උපත්පාලනේට_68යි

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    උපත්පාලනේට_68යි

    උපත් පාලන පෙත්තට වසර 68යි

    bf99ec6808be136afc0d5b0ae4353bbb--contraception-then-and-now.jpg



    1960 මැයි මාසයේදී උපත් පාලන පෙත්ත භාවිතය සඳහා ප්‍රථම නීත්‍යානුකුල අනුමැතිය ලැබු​ෙණ්ය. එදා මෙදාතුර ගතවූ පනස් වසර තුළ ‘‘උපත් පාලන පෙත්ත’’ එය නිපදවීමේ මුඛ්‍ය අරමුණද වෙනස් කරමින් අලුත් බලයකින් කාන්තාව ශක්තිමත් කර අැත.


    උපත් පාලන පෙත්ත අද ලෝකය පුරාම ප්‍රචලිත වූවකි. අනවශ්‍ය දරු උපත් වළක්වා ගැනීම සඳහා මේ පෙත්ත නිෂ්පාදනය කොට භාවිතයට අවතීර්ණ වූයේ 1960 මැයි මාසයේ වුවද, ඒ සඳහා අනුමැතිය ලබන්නට දීර්ඝ සටනක් කරන්නට සිදුවිය. අනවශ්‍ය දරු උපත් වළක්වා ගැනීමටත් සිත් සේ ලිංගික සබඳතා පවත්වා ගැනීමට විවාහකයන්ට උපකාරවීමටත් අරමුණු කරනලද මේ උපත් පාලන පෙත්ත, අද බහුතරයක් අවිවාහක කාන්තාවන්ගේ භාවිතයට නතුව ඇති අතර, ​බො​හෝ රටවල බහුතරයක් ස්ත්‍රීන් විටමින් පෙත්තක් ගන්නා අයුරින් දිනපතා භාවිතයට පටන්ගෙන තිබේ. එදා ගෘහනියක්වූ කාන්තාව අද වැඩට යන කාන්තාවක් බවට පත් කිරීමේ ලෝක සංකල්පය හා ප්‍රවනතාවට වක්‍රාකාරයෙන් දායක වූයේ දරු උපත් සීමා කිරීමේ බලවතාවූ උපත් පාලන පෙත්තයි.

    උපත් පාලන පෙත්ත බිහිවීමට පෙර - කාන්තාවගේ ප්‍රථම වගකීම වූයේ දරුවන් වැදීමය. දරුවන් ඇති දැඩි කර බලා කියා ගැනීමය. විශාල පවුලක් ඇති කළ කාන්තාවට තවත් රැකියා අවස්ථාවක්ද? ඇතැම් බටහිර පවුල්වල ළමයින් දහය දොළහ හා පහළොවක් සිටියහ. මෙවැනි ලොකු පවුල් සමග ස්ත්‍රියට දරුවන් බලාගන්නා වගකීමෙන් මිදිය නොහැකි වීය. පෙත්ත උපදින්නට පෙර ඇමෙරිකානු සුදු පවුලක සාමාන්‍ය දරු සංඛ්‍යාව හතක් වීය.
    ‘‘පෙත්ත’’ට විරුද්ධවූ ප්‍රථම බලවේගය කතෝලික පල්ලියයි. එදා තිබුණු පල්ලියේ සංකල්පය වූයේ දරුවන් හැදීමේ චේතනාවෙන් හැරුණුකොට ලිංගික සබඳතා පැවැත්වීම නුසුදුසු බවයි. මේ අදහස තිබියදී වුවද එදා මිනිසුන්ද දරු උපත් වළක්වා ගැනීම සඳහා යම් යම් ක්‍රම භාවිතා කළහ. පල්ලියේ මතය කොතරම් බලවත්වී ද යත් 1873 දී ඇමෙරිකානු කොන්ග්‍රසය නීතියක් සම්මත කළේ කවර ආකාරයක හෝ උපත් පාලන ක්‍රම පිළිබඳ දැනුවත් කිරීම නීති විරෝධී බව තහවුරු කරමිනි.


    උපත් පාලන පෙත්තේ මාතාව - හිරගෙදරට


    1879 නිව්යෝක් නුවර එක් කතෝලික මවක් පනස් වැනි වියේදී මිය ගියාය. මේ වනවිට ඇය දහ අටවතාවක් දරු ප්‍රසූති දහ අටක් කළ කාන්තාවක් වූවාය. ඇගේ දේහය අබියස ඇගේ වැඩිමහල් දුව තාත්තාට ප්‍රසිද්ධියේ දොස් නැගුවේ අනවශ්‍ය පරිදි ඇය ගැබ් ගැන්වීම හේතුවෙන් ඇය අකාලයේ මියගිය බවටය. මේ වීර දියනියගේ නම මාග්‍රට් සැන්ගර් වීය.


    මාග්‍රට් සැන්ගර් එදා සිහිනයක් දුටුවාය. අනවශ්‍ය දරු උපත් වළක්වාලන්​ෙන් කෙසේද? ඒ සඳහා පෙත්තක් නිපදවන්නට නොහැකිද? මේ සිහිනය අනුව ඇය 1912 හෙද සේවයට එකතු වූවාය. උපත් පාලනය ගැන ඇය හඬක් නගන්නට වූවාය. ඇය ‘‘වුමන්ස් රිබෙල්’’ (Womens Rebel) නමින් සඟරාවක් අාරම්භ කළාය. එහි ප්‍රතිඵලයක් ලෙස මාග්‍රට් සැන්ගර් හිරභාරයට පත්විය. ඇය හිරගෙදරින් පලා ගියාය. ඇය ඇමෙරිකාවෙන් පිටවී යුරෝපයට ගියාය. එහෙත් ඇගේ මෙහෙවර අත් නොහැරියාය.


    ඇය යළිත් ඇමෙරිකාවට පැමිණ 1917 දී ඇමෙරිකාවේ ප්‍රථම උපත් පාලන සායනය පටන් ගත්තාය. ඇය නැවතත් අත්අඩංගුවට පත්ව දින තිහක හිර දඬුවමකින් පසු නිදහස් කරනු ලැබීය. බොස්ටන් නුවර උපත් පාලනය අවශ්‍යතාවය පිළිබඳ දේශනයකට ගිය මාග්‍රට්ට කැතරීන් ඩෙක්ස්ටර් මැක්‍රොනික් නමැති ධනවත් කාන්තාව හමුවීය. කැතරීන් මැසෂුට් විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබාගත් දෙවැනි කාන්තාව වූවාය.
    මේ දෙදෙනාගේ එකතුව නිසා උපත්පාලන පෙත්තක් නිපදවීමේ සිහිනය ශක්තිමත්ව දියත් කරන්නට හැකිවිය. 1930 ඇමෙරිකාව පුරා තිබුණු උපත් පාලන සායන සංඛ්‍යාව තිහක් (30) වීය. 1942 වනවිට මේ සංඛ්‍යාව 800 ක් දක්වා වර්ධනය වූයේ මේ කාන්තාවන් දෙදෙනාගේ චිත්ත බලයේ මහිමය නිසාය.

    03f2dfda62c3c792a7ec2bd0a506611c--margaret-sanger-weight-loss-products.jpg

    1916 ඇමරිකාවේ ආරම්භ කළ ප්‍රථම උපත් පාලන සායනය



    උපත් පාලන පෙත්තේ සිහිනය සැබෑ වෙයි

    1951 සැන්ගර්ට ග්‍රෙගරි පින්කස් නමැති විද්‍යාඥයා මුණගැසුණේ අහම්බෙනි. ඔහු හාර්වඩ් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරයෙක් විය.​ හෝර්මෝන් භාවිතයෙන් දරු උපත් නොමැත්තන්ට දරු උපත් ඇතිකළ හැකි බවට ඔහු පර්යේෂණ කරමින් සිටි තැනැත්තෙකි. මේ වනවිට මේ මහාචාර්යවරයා මේ එන්නත් සතුන්ට ලබාදෙමින් ප්‍රතිඵල ලබමින් සිටියේය. සැන්ගර්ගේ යෝජනාව අනුව කළයුතුව තිබුණේ, උපත් අැතිකිරීමට බලපෑ හෝර්මෝන් එන්නත කනපිට පෙරළීම පමණි. මේ අතර උපත් පාලන පෙත්තේ සිහිනය සැබෑ කිරීමට දායක වූ තවත් වෛද්‍යවරයෙක් ග්‍රෙගරි පින්කස්ට එකතුවීය. ඔහු යහපත් කිතු බැතිමතෙක් වූ​ ජෝන් රොක්ය. ඒ අනුව සිදුවූයේ 1952 දීය. සිහිනය වූ උපත් පාලන පෙත්ත නිපදවූයේ මේ සිව්දෙනාගේ සහ ඔවුන්ට එකතුවූ රසායනික විද්‍යාඥයා වූ මෙක්සිකෝවේ කාර්ල් සිරාසිගේ උනන්දුව මතය. ජෝන් රොක් ද වෛද්‍යවරයෙක් විය.


    ප්‍රථම අත්දැකීම

    ප්‍රථම වතාවට උපත්පාලන පෙත්ත අත්හදා බලන ලද්දේ පුටෝරි​ෙකා්හි නීත්‍යානුකූල නොවූ පරිසරයකය. දරු උපත් වළක්වා ගන්නට යම් ක්‍රමයක් සොයමින් අසරණව සිටි කාන්තාවෝ මේ පර්යේෂණ සඳහා යොදාගත් අතර පර්යේෂණ සාර්ථක වීය. ඇමෙරිකාවේ ප්‍රාන්ත තිහක් උපත්පාලන පෙත්තට දොර වැසූ අතර පෙත්ත භාවිතයට නීත්‍යානුකූල අනුමැතිය හිමිවිය. 1959 ජී.ඩී. සියරල් සහ සමාගම උපත් පාලන පෙත්ත රට තුළ බෙදාහරින්නට බලපත්‍රය ඉල්ලා අයැදුම්පතක් ඉදිරිපත් කළේය. ඒ ප්‍රථම උපත් පාලන පෙත්තේ නම "Enovid" (ඉනොවිඩ්) වීය.


    කතෝලික පල්ලියත් වතිකානුවත් උපත් පාලන පෙත්තට එරෙහි වුවද උපත් පාලන පෙත්ත සමාජය විසින් ආදරයෙන් වැළඳගන්නා ලදී. 1962 දී විසිතුන්වැනි ජෝන් පාප් වහන්සේ වතිකානු කවුන්සලය රැස් කළේ මේ ප්‍රශ්නය සාකච්ඡා කිරීමටය. හයවැනි පෝල් පාප් වහන්සේ උපත් පාලන පිළිබඳ විශේෂ කමිටුවක් පත් කළේය. කාඩිනල්වරු උපත් පාලනයට පක්‍ෂව අදහස් දැක්වුවද අවසානයේ පාප් වහන්සේ උපත් පාලනයට පටහැනිව අදහස් දැක්වීය.


    1970 වනවිට ඇමෙරිකාවේ කතෝලික කාන්තාවන්ගේ සියයට හැත්තෑවක් උපත් පාලන පෙත්ත භාවිතා කරමින් සිටියහ. ඒ රැල්ල ආපසු හරවන්නට කිසිදු ජගතෙකුට නොහැකි විය.





    කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න
     

    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    tablet ganeema waradak ne....eth digatama ganna kota side effect tiyanawa kiyala ahala tiyanawa...enjection eka widina aya mahath wenawa bala iddi..tawa capsul ekak danawa athata...ekenuth hormone wenas wela mahath wenawa pata gala....hondama de condom ekak ho nisaru kalaye ekathu weemai passe babala hadanna inna aya nam...babala hadala iwara aya nam baba podi operation ekak tiyanawa kara gattanam life time ok....