උතුරුකුරු දිවයින සමාන්තර ලෝකයක්ද ?

besteye

Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    උතුරුකුරු දිවයින සමාන්තර ලෝකයක්ද ?

    විනය, සූත්‍ර, අභිධර්ම යන තුන් පිටකයේම බෞද්ධ සාහිත්‍ය ලක්‍ෂණ අපමණ දැකිය හැකි ය.

    උදාහරණයක් ලෙස දක්වතොත් බුදුන්වහන්සේ විසින් තම ශ්‍රාවක සංඝයාට යම් විනය නීතියක් පැනවීමට හේතු කාරක කර ගත්තේ ද සිද්ධියක් වටා ගෙතී ආ කථාන්දරයක් ය.

    භික්‍ෂූන්ට දෙසූ පළමු පාරාජිකයම වූවද මුළු විශ්වයක්ම දැනුවත් කළ කථාන්දරයක කොටසකි. එනම් ගසක් උඩ සිටි දේවතාවකු එම ගස යට සිදු වූ පෘතග්ජන පැවිදි යතිවරයකු ගේ ස්ත්‍රී කාමසුඛල්ලිඛානුයෝගයක් දැක සිදු කළ කෑ ගැසීමකි.

    එම කථාවෙන් තුන් කොන් චරිතයක් මගින් සමාජමය ගැටලුවක් නිරාවරණය කරයි. එය බුදු පියාණන් වහන්සේ සමාජයට සන්නිවේදනය කළෝ රසවත් කෙටි කථාවක ස්වරූපයෙනි.

    තුන් පිටකයේම මෙසේ විවිධ කථා ඇත. ලොව ඇත්තේ පරමාර්ථ ධර්ම සතරක් පමණ ය කියන අභිධර්ම පිටකයේ පවා කෙතෙකුත් කථා ඇත. බුදුපියාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කොට තම මාතෘ දිව්‍ය රාජයාණන්ට තුන් මසක් අභිධර්ම, දෙසමින් දිනපතා දහවල් දානය ගැනීමට රන්හිනි මඟකින් දඹදිව සංකස්ස පුරවරයට බසින ආකාරය ද ලස්සන කථාන්දරයකි.

    මෙවන් කථා බෞද්ධ සාහිත්‍යය ලෙස හඳුන්වාදිය හැකි අතර, ඒවායෙහි ඉතා ඓතිහාසික වටිනාකමක් ද ගැබ්ව තිබේ. බෞද්ධ සාහිත්‍යයේ එන මෙවන් වටිනා කථා වලින් එකකි. “උතුරු කුරු දිවයින”.

    ආටානාටිය සූත්‍රයට අනුව උතුරුකුරු දිවයිනේ සැටි මෙසේ ය.

    උතුරු කුරු දිවයින ඉතා දැකුම්කලු ය. මෙහි අධිපති වෛශ්‍රවණ නම් කෙනෙකි. ඔහු යක්‍ෂයෙක් පමණක් නොව යක්‍ෂාධිපතිවරයෙකි. මෙහි අමුතු ජනතාවක් සිටිති. මිනිස්සු ද යක්කු ද සිටිති. මහාමේරු පර්වතයට උතුරු දිශාවෙහි පිහිටා ඇති මෙහි, මමත්වය නැති, ස්ත්‍රීන් කෙරෙහි පිළිගැන්මක් නැති මිනිස්සු උපදිති. අගනුවර ආලකමන්දාවයි.

    මෙහි මිනිසුන් බත් කන්නේ කුඹුරු නොකර ය. කුඹුරු තිබුණ ද සී සෑමක් නැත. නගුල් කෙතට නොපමුණුවයි. ධාන්‍ය බිජුවට වැපිරීමක් ද නැත. නමුත් කුඹුරු වල තනිවම නැගී වැඩෙන පොත්තත් නැති ස්වංජාත සහල් ය. මේවාහි බත් ඉතා සුවඳ ය. මිනිස්සු ඒවා බෙදාගෙන වලඳති. මෙහි යකුන් ද පුදුම ය. සියලු යකුන් වෛශ්‍රවණ යක්‍ෂ රාජයාගේ පිරිවර වන අතර “ගාවිං ඒකඛුරං කත්වා අනුයන්ති දිසෝ දිසං” යන ක්‍රමයට යක්කු එළදෙනුන්ගේ පිට නැග දිසාවෙන් දිසාවට යති. සමහරු ස්ත්‍රියක ගේ කර නැගයති. තවත් සමහර විටක කුමරියකගේ කර නැග යති. යකුන්ගේ වාහන ඒවා ය.

    වෛශ්‍රවණයාගේ පිරිවර භට සේනා හස්තියාන, අශ්වයාන වගේම, දිව්‍යයාන වලින් ද සමන්විත වෙයි. මෙකී යානාවෝ සියලු දිසා සිසාරා යති.

    වෛශ්‍රවණයාට මහා ප්‍රාසාද ද සිවිගෙවල් ද ඇත්තා සේම, ‘ජනෝඝ’ නම් නුවරක් ද ‘නවනවවතිය’ නම් නුවරක් ද ‘අම්බර අම්බරවතිය’ නම් නුවරක් ද ආලකමන්දා නම් රාජධානිය ද ඇත.

    වෙස්සවණ යක් රජුට තතෝලා, තත්තලා,ඕජසි, තේජසි, තතෝජසි යන මාර්ග බාධක සෝදිසි බලකායක් ද සිටියහ.

    උතුරු කුරු දිවයිනේ අගනුවරට වැසි අවශ්‍ය වූ විට පොකුණකින් දිය අහසට නැගී වැසි වසින්නේ ය. එම පොකුණ “ධරණී” නම් ජලාශය යි. ඒ පොකුණේ පොකුණු තෙර තනා ඇති ‘භගලවතී’ නම් වූ රන් මඩුවක සිට දිවා රැයේ පොකුණ රකිනා යක් පිරිසක් ද වෙති.

    මේ පොකුණු තෙර ඵල බර වන විවිධ වෘක්‍ෂයෝ වෙති. ඒවාහි විවිධ පක්‍ෂීන් සිටින අතර, මොනරු, කොස්වාළිහිණි සහ කෝකිලයෝ මනා වූ නාද පවත්වති.

    උද්‍යානය අසල වූ අමුතුම පියුම් පොකුණක් ද ඇත.

    එහි ‘ජීවං ජීවක සද්දෙත්ථ’ යනුවෙන් හඬ නඟන පක්‍ෂි විශේෂයක් ද දණ්ඩ මානවක නම් කොක්කු විශේෂයක් ද, රන්වන් කකුළුවෝ ද ඇත. මෙහි හාත්පසින් වටකොට එන සැළලිහිණි ගිරා හඬ ද මියුරු ය.

    මෙසේ යසස් ඇති මෙම උතුරු කුරු දිවයින කුවේර යක්‍ෂාධිපතියාගේ පාලන ප්‍රදේශයයි. ඔහු මෙවැනි යකුන්ගෙන් මෙන්ම සුන්දර වූ වටා පිටාවෙන් ද පිරිවරන ලදුයේ නෘත්‍ය ගීතයෙහිම සිත් අලවා වෙසෙන්නේ ය.

    මෙම විස්තර කුවේරයාගේ මුවින්ම කියන ලදැයි ආටානාටිය සූත්‍රයෙහි සඳහන් වෙයි. (ආටානාටිය සූත්‍රය ඇසුරිනි)

    ශාස්ත්‍රවේදී අනිල් කරුණාරත්න
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අපර ගෝ යානයෙන් ආ මිනිසුන් සිති රට කුරු රටයි ස්තිපට්ටන විස්තරේ තියෙන්නේ උතුරු කුරු දිවයින කියන්නේ කුරු රටට කුරු රට කියන්නේ ස්තිපට්ටන දෙසනා කරපු ප්‍රදේශේ, ප්‍රශ්නේ කවුද මේ අපරගෝ යානයෙන් අපු කුරු මිනිස්සු කියන එක, ඒ මිනිස්සු බුද්දියෙන් වැඩිලු බුදුන් වහන්සේ ස්තිපට්ටන දේශනාව කරන්න කුරු රටේ මිනිස්සුන්වම තොර ගත්තේ ඇයි කියන එක. මේක මටත් තියෙන ප්‍රශ්නයක් :confused:
     

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    යක්ෂයෝ උතුරුකුරු දිවයිනට පැන්නුවා කියන්නේ ඇත්තද ?
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අපර ගෝ යානයෙන් ආ මිනිසුන් සිති රට කුරු රටයි ස්තිපට්ටන විස්තරේ තියෙන්නේ උතුරු කුරු දිවයින කියන්නේ කුරු රටට කුරු රට කියන්නේ ස්තිපට්ටන දෙසනා කරපු ප්‍රදේශේ, ප්‍රශ්නේ කවුද මේ අපරගෝ යානයෙන් අපු කුරු මිනිස්සු කියන එක, ඒ මිනිස්සු බුද්දියෙන් වැඩිලු බුදුන් වහන්සේ ස්තිපට්ටන දේශනාව කරන්න කුරු රටේ මිනිස්සුන්වම තොර ගත්තේ ඇයි කියන එක. මේක මටත් තියෙන ප්‍රශ්නයක් :confused:

    aliens exists :shocked:
     

    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,178
    880
    113
    සයිබරේ තමා
    වෙසමුනි කියන්නෙ ච්තුර්මහරජිකයෙ ඉන්න දිව්ය ප්‍රදනින්ගෙන් එක්කෙනෙක් නෙද?එ කියන්නෙ උතුරු කුරු දිවඉන කියන්නෙ දිව්ය ලොකයක්ද??
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,852
    799
    113
    @Thusithaya
    මම දන්න විදියට අද තියෙන දිල්ලියට තමයි එදා භාවිතා කලේ
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    දැන් සෙල්ලිපි හෙම උස්සන් එයි උතුරුකුරු දිවයින ලංකාවේ කියල පෙනන්න.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    වෙසමුනි කියන්නෙ සතර වරම් දෙවියො කියල හදුන්න දෙවි වරුන්ගෙන් එක් කෙනෙක්, දෙවියො කියුවට ලක්ශ සේනාධිපතියො.ඔහුන්ගෙ රාජකාරිය වෙන්නෙ ශ්‍රකයාට ආරක්ශාව සපයන එක.සමාන්තර ලොක ගැන නම් මම දන්න විදිහට බුදු දහම් දේශනාවක් නැ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,009
    1
    58,329
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    avatar_cb2ffa721c2a_128.pnj