උතුරු කොරියාවේ ඉරණම
වොෂින්ටනය පියොන්ජියෑන් පාලනයට එරෙහිව ඒකපාර්ශ්වික හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කල හොත්,එම ප්‍රහාරය සම්පුර්ණ කොරියානු අර්ධද්වීපයම න්‍යෂ්ඨික ව්‍යසනයක් දක්වා රැගෙන යාවි යැයි විද්‍යාව පිළිබඳ රුසියානු විද්‍යාපීඨයේ ඈත පෙරදිග අධ්‍යයනයන් සම්බන්ධ,දකුණු කොරියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ඇලෙක්සැන්ඩර් සෙබින් ප්‍රකාශ කරයි.
"දකුණු කොරියාවේ දැනට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින න්‍යෂ්ඨික බලාගාර 30ක් පමණ තිබේ.සාම්ප්‍රදායික බෝම්බ සහ කාලතුවක්කු උණ්ඩ යොදාගත හොත් එම බලාගාරවලින් කිහිපයක් හෝ විනාශ විය හැකිය.1980 දශකයේදී සෝවියට් දේශයේ සිදුවූ චර්නෝබෙල් න්‍යෂ්ඨික බලාගාර අනතුර මෙන් පස් හය ගුණයක් ප්‍රබල විනාශයක් ඒ හරහා සිදුවිය හැකිය.ඒ ඔස්සේ කොරියානු අර්ධද්වීපය ජීවත්වීමට නුසුදුසු ප්‍රදේශයක් බවට පත්වීම නොවැලැක්විය හැකිය." - ඇලෙක්සැන්ඩර් සෙබින්
මෙම සතියේ මුලදී එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුපුරුදු පරිදි සිය ට්විටර් ගිණුම ඔස්සේ උතුරු කොරියාව සම්බන්ධව සිය අදහස ප්‍රකාශ කර තිබිණි.උතුරු කොරියාව සමග තනිව ගනුදෙනු කිරීමට තමන් සූදානම් බවත්,චීනය උදව්වට පැමිණිය හොත් එය උසස් කොට සලකන අතර එසේ නොවුවහොත් තනිවම මෙම ප්‍රශ්නය විසඳන බව ට්‍රම්ප් කියා තිබේ.
පසුගිය සතියේදී එක්සත් ජනපදය ඩැමැස්කස් රජයේ හමුදා ඉලක්ක කරගෙන ටොමහොක් කෲස් මිසයිල 59ක් එල්ල කරන ලදි.එම ප්‍රහාරවලට හේතුව ලෙස වොෂින්ටනය සහ මිත්‍ර රටවල් දක්වන ලද්දේ සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයට සිරියානු රජයේ හමුදා එල්ල කලේ යැයි කියන රසායනික අවි ප්‍රහාරයකි.නමුත් එම ප්‍රහාරය බෂාර් අල් අෂාඩ්ගේ හමුදා සිදුකල බව සනාථ කරන්නට ප්‍රමාණවත් සාක්ෂි සපයන්නට ඔවුන් අසමත්ව තිබේ.
කෙසේවෙතත් සිරියාවට එල්ල කරන දැවැන්ත ගුවන් ප්‍රහාර මෙන් නොව උතුරු කොරියාව සමග තනිව ගැටීමට ධවල මන්දිරය එතරම් ළැදිකමක් නොදක්වයි.ඇලෙක්සැන්ඩර් සෙබින්ට අනුව නම් සිරියාව තුල ඇමෙරිකාව තම බලය පෙන්වනවා මෙන් උතුරු කොරියාවට ගුවන් ප්‍රහාර එල්ල කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවේ.මන්ද එවැනි ප්‍රහාරයකදී ටොමහොක් මිසයිල පියාසර කල යුත්තේ රුසියානු සහ චීන භූමි ප්‍රදේශවලට ඉහළින්ය.ඇමෙරිකානු මිසයිල සිය ගුවන් සීමා උල්ලංඝනය කරන තෙක් රුසියාව බලා නොසිටීවි.ඔවුන් උතුරු කොරියානු ගුවන් සීමා තුලදීම ඇමෙරිකානු මිසයිල වෙඩි තබා බිම හෙළාවි.
"උතුරු කොරියාවට එරෙහිව හමුදා මෙහෙයුමක් සිදුකිරීමේදී මතුවන ප්‍රධානම ප්‍රශ්නය වන්නේ පියොන්ජියෑන් රජය සතු න්‍යෂ්ඨික බලාගාර,පහසුකම් සහ මිසයිල දියත්කිරීමේ ස්ථාන ගැන සියලු තොරතුරු ඇමෙරිකාව සතුව නොමැතිවීමයි.එසේ නොවූවා නම් උතුරු කොරියාවට එරෙහිව එක්සත් ජනපදය ගුවන් ප්‍රහාරයක් එල්ල කරන්නේ මීට බොහෝ කාලයකට පෙරය."-ඇලෙක්සැන්ඩර් සෙබින්
තවද ටොමහොක් කෲස් මිසයිලවල නිරවද්‍යතාවය සම්බන්ධව ප්‍රශ්නය තිබෙන බව විශ්ලේෂක ඇලෙක්සැන්ඩර් සෙබින් පවසයි.ඉරාක යුද්ධයේදී ඇමෙරිකානු කෲස් මිසයිල අසල්වැසි රටවලද කඩා වැටුණු බව රහසක් නොවේ.ඒවා අත්වැරදීම් හෝ ඕනෑකමින් කල වැරදීම් වන්නට හැකිය.න්‍යෂ්ඨික අවිවලින් සන්නද්ධ රුසියාව සහ චීනයට මායිම්ව පිහිටා ඇති න්‍යෂ්ඨික අවි යම් ප්‍රමාණයක්ද සහිත උතුරු කොරියාවට එරෙහිව ආක්‍රමණයක් දියත් කිරීම හමුදාමය දැක්මෙන් එක්තරා පිස්සුවකි.මෙය වර්තමාන ඇමෙරිකානු පාලනය අවදානම් සහගත තීරණ ගැනීමට දක්වන උනන්දුව පෙන්වන තවත් එක් අවස්ථාවක් යැයි ඇලෙක්සැන්ඩර් සෙබින් කියා සිටියි.
Source:sputniknews.com
-HarshaLulzSec-

ඇමෙරිකානු නාවික හමුදාව සතු නියාමක මිසයිල රැගෙන Destroyer යන වර්ගයේ යූ.එස්.එස්. රොස් නෞකාව මධ්‍යධරණී මුහුදේ සිට සිරියාවට ටොමහොක් කෲස් මිසයිල ප්‍රහාර දියත් කරන අයුරු-2017.04.07
පසුගිය සතියේදී එක්සත් ජනපදය ඩැමැස්කස් රජයේ හමුදා ඉලක්ක කරගෙන ටොමහොක් කෲස් මිසයිල 59ක් එල්ල කරන ලදි.එම ප්‍රහාරවලට හේතුව ලෙස වොෂින්ටනය සහ මිත්‍ර රටවල් දක්වන ලද්දේ සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයට සිරියානු රජයේ හමුදා එල්ල කලේ යැයි කියන රසායනික අවි ප්‍රහාරයකි.නමුත් එම ප්‍රහාරය බෂාර් අල් අෂාඩ්ගේ හමුදා සිදුකල බව සනාථ කරන්නට ප්‍රමාණවත් සාක්ෂි සපයන්නට ඔවුන් අසමත්ව තිබේ.
උතුරු කොරියාවේ කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය විසින් නිකුත් කල(2017.03.07) දිනය සඳහන් වී නොමැති ඡායාරූපයක්-කිම් ජෝන් උන්ගේ අධීක්ෂණය යටතේ බැලස්ටික් මිසයිල දියත් කරන අවස්ථාවක්
කෙසේවෙතත් සිරියාවට එල්ල කරන දැවැන්ත ගුවන් ප්‍රහාර මෙන් නොව උතුරු කොරියාව සමග තනිව ගැටීමට ධවල මන්දිරය එතරම් ළැදිකමක් නොදක්වයි.ඇලෙක්සැන්ඩර් සෙබින්ට අනුව නම් සිරියාව තුල ඇමෙරිකාව තම බලය පෙන්වනවා මෙන් උතුරු කොරියාවට ගුවන් ප්‍රහාර එල්ල කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවේ.මන්ද එවැනි ප්‍රහාරයකදී ටොමහොක් මිසයිල පියාසර කල යුත්තේ රුසියානු සහ චීන භූමි ප්‍රදේශවලට ඉහළින්ය.ඇමෙරිකානු මිසයිල සිය ගුවන් සීමා උල්ලංඝනය කරන තෙක් රුසියාව බලා නොසිටීවි.ඔවුන් උතුරු කොරියානු ගුවන් සීමා තුලදීම ඇමෙරිකානු මිසයිල වෙඩි තබා බිම හෙළාවි.
"උතුරු කොරියාවට එරෙහිව හමුදා මෙහෙයුමක් සිදුකිරීමේදී මතුවන ප්‍රධානම ප්‍රශ්නය වන්නේ පියොන්ජියෑන් රජය සතු න්‍යෂ්ඨික බලාගාර,පහසුකම් සහ මිසයිල දියත්කිරීමේ ස්ථාන ගැන සියලු තොරතුරු ඇමෙරිකාව සතුව නොමැතිවීමයි.එසේ නොවූවා නම් උතුරු කොරියාවට එරෙහිව එක්සත් ජනපදය ගුවන් ප්‍රහාරයක් එල්ල කරන්නේ මීට බොහෝ කාලයකට පෙරය."-ඇලෙක්සැන්ඩර් සෙබින්
කොරියානු අර්ධද්වීපය ආශ්‍රිත ගුවනේ විකිරණශීලීත්වය මැන බැලීමට ජපානය බලා පැමිණි එක්සත් ජනපදයේ බොයින් ඩබ්ලිව් සී-135 යානයක්