හ්ම්..හ්ම්...
කඩල පෙගෙන්න දාල ප්‍රෙෂර් කුකර් එකක තම්බ ගන්නවා...
මෙන්න මේව ඕන තෙම්පරාදුවට.....
කෑලි මිරිස්
කඩපු වියළි මිරිස් කරල්
අබ
චිකන් ස්ටොක් පවුඩර් මේස හැදි 4ක්
සිහින්ව ලියා ගත් අමු මිරිස් කරල් 4ක්
සිහින් ව ලියා ගත් මාළු මිරිස් කරල් 2්
----එම------------ලොකු ළූණු ගෙඩි 2ක්
ලුණු කුඩු
ගම්මිරිස් කුඩු තේ හැන්දක්
කුරුදු/එනසාල්/කරාබු නැටි කුඩා ප්‍රමාණ වලින්
සෝයා සෝස් මේස හැන්දක්
ඔයිටර් සෝස් මේස හැන්දක්
ගාපු පොල් මේස හැදි 6ක් පමණ
තෙල් රත් කර අබ ඇට දමා පුපුරවන්න. මෙයට ම කෑලි මිරිස්, කඩපු වියළි මිරිස් කරල්,සිහින්ව ලියා ගත් අමු මිරිස් කරල්,සිහින්ව ලියා ගත් මාළු මිරිස් ලොකු ළූණු ගෙඩි 2ක්,ලුණු කුඩු,ගම්මිරිස් කුඩු,කුරුදු/එනසාල්/කරාබු නැටි එක් කර බැද ගන්න.
පදමට බැදුණු පසු චිකන් ස්ටොක් පවුඩර් එක් කරන්න. පසුව තම්බා ගත් කඩල එක්කර ටොස් කරන්න. හැදි ගාන්න එපා. මෙයට දැන් ඔයිස්ටර් සහ සෝයා සෝස් එක්කර නැවත ටොස් කර, අවසානයට ගාගාත් පොල් දමා ගෙන නැවත යන්තමින් ටොස් කරගන්න.......
ප.ලි.
රම්පෙ කරපිංචා දාගනිල්ලා කොහෙට හරි හරිය. තදියමට කොටල දැම්ම ඒක අමතක වුණා කියහං කෝ ඇමිනෙන්න..........

