උදුල් ප්‍රේමරත්න , ප්‍රභූ ආරක්ෂක රථ සහ පත#
උදුල් ප්‍රේමරත්න යනු මගේ සිත් ගත්තෙකු නොවීය. එයට හේතුව පුද්ගලික නොවූවද ඔහු අන්තරයේ සිටියදී අනෙකුත් විශ්ව විද්‍යාල සිසුන් ගේ ඉගෙනුමට කරන ලද බාදා නිසාවෙනි. එහෙත් ඔහු විසින් රත්නපුර බට්ටිගේ අයිතීන් වෙනුවෙන් මැදිහත් වීම මම අගය කරමි.
2014 වසරේදී උදුල් ප්‍රේමරත්න මහතා මහ මඟ ගමන් කරමින් සිටියදී ප්‍රභූ රථ පෙළකට ඉඩ ලබා නොදුන් බව පවසමින් ප්‍රභූ ආරක්ෂකයන් විසින් ඔහුට ටී -56 අවියකින් පහර දීම මම පිළිකුලින් යුතුව හෙලා දැක්කෙමි.
මටද මේ හා සමාන අත්දැකීමක් තිබේ. එය 2008 වසර විය. සිකුරාදා දිනයක සවස මම මගේ 12 හැවිරිදි පුතා සමග රාජකීය විද්‍යාලීය පිහිණුම් තටාකයට ගොස් පිහිනා මෙම පිහිණුම් තටාකයට මීටර් 400 පමණ දුරින් තිබෙන මගේ නිවසට පයින්ම ඇවිදිමින් සිටියෙමි.
අප සිටියේ රීඩ් මාවතේය. එකෙහින්ම සයිරන් හඞක් මාගේ සවනත වැකුනේය. ඩිෆෙන්ඩර් ,පරිවාරක රථ ,මෝටර් සයිකල් පිරිවරාගත් වී.අයි.පී කෙනෙකු එමින් සිටියේය. පාර අසල සිටි අවිගත් පොලිස් නිලධාරීන් මාවතේ ඇවිදිමින් සිටි සියළු දෙනාටම නවතින ලෙසත් අනෙක් පස හැරී (පාරට පිටුපා) තාප්ප දෙසට මුහුණ හරවාගෙන සිටින ලෙසට නියෝග දුන්නේය. මා හැර පාරේ සිටි මිනිසුන් මහා මාර්ගයට පිටුපා හැරී ගල් රූප මෙන් නිසලව සිටියහ. මම නැවතුනු මුත් තාප්ප දෙසට මුහුණ හැරනොවූයෙමි. මගේ පුතා වික්ෂිප්තව මා අනුගමනය කලේය. ගිනි අවියක් ගත් පොලිස් නිලධාරියෙකු මට තාප්පය දෙසට හැරෙන ලෙස අණ කලේය. එහෙත් මා ඔහු දෙස බලා සිටියා පමනි.
මම ජීවිත බේරාගන්නා වෛද්‍යවරයෙකු මෙන්ම යුද හමුදාවේ සෙබළුන් ගේ මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කරන්නෙකුද වූයෙමි. එහෙත් ඉදිරියෙන් එන ප්රභූවරයා ඉදිරියේ යටත් වැසියෙකු මෙන් වැඩවසම් අධිපතිවාදය හමුවේ දණ ගැසීමට බල කෙරුනි. මම ඊට අවනත නොවූයේ නම් මම මගේ ජීවිතයද පුතාගේ ජීවිතයද අණතුරේ හෙලන්නෙමි. එහෙත් මම නොසැලී සිටියෙමි. පොලිස්කාරයාගේ උණ්ඩ මාගේ ශරීරය සිදුරු කරගෙන ගියද මම අවමන් සහගත නියෝගය පිලි නොපැද්දෙමි. මම ඔහුගේ උණ්ඩ අපේක්ෂාවෙන් සිටියෙමි. ඒ අතරවාරයේදී ප්‍රභූ ආරක්ෂක රිය පෙළ මා ඉදිරියෙන් ගියේය. මම නොසැලී සිටියෙමි. මිනිස් අභිමානය යනු කුමක්ද කියා නිහඞව මම මගේ පුතාට කියා දුන්නෙමි. ඒ සමගම ලංකාව යනු අපට තව දුරටත් ජීවත් විය හැකි රටක් ද කියා මට සිතුණි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
උපුටා ගැනීමකි http://transyl2014.blogspot.com/2016/10/blog-post_6.html