ගල්කිරියාලම උදුරව දකුණ බොබැල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් පසුපස පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කල බවට සැක පිට පුද්ගලයින් 5 දෙනෙකු ගල්කිරියාගම පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් ඊයේ (25) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංක 119 ඔස්සේ ලද තොරතුරකට අනුව ගල්කිරියාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අදාළ මෙහෙයෙුම සිදුකර සැකකරුවන් හා නඩුභාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් පිරිස අතර අනවසර කැනීම සිදුකර ඇති ගෙවත්තේ හා නිවසේ හිමිකරුද වේ. සැකකරුවෝ ගල්කිරියාගම උඳුරව දකුණ හා කැකිරාව සමගිගම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
ඔවුන් වයස අවුරුදු 63, 37, 32, 21 යන වයස්වල පසුවන්නෝ වෙති.
සැකකරුවන් අදාළ නිවසට යාබදව එහි පසුපසු අඩි 10ක පමණ වන අනවසර කැණීමක් සිදුකර ඇති අතර එහි තිබූ කලුගලක්ද වෙඩි දමා කඩා ඉවත් කර තිබේ. සැකකරුවන් අදාළ කැණීම සිදුකිරීමට යොදාගත් උදලු, අලවංගු, ගල්කටු, විදුම් යන්ත්‍ර, විදුලි වයර්, වෙඩිබෙහෙත් ඇතුලු නඩුභාණ්ඩ රැසක්ද සිදුකළ වැටලීමේදී පොලිස් භාරයට ගෙන තිබිණි.
අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති එල්.පී.එස්.පී. සඳුන්ගහවත්ත මහතාගේ නියෝග අනුව අනුරාධපුර පුරාවස්තු ආරක්ෂණ පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේකෝන් මහතාගේ උපදෙස් අනුව පොලිස් නිලධාරීහු කණ්ඩායමක් එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරති.
අත්අඩංගුවට පත් සැකකරුවන් හා නඩු භාණ්ඩ අද (26) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
පොලිස් අත්අඩංගුවටපත් සැකකරුවන් අද (26) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරිමට පොලිසිය කටයුතු යොදා තිබේ.