ඊශ්‍රායෙල හමුදාවේ නවීනතම අවි

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඊශ්‍රායෙල හමුදාවේ නවීනතම අවි

    hXnbuOK.jpg

    ඊශ්‍රායෙල ආරක්ෂක අංශ යනු ලොව තිබෙන හමුදා අතරින් දියුණුතම තාක්ෂණය භාවිතා කරන හමුදාවකි.පහත දැක්වෙන්නේ ඊශ්‍රායල ආරක්ෂක අංශ වෙනුවෙන් නිර්මාණය කල නවතම අවි සහ දැනට භාවිතා කරන අවිවල සිදුකල නවීකරණයන් කිහිපයකි.මේවා ඊශ්‍රායල සෙබලුන්ගේ දෛනික මෙහෙයුම් කටයුතුවලදී විශාල සහායක් ලබාදෙයි..



    මිනිසුන් රහිත ගොඩබිම් රථය - Guardium

    ගාසා තීරය සමග තිබෙන දේශසීමාව යනු ඊශ්‍රායලයේ වඩාත් නොසන්සුන්ම කලාපයයි.හමාස් ස්නයිපර්වරුන්,යුද ටැංකි නාශක මිසයිල සහ පුපුරණ ද්‍රව්‍ය මෙම දේශසීමාවේ පිහිටි ආරක්ෂක වැට දිගේ මුර සංචාරයේ යෙදෙන ඊශ්‍රායෙල සෙබලුන්ට තිබෙන ප්‍රධානතම තර්ජන වේ.මෙම තර්ජන වලට මුහුණ දීම පහසුව වෙනුවෙන් ඊශ්‍රායල හමුදාවට මුර සංචාරක මිනිසුන් රහිත ගොඩබිම් රථයක් හඳුන්වාදී තිබේ,මෙය Guardium නමින් හඳුන්වයි.දවසේ පැය 24 පුරාවට මෙම රථ රාජකාරියේ යොදවා තිබෙන බව කියවේ.Guardium රථ අංශය භාර ලුතිනන් අවිඩව් කියන්නේ රථවල තිබෙන වාසියක් වන්නේ සෙබලුන්ගේ ජීවිත ආරක්ෂා වීම බවයි.Guardium රථය තුල රියදුරෙක් නොමැති නමුත් අංශක 360 කෝණයකට භ්‍රමනය විය හැකි කැමරා එහි ස්ථාපනය කර ඇත.ඊට අමතරව ශබ්දවිකාශන යන්ත්‍රයක්ද තිබේ.මෙම කැමරා සාමාන්‍යය කැමරාවකට වඩා විශේෂය.ඒවාට විවිධ කෝණවලින් සජීවී ඡායාරූප ලබාදීම සහ තවත් දත්ත රැස් කිරීමේ හැකියාව තිබේ.පාබල සෙබලුන් මෙම රථයක් පෙරටු කරගෙන මුර සංචාරවල යෙදෙයි.එම නිසා ජීවිත තර්ජනයක් ඇත්නම් දුර සිට ඔවුන්ට ඒබව දැනගත හැකිය.යම් සැකකටයුතු යම් හෝ සිද්ධියක් හඳුනාගත් වහාම රථ පාලන මධ්‍යස්ථානයේ සෙබලුන් ඒ බව මුර සංචාරක සෙබලුන්ට දැනුම් දෙයි.

    sYbOqwq.jpg






    ජංගම රේඩාර් - Windshield Radar

    ඊශ්‍රායෙල ආරක්ෂක අංශ විසින් සංවර්ධනය කල මෙම ජංගම රේඩාර් පද්ධතිය windshield radar නමින් හඳුන්වයි.මෙම නවතම ජංගම රේඩාර් පද්ධතිය අනාගත යුද්ධයකදී ඊශ්‍රායෙල සෙබලුන්ගේ ජීවිත රැකගනිවි.රේඩාර් පද්ධතිය සන්නාහ සන්නද්ධ සහ පාබල හමුදා රථවල ස්ථාපනය කරනු ලැබේ.අනපේක්ෂිතව එල්ල වන රොකට් ප්‍රහාරවලට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට මේ ඔස්සේ ඉඩ ලැබේ.මෙම ජංගම රේඩාර් උපකරණය ඔස්සේ ප්‍රහාර එල්ල වූ මූලාශ්‍රය හඳුනා ගනියි(කෙටි දුර ප්‍රහාර ඇතුලුව ).ඉන්පසු එම තොරතුරු පාබල හමුදාවට ලබාදෙයි.ඔවුන් ඒ ඔස්සේ ප්‍රහාරය එල්ල වූ දෙසට සිය අවධානය යොමුකරයි.

    MeYjYb2.jpg




    යුද ටැංකි ආරක්ෂණ පද්ධතිය - Trophy

    Trophy යනු එක් අරමුණක් මුදුපමුණවා ගැනීම උදෙසා නිර්මාණය කල සක්‍රීය යුද ටැංකි ආරක්ෂණ පද්ධතියකි.මෙය හඳුන්වා දුන්නේ සන්නාහ සන්නද්ධ රථ සහ යුද ටැංකි ඉලක්ක කරගෙන එල්ල වන නුතන යුදටැංකි නාශක නියාමක මිසයිලවලින් ආරක්ෂා වීමටය.Trophy හි අනාවරණ පද්ධතිය අංශක 360ක පරාසයක් ආවරණය කරයි.යුද ටැංකියක් ඉලක්ක කරගෙන එන මිසයිලයක් එම පද්ධතිය ඔස්සේ හඳුනාගෙන වහාම එම තර්ජනය නිෂ්ක්‍රීය කර දමන්නේ මිසයිල පුපුරවා හැරීමෙනි.ඒ යුද ටැංකිය තුලින්ම සතුරු මිසයිලය වෙත ප්‍රති-මිසයිලයක් එල්ල කරමින්ය.

    SSc6t4g.jpg




    මිසයිල ආරක්ෂණ පද්ධතිය - Iron Dome

    අයන් ඩූම් පද්ධතිය පළමුවරට යෙදවූයේ 2011 වසරේදී දකුණු ඊශ්‍රායලය ඉලක්ක කරගෙන ගාසා තීරයෙන් එල්ල වූ රොකට් ප්‍රහාර නිෂ්ක්‍රීය කිරීමටය.මෙවැනි පද්ධතිය පළමුවරට මෙතරම් සාර්ථක ලොව වෙනත් කිසිම රටක භාවිත කර නොමැත.එය වේගය,නිරවද්‍යතාවය සහ හැකියාව අතින් උසස් නිර්මාණයකි.මෙම මිසයිල පද්ධතියක් අතිශය ජංගම වන අතර එහි වෙනමම රේඩාර් පද්ධතියක් අඩංගුය.අවි පාලන ඒකකයක් සහ මිසයිල නිකුත් කරන ඒකකය එහි ප්‍රධාන කොටස් වේ.අයන් ඩූම් හි රේඩාර් ආවරණ කලාපය තුලට එල්ල වන ඕනෑම මියයිලයක් රොකට්ටුවක් වහාම හඳුනාගෙන එය නිෂ්ක්‍රීය කිරීමට සිය ප්‍රති-මිසයිල දියත් කරයි.

    FYVUPYe.jpg





    නවතම සබ්මැරීනය - Dolphin-class Submarine

    ඩොල්ෆින් යනු ඊශ්‍රායෙල නාවික හමුදාව සතු නවතම සබ්මැරීන පන්තියකි.එය නවතම පද්ධති සහ හැකියාවන්ගෙන් සමන්විතය.ස්ටෙල්ත් තාක්ෂණයෙන් සන්නද්ධ මේවාට වැඩි කාලයක් ජලය යට ගත කල හැකිය.මේවා AIP (air-independent propulsion) නම් තාක්ෂණය භාවිතා කරන නිසා වැඩි කාලයක් ජලයේ කිමිදී සිටීමට අවස්ථාව ලැබී ඇත.ක්‍රියාත්මක වූවිට නිකුත්කරන ශබ්දය ඉතා අවම නිසා මේවා ස්ටෙල්ත් හැකියාව සහිතය.Dolphin-class සබ්මැරීනවලට නවතම නාවුක අවි පද්ධති ඇතුලත් කර තිබේ.එසේම අනාවරණ පද්ධතියේ හැකියාවන් උසස් කර තිබේ.මීට පෙර තිබූ සබ්මැරීනවලට වඩා මෙම Dolphin-class සබ්මැරීන විශාල නිසා හැසිරවීමේ පහසුව වැඩිවන අයුරින් සැලසුම් කර තිබේ.

    NftIfha.jpg



    Source:idfblog.com

    -HarshaLulzSec-
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Thanks

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    subscribed
    Thanks

    supiri machan
    Thanks

    ela bro..
    Thanks

    Elakiri.... Keep it up..
    Thanks

    Thanks

    හැමදාමත් වගේ පට්ට ලිපියක් මචන්....
    Thanks
     
    • Like
    Reactions: Rightdistributors