උදුල් ප්‍රේමරතන ෆුඩ් සිටි ගියා වාගේ

teethshit

Banned
Jul 26, 2013
124
7
0
උදුල් ප්‍රේමරතන ෆුඩ් සිටි ගියා වාගේ

udul-vs-enemiew-of-free-education.gif


උදුල් ෆුඩ් සිටි ගියා වාගේ

Posted on July 26, 2013


ඊයෙ පෙරේදා පංති විඥාණය කියන දේ ගැන ප්‍රශ්න කරල ලියද්දි පොඩි නිරීක්ෂණයක් ලිව්ව අන්තරේ අවුරුදු දෙකකට කලින් කැඳවුම් කරු වෙච්ච උදුල් ගැන. මගෙ පොයින්ට් එක වුනේ පංති විඥාණය කියන දේ සාර්ථකව මිනිස්සුන්ට දෙන්න බැහැ, ඒක හිතළුවක් කියන එක. ඒත් ඒකට කමෙන්ට් කරපු මචං කෙනෙක් පංති විඥාණය තියෙනවද නැද්ද කියන එක පැත්තකට දාල උදුල්ට කින්ඩිය දාපු එකට යුද්ද ප්‍රකාශ කලා. ඇත්තටම මම දැන් පිලිගන්නව මම උදුල්ට එහෙම කියපු එක වැරදියි කියල. උදුල් ගැන මම දැනගෙන හිටියෙ නෑ. ෂිහ්, මම හෙන පවක් කර ගත්තා. මම හිතනව මම ඒ කර ගත්ත පවෙන් ගොඩ එන්න මේ කමෙන්ට් එක ඉවහල් වෙයි කියල.

මචං උදුල් සමාවෙයන්!

// පංති විඥාණය කියල එකක් නැත්නම් උඹ අහවල් අලෙකටද මචං මේ පොළොවේ පස් කාගෙන උදුලට නෙලන්නේ//

මම උදුල්ට එහෙම කියපු එක වැරදියි.

උදුල් කියන්නෙ මාර බුවෙක්.
දෙයියෙක්.
ලංකාවේ නිදහස් අද්දියාපනේ ඉස්ට දේවතාවා.
උදුල් නැත්තං කැම්පස් නෑ, අද්දියාපනේ නෑ. නවක නම්නීකරණය (රැග් එක කියල කියන්නෙ අපි වගේ අලයෝ)ත් නෑ.
මේ උදුල් ගැන කතා කිහිපයක්.
◾දවසක් පප්පා නිදහස් අද්දියාපනේ විකුණන්න ගියා. විෂ්ණු දෙයියො ඒක දැකල උදුලට කතා කලා. කතා කරල කිව්ව ලංකාවෙ නිදහස් අද්දියාපනේට කෙල වෙන්නයි යන්නෙ. උඹ ගිහින් බේර ගනින් කියල. එදා තමයි උදුලය ඉපදුනෙ.
◾උදුල් පුංචි කාලෙ ගමේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් අම්ම කෙනෙක්ට සෙක්ස් එකට කතා කරල තිබ්බ පුතා ඉස්කෝලෙට දාලා දෙන්නං කියල. උදුල ගත්ත වැලි පොල් කට්ට අතට. එක පාරයි ප්‍රින්සිපල්ට ගැහුවෙ. පුතාව නිකන්ම ඉස්කෝලෙට දාලා දුන්න.
◾උදුල පලවෙනි පන්තියට යනකොට තුන වසරෙ ටීචර් පන්ති වලට උගන්නන්නෙ නැතුව පොඩි එවුන්ට එයාගෙ ටියුෂන් එකට ගෙන්න ගෙන තිබුන. උදුල ගිය ටීචර් ගාවට. ගිහින් කිව්වා “තීතල්, අදිලාද්‍යවාදී අමනකං අතෑලලා පීදිත පන්තියට අද්දියාපනේ ලබා දෙන්න“ කියල. ටීචර් තුනේ පන්තියට පීඩිත පන්තියත් එකතු කරල නිදහස් අද්දියාපනේ දුන්න.
◾උදුල් පහ වසරෙ සිස්සත්තෙ කරන්න ඉද්දි ඕලෙවල් අයියලගෙ ප්‍රශ්න පත්තරේ හොරෙන් පිට වෙලා තිබුන. උදුලට ආරංචි වුනා විතරයි කලාප අද්දියාපනේට කතා කරල කිව්ව “සර් පහ වසරෙ සිස්සත්තෙට එහෙම මෙහෙම වුනොත් අපි දීප ව්‍යාප්ත මෙව්වා එකක් ගෙනියනව ඔක්කොම වැඩ කරන මාමල නැන්දල එකතු කරල“ කියල. පහ වසරෙ සිස්සත්තෙ කිසිම අවුලක් නැතුව ගියා.
◾උදුල් ඕලෙවල් කරන්න ආවලු. එතකොට විසය ඔක්කොම වෙනස් වෙලා සිලබස් කරකැවිලා ගිහින්ලු. උදුල බලං හිටියෙ නෑලු. ගියාලු ඉසුරුපාය දෙබෑ කරන්ඩ කියල. අධ්‍යාපන ලේකංගෙ මේසෙට නැග්ගලු. නැගල මොනවත් නොකියා අර අභීත බැල්මෙන් මෑන්ගෙ මූණ දිහා බලාගෙන හිටියලු. කොහොම හරි ඊලඟ දවස වෙද්දි සිලබස් ප්‍රශ්න ඔක්කොම හරිලු. ජාතියන්තර කොරොමවේදෙකට අප් ටු ඩේට් සිලබස් එකක් එක රැයින් ගොඩ දැම්මලු. ඒ මදිවට සිලබස් එකේ අන්තර්ගතේ ගැන බලන්න ක්‍රියාකාරී කමිටුවක් අද්දියාපන ලේකං අතින් සල්ලි දීලම දැම්මලු.
◾උදුල් ඒලෙවල් වලට එනකොට කිසිම ඉස්කෝලෙක හරි හමං විදියට උගන්නන්නෑලු, ටියුසන් යන්නැති එකෙක් හිටියොත් ඌට බඩුම තමාලු. මේ අසාදාරනේ දැකපු උදුල්ට යකා නැග්ග. උදුල ගියා ටියුසන් වල අගනගරය, නුගේගොඩට. ගිහින් ඔක්කොම ටියුසන් පන්ති වලින් ඒ ටියුසන් බුවාලව පැන්නුවලු. ඉස්කෝලෙ වගේ දහ ගුණයක් හොඳින් ටියුසන් වල උගන්නපු සෑර්ලා මිස්ලට කස පාර දීල ආපහු ඉස්කෝල වලට යැව්වලු. එදා ඒ සිද්ද වුන දේ ජේසු යුදෙව් වෙලෙන්දන්ට ගැහුව එකටත් වැඩිය හැපනිං ලු. එදායින් පස්සෙ ඉස්කෝල වල ඉගැන්නිල්ල 100% දක්වා කාර්යක්සම වුනාලු. ටියුසන් වලට තිබුන ඩිමාන්ඩ් එක අඩු වුනාලු. එහෙමම එකෙක් ඇර නිදහස් අද්දියාපනේම පිහිටෙන් විතරක් ඒලෙවල් පාස් වෙන්න හැමෝටම පුලුවන් වුනාලු.
◾උදුල් ඉහලින් පාස් වෙලා ඩෙන්ටල් එකට ගියාලු. යද්දි පාස් වුන හැමෝම කැම්පස් ගන්නෑලු. උදුල් ගත්තලු කැම්පස් යද්දි ඉල්ලන්න තියෙන පොත අතට. ගියාලු කෙලින්ම උසස් අද්දියාපනයා ගාවට. “සර් හෙට වෙද්දි පාස් වුන හැමෝම කැම්පස් වල ඉන්න ඕනෙ“ කිව්වලු. කියල අර පොතෙන් “සර්ගෙ පිස්සුව හොඳ වෙන්නත් එක්ක“ කියල ගැහුවලු ඔලුවට එකක්. එදායින් පස්සෙ උසස් අද්දියාපනයා පිස්සු කතා කියවන එක නැවැත්තුවලු. ඒලෙවල් පාස් වුන හැම එකාම මිනිහ බලෙන්ම වගේ කැම්පස් එක්කං ආවලු.
◾උදුල් සෙකන්ඩ් ඉයර් එකේ ඉද්දි ලොක්කා බල කරල ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකක් දාන්න බවුන්ඩේසම දාන්න පටන් ගත්තලු මාලඹේ හරියෙ. උදුල්ට මේක ආරංචි වුනාම යකා නැග්ගලු. යාලුවො අල්ල ගන්න හැදුවට “අත ඇරපියව් මාව“ කියල උදුල ගත්තලු සයිකලේ, පෑගුව පෑගිල්ලට විනාඩි පහෙන් මාලඹේලු. බවුන්ඩේසම ගහන්න ආපු බාස්ලා ටිකක් උදුලට ගහන්න ආවට උදුල එක කික් එකයි දුන්නෙ. ඔක්කොම විසි වුනාලු. කැඩිච්ච බවුන්ඩේසම උඩ එක කකුලක් තියා ගත්ත උදුල් කියුබන් සුරුට්ටුවක් කටේ ගහගෙන මෙහෙම කිව්වලු. “ආයෙ මෙතන ප්‍රයිවට් මොනවත් බෑ!!“. මෙඩිකල් කොලේජ් එක ගහන්න ආපු එවුන් එක පැයෙන් රටෙන් පිට වුනාලු. ලොක්කා උදුල්ට එදා රෑ කතා කරල සමාව ඉල්ලුවලු.
◾මාසෙකට දෙකකට පස්සෙ උසස් අද්දියාපනය එපා කියද්දිම තව සෙට් එකක් පටන් ගත්තලු අලුතෙන් කැම්පස් එන එවුන්ට ආමි ට්‍රේනිං දෙන්න. ආමි ට්‍රේනින් පලවෙනි දවසෙම උදුල් එතනට ආවලු ආම්කට් බැනියමක් එක්ක ඇඟට හිර ඩෙනිමක් ගහල. බාගෙට ඉවර වෙච්ච කියුබන් සුරුට්ටුව කටේ කොනකට අරං උදුල මෙහෙම කිව්වලු. “කැම්පස් එකට අලුතෙන් එන්න ඉන්න එවුන් දැන් මෙතනින් පලයල්ලා. උඹලට ආමි ට්‍රේනින් නෑ“ අලුත් කොල්ලො කෙල්ලො ටික හෙමින් සැරේ ගෙදර ගියාලු. ඊට පස්සෙ එතනට ඇවිත් තිබුන ආමි ලොක්කා ගාවට උදුල හෙමින් සැරේ ගියාලු. ගිහින් ලොක්කගෙ ඇද වුන තොප්පිය හෙම හදල ඇඳුමෙ දූවිලි එහෙම පිහ දාල කිව්වලු “ආයෙ කැම්පස් යන එවුන්ට ආමි ට්‍රේනින් බෑ. හරිද?“ කියල. ආමි ලොක්කට චූ ගියෙ නැති එක විතරලු. අර ලමයි ට්‍රේනිං එකට ගෙවල තිබුන සල්ලි දෙගුණයක් වෙලා ගෙවල් වලටත් යවල තිබ්බලු. ඒ එක්කම නෝට් එකකුත් යවල තිබ්බලු “වඳින්නං නංගියෙ/මල්ලියෙ ආයෙ ට්‍රේනිං එන්න එපා, උදුල මාව කයි කියල“. එදායින් පස්සෙ හැම හුචක්කුවටම ආමි ට්‍රේනිං දෙන එක නැවතුනාලු.

මේක උදුල් ගැන තියෙන කතා වලින් කිහිපයක් විතරයි.
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මල්ලියෙ ආයෙ ට්‍රේනිං එන්න එපා, උදුල මාව කයි කියල“. එදායින් පස්සෙ හැම හුචක්කුවටම ආමි ට්‍රේනිං දෙන එක නැවතුනාලු.
 

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උදුල් ප්‍රේමරතන ඩුබායි ගියා වාගේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    please bump for udul aiya

    කෝ බන් මේ ජෙප්පෝ ටික....උදේ අංක ජෙප්ප දැක්ක...
    thread එකක් දාල නාගත්තු පාර එක ජෙප්පෙක් නැහැ අද....කිරිය boring වෙනවා මුන් නැතුව
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    කෝ බන් මේ ජෙප්පෝ ටික....උදේ අංක ජෙප්ප දැක්ක...
    thread එකක් දාල නාගත්තු පාර එක ජෙප්පෙක් නැහැ අද....කිරිය boring වෙනවා මුන් නැතුව
    :yes::yes::yes::(:(