උණුසුම සොයා මතුගම එන අටු වැහිලිහිණියෝ
උණුසුම සොයා මතුගම එන අටු වැහිලිහිණියෝ
සාමාන්‍ය ජීවිතය ගෙවමින්, ප්‍රජනනය කරන රටෙහි දේශගුණික වෙනස්‌කම්වලට ප්‍රතිචාර ලෙස ශීත සෘතුවේ දී එම ප්‍රදේශ හැර දමා වෙනත් ප්‍රදේශයක් හෝ රටක් හෝ වෙත ගමන් කර එහි නිශ්චිත කාල සීමාවක් ජීවත් වී නැවත මුල් ප්‍රදේශයට ගමන් ගන්නා පක්‌ෂීන්, පර්යටනය වන සංචාරක කුරුල්ලන් හෙවත් නිහැරියන් ලෙස හැඳින්වේ. මේ නිහැරියන් ශ්‍රී ලංකාවට පැමිණීම අගෝස්‌තු මස ඇරඹෙන අතර අප්‍රේල්, මැයි පමණ වනවිට යළි ආපසු ගමන් කිරීම සිදු කෙරෙයි.
මෙලෙස සංචාරක පක්‌ෂී විශේෂ රැසක් ම මෙරටට පැමිණ දිවයින පුරා විවිධ ස්‌ථාන තම වාසස්‌ථාන බවට පත් කරගනී. මේ අතරින් සුවිශේෂී හැසිරීමක් පෙන්වන පක්‌ෂී විශේෂයක් වන්නේ අටු වැහිලිහිණියන් ය. වෙනත් සංචාරක පක්‌ෂීන් එක ම ස්‌ථානයක විශාල වශයෙන් එක්‌රැස් වීමක් දක්‌නට නො ලැබුණ ද මේ අටු වැහිලිහිණියන් කළුතර දිස්‌ත්‍රික්‌කයේ මතුගම නගරයෙහි විශාල වශයෙන් එක්‌රැස් වනු දැකිය හැකි ය. අගෝස්‌තු මාසයේ මැද පමණ වනවිට මතුගම නගරයට පැමිණෙන මොවුහු අප්‍රේල් වල යළි පිට වී යනතුරු මාස අටක පමණ කාලයක් මතුගම නගරය තුළ ජීවත් වෙති.
අඳුර වැටීමත් සමඟ වලාකුළක් සේ මතුගම නගරයට පැමිණෙන මේ අටු වැහිලිහිණියෝ නගරයේ විදුලි රැහැන්, දුරකථන රැහැන්, ඔරලෝසු කණුව වැනි ස්‌ථාන රාත්‍රිය ගත කිරීම සඳහා භාවිත කරති. විදුලි පහන්වල ආලෝකය ලැබෙන ස්‌ථාන අසල රැය පහන් කිරීමට ප්‍රියතාවක් දක්‌වන මේ පක්‌ෂීන් කම්බි රැහැන් මත එකිනෙකා ස්‌පර්ශ වන සේ එක පෙළට ලැගුම්ගනු දක්‌නට ලැබේ. මෙලෙස එක් රැයක දී නගරයට එක්‌රැස් වන අටු වැහිලිහිණියන් සංඛ්‍යාව හැත්තෑ දහසත් ලක්‌ෂයත් අතර ප්‍රමාණයක් වේ. කම්බි මත රැය ගත කරන මේ පක්‌ෂීන් හෙළන වසුරු නිසා, පසු දින නගරයේ මං මාවත් දිස් වන්නේ සුදු පැහැයෙනි. නගරයේ රැය ගත කරන පක්‌ෂීහු පසු දා හිමිදිරියේ ම ආහාර සොයා පිටත් වෙති.
යුරෝපය, උතුරු අප්‍රිකාව, ඇමෙරිකාව සහ ආසියානු කලාපයට අයත් රටවල් තම නිජබිම හෙවත් අභිජනන ප්‍රදේශය (Breeding ground) කරගත් මේ පක්‌ෂීහු ධාන්‍ය ගබඩා ආශ්‍රිත ව බහුල ව ජීවත් වන නිසා Barn Swallows යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වනු ලැබෙත්. මෙරට දී ධාන්‍ය ගබඩා කිරීමට 'අටුව' භාවිත කරන නිසා ඒ අරුතින් මේ පක්‌ෂීන් අටු වැහි ලිහිණියන් ලෙස හඳුන්වයි. Hirundo rustica යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මේ පක්‌ෂීන් Chordata වංශය (Phylum) Aves වර්ගයේ, (Class) Passeriformes ගෝත්‍රයේ (Order), Hirundinidae කුලයේ (Family), Hirundo ගණයේ (Genus), rustica විශේෂය (Species)ට අයත් වේ. මොවුන් ගේ Hirundo rustica rustica, transitive, savignii, gutturalis, tytleri, erythrogaster යනුවෙන් උප විශේෂ 6ක් පමණ මේ වන විට හඳුනාගෙන තිබේ.
තම අභිජනන ප්‍රදේශයන්හි (Breeding ground) ගොඩනැඟිලි බිත්ති, ධාන්‍ය ගබඩා ආදියෙහි කුඩා කූඩු සාදා බිජුලමින් තම වර්ගයා බෝ කරන මේ පක්‌ෂීහු ශීත කාලය එළඹීමත් සමඟ අභිජනන ප්‍රදේශ (Breeding grounds) අතහැර ආහාර බහුල හිතකර පරිසරයක් ඇති සිසිරකාරක ප්‍රදේශ (Wintering grounds) වෙත පැමිණීම සිදු කරති. අටු වැහිලිහිණියන් දක්‌ෂ පියාඹන්නන් වන අතර මොවුන් හට පියා සලමින් ම කෘමීන් අල්ලාගැනීම කළ හැකි ය. මී මැස්‌සන්, කෘමීන්, කුරුමිණියන්, මැස්‌සන්, සමනළයන් වැනි කුඩා කෘමීන් ආහාරයට ගැනීමට දැඩි ප්‍රියතාවක් දක්‌වන මොවුහු කුඹුරු, පොකුණු, ගංගා වැනි ස්‌ථානවල වැඩි වශයෙන් ගැවසීමට කැමැත්තක් දක්‌වති. මෙලෙස මතුගම නගරය ආශ්‍රිත ප්‍රදේශයන්හි සැරිසරමින් ආහාර සොයාගන්නා අටු වැහිලිහිණියෝ මතුගමින් පිට වී දිර්ඝ සංචාරයක් කළ යුතු නිසා මතුගම රැදී සිටින කාලය තුළ ශරීරය පෘෂ්ඨිමත් ව වර්ධනය කරගනිමින් ශක්‌ති සම්පන්න ලෙස තම නිජබිම වෙත යැමට සූදානම් වෙති. මේ නිසා අප්‍රේල් වන විට මේ පක්‌ෂීන් ගේ ශරීරයේ හොඳින් දිළිසෙන ස්‌වභාවයක් ද දක්‌නට ලැබේ.
අටු වැහිලිහිණි උප විශේෂ අතරින් මතුගම නගරයේ දී දක්‌නට ලැබෙන්නේ ලොව වඩාත් සුලබ ම උප විශේෂය වන Hirundo rustica gutturalish ය. ගේ කුරුල්ලකු පමණ වන මේ අටු වැහිලිහිණියා කළු/ඔපවත් නිල් පැහැ පියාපත් දරන අතර යටි කය සුදු වන් පැහැයක් ගනී. මලකඩ තැඹිලි පැහැයක ගෙල ප්‍රදේශයක් හා ගැඹුරු ලෙස දෙබල් වූ වලිගයක් මේ පක්‌ෂීයාට ඇත.
වර්තමානයේ මතුගම නගරයෙන් අටු වැහිලිහිණියන් විශාල වශයෙන් මෙලෙස හමු වුව ද මීට වසර ගණනාවකට පෙර මේ පක්‌ෂීන් විශාල වශයෙන් හමු වී ඇත්තේ නුගේගොඩ, රත්මලාන, රත්නපුර, ඇහැලියගොඩ, කුරුවිට වැනි ප්‍රදේශවලිනි. එහෙත් මේ වන විට එම ප්‍රදේශවල අටු වැහිළිහිණියන් විශාල වශයෙන් දක්‌නට නො ලැබේ. අද වන විට මොවුන් විශාල වශයෙන් එක් රැස් වන එක ම තැන මතුගම නගරය පමණි. 1963, 1964 වැනි කාලයන්හි දී ඉන්දියාවෙහි කේරලය, කල්කටා, බොම්බාය, රාජස්‌ථාන් ආශ්‍රිත නගරයන්හි මතුගම නගරයේ මෙන් රාත්‍රී කාලයේ දී විදුලි
රැහැන් මත අටු වැහිලිහිණියන් විශාල වශයෙන් සිටි බව වාර්තා වී තිබේ.
වසර ගණනාවක සිට මතුගම නගරයට එක්‌රොක් වන අටු වැහිලිහිණියන් මේ වන විට මතුගම නගරයේ අනන්‍යතාවක් බවට පත් වී තිබේ. කෙනකුගේ හිස මතට වසුරු පිඩක් හෙළීම හැරුණු විට මතුගම නගරවාසීන්ට මේ පක්‌ෂීන් ගෙන් වෙනත් හිරිහැරයක් සිදු නො වේ. අඳුර වැටෙත් ම නිවෙස් බලා යන්නන් බහුල වීම නිසා කලබලකාරී වන නගරයට එක් වන මේ ලක්‌ෂ සංඛ්‍යාත පක්‌ෂීන් ගේ ශබ්දය නගරවාසීන්ට දැන් හුරු පුරුදු ය. මේ නිසා මතුගම නගරය, උණුසුම සොයා එන අටු වැහිලිහිණියන්ට හැමදාමත් විවෘත ව තිබේ.
ස්‌තූතිය - නිශාන්ති පෙරේරා මහත්මිය - ක්‌ෂේත්‍ර පක්‌ෂී විද්‍යා අධ්‍යයන කවය
ඡායාරූප - කසුන් විද්‍යාවර්ධන
අසිරු වේදිත කරුණාරත්න
උණුසුම සොයා මතුගම එන අටු වැහිලිහිණියෝ
අඳුර වැටීමත් සමඟ වලාකුළක් සේ මතුගම නගරයට පැමිණෙන මේ අටු වැහිලිහිණියෝ නගරයේ විදුලි රැහැන්, දුරකථන රැහැන්, ඔරලෝසු කණුව වැනි ස්‌ථාන රාත්‍රිය ගත කිරීම සඳහා භාවිත කරති. විදුලි පහන්වල ආලෝකය ලැබෙන ස්‌ථාන අසල රැය පහන් කිරීමට ප්‍රියතාවක් දක්‌වන මේ පක්‌ෂීන් කම්බි රැහැන් මත එකිනෙකා ස්‌පර්ශ වන සේ එක පෙළට ලැගුම්ගනු දක්‌නට ලැබේ. මෙලෙස එක් රැයක දී නගරයට එක්‌රැස් වන අටු වැහිලිහිණියන් සංඛ්‍යාව හැත්තෑ දහසත් ලක්‌ෂයත් අතර ප්‍රමාණයක් වේ. කම්බි මත රැය ගත කරන මේ පක්‌ෂීන් හෙළන වසුරු නිසා, පසු දින නගරයේ මං මාවත් දිස් වන්නේ සුදු පැහැයෙනි. නගරයේ රැය ගත කරන පක්‌ෂීහු පසු දා හිමිදිරියේ ම ආහාර සොයා පිටත් වෙති.
අටු වැහිලිහිණි උප විශේෂ අතරින් මතුගම නගරයේ දී දක්‌නට ලැබෙන්නේ ලොව වඩාත් සුලබ ම උප විශේෂය වන Hirundo rustica gutturalish ය. ගේ කුරුල්ලකු පමණ වන මේ අටු වැහිලිහිණියා කළු/ඔපවත් නිල් පැහැ පියාපත් දරන අතර යටි කය සුදු වන් පැහැයක් ගනී. මලකඩ තැඹිලි පැහැයක ගෙල ප්‍රදේශයක් හා ගැඹුරු ලෙස දෙබල් වූ වලිගයක් මේ පක්‌ෂීයාට ඇත.
වර්තමානයේ මතුගම නගරයෙන් අටු වැහිලිහිණියන් විශාල වශයෙන් මෙලෙස හමු වුව ද මීට වසර ගණනාවකට පෙර මේ පක්‌ෂීන් විශාල වශයෙන් හමු වී ඇත්තේ නුගේගොඩ, රත්මලාන, රත්නපුර, ඇහැලියගොඩ, කුරුවිට වැනි ප්‍රදේශවලිනි. එහෙත් මේ වන විට එම ප්‍රදේශවල අටු වැහිළිහිණියන් විශාල වශයෙන් දක්‌නට නො ලැබේ. අද වන විට මොවුන් විශාල වශයෙන් එක් රැස් වන එක ම තැන මතුගම නගරය පමණි. 1963, 1964 වැනි කාලයන්හි දී ඉන්දියාවෙහි කේරලය, කල්කටා, බොම්බාය, රාජස්‌ථාන් ආශ්‍රිත නගරයන්හි මතුගම නගරයේ මෙන් රාත්‍රී කාලයේ දී විදුලි
රැහැන් මත අටු වැහිලිහිණියන් විශාල වශයෙන් සිටි බව වාර්තා වී තිබේ.
වසර ගණනාවක සිට මතුගම නගරයට එක්‌රොක් වන අටු වැහිලිහිණියන් මේ වන විට මතුගම නගරයේ අනන්‍යතාවක් බවට පත් වී තිබේ. කෙනකුගේ හිස මතට වසුරු පිඩක් හෙළීම හැරුණු විට මතුගම නගරවාසීන්ට මේ පක්‌ෂීන් ගෙන් වෙනත් හිරිහැරයක් සිදු නො වේ. අඳුර වැටෙත් ම නිවෙස් බලා යන්නන් බහුල වීම නිසා කලබලකාරී වන නගරයට එක් වන මේ ලක්‌ෂ සංඛ්‍යාත පක්‌ෂීන් ගේ ශබ්දය නගරවාසීන්ට දැන් හුරු පුරුදු ය. මේ නිසා මතුගම නගරය, උණුසුම සොයා එන අටු වැහිලිහිණියන්ට හැමදාමත් විවෘත ව තිබේ.
ස්‌තූතිය - නිශාන්ති පෙරේරා මහත්මිය - ක්‌ෂේත්‍ර පක්‌ෂී විද්‍යා අධ්‍යයන කවය
ඡායාරූප - කසුන් විද්‍යාවර්ධන
අසිරු වේදිත කරුණාරත්න
. thanks share kalata