උන් කියන විදියටද රට කරන්න ඕන

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    නෝ ඩීල් ගම ඒ නම ගැල⁣පෙන්නේ නෑ..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    හරි එහෙනන් කාවද අගමැති කරන්න ඕනෙ? (අනුරයි,සජිතුයි දෙන්නම බෑ කියනව ආණ්ඩු හදන්න.)
    මං කොහෙහරි කිව්වද රනිලව ගහල එලව්න්න ඕන කියල මයිනව වගේ? මූගෙ බෙල්ල මිරිකල හරි මුගෙන් අවශ්‍ය දේ කරගන්න එකයි අරගලකරුවො කරන්න ඕන. අන්න ඒකයි අරගලේ දිගටම කෙරෙන්න අවශ්‍ය. රටට ඩොලර් ලැබෙන්නත් ඕනෙ, ඩොලර් ලැබිල පොඩ්ඩක් තත්වෙ යහපත් උනා කියල දීර්ඝකාලීන අරමුණ අමතක කරන්න නරකයි.
     
    • Haha
    Reactions: Anil1984

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    දෙතුන් දාහක් විතරයි ඔය මතේ විශ්වාස කරන්නෙ කියල උඹ කියපු එක නම් සම්පූර්ණයෙන්ම වැරදී කියල 9 වෙනිදා ඔප්පු උනා so ඔයාගෙ ඒ තර්කෙ ඉවරයි.

    ඊලග එක. 225ම එපා කීවට කොහොමද අලුත් දේශපාලන සංස්කෘතියකට යන්නෙ කොහොමද? මේ ප්‍රශ්නෙම සම්පූර්ණයෙන්ම වැරදිනෙ බං

    මේ අමාරුකාලෙ කරන්න ඕන මොකක්ද? කියල උන් කරුණු 8 කින් කියල තියෙනව. අඩුම තරමේ ඒවා උඩින් පල්ලෙන් වත් කියවලා හිටියනම් හොඳයි නේද? මමත් ඒවට 100% එකගනෑ නමුත් සාදනීයයි.

    ඒව මොකුත් දන්නෙ නැතුව 225 ම එපා නන් රට පාලනය කරන්නෙ කවුද බන්? කියල වැරදි ප්‍රශ්නයක් ඇහුවම ඒවට උත්තර දෙන්න මම නම් දන්නෙ නෑ. ඒක හරියට උඹට නැති නංගි කෙනෙක්ව මම කසාද බඳින්න ඉල්ලනව වගේ වැඩක්.
    උන්ගෙ මතේ මිනිස්සු බහුතරය පිළිගන්නවද බලන්න අරගල කාරයො චන්දෙකට යන්න ඕන. මිනී මරල, ගෙවල් ගිනි තියපු උන්ගෙ මතේ රටේ බහුතරේකගෙ මතේ කියල ඔයා පිළිගන්නව නන් ඔයත් ඔය ත්‍රස්තවාදීන්ගෙම කෙනෙක්.

    ජාතියන්තරයට කතා කරන්න පුලුවන් එකෙක් රටේ අගමැති කරල රට ස්තාවර කරල, මිනිස්සුන්ගෙ ජීවන බර අඩු කරන එක තමයි මුලින්ම කරන්න ඕනෙ.

    මං කොහෙහරි කිව්වද රනිලව ගහල එලව්න්න ඕන කියල මයිනව වගේ? මූගෙ බෙල්ල මිරිකල හරි මුගෙන් අවශ්‍ය දේ කරගන්න එකයි අරගලකරුවො කරන්න ඕන. අන්න ඒකයි අරගලේ දිගටම කෙරෙන්න අවශ්‍ය. රටට ඩොලර් ලැබෙන්නත් ඕනෙ, ඩොලර් ලැබිල පොඩ්ඩක් තත්වෙ යහපත් උනා කියල දීර්ඝකාලීන අරමුණ අමතක කරන්න නරකයි.

    Oya nokiwwata oya aragala karayo kiyanne "RanilGoHome" kiyala.
    ------ Post added on May 13, 2022 at 5:17 PM
     
    • Like
    Reactions: kaveezh

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    උන්ගෙ මතේ මිනිස්සු බහුතරය පිළිගන්නවද බලන්න අරගල කාරයො චන්දෙකට යන්න ඕන. මිනී මරල, ගෙවල් ගිනි තියපු උන්ගෙ මතේ රටේ බහුතරේකගෙ මතේ කියල ඔයා පිළිගන්නව නන් ඔයත් ඔය ත්‍රස්තවාදීන්ගෙම කෙනෙක්.

    ජාතියන්තරයට කතා කරන්න පුලුවන් එකෙක් රටේ අගමැති කරල රට ස්තාවර කරල, මිනිස්සුන්ගෙ ජීවන බර අඩු කරන එක තමයි මුලින්ම කරන්න ඕනෙ.

    Oya nokiwwata oya aragala karayo kiyanne "RanilGoHome" kiyala.
    ------ Post added on May 13, 2022 at 5:17 PM
    උඹට තියෙන්නෙ කියන සිංහලේ නොතේරෙන ප්‍රශ්නයක් වගේ. උඹට අරගලේ කියන එක පේන්නෙ පොහොට්ටුව ජේවීපී එක යූඇන්පී එක සජබේ වගේ පක්ෂයක් වගේද?

    අරගලකාරයො කියන්නෙ රටේ මහජනතාව. ගෝල්පේස් එක ගැන නෙමෙයි කියන්නෙ රට පුරා තියෙන අරගලේ. රනිල් කියන්නෙ ඩීල් පප්පෙක් නිසයි එහෙම කියනව ඇත්තේ. මිනිස්සුන්ට ඌව ෂුවර් නෑ
     
    • Haha
    Reactions: Anil1984

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    අරගලේ දිගටම තිබ්බට අවුලක් නෑ ප්‍රදාන සටන්පාටයත් එක්ක.. වැඩි දෙවල් කරන්න තව තව ගම් හදන්න යන්න හොද නෑ..
    නෝ ඩීල් ගම, රනිලා ගෝගම ඔය එන එන එකාට ගම් හදන එක තේරුමක් නෑ
     
    • Like
    Reactions: kaveezh

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    උඹට තියෙන්නෙ කියන සිංහලේ නොතේරෙන ප්‍රශ්නයක් වගේ. උඹට අරගලේ කියන එක පේන්නෙ පොහොට්ටුව ජේවීපී එක යූඇන්පී එක සජබේ වගේ පක්ෂයක් වගේද?

    අරගලකාරයො කියන්නෙ රටේ මහජනතාව. ගෝල්පේස් එක ගැන නෙමෙයි කියන්නෙ රට පුරා තියෙන අරගලේ. රනිල් කියන්නෙ ඩීල් පප්පෙක් නිසයි එහෙම කියනව ඇත්තේ. මිනිස්සුන්ට ඌව ෂුවර් නෑ

    agamethi wenna sure ekek kiyapan ehenan.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    agamethi wenna sure ekek kiyapan ehenan.
    ෂුවර් එකෙක් නෑ. වෙච්ච එකාගෙන් වැඩේ කරගන්න ඕනෙ. මයිනට උන දේ පෙන්නල ජනතාවට කොකා පෙන්නන්නෙ නැතුව ජනතාව ඉල්ලන දේ ගන්න ඕන.
     
    • Like
    Reactions: kaveezh

    Sen-lu

    Well-known member
  • උන්ගෙ මතේ මිනිස්සු බහුතරය පිළිගන්නවද බලන්න අරගල කාරයො චන්දෙකට යන්න ඕන.
    දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕන කියන එක මේ රටේ බහුතර මතය තමයි. උඹ නිදාගෙනද හිටියෙ පහුගිය කාලේ.
    මිනී මරල, ගෙවල් ගිනි තියපු උන්ගෙ මතේ රටේ බහුතරේකගෙ මතේ කියල ඔයා පිළිගන්නව නන් ඔයත් ඔය ත්‍රස්තවාදීන්ගෙම කෙනෙක්.
    ඒක බහුතර මතේ වෙන්න ඇති ඒකනෙ ගිණිතියපු අයට ඒතරම් බලයක් ආවෙ. එහෙමයි කියල ගිණිතියපු මිනිස්සු මරපු එක සාධාරණයි කියල කියවෙන්නෙ නෑ. ගිණිතියපු අයටත් වඩා ඔය සිද්ධිය ඇතිකරපු උනුයි ත්‍රස්තවාදීන්. දෙගොල්ලන්ටම දඩුවම් කරන්න ඕන. මොකද හරියට සමාජයක් ෆන්ෂන් වෙන්න සාධාරණ නීති සහ නීතිය ක්‍රියාත්මක වීමේ සාධාරණත්වය ඉතාම වැදගත්.
    ජාතියන්තරයට කතා කරන්න පුලුවන් එකෙක් රටේ අගමැති කරල රට ස්තාවර කරල, මිනිස්සුන්ගෙ ජීවන බර අඩු කරන එක තමයි මුලින්ම කරන්න ඕනෙ.
    එක ඔලුවක් මාරුකරාම ඔක්කොම හරි කියල හිතෙනව නම් ඒකෙන් උඹේ දේශපාලන පරිණතබවේ තරම හිතාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: TonyMontana83

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕන කියන එක මේ රටේ බහුතර මතය තමයි. උඹ නිදාගෙනද හිටියෙ පහුගිය කාලේ.

    ඒක බහුතර මතේ වෙන්න ඇති ඒකනෙ ගිණිතියපු අයට ඒතරම් බලයක් ආවෙ. එහෙමයි කියල ගිණිතියපු මිනිස්සු මරපු එක සාධාරණයි කියල කියවෙන්නෙ නෑ. ගිණිතියපු අයටත් වඩා ඔය සිද්ධිය ඇතිකරපු උනුයි ත්‍රස්තවාදීන්. දෙගොල්ලන්ටම දඩුවම් කරන්න ඕන. මොකද හරියට සමාජයක් ෆන්ෂන් වෙන්න සාධාරණ නීති සහ නීතිය ක්‍රියාත්මක වීමේ සාධාරණත්වය ඉතාම වැදගත්.
    deshapalana sankruthiya wenas karanna epa kiyala man koheda kiyala thienne. Ranil wa agamethi karama 'aragalakarayo' kiyanawa uuwa epalu. Sajith,Anura ge talks witharai.

    TNA eken hari Muslim Congress eken hari ekek wa agamati karanna kiyalada kiyanne?

    එක ඔලුවක් මාරුකරාම ඔක්කොම හරි කියල හිතෙනව නම් ඒකෙන් උඹේ දේශපාලන පරිණතබවේ තරම හිතාගන්න පුළුවන්.

    Cabinet eka path karanna issella Agamatei wa thamai path karanna one.
     
    • Like
    Reactions: kaveezh

    Sen-lu

    Well-known member
  • deshapalana sankruthiya wenas karanna epa kiyala man koheda kiyala thienne. Ranil wa agamethi karama 'aragalakarayo' kiyanawa uuwa epalu. Sajith,Anura ge talks witharai.

    TNA eken hari Muslim Congress eken hari ekek wa agamati karanna kiyalada kiyanne?

    Cabinet eka path karanna issella Agamatei wa thamai path karanna one.
    අපි බලමු ඔය එකක්වත් වෙයිද කියල. කාලය අපි දෙන්නටම උත්තර දෙයි එදාට බලමු කවුද හරි කියල.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕන කියන එක මේ රටේ බහුතර මතය තමයි. උඹ නිදාගෙනද හිටියෙ පහුගිය කාලේ.
    මූ කියන විදියට අරගලකාරයො ගෝටාගෝගම කියල පක්ෂයක් ලියාපදිංචි කරල ඒක චන්දෙන් පාර්ලිමේන්තුවේ බහුතරේ කරල ඒකෙන් රටේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ 🤣 නැත්නම් ගෝතයයි පොනිලයි දාන ඕන ජිමික් එකකට ඉඩ දීල කටවල් වහන් ඉන්න ඕනේ 🤣
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • මූ කියන විදියට අරගලකාරයො ගෝටාගෝගම කියල පක්ෂයක් ලියාපදිංචි කරල ඒක චන්දෙන් පාර්ලිමේන්තුවේ බහුතරේ කරල ඒකෙන් රටේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ 🤣 නැත්නම් ගෝතයයි පොනිලයි දාන ඕන ජිමික් එකකට ඉඩ දීල කටවල් වහන් ඉන්න ඕනේ 🤣
    තේරුමක් නෑ කියල නිකං ඉඳපං.
     
    • Like
    Reactions: TonyMontana83

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    බලපෑම් කරන්න ඔනේ, අනිවා. එත් ඒක කරන ගමන් රට ගොඩගන්න මේ හරක් පාලකයන්ට බල කිරීම් කරලා මිසක් එක එකාගෙ agendas වලින් උන්ව බලේට ගෙන්න නෙමෙයි.
    මිනිස්සුන්ව යතාර්තය තෙරුම් කරල දෙන්න ඔනේ, මෙතන සමහරක් දෙශපාලන ගෙම් කාරයො ඒක කරන්න ඉඩ දෙන්නේ නෑ.

    කවුරුහරි එකෙක්ව බලයට ගේනවට වඩා වැදගත් වෙන්නේ දීර්ගකාලයක් තියාගන්න පුලුවන් යහපත් සංශෝධන පාලනට ගේන එක. යහපත් අදහස් සමාජයට ගේන එක. හරි දේ කරන්න පාලකයාට බලකරන ගමන් හරි දේ නොකරන උන් ප්‍රතික්ෂේප කරන්න ජනතාව පොලබවන එක.

    මෙච්චර කාලෙකට, ඔය ටික ගෝල්ෆේස් එකට වඩා සාර්ථකව කරපු තැනක් නෑ බන්
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මමනං කියන් නෑ බං ගෝඨාවත් සජියවත් රනිලවත් හොදයි කියල. මේ රටේ ඒම හොදයි මූ තමා වැඩ්ඩා කියන්න එක දේශපාලකයෙක්වත් නෑ.

    අනික මම පිලිගන්න එක දෙයක් තියෙනව. මුලින් වෙනස් වෙන්න ඕන අපි. අපිමනේ මුන්ට ඡන්දෙ දෙන්නේ.

    දේශපාලනය පැත්තක තියපන්. අපේ උන් පිනට කන්නමයි බලන් ඉන්නෙ බහුතරයක්. රජේ ජොබ් එකකට පැනගන්නමයි ගොඩක් උන් හදන්නේ. ඒකට දේශපාලකයන්ගෙ පුපවල් ලෙව කකා යනව ලියුමක් ගන්න.

    තව සමහරක් හුත්තලා පිනට දෙන අධ්යාපනයත් බාගෙට නවත්තලා ඕ ලෙවල් කරපු ගමන් ත්රීවිල් එකක් අරන් පාරට දානවා. උන්ට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ.

    රටක් දියුණු කරන්න දේශපාලකයන්ට බෑ. රටක් දියුණු කරන්න පුලුවන් මිනිස්සුන්ට. ඒකට බැකප් එක දෙන්න ඕන රජයෙන්.

    අනික මේ රට බදු අඩුම රටක්. බිස්නස් එකක් කරන මිනිහෙක්ට වෙන රටකට වඩා ගොඩක් අඩු මදු බරක් තමයි තියෙන්නේ. ඒ වගේම බලපන් අපේ කීයෙන් කී දෙනෙක් බදු ගෙවීම පැහැර හරිනවද? ඊට පස්සේ උන්ම බනිනව අනිත් උන්ට හොරු හොරු කියල.

    අපේ ඉන්නේ මහ කම්මැලි හුකන්නලා ටිකක්. අවුරුදු විස්සක් විතර වුන ගමන් බලන්නේ පැන්ෂන් එකක් තියෙන ජොබක් ගැන. ඒම උන් ඉන්න රටක් දියුණු වෙයිද?

    මේ රටට ඕන ව්යවසායකයෝ. ව්යාපාරිකයෝ. එතකොට තමයි මේ රටේ නිෂ්පාදනයක් වෙන්නේ. එතකොට තමයි මේ රටේ තවත් පිරිසකට ජොබ් ලැබෙන්නේ. එතකොට තමයි රටට ඩොලර් එන්නේ. මේව කරන්න ඕන අපි අපිමයි. ඇයි බං අපේ උන්ට බැරි. ඇයි අඩුම තරමේ පොඩි උත්සයහක්වත් ගන්න.

    රටට ආදරේනම් කරන්න ඕන පාරවල් ගිනි තිය තිය දගලන එක නෙවේ බං. තමන් නැගිටින්න බලන එක. තමන් නැගිටිනව කියන්න රට නැගිටිනව කියන එක තමයි.

    අවුරුදු දහතුනක් පිනට ඉගෙනගෙන කැම්පස් එකෙත් පිනට ඉගෙනගෙන බොරුවට පාරවල් ගානේ අවුරුදු ගාණක් නාස්ති කරල ඊට පස්සේ රජයෙන් ජොබක් දෙනකන් බලන් ඉන්න උන්ට ඇයි බං බැරි ඒ තමන්ගේ දැනුමෙන් රටට වැඩක් කරන්න. ?
    මේ උඩ කියන ඔක්කොටම එකගයි හැබැයි ඔයා ට්‍රේඅඩ් එක පටන් ගත්තේ ඕක කියලා නෙවේ .
    නික මේ රට බදු අඩුම රටක්. බිස්නස් එකක් කරන මිනිහෙක්ට වෙන රටකට වඩා ගොඩක් අඩු මදු බරක් තමයි තියෙන්නේ. ඒ වගේම බලපන් අපේ කීයෙන් කී දෙනෙක් බදු ගෙවීම පැහැර හරිනවද? ඊට පස්සේ උන්ම බනිනව අනිත් උන්ට හොරු හොරු කියල.

    බදු අය කරගන්න හරි හමන් සිස්ටම් එකක් හදාගන්න බැරි රටක්නෙහ් මේක , අවුරුදු 74ක ඉඳන් දන්නේ නැද්ද රටේ බදු අයකරගැනීම් හරියට වෙන්නේ නැ කියලා එතකොට එයාලා දැනගන්න ඕනි හරි system එකක් හදන්න බදු ටික ය කරගන්න

    අවසානෙට මේ ක්‍රමය ඇතුලේ ඔය හිතන තරම් දේවල් කරන්න අමාරුයි මිත්‍රයා
    මේ රටට ඕන ව්යවසායකයෝ. ව්යාපාරිකයෝ. එතකොට තමයි මේ රටේ නිෂ්පාදනයක් වෙන්නේ. එතකොට තමයි මේ රටේ තවත් පිරිසකට ජොබ් ලැබෙන්නේ. එතකොට තමයි රටට ඩොලර් එන්නේ. මේව කරන්න ඕන අපි අපිමයි. ඇයි බං අපේ උන්ට බැරි. ඇයි අඩුම තරමේ පොඩි උත්සයහක්වත් ගන්න.

    මේක ගත්තොත් ඔය හිතන තරම් ලේසියට වියාපර පටන් ගන්න ප්‍රාග්ධනය හොයන්න දෙන්න කව්රුත් නෑ , බැංකුවකට ණයක් ගන්න ගියාම එක කොච්චර අමාරුද කියලා තේරෙයි , ලෝන් දෙන්නේ ණය ගෙවන්න පුළුවන් කෙනෙක්ට මිසක් අභියෝග බාරගන්න කෙනෙක්ට නෙවේ , අලුත් වියාපාරයක් පටන් ගන්න ලෝන් එකක් දීලා අඩුම එක ය කරන්න පටන් ගන්න කාල සීමාවක් වත් දෙන්නේ නැ

    රටට ආදරේනම් කරන්න ඕන පාරවල් ගිනි තිය තිය දගලන එක නෙවේ බං. තමන් නැගිටින්න බලන එක. තමන් නැගිටිනව කියන්න රට නැගිටිනව කියන එක තමයි.
    මේක කොහොමද කරන්න පුළුවන් කියලා විස්තර කරනවද උදාහරණ සහිතව ...

    අවුරුදු දහතුනක් පිනට ඉගෙනගෙන කැම්පස් එකෙත් පිනට ඉගෙනගෙන බොරුවට පාරවල් ගානේ අවුරුදු ගාණක් නාස්ති කරල ඊට පස්සේ රජයෙන් ජොබක් දෙනකන් බලන් ඉන්න උන්ට ඇයි බං බැරි ඒ තමන්ගේ දැනුමෙන් රටට වැඩක් කරන්න. ?

    මචන් ආණ්ඩුවකට සැලැස්මක් තියෙන්න ඕනි වසරකට උපාධි ධාරී කීදෙනෙක් එනවද ජොබ් මාර්කට් එක කොහොමද හදන්න ඕනි එකට සිලබස් හදන්න දැක්මක් තියෙන්න ඕනි, ජොබ් මාර්කට් එකට හරියන විධිහට degree එක හදන්න ඕනි එකට අධ්‍යාපන වෙනසක් ඕනි
     
    kaveezh

    Active member
  • Apr 16, 2022
    144
    102
    43
    රටට ආදරේනම් කරන්න ඕන පාරවල් ගිනි තිය තිය දගලන එක නෙවේ බං. තමන් නැගිටින්න බලන එක. තමන් නැගිටිනව කියන්න රට නැගිටිනව කියන එක තමයි.
    මේක කොහොමද කරන්න පුළුවන් කියලා විස්තර කරනවද උදාහරණ සහිතව
    මම මේකට සන්නස්ගලගෙම වචනෙකින් කියන්නම්. අද රට කියල සංකල්පයක් නෑ. අද මනුස්සයෙක්ට පොඩි ඉඩක් ඇති.

    අද මචං රට කියල සංකල්පයක් නෑ කියන්නේ මේ ලෝකේ සන්නිවේදනය හා තාක්ෂණය ද පට්ට දියුණුයි. ලෝකේ තියෙන ඕන දෙයක් අපිට දැනගන්න පුලුවන් අඩු වැඩි වශයෙන්.

    ඉගෙනගන්න මනුස්සයෙක්ට උනත් තනියම සාමාන්ය මට්ටමකින් ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන්. මම හිතනව අද තරුණ අය ගොඩක් අතරේ youtube ඒ වගේම internet පාවිච්චි වෙනව.

    අද youtube package එකක් රු 300කට වගේ දාගෙන ඕන තරම් බලන්නත් පුලුවන්. ඩේටා වලට කියල මහ ලොකු වියදමක් යන්නේ නෑ.

    මම හිතනව ඔය පාරේ ඉන්න ගොඩක් උන් ලග තාක්ෂණික දැනුම උගත්කම හොදට තියෙනව. ඒ වගේම ආම්පන්න තියෙනව.

    මමේ කියන්නේ කරන්න පුලුවන් දේවල් වලින් දශමෙක දේවල් විතරයි.

    උදාහරණෙකට crypto ගැන අද ඉගෙනගන්න එක ලේසියි. මම කියන්නේ නෑ crypto පට්ට earning method එකක් කියල.

    හිතන්න බහුතරයක් ලග pc එකක් ඇති. photoshop කරන්න ආස එකෙක්ට ඕන තරම් tutoriol තියෙනව ඉගෙනගන්නවනම්.

    මම හම්බකරපු විදියක් කියන්නම්. මම ලග ලොකු pc එකක් තිබුණේ නෑ. ඒත් මම කාලයක් social media manager කෙනෙක් විදිතට මගෙම පොඩි business එකක් කලා. මම ඒකෙන් මාසෙට පොඩි ගාණක් හොයාගත්තා. අද මට ඒක කරන්න තරම් කාලයඛ් නෑ ඉගෙනීමේ වැඩ නිසා. ඒත් මට ඒ බිස්නස් එකට ඕන උනේ knowledge එක හා පොඩි පොඩි tools ටිකක් විතරයි.

    නිකන් ඉදල රුපියලක්වත් නැතුව ඉන්න එකද ? රුපියලක් හරි හම්බකරන එකද වටින්නේ මචං? අපි රුපියලක් හම්බකලොත් ඒක අපේ පවුලටත් එන ආදායමක් නෙවේද? ඒක අපේ රටට එන ආදායමක් නෙවේද?

    මේ රටේ සල්ලි තියෙනව. ඒක උත්පාදනය කරගන්නයි ඕන. ඒකට අපේ මොලය අපේ හැකියාව අපේ වචන අපේ දැනුම පාවිච්චි කරන්නයි ඕන මචං.

    ඇයි අපේ උන්ට බැරි තමන්ගේම කියල බ්ලොග් එකක් කරන්න. ඇයි අපේ උන්ට බැරි වෙනස් content එකක් එක්ක youtibe channel එකක් කරන්න. මේ ලෝකේ දාහ දාහක් දෙනා එකම content එක ඛලත් ඒ හැම එකටම තමන්ගේ දක්ෂතාවය මත යම්කිසි audience එකක් හදාගන්න පුලුවන්.

    උදාහරණෙකට රැට්ට විනි වස්ති ජනයිප්රියයි ලෝචි එකම කැටගරි එකේ කන්ටෙන්ට්. ඒම උන් කියල ඒ හැම කන්ටෙන්ට් එකම එක සමානද ? එකම කැටගරිය උනා කියල අපි රැට්ටගේ වීඩියෝ විතරද බලන්නේ ? නෑ.

    sci fi movie ගොඩක් තියෙනව. ඒම.කියල අපි එක movie එකක් විතරද බලන්නේ. නෑ. මොකද ඒ කන්ටෙන්ට් එක එකම කැටගරි උනාට එකකට එකක් විවිධාකාරයි. ඒවගෙන් හොදම ඒවා මිනිස්සු අතරේ ජන්ප්රිය වෙනව. ඒව වැඩි පිරිසක් බලනව.

    ඇයි අපේ උන්ට බැරි ඒ තමන්ට ආවේණික වූ කන්ටෙන්ට් එකක් create කරන්න. අපේ උන්ගේ පට්ට තින්කින් එකක් තියෙනව. ඇයි එක එකාව කොපි කරන් නැතුව තමන්ගෙම දෙයක් නොකරන්නේ.?

    මම මේ උඩ කතා කලේ content creating පැත්ත. ඒකත් මේ ලෝකේ freelancing වලින් තනියම උනත් මුලු ලෝකෙටම යන්න පාර හදාගන්න පුලුවන් එක විදියක්.

    freelancing පැත්තක තියමු. උබ දක්ෂයිනම් වගාවට උබේ වත්තේ ඉඩ තියේනං එක අමු මිරිස් ගහක් වවපන්කෝ. ගෙදරට රු සීයක් හරි ඉතුරු වෙයි.

    උබට උයන්න පුලුවන්නම් පාර අයිනක හොද තැනක් බලල පොඩි හට් එකක් දාගනින්කෝ. අද බත් පැකට් පහක් විකුණුනා කියමු. ලාබේ රු සීයයි කියමු. නිකන් හිටියනං ඒකත් නෑනේ. උබ වැඩ්ඩෙක්නං උබට ඕක දියුණු කරගන්න පුලුවන් මචං.

    නිකමට හිතපන් kfc , pizza hut එක පාර ලෝකේ පුරා ආරම්භ කලාද ? නෑ. ඒවත් පොඩියට පටන් ගත්ත ඒවා. අද ලෝකෙම දන්න brand. ඇයි අපේ රටේ උන්ට බැරි ලෝකෙම දන්න brand එකක් හදන්න.

    ලෝකේ අනිත් උන්ට තියෙන අපිට නැති මොකක් හරි තියෙනවද? භෞතිකවනම් නෑ මචං. ඒත් අපි මානසිකව හිර වෙලා. ඒකයි වරද මචං.
     
    පට්ට හැබයි ඔය ඔක්කොම කලත් අපි කොච්චර සල්ලි හෙව්වත් අපිට රටක් තියෙන්න ඕනි ජිවත් වෙන්න , රටක දියුණුව හෝ මනුස්සයෙක්ගේ දියුණුව කියන්නේ තමන් හම්බ කරන ප්‍රමාණය මත තිරණය වෙන්නේ කියලා ඔක්කොමලා හිතුවට එහෙම නැ මචන් මේක රටක් එක එකා දක්ෂ එක එක දෙයකට , වැදගත් වෙන්නේ මොන ජොබ් එක කරත් හැමෝටම ජිවත් වෙන්න ඕනි බේසික් නීඩ්ස් ටික පහසුවෙන් ගන්න පුළුවන් වෙන්න ඕනි
    අද අපේ රටේ උද්දමනය වැඩි වෙන්න හේතු හොයලා බලන්න ,
    රටක දියුණුව කියන්නේ කොන්ක්‍රුට් පාරවල්බිල්ඩින්ග්ස් විතරක් නෙවේ ගොඩක් අයට වැරදිලා තියෙන්නේ එකයි ,
    මිනිස්සු කොහොමහරි හම්බ කරලා ගෙවන ටැක්ස් වලින් රට හරියට දියුවෙන්නේ නැ මේ හොරා කැම් වලින් එකයි අරගලය

    තවම තියනවා විදුලිය , පාරක් බස් එකක් යන්නේ එන්නේ නැති ගම්
    තාම තියනවා පාසල් සියලු විෂයන් උගන්වන්න ගුරුවරු නැති
    තාම ගම් තියනවා බොන්න පිරිසිදු වතුර නැති ,
    තාම ගම් තියනවා මිනිස්සු ඉන්නවා පරිගණකයක් අල්ලලා නැති උබ හිතනවානම් මේවා බොරු කියලා මම සුදානම් උබව එක්ක ගිහින් පෙන්වන්න

    උඩ කියලා තියන මොනදේ උනත් මිනිස්සුන්ගේ බේසික් නීඩ්ස් තනිවම ගන්න බෑ උදා - ෆුඑල් තෙල් , බෙහෙත් , එකට ආණ්ඩුවක් ඕනි දැක්මක් තියන ප්‍රතිපත්ති තියන , උඩින් පෙනේන හැමදේම ඇතුලේ ගැඹුරට ගියොත් දේශපාලනය ගැවිලා ඇති මචන්

    හිතපන් මේ යන විදිහට උඹ ඔය ඔක්කොම කරලා නිදහසේ ජිවත් වෙන්න පුළුවන් පරිසරයක් තියනවද ?
     
    මම දන්නව තාමත් දුෂ්කර කටුක ජීවිත ගෙවන මිනිස්සු ගම් තියෙනව.

    මම මෙතන මත අදහස දැක්වුවෙ අර පාරවල් ගානෙ පිස්සු කෙල කෙල ඉන්න පහල මධ්යම ප්රාන්තික කොල්ලෝ කෙල්ලෝ ගැන. අරගලේට ගිහින් හිනාවෙලා insta පොටෝ දාන උන් ගැන. මම නම් හිතනව එතන ඉන්න උන්ගෙන් 50%කටවත් basic needs fullfill කරගන්න පුලුවන් කම ඇති කියල.

    අනිත් එක උබ ඔය කියපු දුෂ්චර පැති වල දුප්පත් මිනිස්සු මේ වගේ පාරට බහින්නේ නෑ කෝමත්. උන් පාරට බැස්සොත් උන්ට එදා වේල කන්නත් නැති වෙනව මචං. උන් තමන්ගේ හේනක් කුබුරක් කොටන් තමන්ගේ වැඩක් කරන් බෝම අමාරුවෙන් ජීවත් වෙනව බං. උන්ට නාස්ති කරන්න කාලයක් නෑ. මොකද උන්ට කන්න බොන්න දෙන්න කවුරුත් නෑ.

    අනික මහාමාර්ග කියන්නේ රටක ප්රධාන යටිතල පහසුකමක්. හැබැයි ඒක useful බිස්නස් , නිෂපාදන වෙන රටකට විතරයි.