උදව් කරපන් මචංලා

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මළ ගෙදරක පිරිත හත්දවසෙ දානෙ කෙරෙන චාරිත්‍ර එහෙම කොහොමද?
    මට පොඩ්ඩක් කියල දීපන් උබලට එහෙම අත්දැකීම් තියෙනවා නම්. මට වැඩිය එහෙම දේවල් සෙට් වෙලා නැහැ පුංචි ම කාලෙ ඇරෙන්න.
    ඒත් දැන් අපේ ගෙදර මලගෙයක් වෙලා.
    කොරෝනා නිසා කට්ටියට එන්නත් බැහැ. ( කොරෝනා සම්බන්ධ මරණයක් නෙමෙයි. )

    පවුලෙ එකම පිරිමියා ගෙ වගකීම් ටික මගේ කරේ තියෙන්නෙ.
    මට එච්චර වයසකුත් නැහැ.
    පොඩ්ඩක් අත්දැකීම් තියෙන අය වරෙල්ලා

    මම මේ වෙලාවෙ ෂොක් එකකින් ඉන්නෙ. පවුල් දෙකක ම වගකීම දරපු ලොකු බලකණුවක් අපි දාලා ගියා. දැන් ඒ වගකීම් ඔක්කොම මගේ කරේ
    :confused::oo::sorry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    Game inna wayasakama dial eka hoyaganin. Kanawala allana hati indala kiyala dei
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මෙහේ නම් 7 දවසේ රෑ බන කියලා පහුවෙනිදා උදේට පන්සලට දානය ගිහින් දෙනවා රෑට බන අහන්න එන අයට කෑම දෙනවා මේක පාලාතේ පලාතට වෙනස් වෙන්න පුලුවන් පන්සලේ ලොකු හාමුදුරුවෝ හම්බ වෙන්න කරන්න ඕන ටික කියයි :yes:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Medawas wala senaga aduwen gennana nisa leai weyi. Adama game pansalata koshin hamiduruwanta enna ona dawasa kiyapan. Pirikara pansalenma gannna puluwan weyi. Dane gedata wadammala dennatah puluwan pansalata gihin dennath puluwan.
     
    • Like
    Reactions: rahal jayasekara

    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    හත් දවසේ පිරිත් කියන්නේ නෑ බන්. හත් දවසේ උදේට පන්සලට ගිහින් දානේ පුජ කරන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. උඹල පන්සලට කතාකරේ නැද්ද
     
    • Like
    Reactions: rahal jayasekara

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    7 dawase daneta kalin re banak tianna. crowd karaganna epa. danna ayata kianna. mulinma pansale hamuduruwo meet wela aradhana karanna ona. ekata aran yanna dahath arawa mewa. e kiaddi bana dane 2kama kianna (aradhana karanna). ita passe ena ayata kanna bonna mona hari tianna (dn nm buffet denne). aya e bana dawase gilanpasa ehema denna ona. dane dawaseth heel danaya denna ona. Also, kotta paduru kossak idalak ehema ganna. daneta kee namakda kiala kianna oya tika thama tiyenne. wadihiti kenek ekka ktha karala balanna thawa
     
    • Like
    Reactions: rahal jayasekara

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    පැත්ත අනුව වෙනස් වෙනවා. මෙහෙනම් රෑ බණ කියලා පහුවදා උදේ දානේ දෙනවා. ඒත් සාමහර පැතිවල හාමුදුරුවරු වඩින්නේ නෑ. 7 දවසේ දානෙට දන් කදක් හදාගෙන පන්සලට ගිහින් දෙනවා.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මෙහෙමයි ඉස්සරවෙලාම හාමුදුරුවො හම්බ වෙන්න ගිහින්.. ගිහින් අහන්න බණ කවද්ද දානෙ කවද්ද කියලා.. සාමාන්‍යෙන් දානෙ දෙන්නෙ ජීවත් වෙලා හිටිය අන්තිම දවසට දවස් හතක් කලින්.. ( මට මේක හරියටම මතක නෑ.. හාමුදුරුවො න්ගෙන් ඇහුවම ටක්කෙටම කියනවා බණ කවද්ද දානෙ කවද්ද කියලා.. ) ඊට පස්සෙ බණට ලේස්ති වෙන්න.. මල ගෙදරට සහභාගි උන හැමෝටම කියන්න දානෙයි බණයි.. එන නෝන එක ගැන හිතන්න එපා.. කොහොමත් කෑම එදාට දෙනවා නම් 150 කට වගේ කෑම හැදුවම ඇති. ගොඩක් අය ආවට කන්න ඉන්නෙ නෑ බන දවසෙ.. ඊට පස්සෙ ගෙදර අය එක්ක කතා කරගන්න දානෙට මොනාද දෙන්නෙ බණට මොනාද දෙන්නෙ කියලා.. ලොකු මෙනූ එකක් හදන්න එපා... සරල කන්න පුළුවන් මෙනු එකක් හදන්න..

    බණ කියන්න හාමුදුරුවොන්ට ඉන්වයිට් කරන්න ඕන.. ඒකට දැහැත් වට්ටියක් හදාගෙන ගිහින් ආරාධනා කරන්න. එදාට වඩින හාමුදුරුවොන්ට පිරිකරක් ලෑස්ති කරගන්න.. බණට හාමුදුරුවො ගෙදරට වඩම්මනවා නම් පිරිකර දෙන්නෙ මොනවද කියලා තීරණය කරන්න එකක් විතර වැඩිපුර ගෙනැල්ලා තියන්න.. ඕක තමා සරලව හැබැයි මේක ගේම් එකක්. තනියම ගහන්න බෑ.. අනිවාර්යෙන්ම බැක් සපොර්ට් එකක් ඕන..
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Dr kenek or marana pariskshagen death confirms karala body palor ekata bara dunnada

    Cemetry book karada

    Pansakuleta aradana karada

    7dawase banata aradana karada

    Pahuwada heel daney pansalata

    Death certificate registerta dennuwada. Certificate passe dei
     
    • Like
    Reactions: rahal jayasekara

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රෑ හාමුදුරුවෝ ගෙදරට වඩම්මවල බන කියනවා. අනික් දවසේ පන්සලට දානේ අරං යනවා. ලැහැස්ති කරගන්න ඕන දේවල් තිබ්බා මතක නෑ.

    කොස්සක්,පැදුරක්,සෙරෙප්පු කුට්ටමක්, ඉදලක්, හාමුදුරුවෝ ගානට හරි යන්න සිවුරු එහෙම පුජා කරා අපි නං
     

    nidarsha91

    Well-known member
  • hitha karaganin ikmanatama !

    hath weni dawasedi ra 7 idala swaminwahanse wadammala bana kiyanawa. ethakota genna ona kalamanaa pansalen danaganna puluwan. ena ayata kaama tikak denna ona. banata swaminwahanseta ata pirikara puja karanawa. ape path the nan ehemai saho.

    naadaayata niwan daka budun dakinna pin heethu waasanaa labeewa !

    Theruwan saranai !
     
    • Like
    Reactions: rahal jayasekara

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    පිරිතක් තියෙනව අපි
    පිරිතට මණ්ඩපයක් ඕන ද?

    පිරිතට/දානෙට වඩිද්දි කරන්න මොනව හරි චාරිත්‍ර තියේද?
     
    • Like
    Reactions: The Kingslayer

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Machan galle wala nam 7 dawase ra bana kiyanawa. Loku hamudruwo enne naha.podi namak ewanne.
    Echcharayi.
    uba matara nisa me widiya wenna athi.eth samahara palath wala banath kiyala udeta daneth denawa.poddak balapan. Game kenekgen ahala
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේ දවස් වල දානවලට හාමුදුරුවෝ වඩින්නේ නැහැ. කෑම හදන්න ඕනි ආහාර ද්‍රව්‍ය, අනෙකුත් කලමනා අරං ගිහිං පුජා කරන්න. වෙන කරන්න දෙයක් නැහැ මේ වෙලාවේ. පස්සේ කාලෙක පුළුවන් නං දානයක් දෙන්න ගෙදර.
     
    • Like
    Reactions: NRTG

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    පිරිතක් තියෙනව අපි
    පිරිතට මණ්ඩපයක් ඕන ද?

    පිරිතට/දානෙට වඩිද්දි කරන්න මොනව හරි චාරිත්‍ර තියේද?
    පිරිත් කියනවද මිනිහෝ මරණයක් උනාම. කොහෙද රට. :angry:

    හොදම වැඩේ පන්සලට ගිහින් ඇත්ත කියල වෙන්න ඕන සේරම අහගනින්. මොකද බණකදී හැමපැත්තේම පොඩි පොඩි වෙනක් කම් තියෙනවා. ඒවා හරියට උනේ නැත්තම් එන වැඩිහිටියෝයි හාමුදුරුවොත් තරහකරගන්න වෙන්නේ.
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    පිරිත් කියනවද මිනිහෝ මරණයක් උනාම. කොහෙද රට. :angry:

    හොදම වැඩේ පන්සලට ගිහින් ඇත්ත කියල වෙන්න ඕන සේරම අහගනින්. මොකද බණකදී හැමපැත්තේම පොඩි පොඩි වෙනක් කම් තියෙනවා. ඒවා හරියට උනේ නැත්තම් එන වැඩිහිටියෝයි හාමුදුරුවොත් තරහකරගන්න වෙන්නේ.
    Yako body eka thani una e nisa pirithak kiyanne inne kohomath.
    Anith eka ape paththe kohomath pirithak kiyanawa banata kalin.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Yako body eka thani una e nisa pirithak kiyanne inne kohomath.
    Anith eka ape paththe kohomath pirithak kiyanawa banata kalin.
    අහ සොරි එහෙනං. අපේ පැත්තේ නම් තුන් මාසෙට කලින් පිරිත් කියන්නේ නැ . එක මැරුණු කෙනාට disrespect කියල කියන්නේ.