උදව් කරපන් මචංලා

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,464
    1
    8,635
    113
    kandy
    හත් දවසට රෑ බණ ගෙදර.
    පහු වෙනිදාට දානෙ දෙනවා. දානෙ දෙන එක ගෙදර කරන්නත් පුළුවන් පන්සලත් පුළුවන්.
    මුලින්ම පන්සලේ ලොකු හුමුදුරුවො හම්බ වෙලා විස්තරෙ කියන්න. හාමුදුරුවනේ හත් දවසට ධර්ම දේශනාවක් තියලා පහු වෙනිද දානෙ දෙන්න ඉන්නේ කියලා. ඊට පස්සෙ දානෙට වැඩම කරවන්න බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේලා ගාන හාමුදුරුවන්ට කියන්න. අපෙ පන්සලේ නම් හාමුදුරුවෝ අනිත් පන්සල් වල හාමුදුරුවරුන් එක්ක කථා කරගෙන දානෙට වඩිනවා. අනිත් පන්සල් වලින් වැඩම කරන හාමුදුරුවන්ගේ වාහනේට සල්ලි දෙනවා. තමන්ගෙ ගමේ පන්සලට යන්න වෙනවා නේ කරඬව වවඩම්මන්න ගෙදරට කෙහොමත්. එහෙම බලද්දි මේ දවස්වල තත්වෙ එක්ක පන්සලට දාන දෙන එක හොඳයි.

    අපෙ පැත්තෙ නම් පිරිත් කියන්නෙ තුම්මාසේ දානෙට. වරු පිරිත් කියලා පහු වෙනිදාට දානේ.

    ගමෙ ලොකු කෙනෙක් ඉන්නවා නම් කොහොමද කෙරෙන්න ඕනෙ කියලා අහන්න.
     
    • Like
    Reactions: NRTG