උතුරේ පාසල් වසා දමයි

EVC

Well-known member
  • Sep 15, 2008
    28,915
    21,154
    113
    උතුරේ පාසල් වසා දමයි

    උතුරේ සියලු පාසල් අද (27) වසා දැමීමට පියවර ගත් බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. උතුරේ අධ්‍යාපන අමාත්‍ය ටී.කුරුකුලරාසා මහතාගේ නියෝගයකට අනුව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආර්.රවීන්ද්‍ර‍න් මහතා විසින් සියළු අධ්‍යාපන කාර්යාලවලට මේ බව දැනුම් දී ඇත.
    යාපනයේ කොකුවිල් පාසල් සිසුවා දිවි නසා ගැනීමේ සිද්ධියට පාසල් දරුවන් අතර කලහකාරි තත්ත්වයක් ඇතිවේයැයි සැකයක් හේතුවෙන් මෙලෙස පාසල් වසා දැමීමට කටයුතු කළ බව මාධ්‍ය නිවේදනයක දැක්වේ. එම නිවේදනය නිකුත් කර ඇත්තේ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඔහුගේ පුද්ගලික ලේකම්වරයා විසිනි.
    මෙම තිරණය පිළිබඳ නොදන්නා පාසල් දරුවන් හා ගුරුවරු විශාල පිරිසක් පාසල් පැමිණ ඇති බවත් ඔවුන් ආරක්ෂාකාරීව නිවෙස් වෙත යැවීම දැඩි වගකීමක් බවත් විදුහල්පතිවරු කියති.



    source - lankadeepa.lk



    :rolleyes::rolleyes::eek::confused: