උද්ගෝෂණ සහ රාජ්‍ය ආයතන අත්පත් කරගැනීම
උපුටා ගන්නා ලද්දක් වුවද මාගේද මතය මෙයයි.
අහිංසක අම්මා තාත්තා හට බැනීමෙන් වලකින්න

උපුටා ගන්නා ලද්දක් වුවද මාගේද මතය මෙයයි.
අහිංසක අම්මා තාත්තා හට බැනීමෙන් වලකින්න

ශිෂ්‍යයන් මේ විදියට රාජ්‍ය ආයතනයක් ඇතුලට කඩා වැදුන එක ගැන අපි කොහොමද තේරුම් ගන්ඩ ඕනෙ ..
මම සෑහෙන සතුටක් ලබනවා මේවගේ ආයතනයක් සාමාන්‍ය ජනතාවගේ අත් අඩංගුවට පත් වීම ගැන .. මේ වගේ කඩා වැදීම් තව තවත් සිදු වෙන්න ඕනෙ .
ඒකට හේතුව තමයි දේශපාලනයේ විය හැකියාව සාමාන්‍ය මිනිස්සු අතරට පැමිණවීම . ඒ නිසා මේ කඩාගෙන වැදීම් සෑහෙන ශුද්ධවන්තයි .
කුමක් හෝ පොදු අරමුණක් වෙනුවෙන් මේ හදන සාමුහිකත්වය මෝඩයි වගේ අපිට පෙනුනට , එහෙම හිතන බුද්ධිමත් පුරවැසියා අර්බුදයට යවන මේ ශිෂ්‍ය ක්‍රියාකාරීත්වයේ විබවය කොහොමද මිඩංගු වෙලා තියෙන්නෙ . ඒ විභවය සෑහෙන ආගමිකයි . ඕනෙ නම් ජීවිතයක් උනත් කැප කරන තරමට ඔවුන් ත්රස්තයි . . ඔය බුදුදහම , ක්‍රිස්තියානිය , ඉස්ලාමය වගේ ඉපැරණි මිනිස් රංචු සංවිධානය කිරීමේ ආකෘතියට වඩා මේ ශුද්ධවන්තයි . ප්‍රාතමිකයි . ඒ නිසා සෑහෙන මෝඩයි කියලා හිතන්න පුලුවන් ..
අපි දන්නව ඔය කවුරුත් මොලේ කළදක් නැති තරමටම මෝඩයන් නොවෙන බව . හරියට තෝරාගත් මෝඩයන් රැලක් මේ වැඩේ කරනව වගේ අපිට දැනෙන තැනදි , එහෙම හිතෙන එකත් මෝඩයි . ශිෂ්‍යයන් කරන හැම උද්ගෝෂණයක්ම සෑහෙන සැලසුම් සහගතයි . හොඳ සැලසුමක් තියෙන ඕනෙම තැනක බුද්ධිය කියන දෙය ඒ වැඩේ ඇතුලෙ දිම උපරිමයි .. පරිසමාප්තයි ..
ඉල්ලගෙන කෑම කියන්නෙ උද්ගෝෂණ ව්‍යාපාරයක තියෙන්න ඕනෙ සුදුසු කමක් . ඕක ඕනෙම රටක උද්ගෝෂ්ණයක දී එකයි . හමුදාව , පොලිසිය ක්‍රියාත්මක කරනව හැරෙන්න රාජ්‍යය්ට වෙනත් විසඳුමක් නැති කිරීම උද්ඝෝෂණයක සාමුහික උත්සාහයක් . ඒක කරන්න පුලුවන් මේ වගෙ සුවිශාල මිනිස් ගුලියකට විතරයි . ඒක සංවිධානය කිරීම පහසු වැඩක් නෙවෙයි .
උදාහරණයකට මේ ආපු පිරිස කිසිම පිහියක් , ආයුධයක් අරගෙන එන්නෙ නැහැ . අරගෙන ආව නම් රාජ්‍ය ආරක්ෂ අංශයේ කී දෙනෙක් බාවන්න පුලුවන් ද . ඒත් එහෙම නොකර ඉන්න එකම මොන තරම් අධිෂ්ටානයක්ද , මොන තරම් බුද්ධිමත් තෝරා ගැනීමක් ද . ඒක මේ බුද්ධිමත් පුරවැසියාට නොතේරෙන එක සෑහෙන හිනා යන වැඩක් තමයි ..