උදාරිගේ නවතම වගතුග

fidget

Member
Jan 3, 2018
608
65
0
උදාරිගේ නවතම වගතුග

udari700.jpg


පාරේ බැහැලා යන්න විදියක්‌ නැහැ

හැමෝම කියන්නේ සුද්දි කියලා

Ö උදාරි කියන්නේ කාලෙන් කාලෙට හිට්‌ වෙන චරිතයක්‌ නේද?

කාලෙන් කාලෙට හිට්‌ද එහෙම නැද්ද කියන්න මම දන්නෙ නෑ. එදිනෙදා යන එන හැම තැනකදීම හමුවෙන අය මට දක්‌වන ආදරය කරුණාව ළෙන්ගතුකම නිසා ඔවුන් අතර ආදරණීය චරිතයක්‌ කියලනම් කියන්න පුළුවන්.

Ö එතකොට මේ දවස්‌වල

මේ දවස්‌වල මම ඔය කියපු තත්ත්වේ ගොඩක්‌ වැඩිවෙලා තියෙනවා. ඒ ශාන්ත සොයිසා මහත්මයගේ පිනි නාට්‍යයේ සුද්දිගේ චරිතය නිසා. දැන් මග තොටේදී ගොඩ දෙනෙක්‌ උදාරි නොකියා සුද්දි කියන තැනට ඇවිල්ලා. ඇත්තටම සුද්දි කියන්නේ මේ තාක්‌ මට ලැබුණු අභියෝගත්මත චරිතයක්‌.

Ö පුංචි තිරයේ වැඩවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තම කියනවනම් රිදී තිරයක්‌ එක්‌ක සැසඳුවොත් පුංචි තිරය හරහා ඕනෑම කෙනෙකුට ලැබෙන ප්‍රතිචාර ඉහළයි. රිදී තිරයේ අපි දායක වුණ නිර්මාණයක්‌ බලන්න අමුතුවෙන් යන්න ඕන. ඒත් පුංචි තිරයේ අපේ නිර්මාණ දවස ගානේ ගෙදරදීම දකින්න ලැබෙනවා. ඒ තුළ ලැබෙන ප්‍රතිචාර ඉහළයි.

Ö දැන් උදාරිලට ඉස්‌සර වගේ වැඩ නෑ නේද?

සමස්‌තයක්‌ වශයෙන් ගත්තොත් ඒක කොහොමද කියන්න මම දන්නෙ නෑ. මගේ පැත්තෙන් ගත්තහම එහෙම අඩුවක්‌ මට දැනෙන්නේ නෑ. මොකද මම එක දිගට වැඩවලට එන්නෙ නෑ. නිර්මාණ අතරේ යම්කිසි පරතරයක්‌ තියා ගන්නවා. ඒකෙන් කෙනෙකුගේ අගය රැකෙනව කියල මම විශ්වාස කරනවා.

Ö උදාරි රණ්‌ඩු කෙක්‌කක්‌ කියන්නෙ ඇත්තද.

ඇත්තක්‌ වෙන්නෙ කොහොමද ඔය කතාව අලි බොරුවක්‌. මම ෆිල්ඩ් එකට ආවේ අවුරුදු 19 දී. දැන් මට 29 යි. මේ අවුරුදු දහය පුරාවට මම කා එක්‌කවත් රණ්‌ඩුවෙලා නෑ.

Ö භාරගත්තු වැඩකට නෑවිත් ළඟදී අධ්‍යක්‍ෂවරයෙක්‌ අමාරු දැම්ම කියන්නෙ ඇත්තද?

කිසිම අධ්‍යක්‍ෂවරයෙක්‌ අමාරුවේ දැම්මෙ නෑ. මම භාරගත්තු වැඩකට නොගිහින් ඉඳලා නෑ.

Ö ඔය කියන්නෙ ඇත්තමද.

ඕව්. ඒක තමයි ඇත්ත.

Ö දැන් සැමියා ඉස්‌සර වගේ ඔබ රඟපානවට කැමැති නැතිලු නේද?

සැමියා එහෙම අකැමැත්තක්‌ දක්‌වනවනම් මගේ තනි මතේට රංගන කටයුතුවල යෙදෙන්න බැහැනේ. නිර්මාණ අතර නොඉඳ මට සම්මානනීය රංගන ශිල්පිනියක්‌ වෙන්නත් බැහැ. ඔය කියන කථාවල සත්‍යයක්‌ නෑ. ඔහුගේ ආශිර්වාදය එදා වගේම අදත් මට ලැබෙනවා.

Ö දැන් අංගම්පොර පන්ති නවත්වලාද?

මෙහෙමයි මම අංගම් පොර පන්ති කළේ නෑ. ඒ සටන් කලාව ගැන අධ්‍යයනයක යෙදුණා විතරයි.

Ö අංගම්පොර ශිල්පියෙක්‌ එක්‌කත් පොර ඇල්ලුවලු නේද?

අයියෝ නෑ. කවුද ඔය බොරු කියන්නේ. මම කලිනුත් කිව්වනේ. මම කවදාවත් කා එක්‌කවත් රණ්‌ඩුවලට පැටලෙන චරිතයක්‌ නෙමෙයි.

Ö සැමියත් දියණියත් සමඟ ගෙවන ඔබේ ජීවිතේ මොන වගේද?

පෙර කරපු පිනක්‌ පලදීල ලැබුණු කෙනෙක්‌ තමයි මගේ සැමියා. ඒ නිසා මේ වෙද්දී මට සාර්ථක වාසනාවන්ත පවුල් ජීවිතයක්‌ ගතකරන්න අවස්‌ථාව ලැබිල තියෙනවා. ඒ අතරට අපේ දුවත් එකතු වුණාම අපි මේ ගෙවන ජීවිතේ අතිශයින්ම සොඳුරුයි.

Ö දුවත් අම්ම වගේ නර්තනයට රංගනයට දක්‍ෂද?

දුවල කොහොමත් ඔය දෙකට ලැදියිනේ. ඉතින් මගේ දුවත් ඒ විදියම තමයි. තාම එක වසරේ ඉගෙන ගන්නේ. එයාගේ වයසෙ හැටියට එයා ඒ දේවල්වලට දක්‍ෂයි.

Ö රංගනයට ගියාම ගෙදර දොරේ වැඩ කරගන්න වෙලාවක්‌ ඉතුරු වෙනවද?

එහෙම වෙන්නෙ ගොඩක්‌ වැඩ පටලව ගත්තහම. මම හරිම අඩුවෙන් නිර්මාණ භාර ගන්නේ. එහෙම වුණාම අපි හැමෝටම හොඳයි. ඒ ප්‍රතිපත්තිය නිසා මට මේ තාක්‌ ඔය ප්‍රශ්නෙ මතුවෙලා නෑ. හැම දේම බැලන්ස්‌ එකේ කරගෙන යන නිසා මම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.

Ö කට කතා ගැන උදාරි මොකද හිතන්නේ.

මුකුත්ම හිතන්නෙ නෑ. මං ගැන කට කතාවක්‌ තිබුණොත් ඒ ගැන අනිත් අයගේ ප්‍රතිචාර කොහොමද කියන්න මම දන්නේ නෑ. කොහොම වුණත් මට ඒක අදාළම නෑ. වෙන අය ගැන කටකතා තිබුණොත් ඒ වට මගේ කිසිම ප්‍රතිචාරෙකුත් නෑ. අවධානෙකුත් නෑ.

Ö කවදාහරි දවසක සැමියා රංගනයෙන් ඉවත් වෙන්න කිව්වොත්.

දෙපාරක්‌ කියනකන් ඉන්නෙ නෑ අයින් වෙනවා. මම රංගනයට ආවෙත් විවාහයෙන් පස්‌සේ. ඒ ඔහුගේ අනුදැනුම කැමැත්ත මත. ඔහු මගේ දෙවැනි පියා විදියටයි මම සලකන්නේ. මම කලාවට ආදරෙයි. රංගන ශිල්පිනියක්‌ වීම ගැන සතුටුයි. ඒත් මගේ ජීවිතේ අංක එක මගේ පවුල් ජීවිතේ. ඒ වෙනුවෙන් මම ඕනෑම වෙලාවක ඕනෑම කැප කිරීමක්‌ කරන්න සූදානම්.

ධම්මික හේවාවසම්
 

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,422
    3,825
    113
    Maligawatta
    පාරේ බැහැලා යන්න විදියක්‌ නැහැ

    හැමෝම කියන්නේ ODEL කියලා
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    Mekige Miniha Singa wala Hepatobiliary SR kenek. Thawa tika dawasakin Consultant.

    Mekita minihage thathwe thiyan inna baane shik.

    මොනවා උනත් මිනිහට ගොඩක් ලැදියි වගේ. එහෙම ගෑණු අගය කරන්න ඕනේ. :yes::yes:

     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    උදාරිගේ නවතම වගතුග 02-12-2018 01:21 AM Udari ban mehe tele drama karana ewnta kiyala puke arawagannawa, Husband karaya singapor wala hospital ekaka wada karanawa

    uba mokakvath natuwa gedarata vela ate gahanava.