උඩුදැළියගෙ කතා----
උඩුදැළියත්, ඔහු ගේ බිරිය කියඹරාත් සැම වසරක මැ නොවරදවා නගරයේ සැණකෙළියට යති. සැම වසරක මැ උඩුදැළිය මෙ සේ පවසයි -
“තියඹා, මං හරිම ආසයි හෙලිකොප්ටරේ රවුමක් යන්න.”
ඊට තියඹරා මෙ සේ පිළිතුරු දෙයි.
“මං දන්නවා, උඩුදෑ. ඒ වුණාට එක හෙලිකොප්ටර් රවුමකට රුපියල් විසිපන්දාහක් නේ. විසිපන්දාහක් කියන්නෙ විසිපන්දාහක් !”
එක් වසරෙක ඔවුහු දෙ දෙනා සුපුරුදු පරිදි සැණකෙළියට ගිය හ.
උඩුදැළිය - තියඹා, මට දැන් අසූපහක් වෙනවා වයස. මේ පාර වත් හෙලිකොප්ටරේ නො ගියොත් මට ආයෙ කවදා වත් යන්න ලැබෙන එකක් නෑ !
තියඹරා - ඒ වුණාට එක හෙලිකොප්ටර් රවුමකට රුපියල් විසිපන්දාහක් නේ. විසිපන්දාහක් කියන්නෙ විසිපන්දාහක් !
හෙලිකොප්ටර නියමුවාට මේ දෙ දෙනා ගේ දෙ බස ඇසිණි.
නියමුවා - මම මෙහෙම දෙයක් කරන්නම්. මං ඔය දෙන්නව රවුමක් එක්ක යන්නම්. රවුම ගිහිල්ල එන තුරු ඔය දෙන්න ගෙන් කවුරු වත් එක වචනයක් හරි කතා නො කර හිටියොත් මම සත පහක් වත් අය කරන්නෙ නෑ. හැබැයි, කවුරු හරි කතා කළොත් ... විසිපන්දාහ යි !
උඩුදැළියත් තියඹරාත් මීට එකඟ වූ හ.
ඔවුන් දෙ දෙනා ද රැගෙන ගුවන් ගත වූ නියමුවා ලොමු දැහැ-ගැන්වෙන විදියේ නානාප්‍රකාර ගුවන් ශිල්ප ක්‍රම ප්‍රදර්ශනය කරන්නට විය. බෙල්ල ගහලා යන අන්දමේ ගුවන් කරණම් ගැසුව ද එක වදනකුදු කතා කළේ උඩුදැළිය වත් කියඹරා වත් නම් නො වේ.
ආපසු බිමට ආ නියමුවා උඩුදැළිය වෙත හැරී මෙ සේ කී ය.
“ඔයගොල්ලන්ව බය ගන්නලා කෑගස්සන්න මම පුළුවන් හැම දෙයක් ම කළා. ඒත්, ඔයාල බය වෙලා එක වචනයක් වත් කතා කළේ නැහැ. මට හරිම සතුටු යි !”
උඩුචැළිය - මෙහෙම යි. ඇත්තම කියනව නම්, මගෙ කට ඇරෙන්නම ගියා තියඹරා පහළට වැටුණු වෙලාවේ. ඒත්, ඉතින්, විසිපන්දාහක් කියන්නෙ විසිපන්දාහක් නේ!
----------------------------------------------------------------------------

ලී බඩු සාප්පුවට ගිය තියඹරා තමා විසින් මැ සවි කැරැ-ගත හැකි කබඩයක් මිලට ගත්තා යැ. ආපසු නිවෙසට පැමිණි ඈ, උපදෙස් පත්‍රිකාව හොඳින් කියවා, කොටස් සියල්ල ගණන් කොටැ, නිදන කාමරයෙහි කබඩය එකලස් කරන්නට වූවා යැ. පහසු කටයුත්තක් වූ එයින් ඇයට සෑහෙන විනෝදයක් ගෙන දිනි.
නිවෙස පිහිටියේ දුම්රිය පාරක් අසල විය. දුම්රියක් ගමන් කෙළේ යැ. කබඩය ගැලැවී බිම ඇද හැලිණි. ඉන් අධෛර්යයට පත් නො වුණු ඈ යළිත් උපදෙස් පත්‍රිකාව කියවා දෙ වැනි වතාවටත් කබඩය එකලස් කළා යැ. ඊ ළඟ දුම්රිය ගමන් කරනවාත් සමඟ මැ කබඩය යළිත් කැබැලි වී බිම ඇද වැටිණි.
කිහිප වතාවක් මැ මෙ සේ වීම නිසා කෝපයට පත් කියඹරා ලීබඩු සාප්පුවට දුර කතනයෙන් කතා කොටැ මේ බව දැනුම් දුන්නා යැ. කබඩය සවි කිරීම පිණිස ශිල්පියකු එවන බවට ඔවුහු පොරොන්දු වූ හ.
ශිල්පියා පැමිණ කබඩය එකලස් කෙළේ යැ. එහෙත්, දුම්රියක් ගමනු කරනුත් සමඟ මැ කබඩය ඇද හැලිණි. මේ අනපේක්ෂිත සිද්ධියෙන් තුෂ්ණිම්භූත වූ ශිල්පියා නැවත වතාවක් කබඩය එකලස් කොටැ, කබඩය ඇතුළත මැ වාඩි වී දොර වසා-ගත්තේ ඇතුළු පැත්තේ සිට ගැටළුව කුමක් දැයි සොයා-ගත යුතු බව පවසමිනි.
මඳ වේලාවකින් තියඹරා ගේ බරුවා, උඩුදැළිය, නිවෙසට පැමිණිනි. අලුත් කබඩය දුටු හෙතෙම
“ෂහ් ! අපූරු කබඩ් එකක් නේ !” යැයි කියමින් එහි දොර විවර කෙළේ යැ.
තියඹරා ගේ නිදන කාමරයේ කබඩයක සිටින්නේ ඇයි දැයි කියා විස්තර කරනු පිණිස ශිල්පියා මෙ සේ කීයැ - “මහත්තයා විශ්වාස කරන එකක් නෑ මම මේ කියන දේ. ඒ වුණාට මම මේ බලා ඉන්නේ කෝච්චියක් එනකම් !”
-------------------------------------------------------------------------------------

උපුටා ගැනීම - උපාලි කන්නන්ගර මහතාගෙනි