උඩුරාවණත්_බණ_ඇහුවලු

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    උඩුරාවණත්_බණ_ඇහුවලු

    හාමුදුරුවෝ - අද කාලෙකට පස්සේ උඩුරාවන උපාසක මහත්තය බණ අහන්න ඇවිල්ල
    තියෙන්නේ , මං හිතන්නේ මේ පින්වත් දායක පිරිස කැමති වෙයි කියල මේ අපේ
    උඩුරාවන උපාසක මහත්තයට ප්‍රති උත්තර දෙන්න ඉඩ සැලස්සුවොත් කියල.

    "කැබිනට් රැස්වීමකදී මෙන් සියල්ල එක හඩින් එය අනුමත කලහ."

    උඩුරාවන - අනේ හාමුදුරුවනේ මට පුරුද්දක් නෑ.

    හාමුදුරුවෝ - ප්‍රති උත්තර දෙන්න පුරුද්දක් ඕන නෑ උපාසක මහත්තයෝ මං බණ
    කියනකොට වාක්‍යයෙන් වාක්‍යයට එහෙමයි හාමුදුරුවනේ කියන එක විතරයි
    තියෙන්නේ.

    හාමුදුරුවෝ - පින්වතුනි යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ
    කෙනෙක් දශරාජ ධර්මයෙන් යුතුව රාජ්‍ය කළා.

    වටාපත මෑත් කල හාමුදුරුවෝ - උපාසක මහත්තයට එහෙයි කියන්න අමතක වෙලා වගේ
    යයි කියා උඩුරාවන දෙස බැලීය.

    උඩුරාවන - හාමුදුරුවනේ මට හරියට අහගන්න බැරිඋනා

    හාමුදුරුවෝ - ඔන්න යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක්...

    උඩුරාවන - හාමුදුරුවනේ යටගිය දවස කියන්නේ ?

    හාමුදුරුවෝ - යට ගිය දවස කියන්නේ හුගාක් ඈත තීතයේ

    උඩුරාවන - ඒ කියන්නේ හාමුදුරුවනේ කීවෙනි ශත වර්ෂයේද ?

    හාමුදුරුවෝ - කීවෙනි ශත වර්ෂයේද කියල හරියටම කියන්න බෑ.

    උඩුරාවන - දළ වශයෙන් බුද්ධ වර්ෂ

    හාමුදුරුවෝ - බුද්ධ වර්ෂ ආරම්භයට කල්ප ගානකට ඉස්සර වෙච්ච දෙයක් මන් මේ කියන්නේ.

    උඩුරාවන - හාමුදුරුවනේ කල්පයකට අවුරදු කොච්චර තියෙනෙවද ?

    හාමුදුරුවෝ - මේ උපාසක මහත්තයට තියෙන්නේ "එහෙයි" කියන එකයි. ඔච්චර විස්තර
    දන ගන්න ඕන නෑ. ඇයි උපාසක මහත්තය ඉස්කෝලෙදි ඉගෙනගෙන නැද්ද බරණැස් නුවර
    බ්‍රහ්මදත්ත ?

    උඩුරාවන - මං අහල තියෙනවා හාමුදුරුවනේ හැබැයි හැම ජාතක කතාවකම වගේ බරණැස්
    නුවර බ්‍රහ්මදත්ත කියල තමා කියවෙන්නේ. මං අහන්නේ දැන් කියපු බ්‍රහ්මදත්ත
    කී වැනි බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද කියලයි. මොකද කියනවනම් ඔය හැම
    බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝම ධර්මිෂ්ටයි කියල විශ්වාස කරන්න බෑ නේ .

    හාමුදුරුවෝ - මං මේ කියන බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට හිටියා එක් ලක්ෂ සයානු
    දහසක් බිසෝවරු.

    උඩුරාවන - මගේ බුදු අම්මෝ (උඩුරාවනට නැගිට්ටුනි, අසල සිටි උපාසක මහත්වරු
    උඩුරාවන පහතට ඇද වාඩි කර වුහ.යටි සිතින් බ්‍රහ්මදත්තයා ගැන ඉරිසියාවෙන්
    පුපුරමින් , මට එක බිරිදක් හොයාගන්න මගුල්කපුවන්ට බැරි එකේ එක් ලක්ෂ
    අනුහය දාහක්!)

    හාමුදුරුවෝ - මොකද උපාසක මහත්තයෝ ගොනුස්සෙක්වත් කැවද ?

    උඩුරාවන - නෑ හාමුදුරුවනේ මං උඩගියේ රජ්ජුරුවන්ට ඔච්චර බිසෝවරු ?

    හාමුදුරුවෝ - ඒ කාලේ එහෙම තමයි

    උඩුරාවන - සංඛ්‍ය ලේඛන දෙපාර්තුමේන්තුවට වෙන වැඩක් තියෙන්න නැතිව ඇති
    රජ්ජුරුවන්ගේ බිසෝවරු ගණන් කර කර ඉන්නවා මිසක්.

    හාමුදුරුවෝ - එහෙම දෙපාර්තුමේන්තුවක් තිබුනේ නෑ ඒකාලේ

    උඩුරාවන - එහෙනම් කව්ද ගණන් කලේ?

    හාමුදුරුවෝ - එහෙම ගණන් කරන්න අවශ්‍යතාවයක් තිබ්බේ නෑ ඒ කාලේ.

    උඩුරාවන - හරි හොදයි එක බිසෝ කෙනෙක් හරි පැනලා ගියා කියමුකෝ

    හාමුදුරුවෝ - එහෙම නරක බිසෝවරු හිටියේ නෑ.

    උඩුරාවන - මොකෝ නැත්තේ හාමුදුරුවනේ අර චුල්ල පදුම ජාතකයේ කොහොමද ? එතකොට
    අර කෝසල රජ්ජුරුවන්න්ගේ මල්ලිකා බිසව කියල හොඳ ගැනියෙක්ද ?

    හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේ ...

    උඩුරාවන - දැන් එක ගෑනියෙක් පරිස්සම් කරගන්න බෑ අපේ මිනිස්සුන්ට . මං
    අහන්නේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ එක්ලක්ෂ අනුදාහක් පාලනය කලේ ? උන් සන්තෝෂ
    කරනවා තියා මුණවත් බලන්න වෙලාවක් රජ්ජුරුවන්ට තියෙයිද?

    හාමුදුරුවෝ - ඒ උනාට රජ මාලිගයේ සැප සම්පත් වලින් අඩුවක් නෑ නේ උපාසක මහත්තයෝ.

    උඩුරාවන - කොච්චර සැප සම්පත් තිබුනත් තමන්ගේ මනුස්සයාගේ ඇගිල්ලක් වත්
    ස්පර්ශ කරන්න නැත්නම් මොකටද ඒ මගුල?

    හාමුදුරුවෝ - හා හා දැන් අපි බණට බහිමු.

    උඩුරාවන - අනිත් එක කොහොමද ඔය රජ්ජුරුවෝ ඔච්චර බිසෝවරු ගොඩක් හොයාගත්තේ?

    හාමුදුරුවෝ - ලස්සන කාන්තාවක් දැක්කම රජ්ජුරුවෝ එයාව සරණ පවා ගන්නවා .

    උඩුරාවන - එතකොට රටේ අනිත් පිරිමින්ට හම්බුවෙන්නේ තේරිලා ඉතිරි වෙච්ච
    ගොරක ගෑනු. එතකොට හාමුදුරුවනේ එහෙම ලස්සන ගෑනු දැක්ක පලියට බැඳ ගන්නවට
    රජ්ජුරුවන්ගේ අම්මා තාත්තා මොකුත් කීවේ නැද්ද ?

    හාමුදුරුවෝ - එහෙම විරුද්ධ වෙන්න නරක බිසෝවරු තොර ගත්තේ නෑ .

    උඩුරාවන - අපි එහෙම ලස්සන කෙල්ලෙක් දැකලා කතා කලත් අම්මා කචල් දානවා.
    බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට හොඳයි අපිට නරකයි.

    හාමුදුරුවෝ - දැන් අපි බණ.

    උඩුරාවන - හාමුදුරුවනේ ඔය ඔක්කොම බිසෝවරු මාලිගාවේද හිටියේ ?

    හාමුදුරුවෝ - ඒක මං දන්නේ නෑ .

    උඩුරාවන - හාමුදුරුවනේ ඔච්චර බිසෝවරු ගොඩක් ඉන්න කොට බ්‍රහ්මදත්ත
    රජ්ජුරුවන්ට වේලාවක් තිබුනද රට පාලනය කරන්න?

    හාමුදුරුවෝ - මං දන්නෑ උපාසක.

    උඩුරාවන - එතකොට ඔබ වහන්න්සේ කිව්වේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ දශරාජ
    ධර්මයෙන් රජ කළා කියල.

    හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේට තියෙන්නේ එහෙයි කියල ප්‍රති උත්තර දෙන්න
    විතරයි. නැතිව මගෙත් එක්ක වාද කරන එක නමේ. මොකක්ද මේ කරන විකාරය?

    උඩුරාවන - එක්ලක්ෂ අනුහය දාහක් බිසෝවරු හිටපු බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ දස
    රාජ ධර්මයෙන් තිය කොයි විදිහටවත් රජකම් කරන්න වෙලාවක් තිබුන කියල මං
    කොහොමද එකඟ වෙන්නේ.

    හාමුදුරුවෝ - එතකොට මේ උපාසක උන්නැහේ එහෙයි කියන්නේ නෑ?

    උඩුරාවන - අපේ හාමුදුරුවනේ ඔය බිසෝවරු හරියටම එක්ලක්ෂ අනුහය දාහක්හිටියද
    ? කාලෙන් කාලෙට අඩු වැඩි ....

    හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේ මීට පස්සේ පන්සල් වත්තේ හතර මායිමට අඩිය
    තියන්නේ නෑ. ඇහුණද ?

    උඩුරාවන - (ශබ්ද නගා) එහෙයි හාමුදුරුවනේ.














     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ගිරව තමා දන්නේ බෙනේ ඇතුලේ මොකද වෙන්නෙ කියල...ඒකට රිලව් රිංගන්න ආවම තමා ප්‍රශ්න ඇතිවෙන්නෙ...
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    this is a rip off from late Chandra Anagirathna,s "Naralowa Holman" . should gve credit to the oiginal author.