උක්කුං පුතාගේ වැඩ
උක්කුං පුතා ඊයේ FCID එකෙන් එලියට ඇවිත් පට්ටම ටෝකක් දුන්නේය. පළවෙනි පින්තූරය ඒ අවස්ථාවය.
එතන ඉදපු ගොඩාක් දෙනෙක්ට දැනුම නැහැ. ඒ සබ්ජෙක්ට් එක පිළිබදව ස්ටඩි කරලා දැනට ඉන්ජිනේරුවෙක් හැටියට ලංකාවේ ඉන්න එකම පුද්ගලයා මං විතරයි "
ඒ ඔහුගේ වචනය.
ලංකාව වැනි රටක FCID වැනි තැනක සැටලයිට් ගැන, චන්ද්‍රිකා ගැන දන්න උන් සිටිති යැයි ඉන්නවා යැයි රෝහිත බලාපොරොත්තු උනා නන් ඒක පට්ටම විහිළුවකි.
රෝහිත කියූ අනිත් කාරණාවත් ඇත්ත විය හැක. චන්ද්‍රිකා ගැන ඉගෙන ගත්තු ඉන්ජිනේරුවෙකු ලංකාවට වෙලා ඉන්නවා නන් ඌ මෙහේ සිටින්නේ අංගොඩ හෝ මුල්ලේරියාවේ මානසික රෝහලකය.
මොකද ඌට පිස්සු හොදටම වැඩි එකෙක් විය යුතුය. නැත්නන් ඌගේ තාත්තාත් විධායක ජනාධිපති වී පුතණ්ඩියා ඉගෙන ගත් දෙයින් වැඩක් ගන්නට ලෝකෙන් ණයට සල්ලි ඉල්ලාගෙන හෝ සුප්‍රීම් සැට් වගේ ප්‍රොජෙක්ට් එකක් කළ යුතුය.
රෝහිත එතරම්ම උගතෙක් වී තවමත් ලංකාවේ ඉන්නේ ඔහුගේ තාත්තා මහින්ද රාජපක්ෂ වූ නිසාමය. ලෝකයේ අභ්‍යාවකාෂ ආයතන වල ශ්‍රී ලාංකිකයන් කොතෙකුත් සේවය කරනවා ඇත. ඒ උන්ට ලංකාවේ ඉදගෙන කරන්නට දෙයක් නැති නිසාය.
රෝහිත,
අපි අභ්‍යාවකාෂය ජය ගත යුතුය. කවදා හෝ ජයගත යුතුය. ඒත් අපිට තාමත් එය දුර වැඩිය.. බොහොමත්ම දුරය.
කුණු කදුවලට මිනිසුන් යට වෙන රටක ,
සුද්දා දැමූ රේල් පාර තවමත් එක අගලක් දික් කර ගන්නට බැරි වූ රටක,
උමගක් හාරන්නට ගොස් ගම් නගර පිටින් ගිලා බසින්නට හදන රටක , නාය ගිහින් ගම් පිටින් පණ පිටින් වැළෙලෙන රටක,
බොන්නට වතුර පොඩ්ඩක් සොයා හැතැප්ම හතර පහ ඇවිදින මිනිසුන් ඉන්න රටක,
ජීවත්වෙන අපිට සැටලයිට් යවන්න කලින් කරන්නට වැඩ ගොඩක් ඇත. ඇත්ත ඒකය. උබේ වැරැද්දක් නැත. වැරැද්ද ඕක කරන්න පටන් ගත්ත එකාය. ඌව ගෝල්ෆේස් එකට ගෙනත් මඩු වලිගයෙන් තැලිය යුතුය.
අනෙත් පින්තූරයේ රෝහිත ගේ ෆැමිළි සෙට් එකත් එක්ක ඉන්නේ කට්ටඩියෙකි.
මෑන්ස් බිත්තරයක් කරකවා ටී වී එකේ වීරයෙක් කල පොරකි. සැටලයිට් යවන ඉන්ජිනේරුවෙක් අන්ජනන් අරින කට්ටඩියෙක් එක්ක සිනා මුසු මුහුණෙන් ඉන්න පොටෝවක් දැකීමට තරන් මගේ ඇස් පිං කර ඇත. FCID එකට කට්ටඩියාත් එක්කන් ගියා නන් උක්කුං පුතාට ලේසිය. එහෙනන් සුප්‍රීම් සැට් එකට වෙච්ච දේ ගැන කෙස්ගහට හරියටම දැන ගන්නට අපිට පුළුවන් ය.
මට දුක අර උඩට ඇරියා කියන සුප්‍රීම් සැට් එක ගැනය...
SOURCE : සහන් කොඩිකාරගේ ගේ ෆේස්බුක් සටහනක්
limit karanna narakai minissunwa limit kadagena giya un tama game gahanne business and education pathen

