උතුරට එක නීතියක් දකුණට තව නීතියක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උතුරට එක නීතියක් දකුණට තව නීතියක්

    වව්නියාවේ පුරාවස්තු ඩෝසර් කලත් පොලිසිය නිදි, දකුණේ නම් හිරේ

    වවුනියාවේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක ඩෝසර් කරයි

    ගල්කිරියාගම අනවසර කැණීම් කළ 5ක් අත්අඩංගුවට

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:


     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වවුනියාව, ඕමන්ත මාළිගෙයි ප්‍රදේශයේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක හා නටඹුන් සහිත ස්ථානයක් කිසියම් පිරිසක් ඩෝසර් කර, එහි තිබෙන නටඹුන් සියල්ල ඉවත් කරමින් කෝවිලක් ඉදිකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වවුනියාව පුරාවිද්‍යා නිලධාරීන් විසින් ඕමන්ත පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

    ඉපැරණි සඳකඩ පහනක් මත දේව ප්‍රතිමා තැන්පත් කර පුරාවිද්‍යා ස්මාරක සියල්ල ඩෝසර් කර ඇතැයි ද පුරාවිද්‍යා නිලධාරීන් ඕමන්ත පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වේ.

    පැරණි ස්ථූප පාදම්, සිරිපතුල්ල ගොඩනැගිලි පාදම්, ගල් කණු, ගඩොල්, උළු ඇතුළු පුරාවිද්‍යා නටඹුන් සහිත ස්ථානයක් ‍කිසියම් පිරිසක් එලෙස ඩෝසර් කර ඇති බවත් පුරාවිද්‍යා ස්ථානයක් බවට නම්කර තිබූ ස්ථානයක් මෙලෙස හානිකර ඇති බවද වවුනියාව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් කළේය.

    එම පුරාවිද්‍යා ස්මාරක සහිත අක්කර හතකින් පමණ යුතු භූමිය පෞද්ගලික ඉඩමක් ලෙස වටකර ඇති බවත් ඒ අනුව කෝවිල ඉදිකිරීම් ආරම්භ කර ඇති බවද පුරාවිද්‍යා නිලධාරීහු පෙන්වාදෙති.

    ඕමන්ත මාලිගෙයි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානය විනාශ කළ පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීම පමාවී ඇති අතර එම ස්ථානය විනාශ කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම ද පොලිසිය පැහැර හරිමින් සිටින බව වවුනියාව බෞද්ධ සංවිධාන පවසති.

    බෞද්ධ සංවිධාන වැඩිදුරටත් පැවසූයේ විනාශය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වෙත නිලධාරීන් පැමිණිලි කළද මේ වනතෙක් විනාශය නැවැත්වීමට හෝ උත්සහයක් ගෙන නොමැති බවයි.

    පැමිණිල්ල ඉදිරිපත් කර සති කිහිපයක් ගතවුවද මෙතෙක් පියවර නොගෙන ඇතැයි ද පැවසීය.

    සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසියෙන් සිදුකළ විමසීමකදී උසස් නිලධාරියකු පවසා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගල්කිරියාලම උදුරව දකුණ බොබැල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් පසුපස පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කල බවට සැක පිට පුද්ගලයින් 5 දෙනෙකු ගල්කිරියාගම පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් ඊයේ (25) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංක 119 ඔස්සේ ලද තොරතුරකට අනුව ගල්කිරියාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අදාළ මෙහෙයෙුම සිදුකර සැකකරුවන් හා නඩුභාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් පිරිස අතර අනවසර කැනීම සිදුකර ඇති ගෙවත්තේ හා නිවසේ හිමිකරුද වේ. සැකකරුවෝ ගල්කිරියාගම උඳුරව දකුණ හා කැකිරාව සමගිගම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

    ඔවුන් වයස අවුරුදු 63, 37, 32, 21 යන වයස්වල පසුවන්නෝ වෙති.

    සැකකරුවන් අදාළ නිවසට යාබදව එහි පසුපසු අඩි 10ක පමණ වන අනවසර කැණීමක් සිදුකර ඇති අතර එහි තිබූ කලුගලක්ද වෙඩි දමා කඩා ඉවත් කර තිබේ. සැකකරුවන් අදාළ කැණීම සිදුකිරීමට යොදාගත් උදලු, අලවංගු, ගල්කටු, විදුම් යන්ත්‍ර, විදුලි වයර්, වෙඩිබෙහෙත් ඇතුලු නඩුභාණ්ඩ රැසක්ද සිදුකළ වැටලීමේදී පොලිස් භාරයට ගෙන තිබිණි.

    අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති එල්.පී.එස්.පී. සඳුන්ගහවත්ත මහතාගේ නියෝග අනුව අනුරාධපුර පුරාවස්තු ආරක්ෂණ පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේකෝන් මහතාගේ උපදෙස් අනුව පොලිස් නිලධාරීහු කණ්ඩායමක් එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරති.

    අත්අඩංගුවට පත් සැකකරුවන් හා නඩු භාණ්ඩ අද (26) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    පොලිස් අත්අඩංගුවටපත් සැකකරුවන් අද (26) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරිමට පොලිසිය කටයුතු යොදා තිබේ.