උතුම් බ්‍රහ්මචරියාවෙන් පිරිසිදු බව ලැබේ.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    බොහෝ අතීතයේ ලොව උපන් නිමි නමැති රජෙක් විය. ඒ රජු හට මෙවැනි සිතිවිල්ලක් උපන්නේ ය. එනම් ‘දානය හෝ බඹසර හෝ යන මෙයින් කවර නම් පිනක් මහත්ඵල විපාක ඇත්තේ ද?’ (දානං වා බ්‍රහ්මචරියං වා – කතමංසු මහප්ඵලන්ති) යනුයි. නිමි රජුගේ නුවණට එය ගෝචර නො වී ය. උපෝසථ සිල් රකින රජුගේ සිල් තෙදින් සක් දෙවිඳුගේ ආසනය උණු විය. උපෝසථ දිනයේ අලුයම් වේලේ අහසේ පහළ වූ සක් දෙවිඳු නිමි රජුගේ එම පැනයට මෙසේ පිළිතුරු දුන්නේ ය.
    “හීනේන බ්‍රහ්මචරියේන – ඛත්තියේ උපපජ්ජති
    මජ්ක්‍ධිමේන ච දේවදත්තං – උත්තමේන විසුජ්ඣති”
    “බලවත් නැති බඹසරින් රජ කුලයේ උපදී. මධ්‍යම බ්‍රහ්මචරියාවෙන් දෙව් බවට පත්වේ. උතුම් බ්‍රහ්මචරියාවෙන් පිරිසිදු බව ලැබේ.”
    “න හේතේ සුලභා කායා – යාච යෝගේන කේනචී
    යේ කායේ උපපජ්ජන්ති – අනාගාරා තපස්සිනෝ’ති”
    “අනගාරිකව කෙලෙස් තවන (බඹසර රකින) යම් කෙනෙක් බඹලොව උපදිනවා නම් එවැනි බ්‍රහ්මත්වයක් වෙන දානයකින් නම් නො ලැබිය හැක්කේ ය.”
    සක් දෙවිඳු නිමි රජු හට බඹසරෙහි උතුම් බව දක්වනු පිණිසත්, දානය එයට ළං නොවන බව දක්වනු පිණිසත් මේ කතාව දැක්වූයේ ය. ඒ මෙසේ ය.
    “පෙර බරණැස දුදීප ය, සාගර ය, සේල ය, මුචලින්ද ය, භගීරස ය, අට්ඨක ය, අස්සේක ය, පුථුජ්ජන ය යැයි යන මේ රජවරු ද තවත් බොහෝ දෙන ද නොයෙක් අයුරින් දන් දී කාමාවචර ලෝකය ඉක්මවා යා නොහැකිව දෙව්ලොව ම උපන්නාහු ය. ‘බඹසර බ්‍රහ්මලෝකයේ උපත ලබා දෙයි. එහෙත් දානය දෙව්ලොව ඉක්මවා නො යයි.’ යනු එහි අදහසයි.
    හුදෙකලා ව තවත් කෙනෙකුගේ පහසක් හෝ සතුටු කිරීමක් නොමැතිව ලබන ඒ බඹසර සැපය කෙනෙක් නොවිඳිද්ද ඔහුට සක් දෙවිඳුගේ සැපය ලැබුණත් ඒ සියල්ල බාහිර සැපයක් ම විනා තමා තුළින් ජනිත සැපයක් නො වේ. (මේ අනුව සක් දෙවිඳුගේ සැපය පවා බාහිර කරුණු මුල්ව ජනිත වන බවත්, එහෙත් හුදෙකලා බඹසර සැපය තමා තුළින් ම ජනිත වන අනතුරු රහිත සුවයක් බවත් සක් දෙවිඳු නිම් රජුට පැහැදිලි කරයි.)
    අතීතයේ විසූ යාමහනු, සෝමයාග, මනෝජව, සමුද්ද, මාද, භරත, ඉසිකාලි, රක්ඛිය, කස්සප, කිසවම්ව, අකිත්ති යන ඍෂිවරු අනගාරිකව සිල්වත් වූ, කෙලෙස් තවන, ඒ බඹසර මුල්කරගෙන කාම ලෝකය ඉක්මවා බ්‍රහ්ම ලෝකයේ උපන්නාහු ය. (ඒ බඹසරෙහි ආනිශංස යි).
    සක් දෙවිඳු විසින් දානයට වඩා බඹසර උතුම් බව දක්වනු පිණිස අපූරු සිදුවීමක් ගෙන හැර දැක්වී ය.
    “පින්වත් රජතුමනි, හිමාලයට උතුරු දිසාවේ අතිශයින් ගැඹුරු වූ සිදා නම් නදියක් විය. ඒ නදිය දෙපස මනරම් භූමි භාගයේ එක් කලෙක දස දහසක් පමණ ඍෂිවරු විසූහ. සිදා නම් නදියේ ජලය කෙතරම් සියුම් ද යත් ඒ ජලයේ වැටුන මොණර පිහාටුව ද ජලයේ පතුලට ම කිඳා බසී. ඔරුවකින් ද ඒ නදිය තරණය කළ නො හැකි ය. එසේ හෙයින් කිඳා බසිනා යන අර්ථයෙන් ‘සිදා’ වූ ඒ නදිය ඒ බ්‍රහ්මචාරීන්ගේ වාස භූමිය සොඳුරු කළේ ය. ඒ තාපසයෝ රස තෘෂ්ණාව මැඩ ධාර්මික භෝජනයෙන් යැපුනාහු ය. දිනක් එක් තවුසෙක් අහසින් බරණැසට ගොස් පුරෝහිත බමුණාගේ නිවසට පිඬුසිඟා ගියේ ය.
    ඒ තවුසා කෙරෙහි පැහැදුන පුරෝහිතතුමා තවුසාගෙන් හිමවතේ තොරතුරු විමසා බඹසර රකින දස දහසක් තපස්වීන් ගැන අසා පැවිද්දේ හිත පිහිටවීය. රජුගෙන් අවසර ගෙන පසුදා එම තාපසයා සමඟ හිමවතට ගොස් පැවිදිව ටික දිනකින් ම ආකාශචාරී සමාපත්තිලාභියෙක් විය.
    තමන් පැවිදිව රජු හමු වීමට පැමිණෙන්නෙමි යන රජුට වූ පොරොන්දුවක් සිහිකොට ඒ (පෙර පුරෝහිත වූ) තාපසයා අහසින් රජ මැදුරට වැඩම කළේ ය. රජු ද ඉමහත් පැහැදීමට පැමිණ ඒ තාපසීන් වහන්සේට දන් දී සුවදුක් අසා හිමවතේ තොරතුරු විමසී ය. බ්‍රහ්මචාරී තවුසන් දසදහසකගේ තොරතුරු අසා ඒ තාපසීන්ට දන් දීමට කැමැත්තක් රජුට ඇති විය. එනමුත් ආහාරය හේතුකරගෙන ඒ බ්‍රහ්මචාරීන් මිනිස් පියසට වැඩම කරවීම අපහසු බව තාපසීන් වහන්සේ පෙන්වා දුන්නේ ය. ඒ අනුව දන් දීමේ අපමණ ආසාවෙන් යුතු රජු තම සිව්රඟ සේනාව ද රැගෙන තපස්තුමන්ගේ ඉර්ධියෙන් සිදා නදිය අසලට සමීප විය. රජු තපස්වීන් දැක වැඳ තුටු පහටුව සැමදා නදී තෙරට දනට වඩින ලෙස ආරාධනා කළේ ය. එදා පටන් ඒ දස දහසක් තපස්වීන්ට දානය සහිත සියලු උපස්ථාන රජු ම සිදු කළේ ය. එසේ දන් දෙන කල්හී එම ප්‍රදේශයේ නගරයක් කොට ධාන්‍ය ගොවිතැන් ද කළහ. මෙසේ දසදහසක් තාපසවරුන්ට දස දහසක් අවුරුදු උපස්ථාන කළේ ය. දන් දුන්නේ ය.”
    මෙසේ විස්තර කියූ සක් දෙවිඳු නිමිරජුට පැවසුවේ, “රජතුමනි, එදා දසදහසක් අවුරුදු දසදහසක් බ්‍රහ්මචාරී තවුසන්ට දන් දුන් රජුව ඉපදුණේ මම (සක් දෙවිඳු)” බවයි. “බලන්න… එදා දසදහසක් අවුරුදු දසදහසක් බ්‍රහ්මචාරීන්ට දන් දුන් මම තව්තිසාවේ උපන්නෙමි. ඒ බ්‍රහ්මචාරීහු බඹලොව උපන්නාහ. ඒ බඹ සැපය ඉදිරියේ මා ප්‍රේත ලොවක උපන්නා වැන්න. නිමි රජතුමනි, මේ කාරණයෙනුත් දානයට වඩා බඹසර උතුම් බව වටහාගනු මැනව. දානයට වඩා සීලය ම උතුම් ය. මේ ලොව නුවණැත්තා දානය වගේ ම සීලයෙහි ද අප්‍රමාදී වන්නේ ය” යැයි තවත් නොයෙක් අයුරින් බඹසරෙහි ආනිශංස දක්වා රජුගේ සැක දුරු කරවා අතුරුදහන්ව තව්තිසාවෙහි ම පහළ විය. පසු කාලයේ බඹසර පුරුදු කළ රජු ද බඹලොවෙහි උපත ලැබී ය. මේ අපගේ මහබෝධිසත්වයන් නිමි රජුව උපන් නිමි ජාතකයේ විස්තර කොටසකි.
    මේ අනුව බලන කල බඹසර කෙතරම් උතුම් ද යැයි සිතාගත හැකි ය. බ්‍රහ්මචාරීන් දසදහසකට දසදහස් වසරක් දන් දීමට වඩා බඹසරින් පුරුදු කරන විරාගයේ විපාක මහත් ය. තාපසීන් වහන්සේලා දවසට එක් වේලක් වැළඳුවේ යැයි සිතුවොත් වසර දසදහසකට දාන 36,500,000,000 පමණ වේ. ඒ දානවලට වඩා බඹසර ම උතුම් ය. විරාගය පුරුදු කරමින් කරන තපසත්, ධ්‍යාන භාවනාවත් ගැනයි සක් දෙවිඳු ඒ විස්තර කරන්නේ. මොහොතක් සිතන්න. එපමණ අවැසි නැත. අප හට සියක්නමකට දානය පූජා කරන්න ලැබුණෝතින් කෙතරම් නම් මහන්සි වන්නේ ද? කැප වන්නේ ද? වෙහෙස වන්නේ ද? දුක් පීඩා ඉවසන්නේ ද? එහෙත් සිත පීඩාවට පත් කරමින් එන කාම දාහය මොහොතක් ඉවසීමට නොහැකිව බඹසර කිලිටි කර ගනී. ඒ අනුව අද ලෝකයා දානයට දක්වන කැපවීමවත් බඹසර සීලයකට දක්වන බවක් පෙනෙන්නට නැත. නුවණැත්තෝ විමසත්වා! දානයට වඩා බඹසර විපාක වැඩි බව දැන බඹසරෙහි ඇල්ම උපදවා සීලය පුරුදු කරත්වා!
    සුත්ත නිපාතයේ ධම්මික සූත්‍රයේ ගිහි ප්‍රතිපදාව ගැන මැනවින් පහදා දෙන අපගේ භාග්‍යවතුන් වහන්සේ ධම්මික උපාසකතුමා හට මෙසේ වදාළ සේක.
    “අබ්‍රහ්මචරියං පරිවජ්ජයෙය්‍ය
    අංගාරකාසුං ජලිතං ව විඤ්ඤූ
    අසම්භුණන්තෝ පන බ්‍රහ්මචරියං
    පරස්ස දාරං නාතික්කමෙය්‍ය”
    “නුවණැති ගිහියා අබ්‍රහ්මචරියාව (කාම ක්‍රියාව) ගිනි අඟුරු වළක් විලසින් දැක බඹසර පුරුදු කළ යුතු ම ය. ඒ බඹසර රැක ගැනීමට නො හැකි නම් (නිසි කල විවාහ වී) පරඹුවන් කරා නොගොස් වාසය කළ යුතු ම ය.”
    මේ අනුව එකල නුවණැති අය මුළු ජීවිතය ම බඹසර පුරුදු කළහ. නො එසේ නම් විවාහ වන තෙක් බඹසර රකිමින් විවාහ වී (පතිවත / පතිනි වත) වැරදි කාම සේවනයෙන් වැළකී වාසය කරන්නේ ය. එකල කුමර බඹසර, කුමරි බඹසර හරි අගේට සුරැකීම සිදු විය. විවාහ වෙන තෙක් කිසිම කාම ක්‍රීඩාවක / කාම ක්‍රියාවක නොයෙදුනේ ය. ජාතක කතා බොහෝමයක අප මහා බෝධිසත්වයන් කෙතරම් නම් බඹසර රැකි ජීවිත කතා වෙද්ද? සාම කුමරු හී පහර වැදී සිහිසුන් වෙද්දී දෙමාපියන් ”අපගේ පුත්‍රයා බ්‍රහ්මචාරීයි. ඒ සත්‍යානුභාවයෙන් සුවපත් වේවා!” යි සත්‍යක්‍රියා කොට ජීවය ඉපැද්දවූහ. අහෝ බඹසර එතරම් අසිරිමත් ය. මහා සුදස්සන රජු සක්විති රජ ව තමා වෙනුවෙන් ම බිසෝවරු අසූහාර දහසක් සිටිද්දී අසූහාර දහසක් අවුරුදු බඹසර විසී ය. අද ලෝකයට මේවා සිතා ගත නොහැකි තරම් ය.
    මහරහතන් වහන්සේලා විෂයෙහි දන් පැන් පුදා දෙව්ලොව දිව්‍යරාජයන් බවට පත් ඇතැම් දෙවිවරු තමන්ට සුගති උපත ලබා දුන් ඒ පුණ්‍ය ක්ෂේත්‍රයට (රහතන් වහන්සේලාට) උපහාර කෘතගුණ පිණිස බඹසර සීලය සමාදන් වූ අවස්ථා අප අසා ඇත. දිව්‍ය අප්සරාවන් ලක්ෂ ගණන් පිරිවරා සිටිද්දීත් බඹසර ම සුරකී. අරුමයකි! දිව්‍ය අප්සරාවකගේ ලස්සනට උපමා නැත. සක්විති රජුගේ ස්ත්‍රී රත්නය ද දිව්‍ය අප්සරාවකගේ ලස්සනට සමීප නැත. ඒ ලස්සනට වඩා බඹසර උතුම් ය. එවැනි ස්ත්‍රියකගේ පහසට වඩා බඹසර උතුම් ය. එවැනි රන් ලියවැල් වන් අප්සරාවන් ලක්ෂයකගේ පහසට වඩා බඹසර උතුම් ය. ඒ දේවතාවෝ බඹසර රකිත්. එකල බඹසර සමාදන් වූවෝ මෙසේ ප්‍රාර්ථනා කරත්. එනම් “නිවන් දකිනා මොහොත දක්වා ස්ත්‍රියක් තබා පිරිමියෙක්වත් අපගේ කය ස්පර්ශ නොකරත්වා! අප ඇසුරු කරන පිළිසඳරේ යෙදෙන පිරිමින් ද අතේ දුරින් වෙත්වා! ස්ත්‍රීන් ගැන කවර කතා ද?” යනුවෙනි. මිනිසුනේ, එතරම් බඹසර සුවය ඒ උත්තමයෝ අත්දකිති. මේ අනුව බලන කල බඹසරට කැමැත්තක් උපදවා ගැනීමත් කෙතරම් පිනක් දැයි සිතේ…
    දිනක් මලියදේව මහරහතන් වහන්සේ තම වයෝවෘද්ධ ගුරු ස්වාමීන් වහන්සේ පැන් පහසු කිරීමට අවසර ඉල්ලූ සේක. මොහොතක් නිහඬ වූ ගුරු ස්වාමීන් වහන්සේ එයට අවසර ලබා දුන් සේක. පසුව උන්වහන්සේ මෙසේ පැවසී ය. “ආයුෂ්මත් මලියදේව, මගේ උපසම්පදාවෙන් දැනට වස් හැටක් වෙනවා. ඒ වස් හැටට ම අද තමයි තවත් කෙනෙක් මගේ ඇඟට අත තිබ්බේ” අරුමයකි. එවැනි යුග සිතා ගත නො හැකි ය.
    සත්පුරුෂ යුගය එසේ ගෙවී යද්දී වර්තමානයේ කාමය අඳුරු වලාවක් සේ ලොව වසාගෙන හමාර ය. තාක්ෂණික උපකරණවලින් බඹසර සුන්නද්දූලි කරන්නේ ය. බටහිර අධ්‍යාපනයෙන් බඹසර අතුගා දමන්නේ ය. අහෝ ඔවුන් බඹසර රකින්නන් මානසික රෝගීන් සේ දකිත්. මිය යන තෙක් කාම ක්‍රීඩා කිරීම වීරකමක් සේ දකිත්. ඔවුහු ප්‍රේතයන් සේ, තිරිසනුන් සේ, මවක් පියෙක් නැත්තවුන් සේ රති ක්‍රීඩා කරත්. කොළඹ ප්‍රදේශයේ ඇතැම් ජාත්‍යන්තර පාසල්වල සිසුවියන් තම කන්‍යාභාවය නැති කර ගත් ප්‍රීතියෙන් පන්ති කාමරයේ සාද පවත්වන බව අසන්නට ලැබී කන් අගුළු වැටිනි. අහෝ මිනිසා මරණින් මතු කොහේ නම් උපදී ද?
    ඇතැම් පාසල්වල සිසුවන් තරුණ ගුරුවරියන් හා පෙම් බස් දොඩත්ලු. මව දූෂණය කොට, දුව දූෂණය කොට සල්ලාලයන් හිරේ වැටෙත්ලු. පිරිමින් පිරිමින් හාත්, ස්ත්‍රීන් ස්ත්‍රීන් හාත් මඟුල් කෑමට නීතිය සදත්ලු. කියන් මිනිසුනේ මෙවැනි ලොවකට බඹසරේ සුළං රැලිවත් යාවිදෝ?
    ඒ පරම විරාගී මහා කස්සප මුනිඳානෝ සිහිවෙත්. ඒ නිකැලැල් බඹසර, මහරහතන් වහන්සේලාගේ පිවිතුරු බඹසර, යශෝදරාවන්ගේ බඹසර, ඒ නිකෙලෙස් මුනිවරු පිරිවරා ගත් භාග්‍යවතුන් වහන්සේගේ බඹසර උතුම් ය! අහෝ උතුම් ය!
    එනිසා අද ද යම් පිනැතියෙක් බඹසර (ලිංගික ක්‍රියාවලින් වැළකීම) පුරුදු කරත් නම් එය සාමාන්‍ය හැකියාවක් නො වේ. විවාහ වන තුරු සිල් රකිත් නම් කෙතරම් සුන්දර ද? විවාහ වූ අය උපෝසථ ආදිය සමාදන්ව කාලෙන් කාලෙට හෝ බඹසර රකිත් නම් කෙතරම් අගේ ද? අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ නිය සිළට ගත් පස් පිඬක් සේ සුළු පිරිසක් ලොව බඹසර රකිනා බවයි. මහ පොළොව සේ පිරිසක් කාම ක්‍රියාවෙන් ම සතුටු වෙති. දාන ලක්ෂයකට වඩා බඹසර උතුම් බව නැවතත් මෙහි දී සිහිවේ.
    බඹසරට ආසා කරන්න. බඹසර රැකි මුනිවරුන්ට වන්දනා කරන්න. විරාගී කථා කතා කරන්න. කාමුක කථාවලින් පව් රැස් වන බව සිතන්න. තමාගේ බඹසර නොකියා රහතුන්ගේ බඹසර වර්ණනා කරන්න. ඒ විරාගී ජීවිතවලට උපහාර කරන්න. මහා කස්සප ආදී මුනිවරුන්ට දුහුවිල්ලක් සේ ජීවිතය පුදන්න. තමන් භාග්‍යවතුන් වහන්සේගේ දාසයෙක් වැනි යැයි සිතන්න. කෙලෙස් පීඩාවට ශාප කොට, නිකෙලෙස් බව නම් වූ අමා නිවන එක ම සැනසීම බව සිතන්න. බඹසර රකින්න අමාරු අයටත් බඹසර පිණිස මෙතුළින් පුණ්‍ය උපකාරයක් වනු නියතයි. ලොවේ බ්‍රහ්මචාරීන් අබියස අපගේ ජීවිත දුහුවිල්ලක් වේවා! බ්‍රහ්මචාරී ගුණයට නමස්කාර වේවා!
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මමනම් සුකන්නපටන්ගන්නවා වැක්ෂින් එක ගැහුවා ගමන්ම
     

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    ලොවේ බ්‍රහ්මචාරීන් අබියස අපගේ ජීවිත දුහුවිල්ලක් වේවා! බ්‍රහ්මචාරී ගුණයට නමස්කාර වේවා!
    sadu sdau 🙏
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    මේක කියවන වෙලාවට විතරනෙ අපෙත් සීලේ ආයෙ වැල බලනවයි අත මරනවයි. හැමතිස්සෙම මේ සීලේ හිතේ තියාගන්න තිබ්බ නම් වෙනස් නොවී.. 😌
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ලොවේ බ්‍රහ්මචාරීන් අබියස අපගේ ජීවිත දුහුවිල්ලක් වේවා! බ්‍රහ්මචාරී ගුණයට නමස්කාර වේවා!
     
    • Like
    Reactions: hodakolla

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,270
    1
    1,018
    113
    Borella
    මේක කියවන වෙලාවට විතරනෙ අපෙත් සීලේ ආයෙ වැල බලනවයි අත මරනවයි. හැමතිස්සෙම මේ සීලේ හිතේ තියාගන්න තිබ්බ නම් වෙනස් නොවී.. 😌
    Wala baluwoth dewu lowa neda?Haniyak nahane...
     
    • Wow
    Reactions: Heshan Daminda