උදව්වක් ඕනේ! - Honda Insight 2019 vs Toyota Premio 2019

Mar 16, 2019
9
2
3
උදව්වක් ඕනේ! - Honda Insight 2019 vs Toyota Premio 2019

මචන්ලා පර්මිට් එකට කාර් එකක් ගන්න කියලා බැලුවේ. හැම එකක්ම බලලා දැන් වාහන දෙකක හිරවෙලා ඉන්නේ මොකද්ද ගන්න කියල :confused:. දැනට මම හොයාගත්ත ටික මෙහෙමයි.

Honda Insight EX 2019

new-2019-honda-insight-touringcvt-8451-17973544-1-1024.jpg


මේ අවුරුද්දේ අලුතින් ආපු 3rd generation එක. පට්ටම ලුක් එකක් තියෙන්නේ :cool::love:.

Pros:

- Honda Sensing,
- Excellent fuel economy,
- Stunning look,
- AC vents for the back row and many more options that the Premio

Cons:

- පාර්ට්ස් හොයාගන්න අඩුයි අලුත් නිසා?
- පස්සේ විකුනන්න උනොත් මාර්කට් value එක නැති වෙයිද?
- මේකේ එන්නේ හොන්ඩ වල අලුත් හයිබ්‍රිඩ් සිස්ටම් එක. ට්‍රාන්ස්මිෂන් එකක් නෑ. එන්ජින් එක වැඩ කරන්නේ ජෙනරටර් එකක් විදිහට 90% වෙලාවට. එන්ජිනේ එකට හයිවේ ස්පීඩ් වලට විතරක් කෙලින්ම කාර් එක ඩ්‍රයිව් කරන්න පුළුවන් වෙන්න තනි ගියර් ලෙවල් එකක් තියනවා. මේ වෙලාවේ ඇරෙන්න අනිත් වෙලාවල් වල එන්ජින් එක තව ඉලෙක්ට්‍රික් මෝටර් එකක් කරකවල තමයි වාහනේ ඩ්‍රයිව් කරන්නේ. දන්නා තරමින් අලුත් CRV Hybrid එකෙත් මේකම තමයි තියෙන්නේ. අලුත් නිසා මෙහෙ හරියට සර්විස් කරන්න පුළුවන් වෙයිද?, අවුල් ඒවිද? (like the dual clutch issue with vezel) කියන ඒවා ප්‍රශ්නයක්?


Toyota Premio F EX 2019

car_1618_271550.jpg


Pros:

- ඇතුල මාරම කම්ෆර්ටබල්.
- හයිබ්‍රිඩ් තරම්ම නැති උනත් තෙල් වැඩ හොඳට?
- ලස්සනයි
- Resale value අවුලක්ම නෑ
- සර්විස් ප්‍රශ්න නෑ, පාර්ට්ස් තියනවා ඕන තරම්
- Reliable car

Cons:

- අලුත් එකේ කියල කිසි වෙනසක් නෑ?
- ගෙවන ගානට දෙන options නැති තරම්. CHR එකෙත් මීට වඩා තියනවා?
- Driving pleasure එක කෝමද?

මේ වාහන දෙකෙන් එකක්වත් මම කලින් පැදල නෑ. කලින් තිබුනේ Avanza එකක්. වාහනේ තව ගොඩ කාලෙකට විකුනන්නේ නැති වෙයි. හැම සතියකම මාතර-කොළඹ යනවා වාහනෙන්.

මචන්ලා ගේ අදහස මොකද්ද? දෙකම එකම වගේ ගාන.
 

Attachments

  • insight.resized.jpg
    insight.resized.jpg
    49.4 KB · Views: 74
  • premio-2.jpeg
    premio-2.jpeg
    11 KB · Views: 83
Dec 11, 2018
189
7
0
25
Ehaliyagoda
ජපන් සාම්ප්‍රදායික තත්වයෙන් මිදිලා Honda insight එකකට ගියොත් හොඳයි කියලා මං හිතනවා
 

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    කාර් එකක් ගනිද්දි options වැඩිය බලන්න එපා. seat heaters, head light washers වගේ මෙලෝ වැඩක් නැති options වලටත් ගාන කපනවා. අනික සමහර options අපි use කරන්නෙ අවුරුද්දටම එක පාරක්, එහෙම නැත්තන් ගත්තු අලුත විතරයි. වාහනේ resale value එක, spare parts, safety, comfort එක, පෙනුම, තෙල් කිරිල්ල වගේ දේවල් වැඩිපුර බලන්න. මම නම් ඔය වාහන දෙකෙන් වැඩිය ගන්න කැමති Premio එක. (වාහන දෙකෙන් වැඩිපුර ලස්සන හොන්ඩ එක බව පේනව. ඒත් සල්ලි දීල ගනිද්දි පෙනුමට විතරක් ‍රැවටෙන්න එපා)
     

    Nimneth2019

    Junior member
  • Mar 12, 2019
    144
    12
    18
    Insight eke ganne eke resale value eke adu weide , parts nathi weide kiyene eke podi risk ekak thiyenewa mokede insight eke aluthme technology ekak thiyene nisa namuth mate oye wahane deken ekak thoreganne unoth mame ganne insight eke (personal choice) mokede eke aluth technology eke experience keranne wageme premio wage common wahanekete wada mame uncommon wahanekete kamethi thirene oyage athe
     
    Mar 16, 2019
    9
    2
    3
    Thanks hamotama!! Anthimata mama Insight 2019 ekakata giya. Waiting for the shipment now!

    Car eka hamadaama use wena nisa fuel consumption eka balala thamai decision eka gatte. Thanks a lot!, hamogema adahas walata!!!
     

    Nimneth2019

    Junior member
  • Mar 12, 2019
    144
    12
    18
    Thanks hamotama!! Anthimata mama Insight 2019 ekakata giya. Waiting for the shipment now!

    Car eka hamadaama use wena nisa fuel consumption eka balala thamai decision eka gatte. Thanks a lot!, hamogema adahas walata!!!
    නියමයි හොඳ තේරීමක්