උඩවලවේ අලි බලමු [Udawalawe National Park]

samsmuthu

Active member
  • Jul 1, 2007
    108
    73
    28
    Kurunegala
    උඩවලවේ අලි බලමු [Udawalawe National Park]

    උඩවලවේ අලි බලමු [Udawalawe National Park]

    ඔන්න යාළුවනේ අපේ company එකේ annual trip එක මේ පාර ගියේ උඩවලවේ අලි බලන්න.:)

    මෙන්න අපේ trip එකේ schedule එක;
    February 20, 2016 : Kurunegala >>Southern Highway (E01) via Katharagama >> Thanamalvila
    February 21, 2016 : Udawalawe National Park
    February 22, 2016 : Thanamalvila >> Hakgala Botanical Garden (via Ella, Bandarawela) >> Nuwara-eliya >> Kurunegala


    මේ trip එකට Family, Single ඔකකෝම 40 යි ගියේ.

    2016 පෙබරවාරි 20 උදේ 11 ට ඔක්කෝම පටවාගෙන කුරුණෑගලින් පිටත් උනා කඩවත Southern Highway (E01) Entrance එකට. ඊට පස්සේ ගොඩගමින් exit වෙලා, හම්බන්තොට හරහා කතරගමට ගියා. කතරගමට යනකොට රෑ 8 ටත් පහුවෙලා.

    මේ තියෙන්නේ අපි ගියපු මාර්ගය.
    https://goo.gl/maps/k8fpB3PCwnB2

    කඩවතින් Enter වෙලා Highway එකේ යනකොට

    25307100916_786225c906_b_d.jpg


    24702696564_a6f1d57643_b_d.jpg



    මේ අපි Highway (E01) එකේ මැද හරියේ තියෙන Service & Refreshment point එකේ දී.
    මේ පිටිපස්සෙන් තිියෙන්නේ අපේ Bus එක. මේක book කරගත්තේ Ebert Silva සමාගමෙන්. බස් එක හොදයි, ඇග පතේ අමාරුවක් නැතිව යන්න නම් පුලූවන්. එ් උනාට Speed නම් යන්න බෑ, එ් හින්දා ගමනට සෑහෙන වේලාවක් ගියා.


    25240228001_61c7288e29_b_d.jpg



    මෙන්න Ebert Silva බස් සමාගමේ Contact Details, සමහරවිට ඔයාලටත් ඕන වෙයි.

    M. Himaz Whulid - Travel Manager
    Ebert Silva Touring Co. Ltd
    No. 11, Malwatte Road, Dehiwala.
    Telephone: 011 271 7857; 011 271 6471
    Email: [email protected]



    මේ තියෙන්නේ Highway (E01) එකේ නාය ගිය තැනක්.

    24706559663_cb2cf40723_b_d.jpg



    ඔන්න අපි ගොඩගමින් Exit වෙන්න හදන්නේ. Highway (E01) එකට Rs. 1750/- ගියා.

    25240226071_f428b8c571_b_d.jpg



    ඊට පස්සේ අපි ගියේ කතරගම. කතරගමට යනකොට රෑ 8 ත් පහු වෙලා. එදා Full Crowd. එ් හින්දා කතරගම දේවාලයේ පූජාවත් ගොඩක් වෙලා තිබ්බා.
    අපි යන්න කලින් පළතුරු පූජාවට්ටි order කරල ගියේ. පළතුරු පූජාවට්ටි හොඳමත් නෑ, නරකමත් නෑ, වෙලාවේ හැටියට Okay.


    මෙන්න Contact එක, සමහරවිට ඔයාලටත් ඕන වෙයි.

    හිතමිතුරු පූජා භාණ්ඩ
    Chaminda – 071 083 2975
    Dammika – 071 361 1527


    https://goo.gl/maps/u7b2Uj2tc3A2


    අපි කලින්ම ගියේ කිරි වෙහෙර වඳින්න.

    25333319845_3335802864_b_d.jpg


    25333317905_188ec28f39_b_d.jpg


    25240220571_4bfbe57b20_b_d.jpg



    රෑට කිරි වෙහෙර පේන විදිහ

    25240220501_6e2701059b_b_d.jpg


    25333314525_3942d71ef0_b_d.jpg



    මේ නිල් පාට T-shirt ඇඳන් ඉන්නේ අපේ set එක.

    24703571864_12198dea98_b_d.jpg



    මේ කිරි වෙහෙර ගාව තිබ්බ එක පහන් වැටක්

    25241105951_ed25eb66be_b_d.jpg



    කොහොමද එදා සෙනග

    25038597270_de05a380ab_b_d.jpg



    https://goo.gl/maps/f5XqZmKFrS52


    ඊට පස්සේ කතරගම දේවාලයට පූජාව තියල තණමල්විල බලා පිටත් වුනා. Night Park තණමල්විල. තණමල්විලට යනකොට රෑ 12 විතර වුනා. කෑම කාල නිදා ගත්තා.

    2016 පෙබරවාරි 21 උදේ පාන්දර 5 ට නැගිටලා උඩවලවේ යන්න Ready වුනා. කොහොමෙන් කොහොම හරි කට්ටිය එකතු කරන් උඩවලවේ Entrance එකට එනකොට උදේ 6:30 විතර වුනා.

    https://goo.gl/maps/wLsYKDF61Ut

    අපි Safari Jeep 6 ක් ගත්තා මේ ගමනට. එකක 7 ක් යන්න පුළුවන් (ඉස්සරහ 1 යි, පිටිපස්සෙ 6 යි) තව අපි දන්න කියන හිතවත් වන ජීවී නිළධාරී මහතෙකුත් ගමනට එක් කරගත්තා.

    අපි Safari Jeep ගත්තේ මෙන්න මෙයාගෙන්. සමහරවිට ඔයාලටත් ඕන වෙයි.
    Crocodile Tours – Priyantha – 071 344 3333



    ඔන්න අපි උඩවලවේ National Park එකට ඇතුල් වුණා.

    25334205285_ab23467d53_b_d.jpg


    25038587720_d5492ac8e7_b_d.jpg


    24703564694_ecd53ec330_b_d.jpg


    25215950212_688c56507b_b_d.jpg


    24707435773_05a1465f22_b_d.jpg



    පොඩි කලබලයක් වගේ

    25241096651_947a39d646_b_d.jpg



    අලියෙක් පාර හරහා ඉඳන් වාහන Check කරනවා.

    25215940392_10d91de88c_b_d.jpg


    25215939042_c3dc303cab_b_d.jpg


    24966528869_9e8441825e_b_d.jpg


    25038582920_61a042c8b1_b_d.jpg


    25307963356_9fee629d7f_b_d.jpg


    25215934292_1ff54130cf_b_d.jpg



    මිනිස්සු මේ අලියට කෑම දීලා, ඌ පුරුදු වෙලා. එ් පුරුද්දට වාහන වලට හොඬවැල දාලා කෑම හොයනවා. (කැලේ ඉන්න සත්තුන්ට කෑම දීම තහනම්) අපි කලබල කරන් නැතිව හිටියාම ඌ පාඩුවේ යනවා.

    අපි උදේ කෑම පාර්සල් හදන් ගියේ. උදේ කෑම ගත්තේ මෙන්න මේ වැව් බන්ටෙකේ ඉඳන්.
    මේ ජලාශයට කියන්නේ “චමල් රාජපක්ෂ ජලාශය” - මවු ආර.


    https://goo.gl/maps/Go2WT5ecyHk

    25215929382_be60f72241_b_d.jpg


    25334186355_3ef427f395_b_d.jpg


    25215927732_cafc94f49b_b_d.jpg



    ඊට පස්සේ අපි වෙන පාරකින් අවා, කැලෙන් එළියට. එ් එනකොට දැකපු අලි තමා මේ.

    25241076321_069ebc9408_b_d.jpg


    25241078321_c10ed85bb1_b_d.jpg


    25307951256_60e283daa6_b_d.jpg


    25334186275_99dbd2f939_b_d.jpg


    25307945866_80112d5989_b_d.jpg


    24707400783_1d434b9a35_b_d.jpg



    මේ අලියා ගහට හේත්තු වෙලා නිදි.

    24966502239_fac26888ef_b_d.jpg



    කැලේ දි දැක්ක වෙනත් දර්ශණ

    24707396893_d8d928c24c_b_d.jpg


    25038553730_a662fbb5c9_b_d.jpg


    25307937046_e9dfbfc7d0_b_d.jpg


    25215907452_74d5a227a9_b_d.jpg


    24966495419_39962abb4f_b_d.jpg


    25334155145_e3b83a21f9_b_d.jpg


    25334161525_19d3cc594d_b_d.jpg



    උඩවලවේ safari ඉවර වෙලා අපි ගියා උඩවලවේ තියෙන අලි අනාතාගාරය (Udawalawa Elephant Orphanage) බලන්න. මේකෙ ඉන්නේ අලි පැටව්.

    https://goo.gl/maps/FtLUyroDZ1m


    මේ තියෙන්නේ අලි බබාලට කිරි දෙන වේලාවන් සහ ඇතුල් විමේ ගාස්තු. අපි ගියේ දවල් 12 show එකට.

    24966485039_8000dff9bf_b_d.jpg



    මේ අලි පැටව් දෙන්නා අසනීපෙන් ඉන්නේ. එකෙක්ගේ කකුලේ ගෙඩියක්. අනිකාගේ බඩ ඉදිමිලා. :(

    24966487509_60fe05d84a_b_d.jpg



    ඔය ඈතින් පිළිවෙලට එන්නේ කිරි බොන්න

    25334150905_6080fe8828_b_d.jpg



    මේ කිරි බීලා යන කට්ටිය

    25215891092_f45c514ba6_b_d.jpg



    මේ ඉන්නේ කිරි බීල ඉවර set එක

    25307919026_78f1936ccc_b_d.jpg



    මේ ඔක්කොම ඉවර වෙලා අපි අවා අපේ place එකට. එනකොට දවල් 1:30 ට ඇති. දවල් කෑම ලෑස්තියි.

    25307915336_f992797968_b_d.jpg



    කට්ටියම කෑම කාලා පොඩි නින්දක් දාන්න ගියා, මහන්සියටත් එකක්.

    මේ අපේ place එකේ දර්ශණ ටිකක්

    25334142525_3d1baa9092_b_d.jpg


    24966473829_d9f78a478e_b_d.jpg


    25334135195_e29ddd6700_b_d.jpg


    25307898356_d54045daf7_b_d.jpg



    පොඩි උන්ට කියාපු තැනක්, ඇති වෙනකන් දගලන්න

    25215880032_95867e52f4_b_d.jpg



    ලොකු උන් ටික එකතු වෙලා හවස cricket ගැහැව්වා

    24707367683_d79c097433_b_d.jpg



    තව set එකක් pool එකේ

    24703495474_c722e467ca_b_d.jpg



    මෙන්න Dinner ready වෙනවා (BBQ)

    24707359783_e7e2b218f9_b_d.jpg


    25038517990_b3e7895a2a_b_d.jpg



    ටික ටික රෑ වෙනකොට, අපේ night party එක හිමින් පටන් ගත්තා.

    24966540189_3ae6df5cb0_b_d.jpg


    25038516360_905a783f16_b_d.jpg


    25241022921_bfa350ce71_b_d.jpg


    25307896976_40ea18fb2f_b_d.jpg



    අපේ night party එක කඩාකප්පල් කරන්න ආව, රබර් සර්පයෙක් :lol:

    25241019401_2914fa4b83_b_d.jpg



    2016 පෙබරවාරි 22 උදේට කෑම කාලා, අපේ place එකෙන් පිටත් වෙන්න කලින්

    25038510330_07a112a464_b_d.jpg


    25334115595_8fdc1fcc65_b_d.jpg


    25215861062_06f9943c44_b_d.jpg


    24703482174_b13df4c4e8_b_d.jpg



    මේ තියෙන්නේ අපි හිටපු place එකේ name board එක.

    25215858262_3d52079c81_b_d.jpg



    අපි හිටපු Place එකේ විස්තර මෙන්න

    Sanilak Estate
    Bodagama, Thanamalwila
    www.sanilkaestate.com
    Mr. Keerthi – 071 409 8217


    තණමල්විල >> උඩවලවේ පාරේ යනකොට 36 KM කණුව (බෝදාගම පන්සල) ගාවින් දකුණට හැරිලා ඇතුලට 500 M ක් විතර යන්න ඕනි.

    අලි ඉන්න කැලයක් මැද තමා මේ වත්ත තියෙන්නේ. වත්ත වටේට අලි වැටක් තියෙනවා. Cottage හදල තියෙනවා. (ලොකු Cottage 2 ක් සහ පොඩි Cottage 2 ක්). පොඩි Swimming pool 1 ක් තියෙනවා. තව Adventure events කරන්න පුළුවන් විදියේ ඒවා තියෙනවා. පට්ට experience එකක් ගන්න පුළුවන් තැනක්.

    https://goo.gl/maps/FV3wQCgsqSy


    මේ තියෙන්නේ අපි ආපහු ආපු මාර්ගය
    https://goo.gl/maps/LU5NoTbYzR82


    මගදි එනකොට රාවණා ඇල්ල දැක්කා.
    https://goo.gl/maps/MX4GmDkBpAp

    25038496320_b53b348dd2_b_d.jpg



    ඔන්න අපි හක්ගලට අවා. Hakgala Botanical Garden
    https://goo.gl/maps/vPPqMAsebE92

    25334106335_a4fab85c60_b_d.jpg



    අපේ දවල් කෑම පාර්සල් කරන් ආව. Park එකේ ඉදන් කෑම කෑවා.

    24703468574_dceb7e67e3_b_d.jpg



    Park එකේ බලන්න විශේෂ දෙයක් තිබිබේ නෑ. මල් එහෙමත් නෑ. Off season හින්දා.


    ඊලගට අපි ආවේ Gregory Park එකට.
    https://goo.gl/maps/RvrDbSjb7Kp

    සුදු අක්කා කෙනෙක් ලංකාවේ සාරි එකක් ඇඳන්, කොහොමද හැඩ

    24707330743_484527c271_b_d.jpg


    25038487900_bfd29dd15e_b_d.jpg



    යටම එකාට මෙනවා මතක් වෙන්න ඇද්ද :shocked:

    25240992031_ff95be5274_b_d.jpg



    ඔන්න අපි හිමීට කුරුණෑගල බලා අවා. කුරුණෑගලට එනකොට රෑ 11 ට විතර ඇති. පහුවදා වැඩ කරන දවසක් අපි උදේම වැඩ.

    ඔක්කොටම ජය වේවා. ඔන්න මම ගියා.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එල පින්තූර ටික. සෑහෙන තොරතුරු තියෙනවා, එල මචං, තැන්ක්ස් අපි සමඟ බෙදාගත්තාට.