උණ_කටුවේ_බලය

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උණ කටුවේ බලය

    බයාදු මිනිසකු වූ සියදෝරිස් රෝගීව සිටි තම කටකාර බිරිඳ දොස්තර මහතා වෙත කැඳවාගෙන ගියේය. දොස්තර මහතා රෝග ලක්ෂණ විමසා, උණ කටුවක් ගෙන ඇගේ මුවට ඔබා ‘දැන් කට වහගෙන ඉන්න’ යයි කීය. වෛද්‍යවරයා නැවතත් උණ කටුව ඉවතට ගන්නා තෙක් බිරිඳ කට තදින් වසා ගෙන නිසොල්මනේ සිටිනු සියදෝරිස් බලා සිටියේ මුවද විවර කරගෙනය.
    බිරිඳට ප්‍රතිකාර කර අවසන් වූ පසු ඇයත් සමඟ කාමරයෙන් පිටතට ආ සියදෝරිස්, නැවතත් වහා වෛද්‍යවරයා වෙත ගොස්, මේසය මත තිබු උණ කටුව පෙන්නා මෙසේ ඇසීය.
    ‘දොස්තර මහත්තයෝ මේවයින් එකක් කීයකට විතර ගන්ඩ පුළුවන් ද?’

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපට මොකෝ

    අපට මොකෝ

    ජයතිස්ස එක් නිවාඩුවකදී කොළඹින් බොහෝ ඈත පිහිටි තම පියාට අයත් ගොවිපොළට ගියේ දින කීපයක් එහි ගත කිරීමේ අපේක්ෂාවෙනි. එක් උදෑසනක ඔහු තම ගොවිපළේ සිරි නරඹමින් සිටිය දී ගොවිපළේ හරකුන් හට තණ කවමින් සිටි රූමත් තරුණියක දුටුවේය. හේ ඇය දෙස නොතිත් ආශාවෙන් බලා සිටියදී තණ කමින් සිටි වස්සෙක් අසල සිටි වැස්සියක් ළඟට පැන මුහුණට මුහුණ තබා අතුල්ලමින් ලෙව කන්නට විය.
    තරුණිය වෙත ළංවන්නට මෙය මාතෘකාවක් කර ගන්නට සිතු ජයතිස්ස තරුණිය දෙස බලා කෑදර සිනාවක් පාමින් මෙසේ කීය.
    ‘මටත් හිතෙනවා අර වගෙ කරන්න.’
    ‘ඉතින් අපට මොකෝ, මහත්තයලගෙ වැස්සිනෙ.’ තරුණිය වහා පිළිතුරු දුන්නාය.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයා වෙනුවෙන් ද?

    ඔයා වෙනුවෙන් ද?

    සිගරට්ටුවක් ගෙන දෙතොලඟ තබා ගත් කරුණාරත්න දෙස නොමනාපයෙන් බැලු නිලන්ති දෙවුර ගස්සා මෙසේ කීවා ය.
    ‘ඔයාට මං වෙනුවෙන් ඔය සිගරට් බීම නවත්තන්ඩ බැරි ද?’
    ‘ඒ වුණාට මං සිගරට් බොන්නෙ ඔයා වෙනුවෙන් නෙමෙයිනෙ.’ කරුණාරත්න පිළිතුරු දුන්නේ මෝඩ සිනාවක් මුවඟට නංවා ගනිමිනි.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලියුම් ලැබෙන පිළිවෙළ

    ලියුම් ලැබෙන පිළිවෙළ

    මාටින් පොලීසියට ගියේ තම අල්ලපු ගෙදර පදිංචි ජේමිස්ට විරුද්ධව පැමිණිල්ලක් කිරීමටය. ඔහුගේ පැමිණිල්ල සටහන් කර ගැනීමට සැරසුණු පොලිස් නිලධාරියා ඔහු දෙස බලා මෙසේ කීය.
    ‘කියනවා බලන්ඩ තමුන්ට ලියුං ලැබෙන පිළිවෙළ?’
    ‘තමුන්නාන්සෙලට ලැබෙන පිළිවෙළටම තමයි. පියුං මහත්තයා ගෙදරටම ගෙනත් දෙනවා.’ මාටින් බයාදු ලෙස සිනාසෙමින් පිළිතුරු දුන්නේ ය.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    චැනල් මාරු කිරීම

    චැනල් මාරු කිරීම

    ‘ඩොක්ටර් මගෙ මහත්තයා හිතාගෙන ඉන්නෙ එයා රේඩියෝ එකක් කියල. උදේ ඉඳලා රෑ වෙනකම් එයා සැරින් සැරේ ප්‍රවෘත්ති කියවනවා. ශාස්ත්‍රීය ගීත කියනවා. කතා පවත්වනවා. ඉවරයක් නැහැ.’ දිනක් මනෝ චිකිත්සකයකු හමුවූ එක් කාන්තාවක් ඔහුට කීවාය.
    ‘හොඳයි අපි බලමු ලෙඩාව. මට හිතෙන්නෙ මෝහනය කරලා ඕක සනීප කරන්න පුළුවන් වෙයි.’
    ‘මට ඕනෙ ඒක සනීප කරවා ගන්න නෙමෙයි ඩොක්ටර්. ඩොක්ටර්ට බැරිද එයාට ඒත්තු ගන්වන්න එයා ‘පළවෙනි සේවය’ නෙවෙයි ‘වෙළඳ සේවය’ කියල.’ බිරිඳ මහත් උනන්දුවෙන් ඇසුවාය.

    මේ සේරම උපුටා ගත්තේ
    සිළුමිණ පුවත්පතින්
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අපට මොකෝ

    ජයතිස්ස එක් නිවාඩුවකදී කොළඹින් බොහෝ ඈත පිහිටි තම පියාට අයත් ගොවිපොළට ගියේ දින කීපයක් එහි ගත කිරීමේ අපේක්ෂාවෙනි. එක් උදෑසනක ඔහු තම ගොවිපළේ සිරි නරඹමින් සිටිය දී ගොවිපළේ හරකුන් හට තණ කවමින් සිටි රූමත් තරුණියක දුටුවේය. හේ ඇය දෙස නොතිත් ආශාවෙන් බලා සිටියදී තණ කමින් සිටි වස්සෙක් අසල සිටි වැස්සියක් ළඟට පැන මුහුණට මුහුණ තබා අතුල්ලමින් ලෙව කන්නට විය.
    තරුණිය වෙත ළංවන්නට මෙය මාතෘකාවක් කර ගන්නට සිතු ජයතිස්ස තරුණිය දෙස බලා කෑදර සිනාවක් පාමින් මෙසේ කීය.
    ‘මටත් හිතෙනවා අර වගෙ කරන්න.’
    ‘ඉතින් අපට මොකෝ, මහත්තයලගෙ වැස්සිනෙ.’ තරුණිය වහා පිළිතුරු දුන්නාය.

    :rofl:
    tAWA ONEEEEEE
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ලියුම් ලැබෙන පිළිවෙළ

    මාටින් පොලීසියට ගියේ තම අල්ලපු ගෙදර පදිංචි ජේමිස්ට විරුද්ධව පැමිණිල්ලක් කිරීමටය. ඔහුගේ පැමිණිල්ල සටහන් කර ගැනීමට සැරසුණු පොලිස් නිලධාරියා ඔහු දෙස බලා මෙසේ කීය.
    ‘කියනවා බලන්ඩ තමුන්ට ලියුං ලැබෙන පිළිවෙළ?’
    ‘තමුන්නාන්සෙලට ලැබෙන පිළිවෙළටම තමයි. පියුං මහත්තයා ගෙදරටම ගෙනත් දෙනවා.’ මාටින් බයාදු ලෙස සිනාසෙමින් පිළිතුරු දුන්නේ ය.

    :dull:MATA MEKA THERUN GANNA TARAM MOLAYAK NE WAGE:dull:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    චැනල් මාරු කිරීම

    ‘ඩොක්ටර් මගෙ මහත්තයා හිතාගෙන ඉන්නෙ එයා රේඩියෝ එකක් කියල. උදේ ඉඳලා රෑ වෙනකම් එයා සැරින් සැරේ ප්‍රවෘත්ති කියවනවා. ශාස්ත්‍රීය ගීත කියනවා. කතා පවත්වනවා. ඉවරයක් නැහැ.’ දිනක් මනෝ චිකිත්සකයකු හමුවූ එක් කාන්තාවක් ඔහුට කීවාය.
    ‘හොඳයි අපි බලමු ලෙඩාව. මට හිතෙන්නෙ මෝහනය කරලා ඕක සනීප කරන්න පුළුවන් වෙයි.’
    ‘මට ඕනෙ ඒක සනීප කරවා ගන්න නෙමෙයි ඩොක්ටර්. ඩොක්ටර්ට බැරිද එයාට ඒත්තු ගන්වන්න එයා ‘පළවෙනි සේවය’ නෙවෙයි ‘වෙළඳ සේවය’ කියල.’ බිරිඳ මහත් උනන්දුවෙන් ඇසුවාය.

    මේ සේරම උපුටා ගත්තේ
    සිළුමිණ පුවත්පතින්
    :lol::lol:
    LOL

    ela ela tawa dahan machan...
    good thread.........
     
    Hiroshan1

    Member
    Jul 10, 2008
    2,864
    2
    0
    ~ Dubai ~
    අපට මොකෝ

    ජයතිස්ස එක් නිවාඩුවකදී කොළඹින් බොහෝ ඈත පිහිටි තම පියාට අයත් ගොවිපොළට ගියේ දින කීපයක් එහි ගත කිරීමේ අපේක්ෂාවෙනි. එක් උදෑසනක ඔහු තම ගොවිපළේ සිරි නරඹමින් සිටිය දී ගොවිපළේ හරකුන් හට තණ කවමින් සිටි රූමත් තරුණියක දුටුවේය. හේ ඇය දෙස නොතිත් ආශාවෙන් බලා සිටියදී තණ කමින් සිටි වස්සෙක් අසල සිටි වැස්සියක් ළඟට පැන මුහුණට මුහුණ තබා අතුල්ලමින් ලෙව කන්නට විය.
    තරුණිය වෙත ළංවන්නට මෙය මාතෘකාවක් කර ගන්නට සිතු ජයතිස්ස තරුණිය දෙස බලා කෑදර සිනාවක් පාමින් මෙසේ කීය.
    ‘මටත් හිතෙනවා අර වගෙ කරන්න.’
    ‘ඉතින් අපට මොකෝ, මහත්තයලගෙ වැස්සිනෙ.’ තරුණිය වහා පිළිතුරු දුන්නාය.
    :lol: Patta
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Thawa dennan... Maxxa machan

    Denma REP denna nam beri wei
    You must spread some Reputation around before giving it to coollifestyle4u again.