උතුරු නැගෙනහිර

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    උතුරු නැගෙනහිර

    සිංහල භාෂා පළාත් හතකුත් දෙමළ පළාත් දෙකකුත් ස්ථාපිත නව ව්‍යවස්ථාවක් හැදෙනවා :eek::eek:

    රටේ උතුරු නැගෙනහිර පළාත් දෙකේ නිල භාෂාව ලෙස ‍දෙමළ භාෂාවත් අනිකුත් පළාත් හතේම නිල භාෂාව ලෙස සිංහල භාෂාවත් ලෙස නම් කරන නව ව්‍යවස්ථාවක් සකස් කරමින් පවතින බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පැවැසීය.:shocked::shocked:

    ඊයේ (6) ත්‍රිකුණාමල දිස්ත්‍රික්කමිටු රැස්වීම අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

    උතුරු, නැගෙනහිර හැරුනු විට රටේ අනෙක් පළාත් 7ම සිංහල භාෂාවට පවතින ස්ථානය කෙබඳුද එබඳුම ආකාරයේ ප්‍රමුඛ ස්ථානයක් උතරු, නැගෙනහිර දෙපළාතේ දී දෙමළ භාෂාවට හිමි විය යුතුබව හෙතම මෙහිදී පැවැසීය.

    සිංහල හා දෙමළ යන භාෂා දෙකම රටේ රාජ්‍ය භාෂා නිසා ප්‍රාදේශීය ජනවාර්ගික පදනම අනුව බහුතර ජනතාවක් භාවිතා කරන භාෂාව එකී ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වල නිල භාෂාව වශයෙන් පිළිගෙන කටයුතු කළ යුතු බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

    නොබෙදුනු රටක් ලෙස නව ව්‍යවස්ථාවක් මේ වන විට සකස් කරමින් පවතින බව ද මෙහිදී පැවැසූ සම්බන්ධන් මහතා මේ හරහා රටේ සියලුම ජනතාවට සමගියෙන් හා සාමයෙන් ජීවත් විය හැකි පරිසරයක් ඇති කළ යුතු බවද පැවැසීය
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කිසි අවුලක් නෑ බන්.. රටම දුන්නත් කමක් නෑ.. මහින්දය නම් ආයෙ එපා...
    මීට UNPපොන්නයෙක්
     
    • Like
    Reactions: Ithika mithika