුවක්කු ප්‍රහාරයක් නැවැත්වීමට ඔවුන්ට හැකියාව ලැබේවි.
Source:Defencyclopedia.com
-HarshaLulzSec-

පළමු කොටස
F-15I RA’AM ප්‍රහාරක යානය

ARROW 3 ප්‍රති බැලස්ටික් මිසයිල පද්ධතිය
බැලස්ටික් මිසයිල අතරමගදී විනාශ කිරීම සඳහා නිර්මාණය කල මිසයිල පද්ධති කිහිපයක් තිබේ.නමුත් සුලු පිරිසක් දන්නා ,බලසම්පන්න ප්‍රති බැලස්ටික් මිසයිල පද්ධතියක් වන්නේ Arrow 3ය.මෙම මිසයිල පද්ධතිය ප්‍රසිද්ධ ඇමෙරිකානු MIM-104 Patriot ප්‍රති බැලස්ටික් මිසයිල පද්ධතියට වඩා බොහෝ කාර්යක්ෂම බව කියවේ.සිය සතුරු අසල්වැසියන්ගෙන් එල්ල විය හැකි බැලස්ටික් මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂාවීමේදී Arrow 3 යනු ඊශ්‍රායලයට අත්‍යාවශ්‍ය මිසයිල පද්ධතියකි.එය ‘Green Pine’ නම් රේඩාරය සමග සම්බන්ධ කර තිබෙන නිසා සතුරු මිසයිල සම්බන්ධව නිරවද්‍ය තොරතුරු ලබාගැනීමට පුලුවනි.‘Green Pine’ රේඩාර් පද්ධතියට කි.මී. 400ක් එනම් සම්පුර්ණ ඊශ්රායලයම ආවරණය කිරීමේ හැකියාව තිබේ.
Arrow-3 Launcher
‘Green Pine’ රේඩාර් පද්ධතිය
Arrow 3 ප්‍රති බැලස්ටික් මිසයිලවලට කි.මී. 100ක් ඉහළ අහසේදී පවා සතුරු මිසයිල විනාශ කිරීමේ හැකියාව තිබේ.එසේම තත්පර 30කදී බැලස්ටික් මිසයිල 5 සමග අන්තර්නිරෝධනය කල හැකිබව කියවේ.ඇරෝ 2 මිසයිල පද්ධතියේ සිදුකල වැඩිදියුණු කිරීම් ඔස්සේ නව සංස්කරණය වන ඇරෝ 3 පද්ධතිය ප්‍රමාණයෙන් කුඩා වූ අතර බර 40%කින් අඩුවිය.2015 වසරේදී ඇරෝ 3 මිසයිල පද්ධතියේ මිසයිල 24ක් යෙදවීමේ සූදානමක් තිබිණි.මෙම මිසයිල පද්ධතිය ඇමෙරිකානු SM-3 මිසයිල මෙන් චන්ද්‍රිකා නාශක අවියක් ලෙස යොදාගැනීමේ හැකියාවක් තිබෙන බව පෙන්වාදෙයි.
BARAK 8 සෑම් මිසයිලය
මෙම මිසයිලය ඉන්දු-ඊශ්‍රායල ඒකාබද්ධ ව්‍යාපෘතියක ප්රතිඵලයකි.Barak 8 මිසයිලය නිර්මාණය කලේ දෙරටේ නාවික සහ ගුවන් හමුදාවල භාවිතය උදෙසාය.මධ්‍යම දුර ගුවනේ සිට ගුවනට එල්ල කරන(SAM) මෙම මිසයිලය නිර්මාණය කිරීමේ ප්‍රමුඛතම අරමුණ වන්නේ සුපර්සොනික්(ශබ්දයේ වේගය ඉක්මවන )කෲස් මිසයිල විනාශ කිරීමයි.එහි තිබෙන ද්විත්ව ස්පන්ද රොකට් මෝටර්ය නිසා අවසන් අදියරවලදී ඊට මාච් 2+ වේගයක් ලබාගත හැකිය.මෙහි තිබෙන සුවිශේෂී අංගය වන්නේ මිසයිලයේ පිහිටා ඇති රේඩාර් පද්ධතියයි(active homing radar).එනම් රේඩාර් සම්ප්‍රේෂකය සහ ප්‍රතිග්‍රාහකය මිසයිල තුලම අන්තර්ගත කර තිබේ.මේ නිසා ගොඩබිම/නෞකාවක තිබෙන රේඩාර් පද්ධතියක ආධාරයකින් තොරව ඉතා නිරවද්‍යව සිය ඉලක්කය සොයාගෙන ගොස් විනාශ කිරීමේ හැකියාව මෙම මිසයිලට තිබේ.තවද එය ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික අවි මගින් අඩපණ කිරීම(මිසයිලය නොමඟ යැවීම) ඉතා අපහසුබව කියවේ.
Barak 8 මිසයිල පද්ධතියේ නාවික මොඩලය මගින් මිසයිල 8ක් නිකුත් කල හැකිය.එය භාවිතා කරන්නේ MF-STAR රේඩාර් පද්ධතිය සමගයි.ඉන්දියාව ඔවුන්ගේ සියලුම යුද නෞකාවල සම්මත සෑම් මිසයිලය ලෙස Barak 8 මිසයිලය තෝරාගෙන තිබෙන්නේ 2015 වසරේය.ඊශ්‍රායලයද මෙම මිසයිලය ඔවුන්ගේ දැනට තිබෙන නෞකාවල ස්ථාපනය කරමින් ඇත.ගමන් කරන දුර අනුව මෙම මිසයිලවල සංස්කරණ කිහිපයක් තිබේ.දුර ප්‍රමාණය කි.මී. 70 සිට 120 දක්වා ඉහළ නැංවීමේ ක්‍රමවේදයක්ද ඔවුන් සතුය.Barak 8 මිසයිලය අනාගතයේදී ඉන්දීය නාවික සහ ගුවන් හමුදා විසින් භාවිතා කරනු ඇත.
SA’AR 5 නෞකාව
ඊශ්‍රායලය සතුව ඇත්තේ කුඩා වෙරළ තීරයක් වුවද ආරක්ෂා කරගත යුතු තෙල් ලිං සහ තවත් වත්කම් ඔවුහු සතුය.තවද ඔවුන්ගේ අසල්වැසියන් නෞකා නාශක මිසයිල සහ සබ්මැරීන ආදී බලවත් අවි වලින් සන්නද්ධය.SA’AR 5 යනු බහු කාර්ය වර්ගයේ corvette නෞකාවකි.මෙම නෞකාව ප්‍රති-සබ්මැරීන,ප්‍රති-නෞකා සහ ප්‍රති-ගුවන් සංග්‍රාමික අවියක් ලෙස භාවිතා කිරීමට හැකි අයුරින් නිර්මාණය කර තිබේ.SA’AR 5 නෞකාව ටොන් 1100ක බරක් විස්ථාපනය කලද ඊට ටොන් 4000ක frigate නෞකාවකට සමාන වෙඩි බලයක් තිබේ.SA’AR 5 නෞකාවේ අවසන් වරට සිදුකල වෙනස්කම් වන්නේ MF-STAR රේඩාර් පද්ධතියක් එක්කිරීම සහ පහත දැක්වෙන අවි එකතු කිරීමයි.
Phalanx CIWS අවියක්(නෞකාව ඉලක්ක කරගෙන එන මිසයිල හෝ ගුවන් යානා විනාශ කිරීම )
මි.මී.3×2 324 ටෝර්ෆිඩෝ
Harpoon නම් නෞකා නාශක මිසයිල 8ක්
Barak-8 වර්ගයේ සෑම් මිසයිල 16ක්
Barak-1 වර්ගයේ සෑම් මිසයිල 32ක්
මි.මී.3×2 324 ටෝර්ෆිඩෝ
Harpoon නම් නෞකා නාශක මිසයිල 8ක්
Barak-8 වර්ගයේ සෑම් මිසයිල 16ක්
Barak-1 වර්ගයේ සෑම් මිසයිල 32ක්
මෙහි තිබෙන අද්විතිය අංගයක් වන්නේ AESA රේඩාර් පද්ධතියක් සහිත ලොව කුඩාම යුද නෞකාව වීමයි.නෞකාවේ MF-STAR රේඩාරය මගින් මිසයිලවලට ඉලක්ක සෙවීම්,ඉලක්ක ලුහුබැඳීම සහ මාර්ගෝපදේශනය සහ එම Barak-8 මිසයිල 16 සමකාලීනව ඉලක්ක වෙත දියත් කිරීමට සහාය වේ.මේ නිසා නෞකාවට තමන්ට එරෙහිව එන ගුවන් තර්ජනවලින් ආරක්ෂා විය හැකිය.ලොව නෞකා අතරින් වඩාත්ම සන්නද්ධ නෞකාව ලෙසද මෙය හැඳින්වේ.තවත් විශේෂත්වයක් වන්නේ නොගැඹුරු සහ ගැඹුරු මුහුදු ප්‍රදේශවල මෙහෙයුම් සිදුකිරීමේ හැකියාව සහ පහරදීම සහ ආරක්ෂා වීම යන කාර්යයන් දෙකම සඳහා සූදානමින් පසුවන නෞකාවක් වීමයි.
IRON DOME මිසයිල පද්ධතිය