ටියුෂන් කියන්නෙ කැරිම මාෆියා එකක් දැන්. ලංකාවෙ මිනිස්සු කොච්චර දුප්පත් උනත් ලෙව කකා හරි, ගෙවල් ඉඩම් උකස් කරලා සල්ලි පොලියට අරන් හරි ලමයින්ට උගන්නන්වා කියලා තේරුනාට පස්සෙ දැන් මේ මාෆියා එක ලෙසටම යනවා. එක එක ටියුෂන් ගුරාලගෙ එක එක ස්ටයිල් තියෙන්නෙහ්. සෙට් එකක් අමු බෞද්ධයො. ක්ලාස් එකේ වෙලාවෙන් වැඩි වෙලාවක් කරන්න් බණ කියන එක. අනිත් උන් පට්ට රැඩිකල් කෑගහලා බැනලා යකා නටලා උගන්නන්නෙ. දැන් උන් ඔක්කොම යූටියුබ් අටවගෙන පන්තියෙ කියවන පල්හෑලි ඒවගෙ දාලා ලමයින්ගෙ දෙමව්පියො නාකි සෙට් එකත් අල්ලගෙන ඉන්නෙ. මුතුගලයගෙ එහෙම යූටියුබ් වීඩියෝ වල කමෙන්ට් බලපන්කො

උන්ගෙ ආදායමත් අසීමිතයි දැන්. මුතුගලයා මාසෙකට ක්ලාස් කරලා උගෙ අතට ගන්න ගාන කෝටි දෙකකට වැඩියිලු. දැන් ටැක්ස් වලට වංගු ගහන්න ෆිල්ම් ප්‍රොඩියුස් කරන්නත් බැහැලා මිනිහා. දැන් ලංකාවෙම ඉදන් බින්දුවෙ ඉදන් පටන් අරං අවුරුදු 30ට කලින් අඩුම සිවික් 2018 එකක්වත් බස්සන්න නං කොල්ලෙක්
1. එක්කෝ බණ කිය කිය තෙල බෙදන ඒලෙවල් ටියුෂන් කාරයෙක් වෙන්න ඕන
2. නැත්තං forex, ebay, adsense course විකුණන "online entrepreneur" සීන් එකෙක් වෙන්න ඕන
කියලා රැල්ලක් හැදිලා තියෙන්නෙ ඒකයි. හැබැයි අන්තිමට කොල්ලො ඒලෙවල් ගොඩයන්නෙ ගොඩක් වෙලාවට ගෙවල්වලට ඇවිල්ලා පොඩිවට විශය විතරක් හරියට කරන ගෲප් ක්ලාස් කරන ගුරුවරු හින්දා. අන්තිමට නම යන්නෙ හැබැයි අරුන්ගෙ