උපදංශය කියන්නේ භයානක ලිංගික රෝගයක්

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
උපදංශය කියන්නේ භයානක ලිංගික රෝගයක්

උපදංශය කියන්නේ භයානක ලිංගික රෝගයක්

attachment.php


ලිංගාශ්‍රිත රෝග පිළිබඳ සමාජයේ අද කතා කරන්නේ ඉතා අඩුවෙනන්. මේ නිසාම දරුවන් පමණක් නොව, ඇතැම් වැඩිහිටියන් ද නොදැනුවත්කම නිසා ලිංගාශි‍්‍රත රෝගීන් බවට පත් වෙනවා. අද අපි ඔබව දැනුවත් කරන්නේ උපදංශය කියන ලිංගික රෝගට පිළිබඳවයි. උපදංශය (Sipilis Syphilis) කියන්නේ ලෝකයේ දීර්ඝ ඉතිහාසයක් තියන රෝගයක්. වසර දහසකටත් වඩා දීර්ඝ ඉතිහාසයක් තියන රෝගයක් තමයි මේ උපදංශය කියල කියන්නේ.මෙම රෝගය බෝ වන්නේ ලිංගික සංසර්ඝය නිසා. ලිංගික සංසර්ඝයකදී පැතිරෙන රෝගයක්. සමහර රෝග ලක්ෂණ අපිට බාහිරින් හඳුන ගන්න පුළුවන්. විශේෂයෙන්ම ලින්ගේන්ද්‍රය තුල තුවාල ඇති වීම තමයි මෙම රෝගයේ රෝග ලක්ෂණ.

attachment.php


මෙය බැක්ටීරියා මඟින් ඇතිවන රෝග තත්වයක්. මෙම බැක්ටීරියාව ආසාධිත පුද්ගලයකුගෙන් අසාධිත නැති කාන්තාවකට හෝ පිරිමියෙකුට බෝ වෙන්න පුළුවන්. හැබැයි තවත් කාරණයක් තමයි මෙම රෝගයේ රෝග ලක්ෂණ ඉක්මනින් අපට පෙනෙන්නේ නැහැ. සමහර විට දින 30ත් දින 90ත් අතර කාලයක් වෙන්න පුළුවන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න. ඒ නිසා මේ වගේ සම්බන්ධතාවයන් පවත් වන ය අනාරක්ෂිත ලෙස දීර්ඝ කාලයක් ලිංගික සම්බන්ධතා පවත්වනවා. ඒ ලිංගික සම්බන්ධතා පැවැත්වීම නිසා අපි නොදැන මෙම රෝගය ශරීරය තුල පැතිරෙන්නට පුළුවන්.


උපදාශ (Sipilis Syphilis ) රෝගයේ ලක්ෂණ මොනවා ද
මෙම රෝගය ඇති වන්නේ බැක්ටීරියාවකින්. එය ආසාධිත පුද්ගලයෙකුගෙන් ආසාධිත නැති පුද්ගලයෙකුට යන්න පුළුවන්. කාන්තාවකගෙන් පිරිමියෙකුටත්, පිරිමියෙකුගෙන් පිරිමියෙකුටත් මෙම රෝගය හුවමාරු වෙන්න පුළුවන්. මොනාද මේ රෝග ලක්ෂණ ? කලින් අප සඳහන් කලා දින 15ත් දින 30ත් අතර කාලය තුල තමයි රෝග ලක්ෂණ මතුවෙන්නේ. කුඩා බිබිලක් වැනි දෙයක් ලින්ගේන්ද්‍රය තුල යෝනි මාර්ගයේ හෝ ශිෂ්නයේ හටගෙන දවසකින් එය තුවාලයක් බවට පත් වෙනවා. මේ තුවාලය සාමාන්‍යයෙන් වේදනා රහිත තුවාලයක්. බොහෝ වේලාවට තුවාලයක් ඇති වූ විට වේදනාවක් ඇති වෙනවා. නමුත් උපදාන්ශයේදී තුවාලයක් ඇති වූ විට කිසිම වේදනාවක් ඇති වන්නේ නැහැ.



උපදංශය ( Sipilis Syphilis ) රෝගයට ප්‍රතිකාර නොකිරීමෙන් ඇති වන භයානක තත්වය
බොහෝ වෙලාවට තනි තුවාලයක් තමයි ඇති වන්නේ. මේ තනි තුවාලය ලොකු වෙන්නට පුළුවන්, ඝන බවට පත් වෙන්නට පුළුවන් එහෙමත් නැත්නම් එය එසේම පවතින්නට පුළුවන්. මෙය වේදනාවක් නැති නිසා බොහෝ ය මේ සඳහා ප්‍රතිකාර ගැනීමට පෙළඹෙන්නේ නැහැ. නමුත් මෙය දීර්ඝ කාලයක් පැවතුනොත් අපි ප්‍රතිකාර නොකර එහි දෙවන සහ තුන් වන අවස්තාවන්ට ගොස් මෙම පුද්ගලයාගේ ජිවිතේ අවදානමකට වැටෙන්නට පුළුවන්. එම නිසා මුල් අවස්ථාවේදීම මෙම රෝගයට ප්‍රතිකාර කර ගැනීම වැදගත් වෙනවා. මෙහිදී අපට එම තුවාලය පරික්ෂා කරන්න පුළුවන්. රුධිර පරික්ෂා කරන්නට පුළුවන්.

මෙම රෝගය හඳුනා ගැනීමට VDRL පරීක්ෂණය ඔබට කරන්නට පුළුවන්. ඔබ දන්නවා සෑම ගර්භනී මවකගේම මාතෘ සායනයේදී මෙම VDRL යන පරීක්ෂණය සිදු කරනවා. එයට හේතුව මෙම රෝගයට ප්‍රතිකාර නොකර ශරීරය තුලම පැවතුන හොත් බහිරව නොපෙනෙන විශේෂයෙන්ම කාන්තාවකට විවිධ රෝග ලක්ෂණ තිබෙන්නට පුළුවන්. ගර්භනී කාලය තුල මවකට එම රෝගය ශරීරය තුල තිබුනොත් දරුවාට එම රෝගය වලන්දෙන්න පුළුවන්. එම නිසා මෙම රෝගය රුධිරය හරහා දරුවාට ඇතුල් වෙන්නට පුළුවන්. මව් කුස තුලදී දරුවා ආසාධනයට ලක් වෙන්න පුළුවන් අසාධනය වීම නිසා දරුවා ඉපදෙනකොට නව ජන්ම උපදංශ රෝගයෙන් පෙළෙන්නට පුළුවන්. එවැනි දරුවන් ඉපදෙන විටම මිය යනවා එහෙමත් නැත්නම් ඉපදීලා ටික කාලයකින් මිය යනවා.

මෙම රෝගය පැතිරෙන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. ඒ ගැන මෙම විඩියෝවෙන් නරඹන්න..




source http://thewoman.lk/syphilis-dangerous-social-disease/
 

Attachments

  • Sipilis Syphilis thewoman.lk 10.jpg
    Sipilis Syphilis thewoman.lk 10.jpg
    8.1 KB · Views: 425
  • Sipilis Syphilis thewoman.lk 9.jpg
    Sipilis Syphilis thewoman.lk 9.jpg
    8.1 KB · Views: 500