උඩුකය නිරුවතින් ගමන් කළ විදෙස් කතට මාසයක අත්හිටවූ සිර දඩුවම් 😠

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,621
    113
    image_eb2e78f0a7.jpg


    උඩුකය නිරුවතින් මාර්ගයේ ගමන් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තායිලන්ත ජාතික තරුණියට මාසයයි සතියක සිර දඩුවම් නියම කර එය වසර පහකට අත්හිටුවා තිබෙනවා.

    ඇය අද (15) පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

    පොලිසිය සදහන් කළේ, 26 හැවිරිදි මෙම තරුණීය එහිදී වරද පිළිගත් බවයි.

    ඒ අනුව, ප්‍රධාන මාර්ගයේ අවිනීතව හැසිරීම සහ මහජනතාව පීඩාවන අයුරින් කටයුතු කිරීම යන චෝදනා දෙකට වෙන් වෙන්ව සති දෙකක සහ මාසයක සිර දඩුවම් නියම කර එය වසර 05 කට අත්හිටුවීමට පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

    සිය පෙම්වතා සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම විදෙස් කාන්තාව මෙලෙස හැසිරී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

    ඊයේ දහවල් මෙම විදෙස් කාන්තාව එක් හෝටලයක සිට තවත් හෝටලයක පිවිසුම දක්වා උඩුකය නිරුවතින් ගමන් කරන අකාරය දැක්වෙන ඡායාරුපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.

    ඉන් අනතුරුව ඇයව පොතුවිල් පොලිස් ස්ථානයේ කාන්තා කාර්යංශයේ නිළධාරිනියන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඇයි හිරේ දන්නේ මානසික රොගයක් වෙන්නත් පුලුවන් නෙ. හම්බ දජෙක් වෙන්න ඇති හිටියෙ
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ගෑනුන්ට ගෝනිබිල්ලෝ ඇඳුම් අන්දගෙන යන මිනීමරු ජිහාඩ් හම්බාවොන්ට නම් පීඩාවක් වෙන්න ඇති :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Piss for all ට රිදිලා™ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: War Fighter